Friday, August 23, 2013

Fire erupts in CEB store at Kollonnawa

විදුලිබල මණ්ඩලයේ ගබඩාවක ගින්නක් ........
විදුලිබලේ ගින්න ගැන ලියන්න මාධ්‍ය ප්‍රකාශකගෙන් අවසර ගන්න ඕනැලු.....


කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයට අයත් කලාප 03 මනු පරික්ෂාගාරයේ අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ පැරැණි ට්‍රාන්ස්ෆෝමර් රැසක් ගිනි ගැනීම සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා කැඳවන බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම ස්ථානයේ ගිනි හටගෙන තිබේ. ඊට හේතුව වශයෙන් දැක්වෙන්නේ මෙම ස්ථානයට ඉහළින් ගමන් ගන්නා අධිබලැති විදුලි රැහැන්වලින් නිකුත් වන ගිනි පුළිගු වැටී ගිනි හට ගන්නා බවයි.

මෙය වාර්ථා කරන්නට සිද්ධිය වූ ස්ථානයට ගමන් කරන්නට විදුලිබල මණ්ඩලයේ එතැන සිටි ආරක්ෂක නිලධාරින් ජනමාධ්‍යවේදීන්ට අවසර ලබා නොදුන්හ. ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අවසර ලබා ගන්නා ලෙසට ආරක්ෂක අංශය පැවසුවේය. මාධ්‍ය ප්‍රකාශකගේ ජංගම දුරකතන අංකයක් ආරක්ෂක අංශය සතුව නොතිබිණ. මේ නිසා විදුලිබල මණ්ඩලයේ පොදු අංකය අමතන්නැයි ආරක්ෂක අංශය ජනමාධ්‍යවේදීන්ට පැවසුවේය. එහෙත් එම අංකයෙන් මාධ්‍ය ප්‍රකාශකයා සම්බන්ධ කර ගන්නට නොහැකි විය.
මෙම තත්ත්වය මත ජනමාධ්‍යවේදීන්ට ඡායාරූප හෝ අදාළ තොරතුරු ලබා ගන්නට අවස්ථාවක් නැති විය. අසල තිබූ නිවසක වහලයකට නැග ඡායාරූප ගන්නට ඡායාරූප ශිල්පීන්ට සිදුවිය. මෙවැනි අවස්ථාවක දී මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයා මැදිරි තුළට වැදී නොසිට සිද්ධිය වූ ස්ථානයට පැමිණ ජනමාධ්‍යවේදීන්ට සහය ලබා දීමෙන් නිවැරැදි තොරතුරු රටට දැන්විය හැකි බව ජනමාධ්‍යවේදීන් පැවසූහ.

No comments: