Thursday, April 25, 2013

Pradeshiya Sabha Vice Chairman and police officers injured in brawl

පොලීසිය හා බුත්තල ප්‍රා. සභා උප සභාපති අතර ගැටුමක්


මොණරාගල, ඔක්කම්පිටිය නගරයේදී පොලිස් නිලධාරීන් හා බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔක්කම්පිටිය නගරයේ මාර්ග රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ගමන්ගත් යතුරුපැදිය නවතා පරීක්ෂා කර ඇති බව පොලීසිය පැවසී ය.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, හිස් වැසුම් නොමැතිව අදාළ යතුරුපැදියේ ගමන් ගත් අයෙකු පිළිබඳව එහිදී බහින්බස් වීමක් සිදුව ඇති බවය.
එම අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබේ.
පොලීසිය පැවසූවේ, ගැටුමින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බවය.

ඔවුන් බුත්තල රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ උසස් නිලධාරියා ප්‍රකාශ කළේ, පොලීසිය ද එහිදී පහරදී ඇති අතර බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද තුවාල ලබා ඇති බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

No comments: