Sunday, December 8, 2013

US concerned over Sri Lanka issues.


අමෙරිකාවෙන් යළිත් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්
The United States said on Friday that it was concerned about ongoing issues regarding restrictions on freedom of the press and expression, the erosion of the rule of law, and violence against religious minorities in Sri Lanka.

The U.S. has long urged the Government of Sri Lanka to fulfill its public commitments, to implement the recommendations of its own Lessons Learnt and Reconciliation Committee report, and to develop credible justice mechanisms to address outstanding allegations concerning serious violations of international human rights and humanitarian law.

We do also continue to be concerned about ongoing issues regarding restrictions on freedom of the press and expression, the erosion of the rule of law, and violence against religious minorities. And we also note with concern that human rights defenders have continued to face reprisals. Obviously, this is something that needs to end. 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2012 සහ 2013 වර්ෂවල සම්මත කර ගත් යෝජනාවලිය ක්‍රියාත්මක වෙනවා ද නැද්ද කියලා ඒ‍ගොල්ලන් අපෙන් විමාසා සිටියා. දේශපාලන විසඳුම හමුදා පාලනය ඉඩම් ගැටලුව අතුරුදන්වූවන් ආදී දේවල් පිළිබඳව ඒගොල්ලන් අපිත් එක්ක සාකච්ඡා කළා.
මේ අතර උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අමෙරිකාව යළි අවධාරණය කළේය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශිකා මාරි හාෆ්

අමෙරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා තියෙනවා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී පොදු දායකත්වය සපන ලෙස. ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂවාදී නීති උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ විශ්වසනීය යාන්ත්‍රණයක් ඇති කරන්න කියලා‍.ඒ වගේම මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් ඇති සීමා පිළිබඳ ගැටලු නීතියේ ආධිපත්‍ය සෝදා පාළුවට ලක්වීම සුළුතර ආගමිකයින්ට එරෙහි ක්‍රියා පිළිබඳවත් අපේ අඛණ්ඩ අවධානය යොමු වෙලා තියෙනවා.නිරන්තරව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එල්ල වන පළිගැනීම් පිළිබඳවත් අපි අවධානයෙන් පසුවන්නේ. මෙවැනි ක්‍රියා අවසන් විය යුතුයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන්නේ යෝජනා සම්මත කර ගැනීමේදී ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින දෑ පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොදක්වන බව ය.

විදේශ කටයතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා

මෙතන තීරණාත්මක කාරණය තමයි රටවල් අතර තිබෙන්නා වූ ද්වි පාර්ශ්වික සබඳතා භාවිත කරමින් යෝජනා ගේනවා ඒ වගේම ඡන්දය ලබා ගන්නවා
‍එහෙත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ ඇති දුර්වලතා මේ තත්ත්වයට හේතුවී ඇති බව ය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ මේ ද්විත්ව රංගනය නිසා අද අපේ රට බරපතල මර උගුලකට අපි අහුවෙලා තියෙනවා.


No comments: