අඩි එක්‌දහස් පන්සීයක පමණ ගැඹුරු පතලේ දොaනාවක සිට සේවකයන් 60 දෙනකු පමණ මෙම උපවාසය ආරම්භ කර තිබුණි. මේ සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත එහි ලේකම්වරයා ඇතුළු හය දෙනකුගෙන් යුත් කමිටුවක් සේවකයන් සමඟ කළ සාකච්ඡාවකින් පසු උපවාසය අත්හැරීමට සේවකයන් එකඟ වූ බව එම අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා ඊයේ (18 දා) රාත්‍රී පැවැසීය.
තම අමාත්‍යාංශය මෙම පතල සම්බන්ධයෙන් නොදැන සිටි බවත් ගැටලුව ඇතිවූ වහාම ඒ ගැන සොයා බැලීමට ඇමැතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනකු ඊයේ (18 වැනිදා) දිනයේම එහි සේවකයන් සමඟ සාකච්ඡා කිරීමට එම ස්‌ථානයට පිටව ගිය බවත් ලේකම්වරයා කීය.
මෙහිදී රජය විසින් සේවකයා මෙන්ම කර්මාන්ත හිමියන් රැකෙන ආකාරයේ විසඳුමක් ලබාදෙන බවට සේවකයන්ට වූ පොරොන්දුව මත ඔවුන් උපවාසය අත්හල බව ලේකම්වරයා පැවැසීය.
උපවාස කළ දින දෙකේදී අඩාල වූ නිෂ්පාදන කටයුතු ඉදිරි දිනවල දී වැටුප් රහිතව අතිකාල සේවා කර ආවරණය කිරීමට සේවකයන් එකඟ වූ බවද ලේකම්වරයා කීවේය.
මෙම සාකච්ඡාව සඳහා කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් සහභාගි වූ බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment