Monday, November 25, 2013

SL wins gold at Commonwealth Weightlifting Championship .


පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශෂිකට රන් පදක්කමක්
Shashika Ekanayake of Sri Lanka won gold in the youth division in the 50 kg. weight category at the Commonwealth Weightlifting Championships in Malaysia, a short while ago.

He won gold by lifting in the 114 kg weight category under the “clean and jerk” method and also the 83 kg. category under the “snatch” method with a total weight of 197 kg. 

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ශෂික ඒකනායක රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

මලයාසියාවේදී පැවත්වෙන මෙම තරගාවලියේදී ශෂික සහභාගී වූයේ, යොවුන් අංශයේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ ය.

එහිදී ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 83ක් එස වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එස වූ බර කිලෝග්‍රෑම් 114කි.
ශෂික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එස වූ බර ප්‍රමාණය පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියකදී යොවුන් අංශයේ වාර්තාව අභිබවා යාමක් වීම ද විශේෂත්වයකි.

මීට පෙර එම ක්‍රමයට යටතේ පැවති වාර්තාගත බර කිලෝග්‍රෑම් 113කි.
දෙවන ස්ථානය සත්කාරක මලයාසියාවට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ, ඉන්දියාවටයි.





No comments: