වෛරසයේ වෙනස්වීම් ඉදිරියේදී තවත් වැඩි වුවහොත් එම වෛරසය ශරීරගතවන පුද්ගලයන්ගේ රෝගය මර්දනය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්විය හැකි බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
Sunday, April 21, 2013
Dengi Virus has Changed....
ඩෙංගු වෛරසයේ වෙනසක් නිසා අලුත් අනතුරක්
පසුගිය
වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 15 කින් ඉහළ ගොස්
තිබේ. එසේ වී ඇත්තේ ඩෙංගු වෛරසය යම් වෙනස් වීමකට භාවිතා වීම හේතුවෙන්
විය හැකි යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප්
කාරියවසම් අනතුරු අඟවා සිටී. ඩෙංගු මර්දන කටයුතු කොළඹ නගර සීමාව
තුළ සාර්ථකව ක්‍රියාත්මක වුවද රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතුව වී ඇත්තේ
වෛරසය යම් වෙනසකට භාජනය වීම විය හැකි බව හෙතෙම පෙන්වා දේ. වෛරසයේ වෙනස්
වීමක් ඇත්නම් ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් පරීක්ෂණ පවත්වා රෝග
මර්දන කටයුතු විධිමත් කළ යුතු බවද වෛද්‍ය කාරියවසම් පෙන්වා දේ.
වෛරසයේ වෙනස්වීම් ඉදිරියේදී තවත් වැඩි වුවහොත් එම වෛරසය ශරීරගතවන පුද්ගලයන්ගේ රෝගය මර්දනය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්විය හැකි බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
වෛරසයේ වෙනස්වීම් ඉදිරියේදී තවත් වැඩි වුවහොත් එම වෛරසය ශරීරගතවන පුද්ගලයන්ගේ රෝගය මර්දනය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්විය හැකි බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment