Tuesday, November 12, 2013

POLICE RAID ANOTHER FAKE MONEY PRINTING PRESS, 4 HELD


දාහේ හොර නෝට්ටු ඔරුගොඩවත්තේ හෝටලයක මුද්‍රණය කරලා 
අංක දෙකකින් මුද්‍රණය කළ ව්‍යාජ මුදල් නෝට්ටු 

Peliyagoda Police today arrested four persons allegedly involved in printing a counterfeit currency notes. The arrests were made following a search carried out at a location in Peliyagoda, according to information received.

Fifteen counterfeit notes of Rs 1,000 denomination were found in the possession of the suspects while various equipment, including a computer used for printing the notes were also taken into police custody.

Peliyagoda Police are conducting further investigations into the suspects.
පෙරේදා රාති‍්‍රයේ කැලණිය තොරණ හන්දිය ප‍්‍රදේශයේ ආපන ශාලාවකදී ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මාරු කිරීමට සැරසුන සැකකරුවන් පස් දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්ණ කිරීම්වලදී මෙම ව්‍යාජ මුදල් මුද්‍රණයට යොදාගත් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්, මුද්‍රණ යන්ත‍්‍ර දෙකක්, ස්කෑනර් යන්ත‍්‍රයක් හා මුද්‍රණ කඩදාසි ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම සැකකරුවන් ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ ආපන ශාලාවක් තුළ මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කීරීම සිදුකර ඇති අතර ඔවුන් වැල්ලම්පිටිය, ගොතටුව හා නවගම්පුර යන ප‍්‍රදේශයන් හි පදිංචිකරුවන් වෙති. මීට අමතරව තවත් රුපියල් 1000 නෝට්ටු 280 ක් පමණ ව්‍යාජ ලෙස මාරු කර ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. මොවුන් මෙම කි‍්‍රයාව ඉතා සූක්ෂම අන්දමින් s/62 103247, s/50 889153 යන අංක දෙකකින් සිදුකර ඇති බවට පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


No comments: