Sunday, November 3, 2013

Trishaw cruises on Expressway.


රෝද 3ක් කටුනායක අධිවේගයේ ගිහින් අල්ලයි
_____________

A man who allegedly entered the Katunayake–Colombo Expressway in a trishaw, defying Expressway traffic officers at the Peliyagoda entrance, was arrested by the traffic officers near the 11.9 km post on Saturday night, and handed over to the Pamunugama police.

Police said the suspect, a resident of Mawathagama, was heading towards Katunayake in his trishaw.

With a severe warning against driving trishaws on the Expressway, the suspect was released on a personal bail and was to be produced before the Wattala Magistrate on Wednesday.

සීදුව පොලිස් වසමේ පෑලියගොඩ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11.9 කණුව අසලදී කටුනායක දෙසට ගමන් කළ ත‍්‍රීරෝද රථයක් අධිවේගී මාර්ගයේ ගුවන් විදුලි කාර් රථ රාජකාරි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාවතගම ප‍්‍රදේශයේ පදිංචි අයකු වෙයි. මොහු කුලී ගමනක් යන අතරතුරදී මෙසේ පොලිස් භාරයට පත්ව ඇත. ත‍්‍රීවිල් රථවලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීම තහනම් බැවින් එම වරද කියාදී ඉහත ත‍්‍රීරෝද රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා පමුණුගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

සැකකරු ලබන 06 වැනිදා වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පුද්ගලික ඇප මත මුදා හැර ඇත. පමුණුගම පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.




No comments: