තම ගාස්තු සංශෝධන යෝජනාවට වැඩි පාරිභෝගික පිරිසකගේ විරෝධතාව පළ වී තිබෙන නිසා අඩු ප්‍රතිශතයක් යටතේ වන සාධාරණ ගාස්තු ක්‍රමයකට ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය පළ වී තිබෙන බවද වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය, එහි වෘත්තීය සමිති, වාණිජ මණ්ඩල, පාරිභෝගික සංගම්, බලශක්ති විශේෂඥයන්, පෞද්ගලික සමාගම් හා පාරිභෝගිකයන් ආදී සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි ලිඛිත අදහස් හා යෝජනා දෙසිය පනහක් පමණ මහජන උපයෝගිතා කොමිසම වෙත මේ වන විට ලැබි තිබේ.
ගාස්තු සංශෝධනයට ප්‍රථම පවත්වනු ලබන වාචික අදහස් විමසීම අද (04) කොළඹ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේදී සිදුකරන අතර හැත්තෑවකට අධික පිරිසක් එහිදී සිය යෝජනා දත්ත හා තොරතුරු සහිතව ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
No comments:
Post a Comment