Thursday, August 29, 2013

Appeal Court bans illegal animal slaughter

කිසිම ආගමික ස්ථානයක අදින් පසු බිලිපූජා තහනම්

ආගමික ස්ථානවල සත්ත්ව බිලි පුජා පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (29) බ්‍රහස්පතින්දා නියෝගයක් නිකුත් කර තිබේ. හලාවත, මුන්ණේෂ්වරම් කෝවිලේ වාර්ෂික බිලිපූජාව වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ය පෙත්සමකින් ඉල්ලා තිබුණි.
සිසිර ද ආබෲ, දිපාලි විජේසුන්දර සහ සුනිල් රාජපක්ෂ යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ
මෙම පෙත්සම සලකා බැලිණ.
පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල පැවසුවේ සතුන් මරා බිලි පුජා කිරීම, සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ පනතට විරුද්ධ බවයි.
ඒ අනුව කිසිදු ආගමික ස්ථානයක මින් ඉදිරියට සතුන් බිලි පූජා සඳහා යොදා ගැනීම තහනම් වනු ඇත.
හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පූජාවට එරෙහිව ආගමික සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් පසුගිය කාලයේදී විරෝධතා දැක්වීය.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දෙවසරේදීම එම‍ කෝවිලේ බිලි පූජා පැවැත්වීමට අවකාශ නොලැබිණ.
අද29දා ලබාදුන් තීන්දුවට අනුව හලාවත මුන්නේෂ්වරම් පමණක් නොව දිවයිනේ කොතැනක වුවද පිහිටි ආගමික ස්ථානයක සත්ව බිලි පූජා නොකළ යුතු බවත්
ඒ අනුව අද සිට මින් ඉදිරියට ආගමික ස්ථානවල සත්ව බිලි පූජාවට ‍නීතියෙන් ඉඩක් නොමැති බවත් පැවසේ.

No comments: