පරීක්‍ෂණ කටයුත්තක් සඳහා පසුගියදා ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් මුදා හැරීමෙන් අනතුරුව ඉකුත් 04 දා සිට නැවත ජලාශයේ ජලය පිරවීම අරඹා ඇත. ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 150 ක විදුලි ධාරිතාවක් එක්‌කර ඇති බව ඉහළ කොත්මලේ ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
ජලාශ වේල්ලේ, උමං මාර්ගයේ හා සමස්‌ත ජලාශයේ පරීක්‍ෂණ කටයුත්තක් සඳහා පසුගියදා එහි ජලය හිස්‌කර විදුලි උත්පාදන කටයුතු නවතා දැමිණි. මේ වනවිට එහි ජලය සම්පූර්ණයෙන් පිරීගොස් ඇත.
කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇතත්, එහිදී අවතැන් වූවන් වෙනුවෙන් කළ යුතු සංවර්ධන කටයුතු රැසක් මේ දිනවල සිදුකරමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවරු වැඩිදුරටත් පවසති.
No comments:
Post a Comment