ගාල්ල නාගරික කොමාරිස්වරියද ඒ අවස්ථාවේ මේ සිද්ධිය දුටු බවද මැදිහත් වීමට උත්සාහ දැරී බවද ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ගාල්ල වැඩබලන නගරාධිපතිවරයා තමාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නගර සභා කාර්යාලය පරිශ්‍රය තුළදී තර්ජනය කර බරපතළ අසීරුතාවයකට පත්කර ඇති බවද ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩබලන නගරාධිපතිවරයා ‘ලක්බිම’ට විමසුමේදී සදහන් කළේ තමා අසීරු තත්ත්වයට පත් කිරීමට සහ බිය වැද්දීමට සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයක ආරම්භයක් විය හැකි බවය. මේ තත්ත්වය මත ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ පාර්ශ්වය හා සෞඛ්‍ය වෛද්‍ය අංශයේ කාර්යමණ්ඩල පාර්ශ්වය අතර මේවන විට අර්බුදකාරී තත්ත්වය පැනනැගී තිබේ. මෙම අර්බුදයට හේතු වී ඇත්තේ මදුරුවන් බෝවීමට හේතුවිය හැකිවන වෙල තම පදිංචි ඉඩම වල්බිහිවීමට ඉඩහැර වතුර බෝතල් පොලිතින්, යෝගට් කෝප්ප කුණු කසළ එක්රැස් කිරීමේ චෝදනා මත නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන පරාක්‍රම දහනායක මහතාට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය අංශය විසින් අධිකරණය ඉදිරියේ නඩු පැවරීමේ සිද්ධියකි. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වෙනුර සිංහාරච්චි මහතාගේ මෙහෙයවීම හා උපදෙස් අනුව මෙම නඩුව ගොනුකර තිබුණේ මෙම අර්බුදයට ලක්වූ - ඉඳුනිල් තරංග වීරසිංහ මහතා ප්‍රමුඛ පී.ඒ. සිසිර කුමාර, කීර්ති ජයලාල් හා සිග්පුලිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩුව අධිකරණයට ඉදිරිපත් කර ඉඳුනිල් තරංග වීරසිංහ මහතා විසින් මුල් දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේ පරාක්‍රම දහනායක (විත්තිය) මන්ත්‍රීවරයා විදේශගතව සිටි බැවින් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණවීමට නොහැකිවිය. පසුදින පරාක්‍රම දහනායක මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත්ව චෝදනාව සම්බන්ධයෙන් නිවැරදිකරු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් රුපියල් ලක්ෂයක ඇප පිට මන්ත්‍රීවරයා මුදා හැරිණ. ඉන් අනතුරුව දිග හැරුණේ ඒ පිළිබඳ නගර සභාවේ මන්ත්‍රීවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය අංශය අතර අර්බුදයයි. කෙසේ නමුත් ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් ඉඳුනිල් තරංග වීරසිංහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගාල්ල නගර සභාවෙන් මාරුකර දමන බවට අනතුරු හඟවා තිබිමෙන් දින කිහිපයකට පසුව වැඩබලන නගරාධිපතිවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා අතර මෙම බරපතළ ගැටුම හටගෙන තිබිණ.
No comments:
Post a Comment