Thursday, December 26, 2013

Tsunami victims remembered.

සුනාමියට අදට වසර 9 යි

Two minutes silence was observed nationally this morning at 9.25 am in remembrance of the 2004 tsunami victims, Disaster management Center said.

2,30000 කට අධික ජනතාවක්‌ මරුමුවට පත්කරමින් සුනාමි ඛදවාචකය සිදුවී අදට (26 දාට) වසර 9 ක්‌ ගත වේ.ශ්‍රී ලාංකිකයෝ 40,000 ක්‌ පමණ මේ විපතට ගොදුරු වූහ. සුනාමි විපතට ගොදුරු වූවන්ගෙන් 120 දෙනකුගේ හඳුනානොගත් සිරුරු කොටස්‌ ගාල්ලේ කරාපිටිය රෝහලේ වෝහාරික අංශයේ තැන්පත් කර ඇත.

එම සිරුරු කොටස්‌ අතර දරුවන්ගේ සිරුරු කොටස්‌ හා ඇටසැකිලි ද වේ. තවත් සිරුරු හඳුනා ගැනීමකින් තොරව වළ දැමීමට සිදුවී ඇත.අම්බලන්ගොඩ, තෙල්වත්ත සහ පැරෑලිය යන ප්‍රදේශවල තිබී මෙම සිරුරු කොටස්‌ හමුවී තිබේ. රිච්ටර් මාපකයේ 9.1 ක්‌ ලෙසින් පැමිණි සුනාමිය නිසා ගාලු පාරේ ධාවනය වූ වාහන රැසක්‌ද මුහුදට බිලිවී ඇත.

සුනාමි විපතට ගොදුරුවූවන් සිහිපත් කර අද (26 දා) පැරෑලියේදී පිංකමක්‌ පැවැත්වේ.

No comments: