Friday, August 23, 2013

The House of 'Ganja Amare' has been fired...

ගංජා අමරේගේ නිවසට ගිනි තබති
දැරිය නැසූ ඝාතකයාට මරණ දඬුවම ඉල්ලා දියතලාවේ උද්ඝෝෂණ .......


අවුරුදු අටක දැරියක් දූෂණය කර මරා දැමූ නලීන් ප්‍රියන්ත කුමාර (39) නැමැත්තා සඟවා ගෙන ඔහුට රැකවරණය ලබා දුන් දියතලාව, ජයමිණිපුර ප්‍රදේශයේ පදංචි ‘ගංජා අමරේ’ නැමැත්තාගේ නිවසට (23දා) උදේ පිරිසක් විසින් ගිනි තබා ඇත. ඉකුත් 18 වැනිදා රාත්‍රියේ දියතලාව, ඇල්ලෙගම පදිංචි වී සිටි අට හැවිරිදි දැරියක් දූෂණය කර මරා දැමූ සැකකරු වන නලින් ප්‍රියන්ත නැමැත්තා, ගංජා අමරේගේ නිවසේ සැඟවී සිටියදී දියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන (22දා) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
යළිත් (23දා) පෙරවරුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නියමයෙන් D.N.A පරික්ෂණයක් සඳහා දියතලාව රෝහලට යොමු කෙරිණ. සැකකරුවා අද උසාවි රැගෙන ආ අවස්ථාවේ ඔහුට මරණ දඬුවම් ලබා දෙන්නැයි කියමින් දහසකට ආසන්න ජනතාවක් දියතලාව නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.

ඒ වගේම මෙම පුද්ගලයාට රැකවරණය සැපයූ ‘ගංජා අමරේ’ නැමැත්තා අත්අඩංගුවට ගන්නැයි ජනතාව උද්ඝෝෂණය කළහ. ‘ගංජා අමරේ’ නැමැත්තා තමන්ගේ දියණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත පසුවන අයෙකි.මේ අතර ‘ගංජා අමරේ’ ඇතුළු ඔහුගේ පවුලේ උදවිය නිවසට ගිනි තැබීමත් සමග ප්‍රදේශයෙන් අතුරුදන් වී තිබේ.

ගංජා අමරෙගේ නිවස ගිනි ගත් ආකාරය. මෙම ගින්න දඅයතලාව පොලිසිය විසින් නිවා දමනු ලැබීය.

No comments: