මොරටුව විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ බන්ධනාගාරගතව සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ඊයේ (26 වනිදා) මහ නගර සභා මාසික රැස්‌වීමට සහාභාගි වීමට ගියත් මහා සංඝරත්නයේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මත නැවත ඔහුට බන්ධනාගාරයට පැමිණීමට සිදු විය.
බස් රථය නගර සභා පරිශ්‍රයේ තිබියදී නගර සභා බැකෝ රථයක් හා ලොරි රථයක් බස් රථය ඉදිරියෙන් මාර්ගය හරස් කර හුළං යෑවීම නිසා එම රථ දෙක ඉවත් කළ බන්ධනාගාර බස් රථය ඉදිරියට ගැනීමට ඉඩ ලබාදීමට පොලිසියට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් 1500 ක් පමණ දෙනා පැමිණ සිටි අතර ඔවුහු විවිධ චෝදනා එල්ල කරමින් පැය දෙකක පමණ කාලයක් බස් රථය වටකරගෙන සිටියහ. මෙහිදී උප නගරාධිපතිවරයාට හිතවත් පිරිස සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවී ගුටිබැට හුවමාරුව ඇති වුවත් එය දුර දිගයැමට නොදී වළක්‌වා ගැනීමට පොලිසිය සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ.
No comments:
Post a Comment