ඊයේ
රාත්‍රියේ එම බටයට කම්බි දමා පිරිසිදු කරන්නට දැරූ උත්සාහය සාර්ථක වී නැත.
ඒ නිසා භූගත ජල ටැංකිය ඇතුළට බැස ඊට සම්බන්ධ වී තිබෙන බටය පිරිසිදු කරන්නට
හෝටලයේ සේවකයින් දෙදෙනෙක් සූදානම් වී තිබේ. එම අවස්ථාවේ ඔවුන්ට මෙම
ටැංකියට නොබසින ලෙසට යෝගරාජන් නැමැති ව්‍යාපාරිකයා විසින් අවවාද කර ඇතැයි
පැවසේ.
එහෙත්
පළමුව එක් සේවකයෙක් වළට බැස ඇත. සුළු මොහොතක දී විෂ වායුව වැදීමෙන් ඔහු වළ
තුළ පිහිටි අපද්‍රව්‍ය ජලයට වැටී ගිලී තිබේ. ඔහුව බේරා ගන්නට තවත්
සේවකයෙක් වළට බැස ඇති අතර ඔහුද සිහි නැති වී වළ තුළට වැටී තිබේ. ඔවුන්
දෙදෙනා බේරා ගන්නට තවත් සේවකයෙක් වළට බසිද්දී ඔහු ද සිහිසුන් වී ඇති අතර කඹ
දමා මහත් අසීරුවෙන් ඔහුව බේරා ගෙන ඇත. මේ වන විට එම සේවකයා කළුබෝවිල මහා
රෝහලේ ප්‍රතිකාර ලබයි.
මියගිය
පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු අද (07) පෙරවරුවේත් එම වළ තුළම තිබිණ. සිරුරු
ගොඩ ගන්නට පොලිසිය හා ප්‍රදේශවාසීන් බලවත් උත්සාහයක යෙදී සිටී. මියගොස්
ඇත්තේ මැටිගහතැන්න, ලැයිමවත්ත, අංක 5 දරණ ස්ථානයේ පදිංචි 33 හැවිරිදි
පෙරුමාල් සුන්දරසම් සහ ආගරපතන, බැල්මෝරල් වත්තේ පදිංචි 32 හැවිරිදි
රාජේන්ද්‍ර යෝගකුමාර් යන අය බව හඳුනා ගෙන තිබේ.
No comments:
Post a Comment