පොලීසිය
විසින් වටලා ඇති එක් ස්ථානයක් පරිඝණක ක්‍රීඩා කිරීම සදහා යොදා ගන්නා
මුවාවෙන් අසැබි වීඩියෝ දර්ශණ පාසල් සිසුන් වෙත මුදා හැර ඇති බවට තොරතුරු
ලැබී තිබුණු බව පොලීසිය කියයි.ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු පොලිස්
නිළධාරීන් එම ස්ථානයට ගොස් ඔවුන්ගේ ජංගම දුරකථන වලට අසැබි දර්ශණ ඇතුළත් කර
ගැනීමෙන් පසුව වැටලීම සිදු කර ඇත.
අනෙක්
වීඩියෝ හල් දෙකෙහිම අසැබි දර්ශණ ඇතුළත් විඩියෝ සංයුක්ත තැටි අලවි කර ඇති
අතර ඇතැම් සංයුක්ත තැටි වල සිංහල උප සිරැසිද යොදා තිබී ඇත.සිංහල උප සිරැසි
සහිත වීඩියෝ සංයුක්ත තැටි වැටළු ප්‍රථම අවස්ථාව මෙය බව පොලීසිය කියයි.
හලාවත
පොලිස් කොට්ඨාශයේ දැනට පවත්වා ගෙන යන සියළුම වීඩියෝ පට සහ සංයුක්ත තැටි
අලවි කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇති බවත්,පාසල් සිසුන් සහ තරුණ
පරපුර මේවාට යොමුවීම වැලැක්වීම මෙහි අරමුණ බවත් හලාවත කොට්ඨාස බාර පොලිස්
අධිකාරී සාලිය සිල්වා මහතා පැවසීය.
No comments:
Post a Comment