Saturday, December 7, 2013

Fire at newly built shops in Pettah..

 පිටකොටුවේ ගින්නෙන් කඩ 100ක් විනාශයි
කෝටි ගණනක දේපළ හානියක්

Fire fighters are attempting douse a fire that broke out in the newly built shop line at Bodhiraja Mawatha, Pettah Friday night.Several dozens of shops were destroyed in a fire near the Bodhiraja Temple in Pettah last evening. Police headquarters spokesman SSP Ajith Rohana said that the police were investigating the incident

පිටකොටුව බෝධිරාජ මාවත අසල (06)දා රාත්‍රී 8.00 පමණ ඇති වූ හදිසි ගිනි ගැනීමකින් රෙදිපිළි, සපත්තු හා බෑග් ආදී දෑ ඇතුළත් වෙළෙඳ කුටි සියයක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්ව තිබේ.

මෙම ගිනි ගැනීම පැට්‍රල්මැක්ස් ලාම්පුවකින් සිදුවූ බවට විශ්වාස කෙරෙන අතර උත්සව සමය වෙනුවෙන් ගෙන එන ලද රෙදිපිළි ඇතුළු භාණ්ඩවලින් මෙම කුටි පුරවා තිබූ බවත්, ගින්නෙන් රුපියල් කෝටි ගණනක හානියක් සිදුව ඇති බවත් වෙළෙඳ සල් හිමියෝ පවසති.

06දා රාත්‍රී ඇති වූ මෙම ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන හමුදා භටයන් දැඩි ප්‍රයත්නයක් දැරූ අතර ඊට ආරක්ෂක හමුදා, පොලිසිය හා මහජනතාවගේ නොමසුරු සහාය ලැබිණි. ගින්නෙන් මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගොස් තිබුණු අතර ගින්න සිදුවූ ප්‍රදේශය අවට විදුලියද විසන්ධි වී ගොස් තිබුණි.

මෙම ගින්නෙන් බෝධිරාජ මාවතේ සිට කුමාර වීදිය (5 වන හරස් වීදිය) දක්වා මීටර් 300 පමණ භූමි ප්‍රමාණයක පිහිටි පදික වෙළෙඳ කුටි විනාශයට පත්ව තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ගින්නෙන් කඩ කාමර 60ක් – 70ක්පමණ විනාශයට පත්ව ඇති බවත්, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත්ය. 06-රාත්‍රී 9.30 වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා ඇති බවද, එහිදී සිදුවූ හානිය පිළිබඳ ගණන් බලා නැති බවද කී ඒ මහතා, සිද්ධිය පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණයක් අරඹා ඇති බවද අනාවරණය කෙළේය. සිද්ධිය ඇසින් දුටු කඩ කාමර හිමියෙක් වන කේ. එම්. අබේරත්න මහතා,

“එකපාරටම ගින්න ඇතිවුණා. විනාඩි ගානකදී කඩ ඔක්කොටම ගින්න පැතිරුණා. කඩ සේරම ගිනි ජාලාවක් බවට පත්වෙන්න ගතවුණේ කෙටි කාලයයි. නත්තල් හා අලුත් අවුරුදු වෙනුවෙන් කඩවල රෙදිපිළි, සපත්තු හා බෑග් වැනි භාණ්ඩ වලින් පුරවා තිබුණා. මේ ගින්න ඇතිවුණේ කොහොමද කියා හිතා ගන්නත් අමාරුයි. අපේ අවුරුදු වෙළෙඳාම සම්පූර්ණයෙන්ම ඉවරයි. නවගිරි හෝටලය ළඟින් ඇරඹි ගින්න 5 වන හරස් වීදියේ පිහිටි ලොතරැයි කූඩුව දක්වා ව්‍යාප්ත වුණා.


No comments: