දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නීල් අලුවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්පිටිය පොලිස් අධිකාරි අතුල වීරසිංහ, සහකාර පොලිස් අධිකාරි ආනන්ද සමරසේකර මහත්වරුන් විසින් සිදුකළ මෙහෙයුමෙන් පසුව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කරන්දෙණිය පොලීසිය සමත්වී ඇත.
ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඝාතනය සිදුවූ නිවසට ආසන්නයේ පදිංචි පියෙකු සහ පුතෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
සැකකරුවන් දෙදෙනා සමග මනුෂ්‍ය ඝාතනයට යොදාගත් සැකකටයුතු කැති දෙකක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු අද (2) සිදුකිරීමට නියමිත ඇති බැවින් එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි, උප පොලිස් පරීක්ෂක අසේල සැරයන් (6021) රණවීර ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
No comments:
Post a Comment