Friday, August 23, 2013

Driver who dropped body on road arrested..... Hearse door opens and dumps coffin on road...


මහනුවර දී - අවමංගල රථය පැදවූ රියැදුරු මහනුවර ‍පොලිසිය මගින් අත්අඩංගුවට ........

මහනුවර නගරයේ පිහිටි මල් ශාලාවක සිට නිවසක් කරා රැගෙන යමින් තිබූ මෘතදේහයක් එම මෘතදේහය රැගෙන ගිය වාහනයේ දොර සහ මිනී පෙට්ටියේ පියන විවෘත වී මහනුවර නගර මධ්‍යයේ ඇද වැටීම හේතුවෙන් එම වාහනය පැදවූ රියැදුරු (22දා) මහනුවර ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ මෘත දේහය (22දා) දහවල් එසේ මහමග ඇද වැටුණු අතර ඒ බව නොදත් වාහනයේ රියැදුරු වාහනය නොනවත්වා ඉදිරියට පදවාගෙන ගොස් තිබේ.

මෙම සිදුවීම දැක මහනුවර නගරයේ බොහෝ පිරිස් කලබලයට පත් වූ අතර ඒ අසලට පැමිණි මහනුවර ‍පොලිසියේ රථවාහන අංශයේ ‍පොලිස් නිලධාරින් ඒ බව එම මල් ශාලාවට දැනුම් දී තිබේ. මල් ශාලාවේ සේවකයන් එම සිදුවීම ගැන වාහනයේ රියැදුරට දන්වා තිබේ. ඔහු වාහනය අතරමග නතර කර බැලූ අවස්ථාවේ දී ඔහුට මෘත දේහය නොමැති මිනී පෙට්ටිය පමණක් වාහනයේ තිබෙනු දැකගත හැකිව ඇත.

වහා මොහු වාහනය හරවාගෙන පැමිණ එම මෘතදේහය නැවත මල් ශාලාවට ගෙනගොස් එය නැවත සකස් කර අදාළ මෘතදේහය අයිතිකරුවන්ට භාර දී තිබේ. මේ සිද්ධිය පිළිබඳ මහනුවර ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි.


No comments: