Thursday, January 31, 2013
බෝට්ටුවෙන් එන කිසිම කෙනෙක්ට රැකවරණය නෑ - ඔස්ට්‍රේලියා විපක්ෂ නායිකා
සක්විති බහු විවාහයකටත් වරදකරු වෙයි
බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම්වරයා ලිංගික අල්ලසක් ගනිද්දී අල්ලස් දැලේ
ආර්.එස්.පී.කසුන් ලක්මාල් ජීව විද්‍යා අංශයෙන් සහ රුසිරු ගාම්බිර ආරච්චි ගණිත අංශයෙන්ද ප්‍රථම ස්ථාන හිමිකරගෙන සිටිති.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. පුෂ්පකුමාර මහතාගෙන් ඊයේ (30) රාත්‍රියේ කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ තමන්ද තවමත් ඒ ගැන කිසිවක් නොදන්නා බවය. නිල වශයෙන් යමක් අද (31) දිනයේ ප්‍රකාශ කළ හැකි වෙතැයි ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
2012 අධ්‍යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල ඊයේ (30) දින රාත්‍රියේ සිට අන්තර්ජාලයට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පත්කළ මහාචාර්යවරුන් තිදෙනා මෙම ප්‍රතිඵල ඇගයීමේ කටයුතුවල සෑම පියවරක්ම අධීක්ෂණය කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය වන අතර ඔවුන් විසින්ද මෙම ප්‍රතිඵල වෙන වෙනම ගණනය කර පරීක්ෂා කර ප්‍රතිඵලවල නිවරද්‍යතාවය තහවුරු කිරීමට කටයුතු කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විභාග දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන අතර එම කමිටුවෙන් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරීන් විසින්ද මෙම ප්‍රතිඵල වෙන වෙනම ගණනය පරීක්ෂා කර නිවරද්‍යතාවය තහවුරු කරනු ලබයි.
මෙම සියලු වාර්තා සසදා බලා පරීක්ෂා සිදුකර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට තමා කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
හලාවත ආනන්දයේ සිසුවියක් මැරතන් තරගයේ ඇද වැටී මියයයි
කලා වලින් දේවි බාලිකාව පෙරට
එල්ල වැරදී හෙල්ල ඇණුන හර්ෂණී සුව අතට
අරලගංවිලට වැටුණු උල්කා වලින් විෂ්මිත හෝඩුවාවන් රැසක්
මන්නාරමේ ළිං දෙකකින් ගෑස් හමුවේ
Wednesday, January 30, 2013
හෂාන් තිලකරත්න ක්‍රිකට් තේරීම් කමිටුවට
කම් සැප දෙන තිප්පොල අල්ලයි
ටිකට්‌පතේ 'පෙම් බස්' ලියා දැරියට අතවර කරන්න හදලා
උපකාරක පංතියට යැමට දොඩන්ගොඩදී පුද්ගලික බස් රථයක ගමන්ගත් 13 හැවිරිදි දැරියකට පෙම්බස් දොඩා අතවර කිරීමට තැත්කළ බව කියන 42 හැවිරිදි බස් කොන්දොස්‌තර වරයකු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා නියෝග කළේය.
මෙහි සැකකරු වූයේ යටියන අගලවතතේ පදිංචි අයෙකි.
පුද්ගලික පංතියට යැමට එම බස් රථයට නැගු ඇය රුපියල් 20 ක් දී කොන්දොස්‌තර වරයාගෙන් රුපියල් 10 ක ප්‍රවේශ පත්‍රයක් ඉල්ලා සිට ඇති අතර ඔහු තමා ළඟට පැමිණ තමන්ට රුපියල් 50 ක් සමග දුරකථන අංකය සහ ප්‍රකාශයක්‌ද සඳහන් කරදුන් බව දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇතැයි කළුතර කොට්‌ඨාස හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති මල්කා තුෂාරි, නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ කියා සිටියහ. තවදුරටත් ඇය ප්‍රකාශ කර ඇත්තේ සැකකරුගේ අත ගසා දමා බසයෙන් බැස පුද්ගලික පංතිය භාර ගුරුවරයාගේ බිරිඳට සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් පසු පොලිසියට පැමිණ පැමිණිලි කළ බවයි.
කළුතර දකුණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂක චෞද්රි, සැරයන් (26160) ලියනගේ යන මහත්වරු අදාළ දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා සැකකරු පොලිසියට කැඳවා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියා සිටියේය.
කළුතර මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක සමන්ත වෙදගේ, කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා මල්කා තුෂාරි යන නිලධාරි උපදෙස් මත කළුතර පොලිසියේ ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපති චෞද්රි, සැරයන් ලියනගේ යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
ප්‍රභාකරන්ගේ නිවස අවට බිම් බෝම්බ 51,000 ක්
කිලිනොච්චිය පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ නිවස අයත් භූමි භාගයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වීමත් සමඟ විශාල වශයෙන් බිම් බෝම්බ හමුවීට පටන් ගෙන ඇත.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින කණ්‌ඩායම් මේ වන විට දිනකට බිම් බෝම්බ 90 ක් පමණ ගොඩ ගනිති. ප්‍රභාකරන්ගේ නිවස අවට වළ දමා ඇති බිම් බෝම්බ ප්‍රමාණය පනස්‌එක්‌දහසක් (51,000 ක්) පමණ වනු ඇති බව ඩෑස් ආයතනයේ මෙහෙයුම් කළමනාකාර විශ්‍රාමික හමුදා නිලධාරි මේජර් සුනිල් ආරියසේන මහතා පැවැසීය.
ජපන් හා ඔස්‌ටේ්‍රලියානු ආධාර යටතේ ඩෑස් ආයතන විසින් මේ සඳහා 44 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක් යොදවා ඇත. උතුරේ සෙසු ප්‍රදේශවලට සාපේක්‍ෂව මෙම භූමි ප්‍රදේශ පුරාම කිසියම් රටාවකට අනුව ඒවා වළ දමා ඇති බව සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුම් කටයුතුවලදී ක්‌ලේමෝ වර්ගයේ බෝම්බ ද හමු වී ඇත.
මෙම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර මෙම භූමි භාගයේ වළදමා ඇති බිම් බෝම්බ සියල්ලම මාර්තු මස 31 වැනි දින වන විට ගොඩ ගෙන අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ද මෙහෙයුම් කළමනාකාරවරයා පවසයි.
ප්‍ර. ජා. ස. නායක සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස් හමුවේ
සිය පක්‍ෂයට ඡන්දය පාවිච්චි කළ ඡන්ද පත්‍රිකා තොගයක් ඉකුත් දිනක ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ මහා මාර්ගය අසලදී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (29 දා) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට එම කාර්යාලයට පැමිණ නික්‌ම ගිය අයුරු.
පෙම්වතා සමග අත් අල්ලාගෙන පැමිණ නයි නළඟන පැමිණිල්ල අස්‌කරගනී
"අනේ අපි දෙන්නා සමාදානෙන් ඉන්නම් මෙයා උසාවි දාන්න එපා" යෑයි නයි නළඟන ලෙස ප්‍රසිද්ධ වූ රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා විමලරත්න නොහොත් නිලානි නමැති තරුණිය වැල්ලම්පිටිය පොලිසියට පැමිණ ඇය විසින් කරනු ලැබූ පැමිණිල්ල ඉල්ලා අස්‌කරගෙන ඇත.
මෙම තරුණිය පසුගිය 23 වැනිදා අලුයම කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසල හන්දියේ දමාගොස් සිටියදී වැල්ලම්පිටිය පොලිසිය මගින් ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ තමාගේ පෙම්වතා වන සුල්තාන් අහමඩ් නමැත්තා තමාට පහරදී තුවාල සිදුකර මහමග දමාගිය බවයි.
මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී "නයි නළඟන" වැල්ලම්පිටිය පොලිසියට පැමිණ පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමට අවශ්‍ය බව පවසා ඇත.
පැමිණිල්ල අස්‌කර ගැනීමට නම් දෙපාර්ශ්වයම පැමිණිය යුතු බව පොලිසිය ඇයට පවසා ඇත. ඇය ඒ අනුව පසුදින පෙම්වතා සමග අත්අල්ලාගෙන පොලිසියට පැමිණ පෙම්වතා පොලිසියට ඉදිරිපත් කර දෙදෙනාම කටඋත්තර ලබාදී තවදුරටත් එකට වාසය කරන බවට පොලිස් පොතේ අත්සන් යොදා පිටව ගොස් ඇත.
මෙම "නයි නළඟන"ට පහරදීමේ සිද්ධියට මාධ්‍ය මගින් මහත් ප්‍රසිද්ධියක් ලබාදීම නිසා වැල්ලම්පිටිය පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‌ෂක බණ්‌ඩාර මුණසිංහ මහතා සහ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති එච්. බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සැකකාර පෙම්වතා සොයා ප්‍රදේශ කිහිපයක් නිරීක්‌ෂණය කර තිබිණි.
මේ අතර මෙම "නයි නළඟන" නමැත්තිය ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යද්දී නැවත දිනයක රෝහලේ මානසික ඒකකයට පැමිණෙන ලෙස රෝහලෙන් ඇයට උපදෙස් දී ඇත.
රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල
එක ඉත්තේ මල් දෙකක්!
ඩීඅයිජී රණවනගේ නම විකුණා ලක්‌ෂ 10 ක් කප්පම් ඉල්ලූ පාතාල කත අත්අඩංගුවට
|
|
Tuesday, January 29, 2013
විස්‌සයි 20 අපිට
තරගයේ විසඳුම අවසන් පන්දුව දක්‌වා තීරණය වුණු මෙම තරගයේ ඔස්‌ටේ්‍රලියානු පිලේ ජයග්‍රහණය සඳහා තිසර පෙරේරා විසින් යවන ලද අවසන් පන්දුවේදී ලකුණු 4 ක් ලබා ගත යුතුව තිබුණත් පන්දුවට පහර දුන් ග්ලෙන් මැක්‌ස්‌වෙල්ට එම අභියෝගය සඵල කර ගැනීමට නොහැකිවීම මත අතිශය තියුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රතිවාදී පිලක් ලකුණු හඹා යැම සඳහා ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව හඹා යැමේ අභියෝගය භාර ගනිමින් පිටියට පැමිණි ඔස්‌ටේ්‍රලියානු පිල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සහ පන්දු රකින්නන්ගේ ආක්‍රමණික ක්‍රීඩා විලාශය හමුවේ පන්දුවාර 15 තුළදී ලබාගත්තේ කඩුලු 3 ක් දැවී ලකුණු 119 ක් පමණි.
ඒ අනුව මෙම තරගාවලිsය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීම මත පන්දුවාර විස්‌සයි-20 තරගාවලියකදී ඔස්‌ටේ්‍රලියානු පිල ඔවුන්ගේ මව්බිමේදී දෙවතාවක් පරාජයට පත් කරන ලද එකම රට බවටද ශ්‍රී ලංකා කණ්‌ඩායම පත්වීම විශේෂත්වයක් විය. එමෙන්ම ඔස්‌ටේ්‍රලියානු පිලක් මින් ඉහතදී තරග 2 කින් සමන්විත විස්‌සයි-20 තරගාවලියක් තම මව්බිමේදී පරාජයට පත්වී නොමැති අතර එම පරාජයද මෙම තරගාවලියේ ලැබීම කැපී පෙනෙන්නක් බවට පත්විය.
අදාළ ලකුණු හඹා යැමේදී ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ හරි අඩක් හෙවත් පළමු පන්දුවාර 10 අවසනදී වර්ෂාවෙ-න් බාධා ඇතිවීම මත තරගය සුලු වේලාවකට නතර කිරීමට විනිසුරුවන්ට සිදුවුණු අතර එහිදී ඔස්‌ටේ්‍රලියානු පිලේ ඉලක්‌කය පන්දුවාර 15 කදී ලකුණු 122 ක් වශයෙන් සංශෝධනයට ලක්‌විය. ඒ අනුව ඔස්‌ටේ්‍රලියානු ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක් ලබාගත යුතුව තිබිණි. යම් ලෙසකින් මෙම තරගය නැවතත් පැවැත්වීමට නොහැකි වූවා නම් ඩක්‌වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 10 අවසනදී ඔස්‌ටේ්‍රලියානු පිලේ ජයග්‍රහණය සඳහා කඩුලු 2 කදී ලකුණු 75 ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණත් එම අවස්‌ථාව වන විට ඔස්‌ටේ්‍රලියානු පිල ලබා සිටියේ කඩුලු 2 කට ලකුණු 60 ක් පමණි.
අජන්ත මෙන්ඩිස්‌ගේ පන්දුවක් හමුවේ ෂෝන් මාෂ්ගේ පිත්තේ තදින් වැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින් උඩ පන්දුවක් ලෙස රැක ගනු ලැබුවද එය දැවී යැමක් නොවන බවට සයිමන් µ්‍රයි විනිසුරුවරයා තීරණය කළ බැවින් ලකුණු 28 කදී නිමාවීමට තිබූ මාෂ්ගේ ඉනිම ලකුණු 47 දක්‌වා ඉහළ ගියේය. ඔහුට අමතරව නායක බෙයිලිද පන්දු 36 කදී ලකුණු 45 ක් රැස් කර ගත් නමුත් අවසන් පන්දුවාරයේදී ඔහු තිසරගේ පන්දුවක් හමුවේ දැවී ගිsයේය.
ඔස්‌ටේ්‍රලියානු පිල සතු ප්‍රබලම පිතිකරුවා වන ඩේවිඩ් වෝනර්ව (07) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක්‌ව තිබියදී ක්‍රීඩාගාරයට යෑවීමට කුලසේකර සමත්විය. අනතුරුව පස්‌වැනි පන්දුවාරයේදී µsන්ච්වද ලකුණු (07) කදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමින් දවා ගැනීමට අජන්ත මෙන්ඩිස් සමත්විය.
ඔස්‌ටේ්‍රලියානු නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීම ඇරැඹි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරම්භය එතරම් සාර්ථක එකක් නොවූවත් හිටපු නායක මහේල ජයවර්ධන සහ තිසර පෙරේරා එක්‌ව අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 60 ක් රැස් කිරීමට සමත්වීම මත අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ඔස්‌ටේ්‍රලියානු පිලට ලබාදීමට අවස්‌ථාව උදාවිය.
එහිදී අංක 4 පිතිකරු ස්‌ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ජයවර්ධන පන්දු 45 කදී අලංකාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක්‌ද සමගින් ලකුණු 61 ක්‌ද තිසර පෙරේරා පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිsන් ලකුණු 35 ක් රැස් කළහ.
බෙන් ලµaලින් විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේදී රිවර්ස් ස්‌වීප් පහරක් එල්ල කළ මහේල තම විස්‌සයි විස්‌ස තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය. එම පන්දුවාරයේදීම තිසර පෙරේරා විසින් එල්ල කරන ලද පහර පිත්තේ පිටත දාරයේ වැදී තර්ඩ් මෑන් කළාපයට ඉහලින් ගොස් ලකුණු 6 ක් ලෙස සටහන් වීම ලµaලින්ගේ අවසන් පන්දුවාරයේදී වාර්තා වුණු මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 20 ක් විය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ම ලකුණු 39 ක් තුළදී බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවද්දී පිටියට පිවිස ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීම සඳහා ජීවන් මෙන්ඩිස් විසින් හිටපු නායකයාට ලබා දුන් සහයෝගය ඉතාමත් වටිනා එකක් වීය. එහිදී ජීවන් සහ මහේල අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 63 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ස්‌ථාවර තත්ත්වයකට රැගෙන ඒමට මග පාදනු ලැබූහ.
ඩොහර්ටිගේ පන්දුවකට වේගවත් පහරක් එල්ල කළද එය ලෝන් ඕµa කලාපයේ පන්දු රකිමින් සිටි ෙµdaල්ක්‌නර් විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම මත ජීවන්ගේ අගනා ඉනිම ලකුණු 25 කට සීමා විය. පන්දු 24 කදී රැස් කරන ලද එම ඉනිම සඳහා දැවි යන විට හතරේ පහර 3 ක් ජීවන් විසින් ඇතුළත් කරගෙන තිබිණි.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් (06) ෙµdaල්ක්‌නර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම මත දැවී ගියේය. එය ෙµdaල්ක්‌නර්ගේ මංගල ජාත්‍යන්තර කඩුල්ල වශයෙන් සටහන් විය. මෙම තරගයේ වැඩිම ප්‍රහාරයකට ලක්‌වූ පන්දු යවන්නා බවට පත් වූ බෙන් ලµaලින්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට ගොස් එය නිසියාකාරව පිත්තේ නොවැදීම මත චන්දිමාල්ද ලකුණු 05 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය. මෙම තරගාවලියේ කිසියම් දුරටකට සාර්ථක පිතිකරුවකු බවට ඔප්පු කළ කුසල් පෙරේරාද මැක්‌ස්‌වෙල්ගේ පන්දුවක් හමුවේ බෙයිලි අතට උඩ පන්දුවක් දී ලකුණු 15 කට දැවී ගියේය. මැක්‌ස්‌වෙල්ගේ පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට පැන එම පහර කුසල් විසින් එල්ල කළද එය බෙයිලිගේ අත්ලට පත්වූයේ තරමක අසීරු උඩ පන්දුවක් ලෙසිණි.
පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ලක්‌වීම මත ළහිරු තිරිමාන්න මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට කණ්‌ඩායමට ආධුනික ක්‍රීඩක අකිල ධනංජයව කැඳවා තිබිණි.
නීති සිසුවියගේ අත කපා දැමීම ඕනෑම රටක මෙවැනි අත්වැරැදීම් වෙනවා......... මාතර රෝහලේ වෛද්‍යවරයෙක් කියයි
මෙම සිසුවියගේ අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ "වෛද්‍යවරයාගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද හෙතෙම පැවැසීය.
රෝගීන් දහදෙනකුට මේ ආකාරයේ ප්‍රතිකාර කිරීමට නියමිතව තිබියදී සීමාව ඉක්‌මවා රෝගීන් සියයකට වැඩි පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් අත්වැරදි සිදුවිය හැකි බවද හෙතෙම පැවැසීය. මෙවැනි අත්වැරදි ශ්‍රී ලංකාවේ පමණක් නොව ඕනෑම රටක සිදුවෙන අතර එම වැරදි හිතාමතා සිදුකරන ඒවා නොවේ යෑයිද එම වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනීම ලබන අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාව මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝaහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ වම් අත කපා දැමූ අතර මාතර රෝහලේ වරදින් වම්අත කපා දැමීමට සිදුවී ඇති බව හෙළිවී තිබේ.
ඇමැති 58 දැන් 65 යි
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවන ධුර කාලයේ ප්‍රථම
ඇමැති මණ්‌ඩල සංශෝධනය ඊයේ (28 දා) සිදුවිය.
මෙහිදී ජනාධිපති ඉදිරියේ නව ඇමැතිවරු දසදෙනෙක් ද, ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක් ද, නියෝජ්‍ය ඇමැතිවරු හයදෙනෙක් ද දිවුරුම් දුන්හ.
ඊයේ සිදු වූ ඇමති මණ්‌ඩල සංශෝධනයත් සමඟ මෙතෙක් පැවැති ඇමැති ධුර සංඛ්‍යාව 65 දක්‌වා ඉහළ නගී. ඊයේ දක්‌වා ඇමැති ධුර 58 ක් (ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් 10 දෙනා ද සමඟ) පැවතිණි. ඊයේ සිදු වූ සංශෝධනය සමඟ ඇමැතිවරු පස්‌දෙනෙක් සහ ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක් ඇමැති ධුර අතරට එක්‌වූහ.
ඇමැති 58 දැන් 65 යි
මේ අනුව පත් වූ නව ඇමැති පදවි දහය සහ ඔවුන්ගේ නම් මෙසේය.
* පරිසර හා පුනර්ජනනීය ඇමැති: සුසිල් ප්‍රේමජයන්ත
* තාක්‍ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්‌ති ඇමැති: පාඨලී චම්පික රණවක
* ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති: අනුර ප්‍රියදර්ශන යාපා
* සීනි කර්මාන්ත ඇමැති: ලක්‍ෂ්මන් සෙනෙවිරත්න
* ආයෝජන ප්‍රවර්ධන ඇමැති: ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
* උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති: ජයරත්න හේරත්
* අධ්‍යාපන සේවා ඇමැති: දුමින්ද දිසානායක
* වනජීවී සම්පත් සංරක්‍ෂණ ඇමැති: ගාමිණී විජිත් විජයමුණි සොයිසා
* ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති: බෂීර් සේගුදාවුද් යන මහත්වරු.
* විදුලිබල හා බලශක්‌ති ඇමැති: පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.
මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ජයරත්න හේරත්, දුමින්ද දිසානායක, ගාමිණී විජිත් විජයමුණි සොයිසා හා පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් යන මහත්වරු කැබිනට් මණ්‌ඩලයට අලුතින් එක් වූ අය වෙති.
වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරුන් වූ රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරු එම අමාත්‍යාංශවල ව්‍යාපෘති ඇමැතිවරුන් වශයෙන් දිවුරුම් දුන්හ.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරුන් හයදෙනකුගේ විෂයයන් වෙනස් වී නව අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් දිවුරුම් දුන්හ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරය සඳහා නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනකු දිවුරුම් දුන්හ.
* ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරු: එස්. එම්. චන්ද්‍රසේන, සුසන්ත පුංචිනිලමේ, එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා යන මහත්වරු.
* ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති: ෆයිසර් මුස්‌තාපා
* පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති: ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්
* ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති: සරත් කුමාර ගුණරත්න යන මහත්වරු.
ඊයේ (28 දා) පෙරවරු 11.55 ට පමණ යෙදුණු සුබ මොහොතින් නව ඇමැතිවරු, ව්‍යාපෘති ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දුන්හ.
අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති මෙම දිවුරුම් දීමේ උත්සවයට අගමැති දි. මු. ජයරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු ද එක්‌වූහ.
මෙහිදී ජනාධිපති ඉදිරියේ නව ඇමැතිවරු දසදෙනෙක් ද, ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක් ද, නියෝජ්‍ය ඇමැතිවරු හයදෙනෙක් ද දිවුරුම් දුන්හ.
ඊයේ සිදු වූ ඇමති මණ්‌ඩල සංශෝධනයත් සමඟ මෙතෙක් පැවැති ඇමැති ධුර සංඛ්‍යාව 65 දක්‌වා ඉහළ නගී. ඊයේ දක්‌වා ඇමැති ධුර 58 ක් (ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් 10 දෙනා ද සමඟ) පැවතිණි. ඊයේ සිදු වූ සංශෝධනය සමඟ ඇමැතිවරු පස්‌දෙනෙක් සහ ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක් ඇමැති ධුර අතරට එක්‌වූහ.
ඇමැති 58 දැන් 65 යි
මේ අනුව පත් වූ නව ඇමැති පදවි දහය සහ ඔවුන්ගේ නම් මෙසේය.
* පරිසර හා පුනර්ජනනීය ඇමැති: සුසිල් ප්‍රේමජයන්ත
* තාක්‍ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්‌ති ඇමැති: පාඨලී චම්පික රණවක
* ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති: අනුර ප්‍රියදර්ශන යාපා
* සීනි කර්මාන්ත ඇමැති: ලක්‍ෂ්මන් සෙනෙවිරත්න
* ආයෝජන ප්‍රවර්ධන ඇමැති: ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
* උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති: ජයරත්න හේරත්
* අධ්‍යාපන සේවා ඇමැති: දුමින්ද දිසානායක
* වනජීවී සම්පත් සංරක්‍ෂණ ඇමැති: ගාමිණී විජිත් විජයමුණි සොයිසා
* ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති: බෂීර් සේගුදාවුද් යන මහත්වරු.
* විදුලිබල හා බලශක්‌ති ඇමැති: පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.
මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ජයරත්න හේරත්, දුමින්ද දිසානායක, ගාමිණී විජිත් විජයමුණි සොයිසා හා පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් යන මහත්වරු කැබිනට් මණ්‌ඩලයට අලුතින් එක් වූ අය වෙති.
වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරුන් වූ රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරු එම අමාත්‍යාංශවල ව්‍යාපෘති ඇමැතිවරුන් වශයෙන් දිවුරුම් දුන්හ.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරුන් හයදෙනකුගේ විෂයයන් වෙනස් වී නව අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් දිවුරුම් දුන්හ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරය සඳහා නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනකු දිවුරුම් දුන්හ.
* ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරු: එස්. එම්. චන්ද්‍රසේන, සුසන්ත පුංචිනිලමේ, එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා යන මහත්වරු.
* ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති: ෆයිසර් මුස්‌තාපා
* පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති: ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්
* ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති: සරත් කුමාර ගුණරත්න යන මහත්වරු.
ඊයේ (28 දා) පෙරවරු 11.55 ට පමණ යෙදුණු සුබ මොහොතින් නව ඇමැතිවරු, ව්‍යාපෘති ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දුන්හ.
අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති මෙම දිවුරුම් දීමේ උත්සවයට අගමැති දි. මු. ජයරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු ද එක්‌වූහ.
Monday, January 28, 2013
ඩුබායි ගොඩනැගිල්ලකින් පැන දිවිනසාගත් කාන්තාවගේ මරණයත් සැකයක්
සිය රට පැමිණි ඇය නැවතත් පසුගිය වසරේ සැප්තැම්බර් මස26 වැනි දින ඩුබායි බලා ගොස් ඇත. කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින තම හිතවතියක් මගින් ගුවන් ටිකට් පතක් ගෙන්වා ගෙන ඇය පිටත්ව ගොස් ඇත. ඩුබායි රටේ පවත්වාගෙන යන පිරිසිදු කිරීමේ ආයතනයකින් එම ගුවන ටිකට් පත ඇයට ලැබී ඇති බව පැවසේ . ඩුබායි හි අල්කුසායි නගරයේ පිහිටි ජෙන් ෆිෆෙක්ට් ක්ලීනින් සර්විස් නම් ආයතනයේ ඇය සේවය කර ඇති අතර නවාතැන් ගෙන ඇත්තේ සිව් මහල් තට්ටු ගොඩනැගිල්ලක තවත් සේවිකාවක් පිරිසක් සමගය. මිය ගොස් ඇති අනුපමා පසුගිය 25 වැනි දින මෙරට වේලාවෙන් දහවල් 12.00 ට තම සොහොයුරිය වන නයනා සංජීවනීට සහ නැගණියගේ ස්වාමි පුරුෂයාට දුරකථනයෙන් කථා කර ඇත. තම පවුලේ සුව දුක් විමසා සිටි ඇය තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බවත්, හොදින් රාජකාරි කටයුතු සිදු කරණ බවත් ඇය එම අවස්ථාවේදී පවසා ඇත. 26 වැනි දින අනුපමාගේ නැගණියට ඩුබායි හී සේවය කරණ කාන්තාවක් දුරකථනයෙන් කථා කර දන්වා ඇත්තේ අනුපමා සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සිය දිවි නසා ගත් බවකි. නමුත් තම සොහොයුරියට සිය දිවි නසා ගන්නට තරම් හේතුවක් නොතිබුණු බවත්,ඇය සම්බන්ධයෙන් ලැබෙන පරස්පර ආරංචි හේතුවෙන් මෙම මරණය සැක සහිත බවද අනුපමාගේ සොහොයුරිය වන නයනා සංජීවනී කියා සිටින්නීය.
මිය ගොස් ඇති අනුපමාගේ සිරුර දැනට තිබෙන ස්ථානයවත් තමන් නොදන්නා බවත් පවසන ඇයගේ ඥාතීන් මළ සිරුර කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
රූපවාහිනී අධ්‍යක්ෂ වෙසින් පැමිණි අපූරු මනාලයා තරුණිය කොල්ල කයි
තම දියණිය විවාහ කරදීමේ අටියෙන් පුවත්පතක කළ දැන්වීමකට අනුව එක්තරා පුද්ගලයෙක් එම තරුණිය බැලීමට පසුගිය 05වැනිදා බළන්ගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණ තිබේ. නිවැසියනට ඔහු තමාව හඳුන්වාදී ඇත්තේ රූපවාහිනී අධ්‍යක්ෂකවරයෙක් ලෙසිනි. තරුණියට කැමති බව ප්‍රකාශ කළත් තරුණියගේ දෙමව්පියන් තරුණයාගේ පියා නොමැති බව කී විට මව හා පැමිණෙන්නැයි පවසා ඇත. තම මවගේ දණහිසේ ආබාධයක් ඇතිබැවින් ඇවිදීමට අපහසු නිසා ඇය කැටුව ආයුත්තේ වාහනයක බව පවසා ඇත. තමා වාහනයක් ගැනීමට අදහසක් ඇතිබව කී පුද්ගලයා එම නිවසේ නැවතී සිට පසුදා එනම් 06 වැනිදා තරුණිය හා පියාද කැටුව රත්නපුර වාහන විකුණන ස්ථානයකට ගොස් තිබේ. පරීක්ෂා කළ වාහන පිළිබඳව සෑහීමකට පත් නොවූ තරුණයා නැවත තරුණියගේ ගෙදරට පැමිණ පසුදින 07 වැනිදා ඇඹිලිපිටියට යාමට යෝජනා කරගෙන ඇත. එහි ගොස් වෑන් රථයකට හිතගිය බැවින් එය මිලදී ගැනීමට අදහස් කර ඇතත් පරහකට ඇත්තේ වාහනයේ සීට් ගැසීමට හා රක්ෂණය කිරීමට ලක්ෂ තුනක අඩුවක් බව පවසා ඇත. මහත් බලාපොරොත්තු තබාගත් තරුණිය තමන් සතු රන් බඩු උකස්කර එම මුදල ලබාදීමට අනාගත සැමියා වෙනුවෙන් එකඟව ඇත. ඒ අනුව තරුණිය පියා සමග දිනතුනේ පෙම්වතා හා බලන්ගොඩ නගරයට පැමිණ තිබේ. මෙහිදී තරුණයා රක්ෂණ සමාගමට ලබාදීමට තරුණියගේ ඡායාරූපයක් අවැසි බැවින් කොණ්ඩය කොටසක් කපා රූපලාවන්‍යාගාරයකට ගොස් මුහුණට සත්කාරයක් කරගෙන ඒමට යෝජනා කර ඇත. ඊට එකඟව තිදෙනාම රූපලාවන්‍යාගාරයකට ගොස් ඇති අතර වතුර මෝටරයක් බැලීමට පියා පිටව ගොස් ඇත. තරුණිය රන්බඩු පාර්සලය තරුණයා අතට දී කොණ්ඩය හා මුහුණ සැකසීමට ගොස් ඇත. ටිකවේලාවකින් එළියට පැමිණි තරුණිය තම අත්බෑගය පුටුව මත තිබෙණු දුටුවත් තම දිනතුනේ පෙම්වතා එහි නොවූබව තේරුම් ගත්තාය. ඒවන විට රන්බඩු සමග සැකකාර පෙම්වතා පළා ගොස් ඇත.
වරකාපොල පොලීසිය මගින් සැකකරු 27 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. බළන්ගොඩ හා වරකාපොල පොලීසිය එක්ව සිද්ධිය පිළිබඳව විමර්ශනය කරනු ලබයි.
මෙන්න නව ඇමතිවරු
මීට අමතරව ව්‍යාපෘති ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දුන්හ. රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමතිවරු ලෙස පත් විය.
නියෝජ්‍ය ඇමතිවරු 6ක් අලුතින් පත් විය. ආර්ථික සංවර්ධන එස් .එම් චන්ද්‍රසේන, සුසන්ත පුන්චිනිලමේ,හිස්බුල්ලා මහත්වරුද, ෆයිසර් මුස්තාපා ආයෝජන ප්‍රවර්දන නි.ඇමති ලෙසද සරත් ගුනරත්න ධීවර නි.ඇමති ලෙසද, අබ්දුල් කාදර් පරිසර නියෝජ්‍ය ඇමති ලෙසද දිවුරුම් දුන්හ.
‘බිම් බෝම්බ’ වීඩියෝවක් රූපගත කළ පිරිසක් සමග දෙමළ ‘නිළියෝ’පොලිසියේ
දියණිය සයමස් ගැබිණියක් කර මාමා ගමෙන් පැන යයි
රෝහල් සේවකයාගේ බෙහෙත් දැමිල්ල
නීති සිසුවියගේ අත කපා දැමීම සම්පූර්ණ වරද මාතර රෝහලේ......... මූලික විමර්ශනවලදී හෙළි වේ
Wednesday, January 23, 2013
ජංගම දුරකථනය නාදවීමෙන් ඇඳ යට සිටි පෙම්වතා අසුවේ - පෙම්වතා දෙදරු පියෙක්
පෙම්වතා සමග ආදරයෙන් වෙලී සිටියදී පෙම්වතාගේ ජංගම දුරකථනය නාදවීමෙන් මවත්, සොහොයුරාත් අවදිවී තරුණිය සිටි කාමරය පරීක්ෂා කරද්දී ඇඳ යට සිටි පෙම්වතා අල්ලා ගලගෙදර පොලිසියට බාරදීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.
මෙම පෙම්වතා දරු දෙදෙනකුගේ පියෙකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගලගෙදර පොලිසිය කියයි.
මෙම පවුලේ මවත් දියණියත් ඇගේ බාල සොහොයුරාත් ජීවත්වී ඇති අතර ඔවුන්ගේ පියා අගනුවර ආයතනයක සේවය කරන බව හෙළිවී තිබේ.
මෙම තරුණිය රවටා ගත් විවාහක තරුණයා ඉඳහිට රාත්‍රි කාලයේ ඇය හමුවීමට හොර රහසේම නිවසට පැමිණ තිබේ.
සිද්ධිය වූ දින 22 දා (ඊයේ) රාත්‍රියේ මොහු ඇය හමුවීමට පැමිණ තිබේ.
මේ අවස්‌ථාවේදී ඇය මෙම පෙම්වතා කාමරයට ගෙන්වා ඇති අතර විනාඩි කීපයකට පසු ඔහුගේ ජංගම දුරකථනය නාදවීමට පටන්ගෙන ඇත.
තම සොහොයුරියට ජංගම දුරකථනයක් නැති බව දැනගත් සොහොයුරා සිය මවත් සමග සොහොයුරියගේ කාමරයේ දොරට තට්‌ටුකර දොර විවෘත කරවා ගෙන තිබේ.
නාද වූ ජංගම දුරකථනය සොයා බලද්දී ඇඳයට සිටි පෙම්වතා මෙසේ අල්ලාගෙන පොලිසිට බාරදී තිබේ.
මොහු පොලිසියට බාරදෙන මොහොතේ මොහුගේ ඇඟේ නූල් පොටක් තිබී නැත.
මේ අතර මෙම පෙම්වතා විවාහකයකු බව දැනගෙන ඇය මෙම සම්බන්ධය නතර කර තිබූ බවද කියති.
රිසානාගේ මව්පියන්ට රු. ලක්‍ෂ 10 ක්
නයි නළඟන බෝතල් කටුවලින් කපා ඉරාන ජාතික පෙම්වතා පළා ගිහින්
ඉකුත් දිනවල ආන්දෝලනාත්මක චරිතයක් වූ නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න අද (23) අළුයම් කාලයේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව මහමග වැටී සිටියදී වැල්ලම්පිටිය පොලිසියට හමු වී තිබේ. වහාම ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. කොල්ලූපිටිය ක්ලියෝපැට‍්‍රා සමාජ ශාලාවේ නලඟනක වූ ඇය
පසුගිය දිනවල ජීවත් වී ඇත්තේ ඇගේ ඉරාන ජාතික පෙම්වතා වන සුල්තාන් නැමැති
අයත් සමගය.ඊයේ රාත්‍රියේ ද නිරෝෂා සිය පෙම්වතා සමග එකට සිට ඇතැයි පොලිසියට
වාර්ථා වී තිබේ. දෙදෙනා අතර නිතරම ගැටුම් තිබී ඇත. ඉරාන ජාතික පෙම්වතා
නිරෝෂා මගහැර යන්නට අවස්ථා ගණනාවක දී උත්සහ දරා ඇති අතර ඇය නිරතුරුව උත්සහ
දරා ඇත්තේ පෙම්වතා සමග එකට ජීවත් වන්නටය.
Subscribe to:
Posts (Atom)