2012 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 268995 අතුරින් විෂයන් 9 සඳහාම “ඒ” සාමාර්ථ ලැබූ ප්‍රතිශතය 1.68ක්ව ඇත. 2011 දී එම ප්‍රතිශතය 1.45 වී තිබිණි.
මේ අතර සියලුම විෂයන් අසමත් සංඛ්‍යාව 2011ට වඩා මෙවර අඩු වී තිබේ. 2011 දී 4.74 සියලුම විෂයන් අසමත් වූ අතර මෙවර එම අගය 4.13 ක් බවට පත්ව ඇත. ගණිතය විෂයට 267858 පෙනී සිට ඇති අතර සමත් ප්‍රතිශතය 55.35කි. විද්‍යාව විෂයට 268580 පෙනී සිට ඇති අතර ඉන් 68.26ක් සමත් වී ඇත.
මේ අතර 2012 ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි භාෂාවට 267987 පෙනී සිට ඇති අතර සමත් ප්‍රතිශතය 47.78කි. සිංහල භාෂාව හා සාහිත්‍ය 84.99කින් හා දෙමළ භාෂාව හා සාහිත්‍ය 77.35 ලෙස පෙනී සිටි සිසුන්ගෙන් සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (05) නිවේදනය කළේය.
No comments:
Post a Comment