Wednesday, April 17, 2013

පොලිසියෙන් ඉල්ලීමක්‌............ අත්අඩංගුවට ගැනීමට සහාය වන්න.............



ලංකා බැංකු කාඩ්පත් මධ්‍යස්‌ථානයේ අන්තර්ජාල ගෙවීම් පහසුකම් හරහා අන්සතු ණය කාඩ්පත් දත්ත උපයෝගී කරගෙන රුපියල් කෝටි 26 කට වැඩි වංචාවක්‌ සිදුකළ ලංකා බැංකු කාඩ්පත් මධ්‍යස්‌ථානයේ සහකාර කළමනාකරුවකු ඇතුළු නමදෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය ඉල්ලයි.

සැකකරුවන් විසින් සහන පදනම නමින් ව්‍යාජ රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවාගෙන මෙම වංචාව සිදුකර ඇති බව හෙළිකර ගෙන ඇත.

සැකකරුවන් වංචා කළ මුදල රුපියල් විසිහය කෝටි තිස්‌හය ලක්‌ෂ හැටදෙදහස්‌ පන්සිය දෙකයි ශතදහනමයක්‌ (263,662,502.19) වේ.

සැකකරුවන්ගේ ඡායාරූප සහ ලිපිනයන් පිළිබඳ තොරතුරු ලැබී ඇතත් ඔවුන් නිවාස මඟහැර සිටීම නිසා මහජනතාවගේ සහායෙන් ඔවුන් කොටුකර ගැනීමට පහත සඳහන් අංකවලට අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටී. එම අංක නම් 011-2320141 සිට 0112320145, 011-2422176 සහ 0112328043 වේ.

සැකකරුවන්ගේ නම් ලිපිනයන් සහ ජාතික හැඳුනුම්පත් අංකයන් මෙසේය.

විල්ප්‍රඩ් රොහාන් සේනාරත්න (ලේකම් ද. සහන පදනම), අංක 43/11/බී. මාටින් මාවත, පිරිවෙන පාර, බොරලැස්‌ගමුව 521363118 වී, රසික ඉන්දික ද අල්විස්‌, (භාණ්‌ඩාගාරික, ද. සහන පදනම) අංක 44, කඳවල මාවත, රත්මලාන, 742912086 වී, කලුතරගේ ගාමිණී පුණ්‍යසිරි ප්‍රනාන්දු (භාණ්‌ඩාගාරික ද. සහන පදනම), අංක 4, සරණංකර ටෙරස්‌, සරණංකර පාර, දෙහිවල 500105097 වී. පද්මකුලසූරිය උදතිලක බණ්‌ඩාර, 944 බී, පන්නිපිටිය පාර, බත්තරමුල්ල. 611852169 වී. ලොකුගේ අනුර සන්ධ්‍යා සනත් වීරසිංහ, සහකාර කළමනාකරු, ලංකා බැංකුව කාඩ්පත් මධ්‍යස්‌ථානය අංක 407/22 සී, සමගි මාවත, උඩහමුල්ල, නුගේගොඩ. 572932451 වී, තම්බාපිල්ලේ ජයදරන් නොහොත් දරන් අංක 91, අන්තෝනියා පාර, නිත්‍යපුරම්, 3 කණුව, ත්‍රිකුණාමලය. 860253062 වී. නර්තනග සිදම්බරම්පිල්ලේ කරුණාරාජා, යූ. කේ. 3355, ලකාඩ්, මෙන්ට්‍රොල් කියුබින්, කැනඩාව. ඉලන්දාරිගේ විඡේරත්න, දුනුමඩලගහවත්ත, හල්ලාවෙල දකුණ, දෙනගම. 652810179 වී.

No comments: