අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 Kg ලාෆ්ස් හා
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 න් ඉහළ නංවන බව පාරිභෝගික
සේවා අධිකාරිය පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී ලෝක වෙළඳපොළේ සිදුවූ ගෑස් මිල ඉහළ යාමට අනුව මෙසේ ගෑස් මිල ඉහළ නැංවීමට සිදුවන බව එම අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 2246 ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නව මිල
රුපියල් 2396 ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක
වැඩිදුරටත් දැක්වේ.
2012 මැයි 04 වන දින අවසන්වරට ගෑස් මිල සංශෝධනයක් සිදුවිය
Saturday, January 5, 2013
කැලණි මන්ත්‍රීට වෙඩි තබා මරලා
කැළණිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා
නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු වන හසිත මඩවල මහතා නාදුනන පිරිසකගේ වෙඩි
ප‍්‍රහාරයකට ලක්ව මිට ස්වල්ප මොහොතකට පෙර මියගොස් ඇත.
සිය නිවස ඉදිරිපිට සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඔහුට මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබේ.
වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ
මන්තී‍්‍රවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන විටත් මියගොස් සිටි බව
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
මාර්තුවට පෙර බස්වලටත් කැමරා
ලබන මාර්තු මාසයට පෙර බස් රථවල කැමරා පද්ධති ස්ථාපිත කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර ඇත.
බස් රථ තුළදී කාන්තාවන්ට සිදුවන විවිධ අපහසුතා සහ වෙනත් ජාවාරම් මැඩලීමට මෙම පියවර ගන්නා බව එම කොමිෂම අනාවරණය කර තිබේ.
බිළිඳියට කෲර ලෙස පහර දී ඝාතනය කළ පියා සියදිවි නසා ගනී
වයස අවුරුදු 1 ½
ක් වන සිය සිඟිති දියණියට අමානුෂික ලෙස පහර දී ඇය ඊයේ (04) ඝාතනය කොට පළා
ගොස් සැඟ වී සිටි සැකකාර පියා ගෙළ වැළලා ගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර
පිළියන්දල පොලිසිය විසින් අද (05) උදේසොයා ගෙන ඇත. පියාගෙන්
අමානුෂික ලෙස පහරකා මියගියේ පිළියන්දල පොලිස් වසමට අයත් නිවුන්ගම පදිංචි වී
සිටි නෙල්කි සලෝමි නැමැති වයස අවුරුදු 1 ½ ක දැරියයි. ඇයට පහර දී මරා දමා
ගෙළ වැළලා ගෙන සියදිවි නසාගෙන ඇත්තේ එම ස්ථානයේ පදිංචි වී සිටි දැරියගේ
පියා යැයි කියන මද්දුම කළුගේ සුනිල් ජයකොඩි නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
දැරියට පහර දීම සිදු කරන අවස්ථාවේ ඇගේ මව වන 19 හැවිරිදි රුක්ෂිකා තිළිණි ද
නිවසේ සිටි බවට තොරතුරු පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී ඇත. නෙල්කි සලෝමි
දැරියගේ කණගාටුදායක මරණයට හේතු වූ පසුබිම අනාවරණය වන්නේ මේ ආකාරයටය. මද්දුම
කලුගේ සුනිල් ජයකොඩි නැමැත්තා නාවික හමුදාවේ කාර්මික අංශයේ සේවය කළ
සෙබළෙකි. මොහු පදිංචි වී සිට ඇත්තේ පිළියන්දල පළාතේය. එම අවධියේ මොහු
විවාහකයෙකි. ඔහු විවාහ වී සිටියේ රුක්ෂිකා තිළිණිගේ පුංචි අම්මාගේ දියණියක
සමඟින් ය. එනම් රුක්ෂිකාගේ ඥාති සහෝදරියක් සමගයි. මෙසේ පවුල් කන අතරේ මොහුට
දාව එම කාත්තාවට දරුවන් දෙදෙනෙක් ලැබුණි. එකල රුක්ෂිකා තිළිණි ජීවත් වූ
නිවසේ සිදු කරන ඇතැම් අළුත්වැඩියා කටයුතුවල දී සුනිල් ජයකොඩි ඉදිරිපත් වී
ඒවා ඉටුකර දෙන්නේ බොහෝ කැමැත්තෙනි. දිනක් එවැනි අළුත්වැඩියා කටයුත්තකට
පැමිණි අවස්ථාවේ නිවසේ පසුවූයේ රුක්ෂිකා තිළිණි පමණී. ලද අවස්ථාවෙන්
ප්‍රයෝජන ගත් සුනිල් ජයකොඩි, රුක්ෂිකා සමග අඹු සැමියන් වශයෙන් එක් වූයේය. ඒ
වනවිට රුක්ෂිකා තිළිණිට වයස අවුරුදු 16කි. ඇය බාල වයස්කාරියකි. සිය
දියණියගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදු වූ මෙම අපරාධය රුක්ෂිකා තිළිණිගේ මව
විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කළාය. ඒ සම්බන්ධයෙන් පොලිසිය සැකකාර
සුනිල් ජයකොඩි අත්අඩංගුවට ගන්නට සූදානම් වනවිට ඔහු නාවික හමුදාවෙන් පැන
ගියේය. තැනින් තැන සැඟ වී කාලයක් ගත කළේය. නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකු
ලෙස ඔහුගේ නම එහි පොත්පත්වල ලියැවෙද්දී සැකකරුවා පොලිසියට කොටු විය.
අනතුරුව උසාවිය හමුවට පමුණුවා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරිණ. උසාවිය මගින්
රුක්ෂිකා තිළිණි ද පරිවාස භාරයට පත් කළේය. ඇය සිය කුළුදුල් දැරිය පරිවාස
භාරයේ දී ප්‍රසූත කළාය. ඇයට නෙල්කි සලෝමි යන නම තබනු ලැබීය. රිමාණ්ඩ්
භාරයෙන් ඇප මත නිදහස් වී පැමිණි සුනිල් ජයකොඩි විදුලි කාර්මිකයෙකු ලෙස සේවය
කරන්නට පටන් ගත්තේය. මේ අතරවාරයේ ඔහු විවාහ වී සිටි රුක්ෂිකා තිළිණියේ
ඥාති සහෝදරිය සුනිල්ගෙන් දික්කසාද වී මැදපෙරදිග රටක රැකියාවක් ලැබ එහි ගියේ
සිය දරු දෙදෙනාගේ අයිතිය සුනිල්ටම පවරා දෙමින් ය. මීට මාස තුනකට පමණ පෙර
සුනිල් ජයකොඩි තමා විසින්ම අතවර කොට, ඒ හේතුවෙන් දියණියකද ලබා සිටි 19
හැවිරිදි රුක්ෂිකා තිළිනි සමග විවාහ වූයේය. අනතුරුව පෙර විවාහයේ දරුවන්
දෙදෙනාද කැටුව රුක්ෂිකා තිළිණි හා ඇගේ දරුවා ද සමග එක වහළක් යටට එකතු වූහ.
කෙසේ වෙතත් සුනිල් ජයකොඩිගේ හිත ඇතුලේ නෙල්කි සලෝමි දියණිය සම්බන්ධයෙන්
පැවතියේ හෙළි නොකළ මහා කෝපයකි. තමන්ට නාවික හමුදාවේ රැකියාව අහිමි වී, හිරේ
තපින්නට පවා සිදු වූයේ නෙල්කි සලෝමි නිසා යැයි ඔහුට වරින්වර මතකයට නැගුනේ
නිවස තුළ දී ඇය නෙත ගැටෙද්දිය. එවිට මොහු රකුසු වෙස් ගනී. හේතුවක් නැතිව
පහර දිය නොහැකි බැවින් දැරියට බත් කටවල් ගිල්ලවන්නට පටන් ගනී. දැරිය හඬයි.
එවිට තිරිසෙනෙකුටවත් පහර නොදෙන තරම් වේගයෙන් දැරියට පහර දීම සිදු කරයි.
එවිට රුක්ෂිකා තිළිණි සිය දියණියට මේ තරම් දරුණු විදිහට පහර නොදෙන ලෙස
කියමින් දරුවා බේරා ගන්නට උත්සාහ කරයි. තමන්ගේ රැකියාව අහිමි වී හිරේ යන්නට
සිදු වූ තවත් නිමිත්තක් හැටියට රුක්ෂිකා තිළිණි දකින සුනිල් ජයකොඩි ඇයට ද
පහර දීමට පටන් ගනී. මේ ආකාරයට සිදුකළ පහරදීම් හේතුවෙන් නෙල්කි සලෝමිගේ අතක්
කැඩී ගියේය. එහෙත් ඊට නිසි ප්‍රතිකාර ලබා දීමක් සිදු නොකෙරිණ. සිද්ධිය වූ
ඊයේ (04) ද දරුවාට කෑම කවන මුවාවෙන් දරුණු විදිහට සුනිල් විසින් පහර
දුන්නේය. පහරකෑමෙන් බරපතල ලෙස ඇගේ මුහුණට තුවාල සිදු වී තිබිණ. දැරිය හුස්ම
නොගන්නා නිසා රුක්ෂිකා තිළිණි ඇතුළු අසල්වැසියන් දැරියද රැගෙන පිළියන්දල
මූලික රෝහලට ගෙන යද්දිත් නෙල්කි සලෝමි මේ කෲර ලෝකයෙන් නික්මී ගොස් අවසන් ය.
මේ අතරේ සැකකාර සුනිල් ජයකොඩි අතුරුදන් විය.පොලිසිය ඔහු අල්ලන්නට දැළ
එලුවේය. ඔහු ගැවසුන බව කියන සෑම තැනකටම පොලිස් ඔත්තුකරුවන් යොදවනු ලැබුවේ
සාහසිකයා කොටුකර ගන්නටය. එහෙත් සුනිල් ගැන කිසිම හෝඩුවාවක් අද (05) උදෑසන
දක්වා දැන ගන්නට පොලිසියට නොහැකි විය. සුනිල් රහසේම ගියේ මොහුගේ සහෝදරියක්
වාසය කළ කහතුඩුවේ නිවසටය. ඒ වනවිට එම සහෝදරිය ඇතුළු පවුලේ අය විනෝද
චාරිකාවක් සඳහා නිවසින් පිට වී ගොස් සිටියහ. කෙසේ හෝ නිවසට ඇතුළු වූ සුනිල්
ජයකොඩි අතීතය ගැන සිතන්නට ඇත. තමන්ට වර්ථමානයක් නැතැයි කල්පනා වන්නට ඇත.
අහිංසක මල් කැකුළක් වැනි චූටි දියණියට පහර දෙමින් තමන් තිරිසනෙක් මෙන් මාස
තුනක් තිස්සේ හැසිරුනා නේදැයි කියමින් ඔහුගේ සිත ඔහුට වද දෙන්නට ඇත. මේ
සිදුකළ අපරාධය හේතුවෙන් තමන්ට කිසිදාක මේ සමාජයෙක් සමාවක් නොලැබෙන බව ඔහුට
තේරුම් යන්නට ඇත. අවසානයේ නිවසේ බාල්කයක එල්ලී ඔහු සියදිවි නසා ගත්තේය.
නෙල්කි සලෝමි දැරියගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (05) උදේ
සිදුකෙරිණ. එහිදී අනාවරණය වූයේ දැරියගේ මුහුණට බරපතල ලෙස පහර දී ඇති බවයි.
අගේ අතක් කඩා දමා ඇත. දැරියගේ ලිංග පෙදෙස සහ ගුද මාර්ගය පුළුස්සා තිබේ. මෙම
අපරාධය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන අතර මේ
තරම් අපරාධයක් සිදුවන විට දැරියගේ මවගේ හැසිරීම් සම්බන්ධයෙන් වැඩිදුර
විමර්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම පොලිසියට පෙනී ගොස් ඇත.
ව්‍යාපාරිකයෙක් සිසුවකු පැහැර ගොස් හොඳහැටි පහර දී ගෙනැවිත් දමයි
ඊයේ
(04) රාත්‍රි 9ට පමණ අම්බලන්ගොඩ නගරයේ දී 17 වියැති පාසල් සිසුවෙකු මෝටර්
රථයේ දමා ගෙන ගොස් බරපතල ලෙස පහර දී පසුව එම සිසුවා මහමග දමා ගියේ යැයි
සැකපිට අම්බලන්ගෙඩ නගරයේ මාලු සහ වෙළෙඳසැල් ව්‍යාපාරියකු අම්බලන්ගොඩ
පොලිසිය මගින් අද (05) උදේ එම මෝටර් රිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්ගොඩ නගරයේ ජාතික පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවාට පහර දීමෙන් පසු
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල දමා ගොස් තිබියදී පොලිසියට හමු වී තිබේ. මේ
වනවිට මෙම සිසුවා අම්බලන්ගොඩ පොල්වත්ත රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර
ලබමින් සිටී. මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ මෙම ශිෂ්‍යයා සමග
බව පැවසේ. සිසුන් දෙදෙනා අතරේ මීට දින කිහිපයකට පෙර ඇති වූ මත ගැටුමක්
හේතුවෙන් මෙම සිසුවා ඊයේ රාත්‍රියේ ව්‍යාපාරිකයා විසින් පැහැර ගෙන මෝටර්
රථයේ දමා ගෙන ගොස් පහර දීම සිදුකර ඇතැයි එම සිසුවාගේ දෙමව්පියන් විසින්
පොලිසියට පැමිණිලි කර තිබේ. සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර
උසාවිය හමුවට පමුණුවා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව
අම්බලන්ගොඩ පොලිසිය කියයි.
නුවරඑළියේ මහා කුණාටුවක්
නුවරඑළිය දෙසින් මහා කුණාටුවක් හපුතලේ නගරය හරහා අද (05) උදේ 10 ට පමණ හමා යන්නට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේ හපුතලේ නගරයේ රැඳී සිටි අය පැවසුවේ මාර්ගයේ ගමන් කිරීමට හෝ හිටගෙන ඉන්නට බැරි තරම් දැඩි ලෙස සුළඟක් හමා යමින් පැවතුන බවයි. මෙම සුළඟේ මහා ශබ්දය ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ අපට ද අසන්නට ලැබිණ.
ඊයේ (04) රාත්‍රියේ
කඩින්කඩ ආරම්භ වූ මෙම සුළං තත්ත්වය අද උදේ සිට දැඩි වන්නට පටන්ගත් බව
පැවසුවේ හපුතලේ පොලිසියේ පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතායි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ සුළඟින්, ජීවිත හෝ දේපොල හානියක් පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් වාර්ථා නොවූ බවයි. දැඩි සුළං තත්ත්වය මැද වුවත් වාහන ධාවනය සිදුවන බව ඔහු කීවේය. පොලිස් භූමියේ තිබූ මඩුවක් සුළඟින් ගැල වී විසි වූ බව ඔහු කීවේය.
දැඩි සුළඟින් හපුතලේ පන්සල පාරේ එක් නිවසකට දැඩි අලාභහානි සිදු වී ඇත.
සුළඟින් එම නිවසේ වහලය ගසාගෙන ගොස් තිබේ. රාත්‍රී 7.30 ට පමණ හල්දුම්මුල්ල
ප්‍රදේශයේදී කොළඹ, බදුල්ල ප්‍රධාන මාර්ගයට ඇද වැටුණු ගසක් හේතුවෙන් වාහන
ගමනාගමනයට බාධා එල්ල වුණි. රාත්‍රී 08 වන විට ගස ඉවත් කිරීමට පියවර ගැණුනු
අතර වාහන ධාවනයට මාර්ගය විවෘත කෙරුණි. ඊයේ සිට මේ දක්වාම දැඩි සුලඟ පවතින
බැවින් වාහන ධාවනයද මන්දගාමීව සිදුකරන බවත් ප්‍රදේශය පුරා විදුලිය ඇණහිට
ඇති බවත් හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රියංක කුමාර මහතා කීවේය.
අගවිනිසුරුගේ ඉරණම සති අගදී තීන්දු වේ!
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය එම ධුරයෙන් ඉවත්
කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ගැනීම සඳහා සියලු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම සති අන්තයේදී ජූරි සාමාජිකයන්
බවට පත්වෙති.
ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයේ සඳහන් චෝදනාවලට වරදකරු ද නිවැරදි කරුද යන්න තීරණය කිරීම සඳහා පක්‍ෂ නායකයින්ගේ එකඟත්වය මත බොහෝ දුරට මෙම 10 සහ 11 යන දිනවලදී දෝෂාභියෝග විවාදය පාර්ලිමේන්තුවේදී සිදු කරනු ඇතැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ප්‍රකාශ කළේය.
මේ අතර මෙම විවාදය සඳහා දින දෙකක් ලබාදෙනවාද එසේ නොමැතිනම් විපක්‍ෂයට වැඩි කාලයක් ලබාදී එක දිනයකදී පමණක් එය විවාදයට ගෙන අවසන් තීන්දුව ලබා දෙනවාද යන්න පිළිබඳ ආණ්‌ඩුව සාකච්ඡා කරමින් සිටින බව ආණ්‌ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඒ පිළිබඳවද පක්‍ෂ නායක රැස්‌වීමේදී එකඟතාවකට පැමිණිය යුතු බව කී හෙතෙම ඒ සඳහා මෙම 08 වැනිදා එනම් නව වසර පාර්ලිමේන්තුව රැස්‌වන පළමු දිනයේදී පක්‍ෂ නායකයින් රැස්‌වන බවද කීය.
මැතිසබය ජූරි සභාවක් බවට පත්වී දෝෂාභියෝගය පිළිබඳ විවාදය පවත්වා අගවිනිසුරුවරිය වැරදිකරුද නිවැරැදිකරුද යන්න පිළිබඳ ඡන්ද විමසීමක් සිදුකරනු ඇත. එහිදී අගවිනිසුරුවරිය නිවැරදිකරු බවට තීරණය කර ඇය එම ධුරයෙන් ඉවත් නොකළ යුතු බවට සරල බහුතරයකින් සම්මත වුවොත් දෝෂාභියෝග ක්‍රියාවලිය ඉන් අහෝසි වන බවද නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේය.
අගවිනිsසුරුවරිය එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට බහුතර ඡන්දයකින් තීරණය වුවොත් ඒ බැව් කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා යවනු ඇත. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ අගවිනිසුරුවරිය තනතුරෙන් ඉවත් කළ බවට දැනුම් දෙන බවද චන්දිම වීරක්‌කොඩි මහතා කීවේය. පාර්ලිමේන්තුව ඕනෑම අවස්‌ථාවක කැඳවා ජනාධිපතිවරයාට සිය තීරණය දැනුම් දිය හැකි බවද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවට එරෙහි තවත් චැනල් 4 වීඩියෝ පට දෙකක්!
* ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට හැදූ මහාචාර්ය රාමසාමි
මැලේසියා කොටි සමුළුවේ
* අතුරුදහන් වූ බව පවසන මාධ්‍ය පාර්ශවයන්
ජිනීවා පදික වේදිකාවේ ළමා කරත්තයක් සමග
* ශ්‍රී ලංකාව තුළ රටවල් දෙකඩ කිරීමේ යෝජනාව
මානව හිමිකම් කවුන්සිලයේ
* යාපනය විශ්වවිද්‍යාලයේ සිව් දෙනාගේ කල්ලිය
බේරා ගැනීමට දැඩි උත්සාහයක්
* අත්අඩංගුවේ සිටින බ්‍රිතාන්‍ය කොටි ලන්ඩන් සිරගෙයකට
යවන්නැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉල්ලයි
ද්‍රවිඩ සංවිධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගියදා මුස්‌ලිම් කොන්ග්‍රස් නායක රවුප් හකීම් හමුවීමට ගොස් රැඳවුම් භාරයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන් වූ කොටි තිදෙනකු බ්‍රිතාන්‍යයේ බණ්‌ධනාගාරයට යවන්නැයි ඉල්ලීම් කළේය. මෙම ද්‍රවිඩයන් තිදෙනාගේ මව්පියන් එම ඉල්ලීම කරන බවද පැවසූ ඔහු මෙරට බන්ධනාගාරයේ අසතුටුදායක තත්ත්වයක් ඇති නිසා එකී ඉල්ලීම යොමු වී ඇතැයි කියා සිටියේය. මෙයට ප්‍රතිචාර දැක් වූ රවුප් හකීම් එම ඉල්ලීම බ්‍රිතාන්‍ය බලධාරීන්ට ඉදිරිපත් විය යුතු යෑයි සඳහන් කළේය.
|
1. මැලේසියාවේ පැවැති ද්‍රවිඩ ආරක්‍ෂක සමුළුවට මාවයි සේනාධිරාජා ඇතුළු පිරිස |
2. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට හැදූ මහාචාර්ය රාමසාමි |
3. මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට රාජ්‍ය නොවන සංවිධානය කින් චෝදනා එල්ල වීම |
එහෙත් සැබෑ යථාර්ථය කුමක්‌ද? වානිකුමාර් නැමැති බ්‍රිතාන්‍ය කොටි තරුණිය මෙරටට පැමිණ වන්නියට ගොස් කොටි සමග එක් වී ක්‍රියා කරනු ලැබීය. ඇය වන්නිමෙහෙයුමේදී හමුදාවට අසුවිය. මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා වානිකුමාර් නැමැත්තියව බේරා ගැනීමට ඉදිරිපත් විය. ඇයව මුදාහැරීම සම්බන්ධව ආරක්‍ෂක ලේකම්වරයා දැඩි විරෝධය පෑවත් ඉහල නියෝගයකින් නිදහස් විය. ලන්ඩනයට ගිය වානිකුමාර් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා තහනම් යුධ අපරාධ සිදු කර ඇති බවට බ්‍රිතාන්‍ය ඩැනල් 4 රූපවාහිනිය ඔස්‌සේ පැවසූවාය. වානිකුමාර් නැමැත්තියව මුදාහැරීමෙන් සිදු වූයේ වරදක් යයි රජයේ බලධාරීන්ට අවබෝධ විය. දැන් 2 වැනි මෙහෙයුම දියත් වී ඇත. ඒ ප්‍රභාකරන් සමග එක් වී ත්‍රස්‌ත ක්‍රියා සිදු කළ බ්‍රිතාන්‍ය කොටි තිදෙනාව මුදා ගැනීමයි. මොවුන්ව මුදාගෙන ලන්ඩන්නුවරට යෑවීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සකස් වන ඊළඟ චැනල් 4 වීඩියෝ පට දෙක වෙනුවෙනි.
මේ පසුබිම යටතේ සුරේෂ් ප්‍රේම චන්ද්‍රන් ශ්‍රී ලංකාව රජයට කියන්නේ එම කොටි තිදෙනා වරද කළේ ශ්‍රී ලංකාවේ වූවත් දඬුවම ගෙවිය යුත්තේ බ්‍රිතාන්‍යයේ බවය. මෙහිදී සනාථ වන්නේ ප්‍රේමචන්ද්‍රන්ලා උපක්‍රමෂීලී ලෙස සිය ඉදිරි සැලසුම් සකස් කරන බව නොවේද?
කොටින්ට අවි ආයුධ සැපයීමට ක්‍රියා කළ සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජන්ව ඇමරිකානු පොලිසිය විසින් ඉල්ලා සිටි අවස්‌ථාවේ කැනඩා අධිකරණය එම ඉල්ලීමට එකග විය. තමාට දඬුවම් කල යුත්තේ කැනඩාවේදී යයි ස්‌කන්ධරාජා කළ ඉල්ලීම ඉටු වූයේ නැත.
මෙවන් ක්‍රියාදාමයක් මැද යාපනයේ පර්වලිංගම් දර්ශනාත් - ජෙනාමේජෙයන් ගන්මුගම් සොලමන් සහ නවානන්දන් යන ශිෂ්‍ය සංවිධාන නායකයන් බේරා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යන ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන දකුණේ කොටි හිතවාදී පාර්ශව දැඩි උත්සාහයක යෙදී ඇත.
මෙකී සිසුන් දැන් පුනරුත්ථාපනයට යවා තිබේ. මේ අතර පසුගිය සිකුරාදා මැලේසියාවේ කුවාලම්පූර් නගරයේදී ලෝක ද්‍රවිඩ ආරක්‍ෂක සමුළුව නමින් කොටි සමුළුවක් පැවැත් වූනි. මෙය මෙහෙය වනු ලැබුවේ ශ්්‍රS ලංකාව දෙකඩ කිරීමේ අරමුණින් අන්තර් වාර යෝජනා සකස් කළ මහාචාර්ය පී. රාමසාමි නැමැත්තායි 2002 පැවැති රජය යටතේ රාමසාමි කිලිනොච්චියට ගොස් ශ්‍රී ලංකාව දෙකඩ කළ යුත්තේ කෙසේ දැයි දක්‌වමින් ප්‍රභාකරන්ට යෝජනා රැසක් බාර දුන්නේය.
වන්නි මෙහෙයුම ආරම්භවීමත් සමගම අතිශයින් ප්‍රමෝදයට පත් රාමසාමි ශ්‍රී ලංකා හමුදාව ඊළම් රාජ්‍යය බන්දේසියක තබා ප්‍රභාකරන්ට දීමේ මෙහෙයුම අරඹා ඇතැයි කියා සිටියේය. එහෙත් ප්‍රභාකරන් හා කොටි කණ්‌ඩායම ඝාතනය වූ බව සවනය වූ විගස රාමසාමි බෙරිහන්දෙමින් සිංහල හමුදාව ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කර ඇතැයි කියා සිටියේය.
රාමසාම් සමග මැලේසියාවේදී පැවැත් වූ කොටි සමුළුවේදී ඊළම් රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ යෝජනාවක් සම්මත විය. ද්‍රවිඩ සංධානයේ මාවයි සේනාධිරාජා ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුද බ්‍රිතාන්‍ය ගෝලිය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් සහ රටවල් රැසක කොටි හිතවාදීන්ද ඊට සහභාගී වී ඇත. මෙහිදී ජනවාරි සහ මාර්තු අතර දී ශ්‍රී ලංකාවට එරෙහිව විශාල විරෝධතාවයක්‌ද ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතින්ගේ හමුදාවක් යෑවීම සඳහා ආර් - 2 පී. ක්‍රමවේදය දියත් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමටද එකග වී තිබේ.
මෙයට අමතරව ලබන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුව හමුවට ශ්‍රී ලංකාවට එරෙහිව මැලේසියානු රජය ලබා යෝජනාවක් ගෙන ඒමටද එකී කොටි සමුළුවේදී තීරණය වී ඇත.
මේ අතර ස්‌විස් බලධාරීහු මුල්වරට තොරතුරු හෙලිකරමින් රාජ්‍ය නොවන සංවිධාන විසින් හිටපු ඇමරිකානු ජාත්‍යන්තර බුෂ් සහ මේජර් ජනරාල් ජගත් ඩයස් ඇතුළු නව දෙනකුට එරෙහිව ස්‌විස් අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි හෙළි කළේය.
ට්‍රයල් නමින් හඳුන්වාගත් මෙම සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදා නිලධාරියාට නඩු පවරා ඇත්තේ වන්නිමෙහෙයුමේදී කොටින්ට ප්‍රහාර එල්ල කිරීම නිසාය.
මෙලෙස කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව යුද වැදීම නිසා නඩුවක් ගොනුකල ට්‍රයල් නැමැති රාජ්‍ය නොවන සංවිධානයට අරමුදල් සපයන්නේ ස්‌විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇමනෙස්‌ට් ඉන්ටර්නැෂනල් - ඉන්ටර්නැෂනල් ජුරිස්‌ට් ඇතුළු ස්‌විස් සංවිධාන රැසකිනි.
මෙම නඩුව නිසා මේජර් ජනරාල් ජගත් ඩයස්‌ගේ තානාපති වරප්‍රසාද ඉවත් කරනු ලැබූ බවට ද ට්‍රයල් සංවිධානය විසින් සාවද්‍ය ප්‍රචාරයක් දියත් කරනු ලැබීය.
එසේම මේජර් ජනරාල්වරයා ස්‌විට්‌සර්ලන්තයට පැමිණී පසු ඔහුට එරෙහිව ස්‌විස් නඩු අධ්‍යක්‍ෂකවරයා විසින් නඩු විභාගයක් පවත්වන බවටත් ප්‍රචාරය විය. මෙයට සමානව ස්‌විස් කොටි ජාලයේ අරුන්කිතිලා දේවෙන්න්ද්‍රන් විසින් ජගත් ඩයස්‌ට එරෙහිව යුරෝපා අධිකරණය වෙත පෙස්‌සමක් ගොනු කර තිබූ බවද වාර්තා විය.
මේ අතර පසුගිය ජනවාරි 2 දා කොටි ඩයස්‌පෝරාව වෙත අසුභදායක ආරංචියක් වාර්තා විය. ඒ එක්‌සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ සභාපතිධූරය පකිස්‌ථානයට හිමිවීමයි. එය එක්‌සත් ජාතීන්ගේ පකිස්‌ථාන් තානාපති මසූද්කාන්ට හිමිවිය.
ප්‍රභාකරන් විසින් යාපනය අල්ලා ගැනීමට උත්සාහ කරන අවස්‌ථාවේ මුල්ම මල්ටි බැරල් රොකට් යන්ත්‍රය ලබා දුන්නේද පකිස්‌ථානයයි එසේම වන්නි මෙහෙයුමේදී කොටි බංකර් විනාශ කිරීමට ගොඩබිම් මිසයිල. ලබා දීමටද පතිස්‌ථානය ක්‍රියා කළේය.
මේ අතර ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයා වු ඇමරිකාවේ සිටින අන්තර්වාර ඊලම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ ප්‍රධානියා යයි හඳුන්ව වන විශ්වනාදන් රුද්රකුමාරන් නව වසරේදී සිය කොටි මෙහෙයුම අරඹා ඇත. ඔහු මෙලෙස දක්‌වා තිබේ.
"2012 ජිනීවාහිදී අපි ඇමරිකාව සමග එක් වී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කර ජයගත්තෙමු. 2013 දී අපි ශ්‍රී ලංකාව තුළ රටවල් දෙකක් යන ක්‍රියා මාර්ගය අරඹන්නෙමු. ජාත්‍යනත්ර කරලිය තුළ ශ්‍රී ලංකාව තනි කිරීමට අපි ක්‍රියාකරන්නෙමු. මෙම රටවල් දෙකේ යෝජනාව මානව හිමිකම් සමුළුවට යොමු කරන්නෙමු. ඒ සඳහා ජනමත විචාරනයක් පවත්වන්නැයි ඉල්ලමු. රජය සිංහල ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර හිමිකමද උල්ලංඝණය කර ඇත. ලබන මැයි මස ඇමරිකාවේදී පවත්වන කොටි සමුළුවේදී ද්‍රවිඩ ඊළම් නිදහස් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන්නෙමු. අපේ ඊළම් ආණ්‌ඩුව සමග 212537405 දුරකථන අංකය යටතේ සාකච්ඡා කල හැක. මේ ජාත්‍යන්තර දුරකථන මාර්ගය ජනවාරි 14 වැනිදා දියත්වේ ද්‍රවිඩයන්ගේ පිපාසය තමිල ඊලම්යි."
මෙවන් පසුබිමක් මැද අනුරාධපුර රෝහලේ ලේ බැංකුව භාරව සිටි වෛද්‍ය ෂිවශංකර් රත්නසිංගම් නැමැත්තා කොකාවිල් හමුදා කඳවුරට ඇතුළු වී සිටිය දී අසුවිය. මෑතකදී හමුදාවට බඳවා ගත් තරුණියන් සමග හමුදා කඳවුරට පැමිණි මොහු ද්‍රවිඩ තරුණියන් රැසක් හමුදාවට බැදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව්පියන් සමගද සබඳකම් පවත්වමින් තොරතුරු විමසන බවද බුද්ධි අංශවලට වාර්තාවේ.
යාපනය ලේ බැංකුවේ සේවය කළ මොහුව පසුව අනුරාධපුර ලේ බැංකුවට මාරු කර තිබුණි. එසේම හමුදාවට බඳවාගත් ද්‍රවිඩ තරුණියන්ට හමුදාසේවාවෙන් ඉවත් වන්නැයි මොහු ඉල්ලා සිටි බවද වාර්තා වී තිබුණි.
මේ අතර ප්‍රභාකරන් ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළ ඉන්දියාවේ නාරායන් සාමි නැමැති ගත්කතුවරයා යලි මතු විය ඔහු මෙවර මතුවූයේ මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරියක් ප්‍රාන්සන් හැරිසන්ගේ ග්‍රන්ථයට සුදුහුණු ගෑමටය.
ඉන්දීය සාම හමුදාව වැල්වැටිතුරේ සහ යාපනය රෝහලේදී මිනිස් ඝාතන සිදු කිරීමත් අම්රික්‌සාර්හි රන්දෙවොල වැටලීමේ මෙහෙයවීම සම්බන්ධව ඉන්දීය හමුදා සේනාංක කාන්තාවන් හා ළමුන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කිරීම ගැනත් චෝදනා එල්ලවන අවස්‌ථාවේ නිහඬව සිටි නාරායන් සාමි පවසන්නේ ප්‍රාන්සස් හැරිසන්ගේ ග්‍රන්ථයේ එන තොරතුරු සත්‍යය නම් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය යන හමුදා නායකත්වයට යුධ අපරාධ චෝදනා එල්ල කළ හැකි බවයි.
එහෙත් ප්‍රාන්සිස් හැරිසන්ගේ මේ සාක්‍ෂිකරුවන් කවුරුන්ද? එක්‌අයෙක් වන්නේ වන්නියේ සිට ලන්ඩනයට පැනගත් ටැමිල්නෙට් නැමැති වෙබ් අඩවියේ කොටි වාර්තාකරුවෙකි. මේ කොටි වාර්තාකරුවා පවසන්නේ ළමුන්ගේ මොල එළියට ඒමේ සිද්ධිය දුටු මව්වරුන් විලාපදුන් බවයි. මේ වසරේ මාර්තු 10 පෙර අවසන් කිරීමට නියමිත චැනල් 4 වීඩියෝ පට දෙක සඳහා මුලාශ්‍ර වී ඇත්තේ ප්‍රාන්සිස් හැරිසන්ගේ ග්‍රන්ථයේ එන සාක්‌ෂිකරුවන්ය. එසේම වන්නි මෙහෙයුමත් සමග සමගම මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් අතුරුදහන් වීම ආරම්භ වු බවද ප්‍රැන්සිස් හැරිසන් සිය ග්‍රන්ථයේ දක්‌වා ඇත.
මේ අතුරුදහන් වූ බව කියන මානව හිමිකම් ක්‍රියාකාරීයෙක් පසුගිය දිනක ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරයේ පදික වේදිකාවක කුඩා ළදරුවකු රැගත් කරත්තයක් ගෙනයන අන්දමත් ඒ අසලින් ස්‌විස් කාන්තාවක් ගමන් කරන අයුරුත් ශ්‍රී ලංකිකයන් කීපදෙනකුටම දැකගත හැකිවිය. මෙලෙස අතුරුදහන් වූ බවට පවසන තවත් මාධ්‍ය පාර්ශවයක් සිය පුත්‍රයා සමග ස්‌විට්‌සර්ලන්තයේ සංක්‍රමනික කඳවුරක සිටි (ඊට අදාළ ඡායාරූපද අප සතුව පවතී.)
මේ හැර කලක් ජාතික රූපවාහිනියේ දේශපාලන විමර්ශනයකු ලෙස හඳුන්වා ගනිමින් කටයුතු කළ තවත් මාධ්‍ය අඳ බාලයෙන් සිය පියා සමග ලන්ඩනයේ සිටින අයුරුද අනාවරණය විය.
මේ අතර උතුරේ ළිඳක තිබී සිව් හැවිරිදි චුදාරිනි ගුණසේකරම් නමැති දැරියගේ සිරුර හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටි හිතවාදීහු ජනතාව ලවා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව උද්ඝෝෂණ ඇති කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. නවදිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවකට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධව ජනතාව විරෝධතාවක් එල්ලවීමට සමානව මින් උතුරේ ජනතාව ද මහමගට ගෙන ඒම අරමුණ විය. එහෙත් මේ විරෝධතාවයට සහභාගි වූයේ 200 කට නොඅඩු පිරිසකි. මේ ක්‍රියාදාමයන්හි පසුබිමේ ඇත්තේ උතුරින් හමුදාව ඉවත් කර ගැනීමයි.
මෙවන් පසුබිමක් මැද පුලිතේවන් ත්‍රස්‌තවාදියාට මචං යෑයි ඇමතූ හිටපු ආරක්‍ෂක ප්‍රධානියෙක් මෙරට පවතින තත්ත්වය විවේචනයට ලක් කර ඇත. එහෙත් විදෙස් රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් සතිපතා රහස් වාර්තා යවන්නේ මොහු බව මුළු ආරක්‍ෂක අංශම දනී.
31 රෑ සැනකෙළි - අස්‌සේ දුටිමි මේ කෙළි
2013
නව වසර පිළිගැනීමට කොළඹ හරිම ලස්‌සනට හැඩ වී තිබිණි. හැම තැනම
විදුලි බුබුළුවලින් වර්ණවත් වී තිබිණි. හරිම විසිතුරුය. අලුත්
ඇඳුම්වලින් හැඩ වුණු මිනිස්‌සු කොළඹ විදී දිගේ ඇවිද ගෙන ගිය
හැටි හරි අපූරුය. ඔවුන්ට 31 රෑ විනෝදවීමට ඇති තරම් ඉසව් ද
සංවිධානය කර තිබිණි. මුළු කොළඹම එකම සැණකෙළියකි.
වාහනයකින් ගමන් කිරීමට නොහැකි ලෙසට මහ මාර්ග වාහනවලින් පිරී ගොස්‌ය. වාහනවලින් නැඟෙන නළා හඬ පරයමින් මාර්ගයේ වාහන හසුරවන පොලිස්a නිලධාරීන්ගේ නළා හඬ අවට දෝංකාර දෙයි. එහෙන් මෙහෙන් දාන වාහන අතරින් රිංගා යමින් අපිදු ගාලුමුවදොර සැණකෙළි භූමියට ඇතුළු වුණෙමු.
ගාලුමුවදොර එකම ජන ගඟකි. වෙනදාට දෙසවනේ රැඳෙන රළ බිඳෙන හඬ අද නොඇසේ. ගාලුමුවදොර පිටිය සිසාරා ගලා යන්නේ එකම සංගීත රාවයක් මෙන්ම එයට ප්‍රතිචාර දක්‌වන විනෝදකාමීන්ගේ ප්‍රීති ඝෝෂා හඬ පමණි. ක්‍රීඩාංගණයේ කෙළවරක විශාල වේදිකාවකි. ඒ මත ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්‌ඩායමක් දෙසැම්බර් 31 රාත්‍රිය ගීතවත් කරමින් සිටියි. නානා පැහැ විදුලි කදම්බ නළියන අයුරු... දේදුන්නක හැඩ ගත් ලේසර් කිරණ අහසට නගින අයුරු... වෛර්ණ ඇඳුම්වලින් හැඩ වූ තරුණ තරුණියන් මෙන්ම බාල මහලු සෑම දෙනෙක්‌ම විනෝද වන අයුරු... මඟුල් ගෙදරක මනාලියක් සේ හැඩ කර තිබෙන සංචාරක හෝටල් දකින මට සිතුණේ මේ නම් සිහින ලොවක්‌මය කියාය. කිසිවක් සිතා ගැනීමට නොහැකි අපි නුහුරු ලොවක මං මුළා වූවන් සේ ඒ මේ අත කැරකැවෙමින් සිටියෙමු.
සුපිරි
වාහන කොළඹ ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුළට ඇතුළු වෙයි. මිනි
ගවුම්වලින් හැඩ වුණු කාන්තාවන් මෙන්ම තද වර්ණ ඇඳුමින් සැරසුණු
පිරිමින් ද ඒ වාහන තුළින් බිමට බටහ. ඒ අතර පවුල් පිටින් පැමිණි
පිරිස් ද නොසිටියාම නොවේ. ඒ හැම කෙනෙක්‌ගේම මුහුණු නම්
සතුටින් පිරී ඇති බවක් පෙනෙන්නට තිබිණි. 31 වැනිදා සැමරීමට
එසේ සංචාරක හෝටල්වලට ගාල් වූයේ යහමින් මුදල් ඇති අයයි. එතරම්
බර පැන නැති එහෙත් විනෝදවීමට කැමති කොළඹ ඇතැම් පිරිස්
ගෝල්ෙෆaස් ක්‍රීඩාංගණයට පැමිණ සංගීත සංදර්ශනය නරඹමින් විනෝද
වූහ.
දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය යනු තවත් එක් වසරක අවසාන දිනයක් පමණි. ඒ රාත්‍රිය උත්සවශ්‍රීයෙන් සැමරීමට ඇති වටිනාකම කුමක්‌දැයි අපි නොදනිමු. එහෙත් මුළු ලෝකයේම ජනතාව දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය මහ ඉහළින් සැමරීමට පුරුදු වී සිටියි. එවැනි උත්සවයක් ලොවට හඳුන්වා දී ඇත්තේ වෙළෙඳ ප්‍රජාව විසිනි. වෙළෙඳුන්ට අවශ්‍යව වන්නේ කෙසේ හෝ ජනතාව මුළා කර ඔවුන්ගේ මඩිය තර කර ගැනීම පමණි. මේ මහා ප්‍රොaඩාවකි. එසේ නොවන්නට 31 රාත්‍රිය කා බී ජෝගි නටන්නට සුදුසු රාත්‍රියක් නොවේ. සැබැවින්ම එදාට කළ යුත්තේ නව වසරට සෙත් පතා ආගමික වතාවත්වල නිරතවීමය.
එමෙන්ම දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය සැමරීමට මහ ධනකුවේරයන් සංචාරක හෝටල්වලට එන්නේ නැත. එදින විනෝදවීමට හෝටල්වලට ගාල් වන බොහෝමයක් දෙනා විදේශීය සංචාරකයන් මෙන්ම මෙරට මධ්‍යම පාන්තිකයන්ය. එහෙත් සංචාරක හෝටල්වල පැවැත්වෙන සාදවලට වැඩියෙන්ම අය කරන්නේ ද දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන සාදවලටය. මෙවර කොළඹ බොහෝමයක් හෝටල්වල පැවැත්වුණු ප්‍රියසාදවලට ඇතුළුවීමට අවම වශයෙන් රුපියල් 7000 ක් ගෙවිය යුතු අතර උපරිමය රුපියල් 35000 දක්‌වා ඉහළට නගින්නේය. මෙසේ කියන්නේ අපි නොවේ. කොළඹ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක ප්‍රධානියෙකි.
කතාව සැබෑය. ධනකුවේරයන් යනු ව්‍යාපාරිකයන්ය. නව වසර උදා වන විට ඔවුන් සිටින්නේ ආගමික වතාවත්වලට සම්බන්ධ වෙමින් නව වසරට සෙත් පතමිනි. එසේ නම් කෙනෙක් 31 වැනිදා රාත්‍රියේ කා බී ජෝගි නටා වසරක පළමු දිනය මස්‌තබාල්දු කරගෙන නිවසට ගාල් වෙද්දී මේ ප්‍රොaඩාකාරී උත්සව ලොවට හඳුන්වා දුන් ව්‍යාපාරිකයන් ආගමික වතාවත්වල යෙදෙමින් නව වසරට සෙත් පතති. මේක නම් මායාකාර ලෝකයක්‌මය. කතාව එසේ තිබියදී අප අසලිsන් ගමන් කරන තරුණයන් දෙදෙනකුව අපි කතාවට සම්බන්ධ කර ගනිමින් 31 වැනිදා රාත්‍රිය ගැන ඔවුන් දරන මතය විමසුවෙමු.
"ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනා... අද ඉඳලා හෙට මැරෙන්න පුළුවන්... නිකම්ම නිකම් මැරිලා යන්න බැහැනේ. අපි හම්බ කරන දෙයක් යනකොට ගෙනියන්නෙත් නැහැ. ජීවත්වෙලා ඉන්නකම් ෆන් එකේ ඉන්නවා..." ඔවුන්ගේ කතාව හරිම අපූරුය. ඒ කතා කළේ අවුරුදු විසිපහකට වැඩි නැති පැහැපත් පෙනුමැති පිරිපුන් තරුණයන් දෙදෙනෙකි. දෙදෙනාම හොඳ පදමට මත්පැනින් සප්පායම් වී මදි පාඩුවට දුම්වැටියකුත් උරමින් සිටී. ජංගම දුරකථනයත් සමගම දුම්වැටි බහාලුම් පෙට්‌ටියක් ද එක් තරුණයකුගේ අතේ ගුලී වි තිබිණි. ඔවුන්ගේ ෆන් එකට අපි බාධාවක් නොවී ඒ සෙල්ලක්‌කාර තරුණයන් දෙදෙනාට සුබ නව වසරකට ආසිරි පතමින් අපි ඉදිරියට ගමන් කළෙමු.
වෙනදා මෙන් නොව මුහුද ද තරමක් නිහඬ සේය. ගලා යන සංගීතයට පා තබමින් ඇතැම්හු නැටූහ. තවත් පිරිස් කති, බොති, සතුටු වෙති. අපි ගාලු මුවදොර වෙරළතර මාර්ගයේ තව තවත් ඉදිරියට ගමන් කළෙමු. අත්වැල් බැඳගත් පෙම්වතුන්, කුඩා දරුවන් වෙරළ සිඹින රළ මත සෙල්ලම් කරති. ටොපි, චොකලට්, අයිස්‌ක්‍රීම්, විවිධ කඩයප්පම් උස්‌සාගත් වෙළෙඳුන් දෙපාවලට විරාමයක් නොදීම වෙළෙ¹ම් කටයුතුවල යෙදී සිටිති. අපි සාරවිට වෙළෙන්දකු අසල නතර වීමු.
'කොහොමද අද බිස්‌නස්...'
බොහොම හොඳයි. වෙන අවුරුදුවලට වඩා අද මිනිස්‌සුත් බැහැලා ඉන්නවා. ඒ වගේම මිනිස්‌සු අද හොඳට වියදම් කරලා විනෝද වෙනවා. දැන් මම නෙළුම් පොකුණ පැත්තේ ඉඳලා ආවේ. එතැන සංගීත සංදර්ශනෙ මීට හපන්... එකම තොවිලයයි. පවුල් පිටින් බැහැලා ඉන්නේ. හැබැයි මහත්තයෝ ඒ පැත්තට යනවා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි. සමහර වාහන එක තැන විනාඩි 5-6 නතර කරගෙන ඉන්නවා. ඒ තරමට වාහන තදබදයක් තමයි තියෙන්නේ. අර පේන්නෙ නැද්ද? පොඩි ට්‍රැෆsක් එකක්‌ද තියෙන්නෙ. පොලිස් නිලධාරීන් හරියට වාහන ටික හසුරවනවා නම් මෙච්චර වාහන තදබදයක් ඇති වෙන්නෙ නැහැ. එහෙම කර ගන්න බැරි වුණාට අලුතෙන් කෝට් දා ගත්ත රාළහාමිලාගේ ගෙම්බර එක බලන්න එපෑ. කාකි කබාය දාගත්තම ඒ අය හිතන්නේ හරියට රජකම ලැබුණා කියලයි" සාරවිට වෙළෙන්දා අත දිගු කරමින් ගාලු පාරෙ පවතින වාහන තදබදය පෙන්වමින් පොලිස් රාළහාමිලාගේ මහන්තත්තකම එසේ විස්‌තර කරමින් සිටියේය.
අපි නැවත ඔහුගේ කතාවට සවන් දෙමු..
"අපි මේ පින්නේ ඇවිදින්නේ මහත්තයෝ විනෝද වෙන්න නෙමෙයි. හෙට දවසට මුහුණ දෙන්න කීයක් හරි යහමින් හොයාගන්න. අර හෝටල්වල තියෙන පාටිවලට එන අය කොච්චර නම් වියදම් කරනවා ඇත්ද? මේක පුදුම රටක් නේද මහත්තයෝ... ඇති එකාට තමයි හැම සැපක්‌ම.. දුප්පතාට ඇපත් නැහැ"
ඔහුගේ කතාව සැබෑය. පවතින බඩු මිල හමුවේ ඇතැමුන්ට තුන්වේල තියා දෙවේලක්‌වත් හරි හැටි කෑමට නොහැකිය. එහෙත් යහමින් ඇති අය දහස් ගණන් වියදම් කර දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය සමරති. සාරවිට වෙළෙන්දා පැවසූ පරිදි අපිටත් කියන්නට ඇත්තේ මේක නම් පුදුම රටක් කියාය පමණි. සමාජ ක්‍රමයේ විෂමතාව ගැන විවිධ දේ කතා කරමින් අපි ආපසු හැරී කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවැත්වෙන ප්‍රියසාදයක් දැක බලාගැනීමේ අදහසින් ඒ හෝටල් පරිශ්‍රය තුළට ඇතුළු වුණෙමු. ඒ හෝටලය මඟුල් ගෙදරක සිරි ගෙන තිබිණි. අමුත්තන් එයි. පිළිගැනීමේ නිලධාරීන් සුහදව පිළිගෙන ප්‍රියසාද පැවැත්වෙන ශාලාවලට කැඳවාගෙන යයි. සාදයක් පැවැත්වෙන ශාලාවක් තුළට අපිදු ඇතුළු වුණෙමු.
ශාලාව පුරා දැල්වෙන විදුලි පහන් අමුතුම දීප්තියකින් බැබළිණි. විදේශීය සංචාරකයන්ගෙන් මෙන්ම දේශීය සංචාරකයන්ගෙන් ශාලාව පිරී ගොස්‌ය. නැටුම් ගැයුම්වලින් කිසිදු අඩුවක් නැත. ශාලාව පුරා තිබෙන මේස මත්පැන් පිරවූ බඳුන්වලින් මෙන්ම විවිධ මසවුළු වර්ගවලින් පිරී ගොස්‌ය. සුදු ඇඳුමින් සැරසුණු වේටර්වරු කඩිසරව අමුත්තන්ට සංග්‍රහ කරති. ගැහැනු පිරිමි බේද නැතිව සියලුම දෙනා සුරා බඳුන් හිස් කරමින් සිටිති. අපි අසුනකට බරදී විනෝදකාමීන්ගේ රැඟුම් නරඹමින් සිටිමු. ශාලාව පුරා පැතිර යන කතාව සිනහව සංගීතයත් සමග මුසුව ගලා යද්දී අපි විදේශීය තරුණයකු සමග කෙටි කතා බහක නිරත වුණෙමු.
ඔහු එංගලන්ත ජාතිකයෙකි. ඒ තරුණයා අපට කියූ කතාව සංක්‍ෂිප්ත කර අපි මෙසේ සටහන් කළෙමු.
"දෙසැම්බර් 31 වැනිදා කියන්නේ මුළු ලෝකයම සමරන දිනයක්. ඒ දිනය මේ වගේ සුන්දර රටක ඉඳගෙන සමරන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකාවට මම ගොඩක් කැමතියි. ආදරෙයි. ඒ නිසා හැම අවුරුද්දකම දෙසැම්බර් 31 වැනිදාට මම ඉන්නේ ශ්‍රී ලංකාවේ..." ඔහුගේ කතාව ඇසූ මගේ සිතේ ද අපේ රට ගැන මහත් ආඩම්බරයක් ඇති විය. එහෙත් ඔහු සමග තවත් කතා බහ කිරීමට කාලයක් නැත. 2013 උදා වීමට තවත් ඇත්තේ විනාඩි දහයකට අඩු කාලයකි. ඔහුට මෙන්ම ප්‍රියසාදයට ද සමුදී අපි හෝටලයේ කොරිඩෝවට පැමිණියෙමු.
ගාලුමුවදොර ක්‍රීඩා පිටියේ අහසට නැගුණු ලේසර් එළි නිවී ගියේය. විදුලි කදම්බ, විදුලි බුබුළු නිවිණි. සංගීතය නතර විණි. සඳ පමණක් ගාලුමුවදොරට පහනක් විය. සීතල සුළං රැළි ගත කිති කවමින් සිටියදී... පටස්... පටස්... ඩෝං... ඩෝං... අඳුර මැදින් ඉගිලී ගිය මල් වෙඩි අහස් තලයේ විසිතුරු සිත්තම් මවා පෑවේය. 2013 නව වසර උදා විය. නව වසරට ආසිරි කැන්දමින් ගාලුමුවදොර වේදිකාව නැවතත් ගීතවත් විය. ගාලුමුවදොර එකම ප්‍රීති ඝෝෂාවකි. සෑම කෙනෙක්‌ම එකිනෙකා වැළඳගනිමින් සුබපතා නව වසරට ආසිරි පතනවා ඈතින් ඈතට පෙනේවි.
දැන් දැන් හෝටල් කොරිඩෝව තරුණ තරුණියන්ගෙන් පිරී ගොස්‌ය. ඇතම්හු කෙලින් සිටගෙන සිටීමට නොහැකි තරමට බීමත්ව සිටියහ. වැඩි වශයෙන් අන් අයව සිප වැළඳගනිමින් උන්මත්තකයන් සේ හැසිරෙන්නේ කාන්තාවන්ය. ඔවුන්ගේ ඇඟ තුළ සිටි නියම යක්‍ෂයා පැහැදිලිවම එළියට පැමිණ සිටින්නේ දැන් යෑයි මට සිතේ. සාදයට පැමිණෙන විට ඔවුන්ගේ මුහුණුවල තිබුණු පැහැපත් බව සම්පූර්ණයෙන්ම වෙනස් වී ගොස්‌ය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට කියන්නාක් සේ නියම නැටුම් නටන්නේ දැන්ය. එහිදී ඇස ගැටුණු ඇතැම් සිද්ධීන් සටහන් කර තැබීමට නොහැකි තරමටම ජුගුප්සාජනකය.
අයාලේ දුවමින් තිබුණු මගේ දෙනෙත් සිමෙන්ති පඩියක් මත හිඳගෙන සිටින එක් තරුණියක් අසල නතර විය. කෙලින් සිටගෙන සිටීම කෙසේ වෙතත් ඇයට හිඳගෙන සිටීමටවත් නොහැකි සේය. ඇය කෑ බී සියලුම දේ ඇය ඉදිරියේම වමාරා තිබේ. ඇයගේ පෙම්වතා යෑයි සිතිය හැකි තරුණයෙක් ඇයගේ ඔළුව අතගාමින් මොන මොනවාද මුමුණමින් සිටියි. අපගේ ඡායාරූප ශිල්පියා ඈතින් සිට ඒ දර්ශනය ඡායාරූපගත කිරීමට සූදානම් වනවා ඇයගේ පෙම්වතා දුටුවේය. ඔහු වේගයෙන් අපගේ ඡායරූප ශිල්පියා වෙත පැමිණ කැමරාව උදුරා ගනිමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඔහුට බැණ වැදුනේය.
"ඩිලීට් කරපන් ෙෆdටෝ එක... උඹ දන්නවද මම කවුද කියලා... උඹ කවුද අපේ පින්තූර ගන්න..." වෙරි මතින් ඒ තරුණයා නොයෙක් දේවල් කියමින් අපගේ ඡායාරූප ශිල්පියාට බැණ වැදුනේය. සිදුවන්නේ කුමක්‌දැයි කියා කිසිවක් තේරුම් ගැනීමට නොහැකි ඔහුගේ පෙම්වතිය වෙරි මතින් ඇඹරි ඇඹරී ඇයගේම වමනේ ගොඩ උඩට වැටිණි. මත්ලෝලී සල්ලාලයා අඩ නිරුවත් ඇයගේ පෙම්වතිය වත්තන් කරගෙන නැගී සිටින්නට වෙර දරද්දී අපි එතැනින් ඈත් වී මගට වැටුණෙමු. ඔවුන්ගේ ජීවන රටාව එය විය හැකිය. ඔවුන් කොතරම් වත්පොහොසත් වුවද ගති පැවතුම්වලින් තවමත් තිරිසනුන්යය.
කාන්තාවන්ගේ මෙවැනි හැසිරීම් කොළඹ රටේ ඇතැමුන්ට අරුමයක් නොවෙන බව සැබෑය. එහෙත් කාන්තාවට අප තුළ ඇති ගරුත්වය ප්‍රසිද්ධියේ ඔවුන් විසින්ම කෙළසා දමනවා නම් අපි කුමක් කරන්නද? මේ සමාජය ගමන් කරන අතය. මේ ක්‍රමය අපට වෙනස් කළ නොහැකිය. අපි ගාලු පාර දෙසට ගමන් කරමින් සිටිමු.
"ඌයි... අම්මේ මගේ කකුල..." එසේ කියමින් පුංචි දරුවකු මහ හඬින් හඬන්නට විය. අප එතැනට දිව ගියේය. කකුල අත ගාමින් පුංචි දරුවකු හඬා වැළපෙයි. මවක් එතැනම පේමන්ට් එකේ හිඳගෙන තවත් අත දරුවකුට කිරි දෙමින් සිටිති. ඔවුන් යාචකයන්ය. 31 වැනිදා විනෝදවීමට හෝටල්වලට එන පොහොසතුන්ගෙන් කීයක් හරි පිනට ඉල්ලා ගැනීමට ඔවුහු එතැනට පැමිණ සිටියහ. එහෙත් ඔවුන්ට පිනට යමක් ලැබී නැත. ඒ පුංචි දරුවා හඬා වැළපෙමින් සිටින්නේ වෙරි මතින් එතැනින් ගිය කාන්තාවකගේ සපත්තුවට දරුවාගේ කකුල පෑගී ඇති හෙයිනි.
කකුල පෑගී හඬා වැටෙන්නේ පුංචි දරුවෙක්‌ය. එහෙත් ඒ පුංචි කකුල පාගා දැමූ කාන්තාව ඒ දරුවාගේ කඳුළු දෙස නොබලාම යන්නට ගියාය. කිසිවෙක් කිසිවක් කතා කළේද නැත. සිද්ධිය කොතරම් අමානුෂිකද? දුප්පතාට අත්වී ඇති ඉරණම එබඳුය. සෑම තැනම සිදුවන්නේ ද එයමය. පොහොසතුන් විසින් දුප්පතාව පගා දැමීමය. නාඩා හිටින් පුතේ කියා ඒ පුංචි කොලු පැටියාගේ හිස අත ගා අපි ඉදිරියට ගමන් කළෙමු. දැන් දැන් බොහෝ අය සැප වාහනවල නැගී ඉගිලෙන්නට තටු සොලවමින් සිටිති. ඇතැම් තරුණයන් හූ කියාගෙන, ලතෝනි දීගෙන ත්‍රිරෝද රථවල, මෝටර් බයිසිකල්වල නැගී වාහන අතරින් රිංගා යයි. ඒ සිහින ලෝකයෙන් පියවි ලෝකයට යැමට අපිත් වාහනයට ඇතුළුවීමට පය ඉස්‌සුවා පමණි.
"බල්ලෝ... මොකක්‌ද යකෝ ඒ කර වනචර වැඩේ..." පටස්... පටස්... ශබ්දයත් සමග අපි නැවත වාහනයෙන් බිමට බැස බැලුවෙමු. තරුණයන් දෙදෙනකු තවත් තරුණයකුට වැරෙන් පහර දෙමින් සිටියි. සිද්ධිය කුමක්‌දැයි දැන ගැනීමට අපි හිමින් ඒ දෙසට ගමන් කළෙමු. ප්‍රහාරය නොනවතී. ඈතින් පොලිස් නිලධාරීන් දිව එයි. වීදී නාට්‍යයක් නරඹනවා සේ මිනිස්‌සු එක් රොක් වී ඒ දෙස බලා සිටිති. දැන් දැන් ප්‍රහාරයට ලක් වී සිටින තරුණයාගේ නහය කටින් ලේ ගලන්නේය. බිම වැටී සිටින තරුණයාට තවත් පය පහරවල් කිහිපයක් එල්ල කරනවාත් සමග පොලිස් නිලධාරීහු එතැනට පැමිණියහ.
සිද්ධිය ඉතාම අමානුෂිකය. එහෙත් එහි යටිබිම්ගත කතාව නින්දිතය. සිද්ධිය මෙසේය. පහරදුන් තරුණයන් දෙදෙනා පෙම්වතියන් සමග හෝටලයක සාදයට සහභාගි වී යන ගමන් පිටුපසින් ආ ගුටි කෑ තරුණයා එක් තරුණියකගේ නිරුවත් කලව ප්‍රදේශය මෙන්ම පශ්චාත්භාගය තදින් ස්‌පර්ශ කර ඇත. එසේ නම් ඒ වනචරයාට අනිවාර්යෙන්ම එසේ සංග්‍රහ කළ යුතුමය. එහි කිසිදු වරදක් නැත.
ගෑනුන් කෙසේ හැඳ පැළඳගෙන මඟ තොටේ ඇවිද ගියද තරුණයකු ලෙස ඔහු දැනගත යුතුය තම සිත පාලනය කරගෙන වරදෙහි නොවැටී සිටීමට. එහෙත් ඒ වනචරයාට ඔහුගේ වල්මත් සිත පාලනය කර ගැනීමට නොහැකි වූ වරදට කිසිදා අමතක නොවන දඬුවමක් ලැබී තිබේ. ඔහුට 2013 වසර උදාවන්නේ ගුටි පූජාවක්‌ද සමගය. එසේ නම් ඔහුට නව වසර සුබම සුබ වසරක් වනවා නම් නියතය.
කොළඹට නව වසර උදා වූයේ එවැනි සිද්ධිදාමයක් ද සමගය.
මායාවරුවන් ලෝක විනාශය ගැන මොන අනාවැකි පළ කළද 2012-12-21 දින භෞතිකමය වශයෙන් ලෝකය විනාශ වූයේ නැත. එහෙත් අධ්‍යාත්මික වශයෙන් ලෝකය විනාශ වී බොහෝ කාලයක් ගෙවී ගොස් ඇති බව මේ සැණකෙළිවලින් පසක් වන්නේය. සමාජයේ විනාශය ගැන කෙසේ කතා කළද කිසිදු ඵලක් නැත.

ශ්‍රී ලංකාව ලස්‌සනයි... ඒත් වැඩ නම් අවලස්‌සනයි! අපේ රට ගැන සුද්දො කියන කතා
වසර
විසිපහකට වැඩි කාලයක් තිස්‌සේ ස්‌වීඩනයේ පදිංචිව සිටින මා
පසුගිය නොවැ. 6 දා සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ එරට ගැමි
නැටුම් කණ්‌ඩායම් කිහිපයක සාමාජිකයන් 39 දෙනකුද කැටිවය. වසරක්
තිස්‌සේ අප මේ සඳහා සූදානම් වූ අතර අපේ ගමනේ අරමුණ වූයේ ලංකාවේ
වැඩිහිටි පරම්පරාවට කිසියම් පණිවිඩයක් ගෙන ඒමත්, නැටුම්
සංදර්ශන පවත්වා පාසල්වලට ආධාර එකතු කොට දීමත්, රටේ සංස්‌කෘතික
වටිනාකමකින් යුතු දේ දැක ගැනීමත්, ස්‌වීඩන් ජන නැටුම් ක්‍රම
හඳුන්වා දීමත්ය.
ඒ අරමුණ සියල්ල සම්පූර්ණ කර ගනිමින් පුරා සති දෙකක සංචාරයෙන් පසු ආපසු යාමට සූදානම් වූ සමහරු තමන් ලැබූ අත්දැකීම් තුළින් රටේ සංචාරක ව්‍යාපාරය නැංවීමට දායකත්වය දෙමින් කරුණු ඉදිරිපත් කළහ. එකිනෙකා ලියා පළකළ එම අදහස් ඔවුන්ගේ වචනයෙන්ම කීම වඩාත් උචිත යයි මට හැඟේ.
අවුරුදු 60-85 අතර වයසේ වූ ඔවුන් කටුනායක ගුවන් තොටුපළින් "හෙයිදොa" කියා නොපෙනී ගියේ එම දීර්ඝ ගමනින් ලැබූ සතුටින් හදවත් පුරවාගෙනය. ජීවිතයට තවත් අත්දැකීම් රාශියක් එකතු කොට ගෙනය. මේ ස්‌විඩන් සංචාරකයන් ශ්‍රී ලංකාව ගැන දැක්‌වූ අදහස් කිහිපයකි.
මෝඩ් නෝර්බෙරි - කණ්‌ඩායමේ නැටුම් ගුරුවරියකි. වයස අවුරුදු 68 යි. මෙම සංස්‌කෘතික චාරිකාවේ සහාය නායිකාව ලෙසින් මෙහෙයවූවාය.
"මීට
වසර දහ නවයකට පෙර මම ලංකාවට පැමිණියා. ඒ සංචාරයේදී ලැබුණු
තොරතුරු මම දිනපොතක සටහන් කළා. ඒ තොරතුරු සමහරක් අදටත්
ගැලපෙනවා. ඒත් රටේ බොහෝ වෙනස්‌කම් සිදුවෙලා. විශාල ගෙවල්
දොරවල්, ගොඩනැගිලි මංමාවත් ඉදිවෙලා. පැල්පත් පෙනෙන්නට නැහැ.
එකල දුටු තරම් යාචකයන්, අංග විකලවූන් පාරවල් අද්දර හිඟාකනවා
දැක්‌කේ නැහැ.
මිනිසුන්ගේ අව්‍යාජ, නිරහංකාර සිනාවන් හා ආචාරශීලි බව එදා වගේමයි. එකල තරම් අතිශය දුප්පත් බවක් පෙනෙන්නට නැහැ. ඒ කියන්නේ රට දියුණුවෙලා කියන එක. එහෙත් සෑම තැනම ගොඩනැගිලි ඉදිවීම රටේ පරිසරයට හානියක්. අලංකාරත්වයට හානියක්. නිවාස ප්‍රශ්නය උග්‍ර බව ඇත්ත. එහෙත් ගසක් කපන විට තවත් පැළ කිහිපයක් ඉන්දනවා නම් හොඳයි. අද දවස ගැන, රටේ ඉදිරි පරම්පරාව ගැනයි සිතිය යුත්තේ. දැඩි අව් රශ්මිය ඇති විට ගස්‌වැල්වලින් හමා එන සුළඟින් ගතට සිතට අමුතුම සුවයක් සැනසිල්ලක් ලැබෙනවා. බොහෝ විට අප ගස් යට වාඩිවී ගිමන් හැරීමට ආශා කරනවා.
විෂකුරු සර්පයන් නිසා වසරකට 5000 කට අධික පිරිසක් මිය යන බව එදා අප සමග ගිය 'ගයිඩ්' විස්‌තර කළා. තේ දලු නෙළන කාන්තාවන් කෝටුවක් අතින් ගෙන යන්නේ හදිසියේ තේ ගස් යටින් මතුවන සර්පයන් මැරීමට බවත් ඔහු කීවා. එම විස්‌තර මා අපේ කණ්‌ඩායම ඉදිරියේ තැබුවේ අප මේ සංචාරය සඳහා සූදානම් වෙද්දී. බොහෝ දෙනෙක් බිය වූවා.
'ගයිඩ්'ගේ මෙම තොරතුරුවල සත්‍යතාවයක් නොමැති බව අපට දැන ගන්නට ලැබුණා. අඩු වශයෙන් යාල වනාන්තරයේදී හෝ සර්පයෙකු නොදුටු විට ඒ බව තවත් තහවුරු වූවා. 'ගයිඩ්ස්‌ලා' අතිශයෝක්‌තියෙන් කරන විස්‌තර තවත් සත්‍ය තොරතුරු සංචාරකයනට ලබා දෙන්නේ නම් හොඳයි.
රොල්ෆ් ජොහන්යොන් - වයස අවුරුදු 70 කි. ඔහු තවමත් මුද්‍රණාලයක සේවය කරයි.
ගයිඩ්ස්‌ලා අප රැගෙන යන්නේ සංචාරකයන් සඳහා විශේෂයෙන් වෙන්වුණු වෙළෙඳ සැල්, සම්භාහන මධ්‍යස්‌ථානවලට. අලෙවි භාණ්‌ඩ ඉතා වැඩි මිලට සංචාරකයනට විකිණීමේදී ඔවුනට ලොකු මුදලක් ලැබෙනවා. ඒ අනුව ගයිඩ්ස්‌ලා දෙපැත්තෙන්ම ලොකු මුදලක් කොටා ගන්නවා. රුපියල් හාර දහසක් වූ සම්භාහනය ඊටත් වඩා හොඳ තත්ත්වයකින් රුපියල් එක්‌දහස් පන්සියයකට කර ගැනීමට පසුව අපට හැකි වූවා. රුපියල් අට දහසක් වූ බතික් කමිසය සාමාන්‍ය වෙළෙඳ පළකින් රු. 2500 කට මිලට ගැනීමට අපට හැකි වූවා. මෙවන් වංචා ගසාකෑම් කටින් කට පැතිර ගිය විට සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙන බව ඔවුන් හිතන් නෑ. කෙනකු රැවටිය හැක්‌කේ වරක් හෝ දෙවරකි.
සංචාරකයන්
වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට නම් මෙවන් රැවටිලි, ගසාකෑම්
නැවැත්විය යුතුයි. ඔයෑහ ඤපැ aබා ටද යයි නොසිතා උeකජදපැ ඉaජන
යන්න ලොකු අකුරින් ලියා ගුවන් තොටුපළේ ඉදිරිපස ප්‍රදර්ශනය කළ
යුතුය.
බෘපෙත් මෙලන්ඩර් - වයස අවු. 71. වෘත්තියෙන් ඔහු මහා මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ ඉංජිනේරුවරයෙක්. කිහිප වරක් ලංකාවට පැමිණි අයෙක්.
මංමාවත්වල තදබදය තරමක් දුරට අඩුවෙලා. සමහර ස්‌ථානවල නව මාවත් ඉදිවෙලා. ඒත් බොහෝ තැන්වල පදික වේදිකාවල ලොකු වළවල් හැදිලා. බෝක්‌කුවල ලොකු හිඩැස්. අඳුරේ යන මිනිසුන්ට අනතුරු කැඳවනවා. ලයිට් කණු තිබුණත් අඳුරේ. මාවතක් කැඩී ඇති අන්දම ගැන මා කෙනකු සමග කතා කළ විට ඔහු කීවේ එම මාවත පසුගිය වසරේ ඉතා හොඳින් සැදූ බවයි. බාල වර්ගයේ ද්‍රව්‍ය යොදා ගනිමින් පාරවල් සැදූ විට ඒවා කල් පවතින්නේ නෑ. පාරවල් ඉතා ඉක්‌මනින් අබලන් වන්නේ වාහන වැඩිකම නිසා නොව ඒවා හරියාකාරව, නිසි අන්දමින් ප්‍රතිසංස්‌කරණය කර නොමැති නිසයි.
ස්‌වීඩනයේ මෙන් වාහන බද්දක් අයකර එම මුදල්වලින් පාරවල් දියුණු කළ හැකියි. තාවකාලික පිරියම් සුදුසු නෑ. වාහන වැඩියි. තදබදය වැඩියි. ජනතාවගේ කාලයෙන් වැඩි කොටස ගෙවෙන්නේ මහ මගට. තරග වදින බසයක තෙරපී රැකියාවට යන මිනිසාට සිය රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට ආශාවක්, ශක්‌තියක් ඇති දැයි මට සැකයි.
බස් රථයක නැගී සාමාන්‍ය මිනිසුන් හා එක්‌ව ගමන් කිරීමේ ආශාවක් අපට ඇති වූවා. එහෙත් ඒ තදබදය දෙස බැලූ අපට හැඟී ගියේ එම බස් රථයක ගමන් කිරීමට නම් ජීවිතය පිළිබඳ ආශාව අත්හල යුතු බවයි. ලංකාවේ තරම් දක්‌ෂ රියදුරන් ලෝකයේ කොහේවත් නෑ. එහෙත් ඔවුන් තුළ මහල්ලන් හා කුඩා දරුවන් පිළිබඳ අනුකම්පාවක් නැහැ. වෙනත් කෙනකු උදව්වට නැති නම් අප රටේ රියදුරන් බසයෙන් බැස මහලු මගියාට බසයට නැගීමට උදව් කරනවා. එවන් තත්ත්වයක් මෙහිත් දකින්නට අපි කැමතියි.
හිල්ස් ගුන්නාර් - වයස අවුරුදු 75 යි. කණ්‌ඩායමේ නැටුම් උපදේශකයෙක්. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවෙක්.
යුද්ධය අවසානයි කියා මා අසා තිබුණා. ඒත් ඒ ගැන මට පැහැදිලි අවබෝධයක් ඇති වුණේ මෙහි පැමිණි පසුවයි. අප කොතනකවත් මුරකාවල් හෝ සෝදිසි කිරීම්වලට ලක්‌වූයේ නැහැ. මහනුවර සිට ත්‍රිකුණාමලයටත් එතැන් සිට නුවරඑළිය හරහා ගාල්ලටත් කිසිදු අවහිරයක් නැතිව අපට යන්නට ලැබුණ එක ලොකු සතුටක්.
යුද්ධය අවසන් බවට පැතිරුණු ආරංචි ප්‍රමාණවත් නෑ. බොහෝ රටවල මිනිසුන් සිතා සිටින්නේ ලංකාවේ තවමත් යුද්ධය පවතිනවා කියලා. යුද්ධය පැවති සමයේ ලංකාව ගැන නොයෙකුත් බිහිසුණු ආරංචි අපට අසන්නට, කියවන්නට ලැබුණා. ඒවා මිනිසුන්ගේ සිත්වලින් අමතක වෙලා නෑ. ඒ වාගේම ලංකාව සුනාමියට ගොදුරු වූ රටක්. බොහෝ සංචාරකයන් ඊට මෙහිදී බිලිවූවා. යුරෝපීයන් වැඩි දෙනෙක් මෙහි එන්නේ අව්ව තැපීමටත් මුහුදේ නෑමටත්ය. දැඩි රළ පහර නැති මුහුදේ නෑමට සුදුසු ස්‌ථාන ගැන තොරතුරු සපයනවා නම් වඩා හොඳයි.
කැට් සන්ඩ්බැක් - අවුරුදු 68 යි. විශ්‍රාම ලත් ගුරුවරයෙක්.
ලංකාවේ රුපියල් ශත භාවිතා වුවත් විදේශිකයන්ගෙන් මුදල් අය කරන්නේ ඩොලර්වලින්. ඒක වැරදියි. එකම මුදල් ක්‍රමය භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ඒ වාගේම බොහෝ බෞද්ධ සිද්ධස්‌ථාන, පැරණි නටබුන් බලන්නට යාමේදී දේශීයයනට ඉතා අඩු මුදලක් නැතිනම් නොමිලයේම ඇතුළු විය හැකි මුත් විදේශිකයන්ගෙන් විශාල මුදලක් ඒ සඳහා අය කෙරේ. ඒ සම්පූර්ණයෙන්ම අප හෙළා දකිනවා. අපේ රටට පැමිණෙන විදේශිකයන්ගෙන් එවන් වෙනස් ගාස්‌තු අය කළහොත් ඔවුන්ගේ සිත්වලට මොන තරම් පීඩාවක් ගෙන දේද?
ආසියාතික රටවල් කිහිපයක එවන් දෙවිදියක සැලකුම් දක්‌නට ලැබෙනවා. එය රටේ සංචාරක ව්‍යාපාරයට ලොකු පහරක්.
උදාහරණයක් වශයෙන් බෞද්ධ සිද්ධස්‌ථානයක් වන දළදා මාළිගාවට ඇතුළු වීමට අපෙන් රු. 2000 ක් අය කළා. එහෙත් ඇතුළු වූ පසු පෝලිමට එක්‌වූ අපට විනාඩි දහයකින්, පහළොවකින් ලොකු වෙහෙසක් දැනුණා. ඇරත් පෝලිම් ක්‍රමය අපට නුහුරුයි. අප දුටුවේ මාළිගාවේ බිත්තිත්, මල් ආසනයකුත් පමණයි. රුපියල් 2000 ක් ගෙවා බිත්ති පමණක් බලා අප එතැනින් පිටවූවා. විශාල මුදලක් අය කරන්නේ නම් ඒ සඳහා වෙනත් පහසුකම් සැලසිය යුතුයි. ඇරත් බුදු දහමේ සංකේතයක් පිළිබිඹු කරන ස්‌ථානයක දෙවිදියක සැලසුම් කෙසේවත් සුදුසු නෑ. එය අප හදාරා ඇති බුදු දහමේ මූල ධර්මවලට පටහැනියි.
යාල අභය භූමියට ඇතුළු වූ අපට දක්‌නට ලැබණේ අලි දෙන්නෙක් කටුස්‌සෙක්, කබරයෙක්, මීහරක් රංචුවක් හා කුරුල්ලන් පමණි. ඒ සඳහා අයකරන මුදලත් අසාධාරණයි. ඇතුල් වීමේ ගාස්‌තුවට අමතරව වාහනයක් සඳහාත්, ගයිඩ්ලා සඳහාත් ලොකු මුදලක් ගෙවන්න සිදු වෙනවා. මෙවන් දේ සංචාරකයන් අඩු වීමට එක් හේතුවක්.
සීගිරිය නැගීමට අපට කිසි අපහසුවක් දැනුණේ නෑ. එහෙත් අප පසු පසින් ඇදුන 'ආධාරකරුවන්' අපේ අත්වලින් අල්ලමින් නොයෙකුත් දේ කියන්නට පටන් ගත්තා. ටික දුරක් ගොස් ලොකු මුදලක් ඉල්ලුවා. යම්තම් රුපියල් 4000 ක් දී බේරෙන්න හැකි වූයේ වෙනත් දේශීයයකුගේ උදව් ඇතිව, ඔවුන්ගේ දුප්පත්කම ගැන අප අනුකම්පා කරනවා. ඒත් ඔවුන් නොදන්නා දෙයක් අපි කිව යුතුයි.
සුදු හම තිබුණත් අප විශාල ධනවතුන් නොවෙයි. මෙම සංචාරයට අප සූදානම් වූයේ පසුගිය වසරේ සිට. වෙනත් බොහෝ රටවලට වඩා අඩු මුදලකින් සංචාරය කළ හැකි බව සිතුණේ රුපියලේ අගය අඩු නිසා. එහෙත් මෙහි පැමිණි පසු තත්ත්වය වෙනස් බව වැටහුණා. හෝටල් කාමරවල මිල අධිකයි. ඩොලර් භාවිතා වන රටවලත් මීට වඩා හොඳ කාමර අඩු මුදලකට ගන්නට හැකියි. කෑමත් මිල වැඩියි. අප ශරීර සෞඛ්‍යය ගැන හිතන අය. අප කෑම ගන්නේ ඉතා අඩුවෙන්. මහා කන්දක් තරම් උස කෑම පිඟානක් අපි බෙදා ගන්නේ නෑ.
කෑම පිසීමේදී දුරු වර්ග මිශ්‍ර කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. අප කටට රසට කෑමට ලැදි මුත් කටට සැරට කන්න කැමති නෑ.
එරික් එරික්‌සොන් - වයස අවු. 75 ව්‍යාපාරිකයෙක්. තවමත් සේවයේ නියුතුයි. පොළොන්නරුවේදී මුදල් මාරු කර ගැනීම සඳහා ඔහු අනෙක් අයත් සමග බැංකුවකට ගොඩ වූවා. බැංකු නිලධාරියා ඔහුට මුදල් කොළ මිටියක් ගෙනැවිත් දුන්නා. එතන එක් ලක්‌ෂ තිස් පන් දාහක· මුදල් මිටිය අතට ගත් ඔහු, 'මේක වැරදීමක්. මට එන්න ඕනෑ රු. 17000 ක් පමණයි' කියා මුදල් ආපසු දුන්නා. ඔහුගේ අවංකකම වෙනුවෙන් බැංකුවෙන් ඔහුට සුළු ත්‍යාගයක්‌ද ලැබුණා. ඒ ත්‍යාගයත් ඔහු තව කෙනකුට පරිත්‍යාග කළා.
හෝටල්වල මිල අධික වුවත් අපට හොඳ සේවයක් ලැබුණා. ඒ අතර අපගේ ප්‍රථම හා අවසන් ශ්‍රී ලංකා සංචාරය යනුවෙන් සිතන හෝටලුත් තිබුණා. තිස්‌සමහාරාමයේ එක්‌තරා හෝටලයක අප නවාතැන් ගත්තා. ඔවුන් අපෙන් නොවිමසා රාත්‍රි කෑම සඳහා බුෙෆ් සූදානම් කර තිබුණා. අප රාත්‍රියට ගන්නේ සැහැල්ලු ආහාරයක් බවත් එම ආහාර අපට බර වැඩි බවත් කියා සිටියා. රු. 1500 කට මිල කර තිබූ බුෙෆ් කෑම වේලට රු. 950 ක් ගෙවා ගන්නා ලෙස කළමනාකරු අපට කියා සිටියා. ඊට ද අකැමැත්ත පළකළ පසු සුප් බඳුනක් පාන් කෑල්ලක් ගෙන රු. 450 ක් ගෙවන්න යයි ඔහු කීවා. ඊට කෝපි කෝප්පයක් එකතු කළ හොත් රු. 650 ක් වන බව ඔහු පැහැදිලි කළා. කිහිප දෙනෙක් ඒ ගත්තා. සමහරුනට රු. 450 ක් තවත් සමහරුනට රු. 650 යනුවෙන් සුප්වලට අය කොට තිබුණා. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ සමහරු පාන් පෙති තුන හතරක් ගත් බවයි· එම හෝටලයේ ඩොලර් 73 බැගින් අපට ලබා දුන් කාමරවලට මුදල් ගෙවීමට යාමේදී 10% එකතු කළා. අයකරන මිල ගණන් ගැන මුලින්ම පැහැදිලි කරනවා නම් වඩා හොඳයි. මෙවන් ගසාකෑම්වලින් සංචාරකයා බලවත් අපහසුතාවයන්ටත් කලකිරීමටත් පත්වෙනවා.
ලංකාව ස්‌වභාව සෞන්දර්යයෙන් පිරි රටක්. සුදොa සුදු පාසල් නිල ඇඳුම් ඇඳ උදේ පාසල් යන ළමුන් දෙස අප බලා සිටියේ හරි ආශාවෙන්, මෙම උෂ්ණ රටේ ඒවා පිරිසිදු කිරීම එතරම් පහසු නෑ. ඒ පිරිසිදු සුදු ඇඳුම වගේම පරිසරයත් පිරිසිදුව තබා ගන්නට දරුවන්ට උගන්වන්න ඕනෑ. හිස් වතුර බෝතලය, හිස් යෝගට් කොප්පය පාර අයිනට විසිකරන ළමුන් දුටුවා. කසළ බඳුන් සුදුසු තැන්වල තිබේ නම් එවන් දේ සිදුවන්නේ නෑ. මේ තරම් මදුරුවන් බෝවන්නේ නෑ. අපි මදුරුවන්ගෙන් බොහෝ පීඩා වින්දා. සමහරුන්ගේ සිරුරුවල රතුපාටට ලොකු කැලලි සෑදුණා.
සුළු වෙළෙන්දන්ගෙන් ද බේරීම එතරම් පහසු නෑ. අනවශ්‍ය දේ බලෙන් ඇඟේ ගසා මුදල් ඉල්ලීම අප රුස්‌සන්නේ නෑ. අප පුරුදුව ඇත්තේ සාප්පුවකට ගොස් අපට අවශ්‍ය දේ තෝරාගෙන එහි සටහන්ව ඇති මිල ගෙවා ගැනීම මිස රු. 5000 යි කී දේ රු. 500 ට බැස්‌සවීම නොවෙයි.
ලංකාව කුඩා රටක් වුවත් හැම දේම තියෙන හොඳ රටක්. මේ රට ආසියාවේ හොඳම රට බවට හරවන්නට ලෙහෙසියෙන් පුළුවන්. මිනිසුන්ගේ සිනාව සමඟ අවංක භාවය කැටිවෙනවා. නම් එය වඩාත් ලෙහෙසියි.

Friday, January 4, 2013
බලපිටිය රෝහලට ගබ්සා කලල වළලන්න සුදුසු තැනක් දෙන්න - වෛද්‍ය අධිකාරි
ලපිටිය මූලික රෝහලේ මළදරු උපත් සහ ගබ්සා කලල වලලා දැමීම රෝහල් භූ®මියේම සිදු කළ
අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමෙන් රෝහල් භූ®මියේ ප්‍රමාණවත් නොවන නිසා ඒ
සඳහා සුදුසු ස්ථානයක් සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි බලපිටිය මූලික රෝහලේ
වෛද්‍ය අධිකාරි චන්දන ගජනායක මහතා බලපිටිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු
රැස්වීමේදී පැවැසීය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ද වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මේ රැස්වීම පැවැත්විණි.
බලපිටිය ප්‍රාදේශීය සභභා මන්ත්‍රී සුනිල් විජේරත්න බලපිටිය නගරයේ සුනාමි අනතුරු හැඟවීමේ කුලුණක් ඉදිකරන්න අවසර දුන්නත් මෙතෙක් කුළුණ ඉදිකර නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු ජේ. සේනාධීර මහතා- හවරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී තිබෙන අතර කොස්ගොඩ කළපුවේ රෝන් මඩ ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා යන්ත්‍ර නැති නිසා පහත්බිම් සංවර්ධන මණ්ඩලයෙන් ඒවා ගෙන්වා ගත යුතුයි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් සමරජීව මහතා- අම්බලන්ගොඩ වාහන හොඳ ස්ථානයකින් ඉවත් කරන තෙල් මාදු ගඟේ කන්දේගොඩ ඇළට පැමිණීමෙන් ඇළේ මාළු මිය යනවා. මේ පිළිබඳ නිතර දැනුවත් කළත් තවමත් කිසිදු පියවරක් ගෙන නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත්ද වාස් ගුණවර්ධන මහතා
බලපිටිය ආසනයේ 2012 වසරේ ව්‍යාපෘතිවලින් කොතරම් ප්‍රගතියක් තිබෙනවාද? අවුරුදුචදකට කරන්න බැරි වැඩ ඉල්ලීමෙන් වැඩක් නැහැ.
.

රෝගාතුර වූ හිලරි ක්ලින්ටන් රෝහලෙන් ගෙදර යයි
හිසේ රැඳි තිබු අප්‍රකට රුධිර කැටියක් නිසා තෙදිනක් රෝහල් ගතව සිටි අමෙරිකන්
රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රෝහලෙන් පිටව ගොස් ඇත. ඇයට පූර්ණ සුවය ලැබෙනු ඇතැයි
වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි සඳහන් වේ .
ඇය ඉක්මනිනින්ම සුපුරුදු රාජකාරි ඇරඹීමට සුදානමින් සිටින බව නියෝජ්‍ය රාජය ලේකම් ෆිලිපි රෙයින්ස් පවසයි. මසකට පමණ කාලයකින් පසුව ඇය ජනතාව ඉදිරියේ පෙනි සිට ඇත්තේ නිව්යෝක් හි ප්‍රෙස්බිටිරියන් රෝහලේ සඳලු තලයේ සිටයි. ඇය රෝගාතුර වුයේ යුරෝපා චාරිකාවකට සහභාගිවිමෙන් අනතුරුව දෙසැම්බර් 7 දින ආපසු සිය රට බලා පැමිණි අවස්ථාවේයි .

ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයේ සැකකරුවෝ අධිකරණය හමුවට
විසිතුන් හැවිරිදි ඉන්දියන් වෛද්‍ය ශිෂ්‍යාව බස් රථයක් තුළදී පසුගිය දා සමූහ
දූෂණයකට ලක් කළ අපරාධකරුවන් ඊයේ ප්‍රථම වරට අධිකරණයේ පෙනී සිටීමට
නියමිත විය .
මේ අය අතුරින් 5 දෙනෙක්ට දූෂණය කිරිම, පැහැර ගැනිම සහ මිනිමැරිම පිළිබඳ පොලීසිය විසින් චෝදනා එල්ල කර තිබේ. මේ අතර 17 හැවිරිදි බාලවයස්කරුවෙක් බව කියන හයවන විත්තිකරු අධිකරණය ඉදිරියේ පෙනි සිටිනු ඇත්ද යන්න පැහැදිලි නැත .
ඔහුගේ වයස නිශ්චය කිරීමට විශේෂ පරීක්ෂණයක් සිදුකෙරේ.
මේ නඩු විභාගය පැවැත්වෙන්නේ දකුණු නවදිල්ලියේ සාකෙට් දිස්ත්‍රික් උසාවියේ දීයි .
වැඩිහිටි සැකකරුවන්ගෙන් වැඩිදෙනෙක් නව දිල්ලියේ මුඩුක්කු වාසින්ය . නඩු විභාගයෙන් වැරදිකරුවන් වුවහොත් මොවුන්ට මරණීය දණ්ඩණය නියමවනු ඇතැයි ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය සුෂිකුමා ෂින්ඩි පවසයි .
කෙසේවෙතත් ඔවුනට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතු බවට ඉන්දියාවේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගී තිබේ.
බිලියන 1.2 වෙසෙන ඉන්දියාව ජී-20 රටවල් අතුරින් කාන්තාවන්ට නොයෙකුත් අන්දමේ හිංසනයන්ට පාත්‍රවන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ පසුවන රට බවට පත්ව තිබේ .

තනිව නිදා සිටි කත දූෂණය කර පළා ගිහින්
නිවසක තනිව නිදා සිටි වයස අවුරුදු 51 ක් වන
කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කර පළා ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට
ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියයි. දුෂණයට ලක්ව
ඇත්තේ සාලියවැව යාය 07 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. තමන් තම නිවස තුළ රාත්‍රී කාලයේ තනිව නිදා සිටින විට නිවසට හොර රහසේ ඇතුළු වු අයෙක් තමන්ව
බලහත්කාරයෙන් දුෂණය කර පළා ගිය බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට
පැමිණිළි කරමින් පවසා ඇත. මෙම කාන්තාවට අතවර කළ අය කව්රුන්ද යන්න ඇය හදුනා
ගෙන නැති බවද පොලීසිය කියයි. සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
ජාතික විභාගවලදී සිදුවන අපරාධවලට සියලුම නිලධාරින් වගකිව යුතුයි
රශ්න
පත්‍ර සැකසීම, මුද්‍රණය හා විභාගය පැවැත්වීම ආදී සෑම අවස්ථාවකදීම බලධාරීන්
වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා විභාග අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගැටළු
රැසක් මතුවන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. මෙවර අ.පො.ස. සාමාන්‍ය
පෙළ විභාගයේ විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් පිටවීම පිළිබඳව
ජාතික විභාග සම්බන්ධයෙන් කටයුතු කරන විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ
ශ්‍රේණිවල සියළු තනතුරුවල නිලධාරීන් වගකීම භාර ගත යුතු බව ලිපියක් යොමු
කරමින් එම සංගමය සදහන් කරයි.
ජාතික විභාගයකදී මෙවැනි අපරාධයක් කිසිසේත්ම සිදු නොවිය යුතු බවත්, විභාග
පරිපාලන කටයුතු විධිමත් ආකාරයට සිදුවන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ හා
මුද්‍රණාලයේ රහස්‍ය අංශයේ ආරක්ෂක කැමරා සහ ප්‍රශ්න පත්‍රය සොරකම් කළා යැයි
කියන සේවකයා අධීක්ෂණයට නිලධාරියකු නොසිටියේ මන්ද යන්න පැන නගින ගැටළුවක්
යැයි එම සංගමය කියයි.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ සේවකයෙක් පුහුණුවේ සිටි තරුණියක් පැහැර ගෙන යයි
බණ්ඩාරවෙල
මහ නගර සභාවේ පුහුණුව ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක් ඊයේ (03) සවස එහි
සේවය කරන කාර්‍යාල කාර්‍ය සහායකු විසින් පැහැර ගෙන ගොස් තිබේ. කාර්මික
විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා බණ්ඩාරවෙල මහ නගර සභාවට
අනුයුක්ත කර සිටි මෙම තරුණිය විවාහ කර ගන්නට කැමැති බවට මෙම පුද්ගලයා
විසින් තරුණියගේ දෙමව්පියන්ගෙන් විමසා ඇතත් ඔවුන් ඊට සතුටු
වී නැත. තරුණිය බණ්ඩාරවෙල, පට්ටියගෙදර පදිංචිකාරියකි. නගර සභා සේවකයා
බණ්ඩාරවෙල උතුරුකැබිල්ලවල පදිංචිකරුවෙකු බව පැවසේ. බණ්ඩාරවෙල මහ නගර සභාවේ
සේවක සේවිකාවන් පවසන්නේ මෙම තරුණිය සභාවේ සේවකයා සමග කැමැත්තෙන් ගිය බවකි.
නමුත් තරුණියගේ වැඩිමහල් සොහොයුරියගේ ජංගම දුරකතනයට අද (04) සවස 4ට පමණ කතා
කොට තිබෙන මෙම පුද්ගලයා තර්ජනය කරමින් පවසා ඇත්තේ බණ්ඩාරවෙල පොලිසියේ පවරා
තිබෙන පැමිණිල්ල ඉල්ලා අස්කර නොගතහොත් තරුණිය ගැන තිබෙන ආශාව අත්හැර ගන්නා
ලෙසයි. මෙම අවස්ථාවේ දී මෙම පුද්ගලයා තරුණියට සිය ජංගම දුරකතනය ලබා දී ඇති
අතර ඇය හඬමින් පවසා ඇත්තේ තමන්ගේ දෑත් දෙපා ගැට ගසා කාමරයක දමා තිබෙන
බවයි. මොවුන් අතරේ සිදු වූ සංවාදය සහෝදරිය විසින් පටිගත කර තිබේ. මෙම
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලිසිය
සැකකාර පුද්ගලයාගේ නිවසට ගොස් ඇත. ඔහු නිවසට නොපැමිණි බව නිවැසියන් විසින්
පවසා ඇත. මේ අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ඉහළ නිලතල දරන පුද්ගලයන්ගෙන්
යම්,යම් අයට බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබෙන බව වාර්ථා වේ.
සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතරදෙනකුගෙන් අතවර
තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය
නරඹා අලුත් අවුරුදු දින අලුයම (1 වැනිදා) ආපසු තම
නේවාසිකාගාරය බලා හුදකලාව එමින් සිටි වේදිකා නාට්‍ය නිළියක
පැහැරගෙන ගොස් ඇයට අමානුෂික ලෙස අතවර කිරීම සහ ඊට ආධාර
අනුබල දීමේ චෝදනා ලැබූ ගුවන් හමුදා භටයන් දෙදෙනකු, වඩු
කාර්මිකයකු සහ නේවාසිකාගාර හිමියකු ජනවාරි මස 15 වැනි දින
දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන
මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
රිමාන්ඩ් භාරයට පැමිණවූ සැකකරුවන් වූයේ ගුවන් භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමියකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික් ප්‍රනාන්දු (54) නමැත්තන්ය.
මෙහි පැමිණිලිකාරිය වන වේදිකා නාට්‍ය නිළිය බිබිල අඹගොල්ල සිංහපුර පදිංචි 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා මෙහි සිව්වැනි සැකකරු වූ පැට්‌රික් ප්‍රනාන්දු නමැත්තාට අයත් නේවාසිකාගාරයේ නතර වී ඇත. මෙම අතවරය සිදුවූ දින (දෙසැම්බර් 31 වැනිදා) ඇය තම නේවාසිකාගාරය අසල පැවැත්වූ සංගීත සංදර්ශනය බැලීමට ගොස් ඇත.
ඇය අලුත් අවුරුදු දින උදාවෙත්ම අලුයම 1.00 ට පමණ සංගීත සංදර්ශන භූමියේ සිට තම නේවාසිකාගාරය කරා හුදකලාව පැමිණ ඇත. එම මාර්ගය අතරමග රැක සිටි මෙහි පළමු සැකකරු වන ලක්‌මාල් ජයතිලක නමැත්තා ඇයට මරණීය තර්ජන එල්ල කොට ඇයව පැහැරගෙන ගොස් අතවර කළ බවත් පසුව සැකකරුවන්ගෙන් කිහිපදෙනකු ඇයට අමානුෂික ලෙස අතවර කළ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඇය ප්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ. මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පැවැත්වූ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක සජිත් රත්නායක සහ මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්‍ෂක ආර්. එම්. විතාන මහත්මිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මෙහි නේවාසිකාගාර හිමියා එම සිද්ධියට ආධාර අනුබල දීම පිළිබඳ චෝදනා ලබා ඇත. සැරයන් (51703) ඩී. එස්. අත්තනායක මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු 7 වැනිදා නිකුත් කෙරේ
2012 වසරේ පවත්වන ලද පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵළ අනුව ජනප්‍රිය
පාසල් වෙත ළමුන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු 07 වැනිදා
නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා
පැවැසීය.
මෙසේ නිකුත් කරන්නේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණුය. දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණු ලබන 12 වැනිදාට පෙර නිකුත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා තොරතුරු ලබාගැනීමේදී සිදුවූ ප්‍රමාදයක් නිසා යෑයි ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මෙම තොරතුරු පැවැසූවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් චැනල් 4 චිත්‍රපට දෙකක්
ශ්‍රී ලංකාවට එරෙහිව තවත් චැනල් 4 වීඩියෝ පට දෙකක්
බ්‍රිතාන්‍යයේදී නිර්මාණය වන බව අනාවරණය වී ඇත.
ඒ සඳහා මෙරටින් පැනගිය කොටි හිතවාදීහු අට දෙනෙක් බොරු සාක්‍ෂි කීමට ඉදිරිපත් වී සිටිති.
ද්‍රවිඩ කන්‍යා සොයුරියක්, වන්නියේ සිටි කොටි මාධ්‍යවේදියෙක්, කොටි ක්‍රියාකාරිකයෙක්, වන්නියේ කොටි වෙළෙඳසලක හිමිකරු හා ඔහුගේ බිරියද ඔවුන් අතර වෙති.
මෙම චැනල් 4 වීඩියෝ පට දෙක මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට පෙර සකස් කිරීමේ කටයුතු ලහි ලහියේ සිදුකරෙන බව ලන්ඩන් ආරංචි මාර්ග දන්වයි.
මෙම වීඩියෝ පට නිර්මාණය කිරීමේ සැලසුම වී ඇත්තේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමයි.

අගවිනිසුරු ගැන තීරණ ගැනීමට තේරීම් කාරක සභාවට බලයක් නෑ
අගවිනිසුරුවරියට එරෙහි
චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක්
නොමැති බවට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම්
කිහිපයක තීන්දුව ඊයේ (3 දා) අභියාචනාධිකරණය විසින්
ප්‍රකාශයට පත් කරන ලදී. එම පෙත්සම් විභාගයට පෙනී සිටීම
සඳහා එම අගවිනිසුරුවරියට එරෙහි
චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක්
නොමැති බවට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම්
කිහිපයක තීන්දුව ඊයේ (3 දා) අභියාචනාධිකරණය විසින්
ප්‍රකාශයට පත් කරන ලදී. එම පෙත්සම් විභාගයට පෙනී සිටීම
සඳහා එම තේරීම් කාරක සභාව නියෝජනය කළ පාර්ලිමේන්තු
මන්ත්‍රී විජිත හේරත් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.
සුමන්තිරන් යන මහත්වරු ද, එ.ජා.ප. පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය, අජිත් පී. පෙරේරා ,
වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, අසාත් සාලි,
සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් අධිකරණ නියෝගය ප්‍රකාශ
කිරීමෙන් පසු නික්‌ම ගිය අයුරු. නියෝජනය කළ පාර්ලිමේන්තු
මන්ත්‍රී විජිත හේරත් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.
සුමන්තිරන් යන මහත්වරු ද, එ.ජා.ප. පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය, අජිත් පී. පෙරේරා ,
වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, අසාත් සාලි,
සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් අධිකරණ නියෝගය ප්‍රකාශ
කිරීමෙන් පසු නික්‌ම ගිය අයුරු.
Thursday, January 3, 2013
ඕල්කට් මාවතේ කොටසක් ගිලා බසී.....පොළව යටින් පස් සෝදා පාලුවක්.........
කොළඹ
ඕල්‍කට් මාවතේ දෙවැනි හරස් වීදියේ කොටසක් අද (03) පස්වරුවේ හිටිහැටියේ
ගිලා බැස්සේය. ඒ සමග අධික රථවාහන තදබදයක් පිටකොටුව හා ආසන්න ප්‍රදේශවල හට
ගත්තේය. නගර සභාවේ ඉංජිනේරු අංශ පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබෙන අතර ගිලා
බැසීමට හේතුව තවමත් අනාවරණය වී නැත. මීට පෙර ගාලු පාරේ වැල්ලවත්ත සහ
බම්බලපිටිය අතර කොටසක්ද ගිලා බැසීමට ලක් විය. මට්ටක්කුලිය
මාර්ගයේ කොටසක්ද මේ ආකාරයටම ගිලා බැස්සේය. මේ පිළිබඳ මීට පෙර කළ
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මීට වර්ෂ ගණනාවකට පෙර සුදු ආණ්ඩු විසින් මහ
පොළවේ එලන ලද වතුර බැසීමේ සහ මළපවහන නළ දිරා පත් වී පොළව යටින් පස්
සෝදාපාලුවක් සිදුවන බවයි.
බිරිඳ ඝාතනය කොට පොලිසියට බාර වෙයි
කොච්චිකඩේ
පොලිස් වසමට අයත් 26 කනුව අසල මායිම්පාර නමින් හඳුන්වන ස්ථානය අසලදී අද
(03) පස්වරු 2ට පමණ කාන්තාවක් ඇගේ ස්වාමි පුරුසයා විසින් ඝාතනය කර ඇත.
තියුණු ආයුධයකින් කපා කොටා සිය බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැකකරු පිහියත්
රැගෙන කොච්චිකඩේ පොලිසිය වෙත ගොස් බාර වී තිබේ. මියගිය කාන්තාව දෙදරු මවකි.
කොච්චිකඩේ,උතුරු වැලිහේන අංක 485/01 දරණ ස්ථානයේ මොවුන් පදිංචි වී සිට ඇති
බව පොලිසිය කියයි. මෙම ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නැත. පොලිසිය
පරීක්ෂණ පවත්වයි.
රේගු නිවාරණ අධ්‍යක්‍ෂ අල්ලස් ගද්දී මාට්ටු
වැලි මිශ්‍රකර විකුණූ රතු සීනි කිලෝ 1,88000ක් අල්ලයි
වැලි
මිශ්‍ර කළ රතු සීනි කිලෝ එක්ලක්ෂ අසූඅට දහසක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නට
පාරිභෝගික සේවා අධිකාරිය අද (03) සමත් විය. ඒ වැල්ලම්පිටිය,සේදවත්ත
ප්‍රදේශයේ පිහිටි සීනි ආනයනකරුවකුගේ ගබඩාවක තිබියදී ය. දැනට සතියක පමණ
කාලයක සිට වෙළෙඳපොලේ අලෙවියට තබා ඇති රතු සීනිවල කුඩා වැල්ලක් මිශ්‍ර වී
තිබෙන බවට පාරිභෝගිකයන් විසින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කර ඇත.
එම පැමිණිලි අනුව අධිකාරියේ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් කොළඹ
පිටකොටුවෙන් පරීක්ෂණ ආරම්භ කර ලබාගත් තොරතුරු ඔස්සේ වැල්ලම්පිටිය සේදවත්තේ
පිහිටි මෙම තොග ගබඩාව සොයා ගෙන තිබේ. පසුව පාරිභෝගිත සේවා අධිකාරියේ
වැටලීම් අංශයේ නිලධාරින් අද (03) දහවල් එම ගබඩාව වටලා රතු සීනි තොගයට සීල්
තබා සාම්පල් කිහිපයක් නාගරික රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත.
කැමරාවක් අතැතිව අනඟ රැගුම් පා කොටුවෙයි
වීඩියෝ
හා ඡායාරූප ගත හැකි කැමරාවක් අතැතිව බදුල්ල මහියංගණ මාර්ගයේ අඹගහඔය
ප්‍රදේශයේ නිවසක් අසළ පෙරේදා 02 රාත්‍රී 7.00 ට පමණ සැක කටයුතු ලෙස හැසිරුණ
බව කියන තරුණයෙක් අල්ලා ගත් ගම්වැසියන් ඔහුට පහරදී ගස් බැඳ බදුල්ල
පොලිසියට බාරදෙනු ලැබීය. යතුරු පැදියකින් පැමිණ ඇති තරුණයා නිවසේ පදිංචි
තරුණියක දැක යතුරු පැදිය මහ මග නතර කර නිවස අසලටම ගොස් ජනේලයකින් එබිකම්
කරමින් සිටියදී බියට පත් තරුණිය තම සොහොයුරාට දුරකථනයෙන් මේ බව දැනුම් දී
ඇති බවත්,
සොහොයුරා පැමිණ අවට පදිංචි කරුවන්ගේද උදව් ඇතිව සැකකරු අල්ලාගෙන ඇති බව
පරික්ෂණ වලින් අනාවරණය වී තිබේ. 26 හැවිරිදි මෙම තරුණයා බදුල්ල කනුපැලැල්ල
ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය කියයි.
දූවරුන්ට අතවර කළේ යැයි සැකපිට කොස්තාපල් කොටු
උඩරට මැණිකේ පීලි පනී
උඩරට
මැණිකේ දුම්රිය පෙරවරු 11.45 ට පමණ ඔහිය ප්‍රදේශයේ දී පීලි පැන තිබේ. එය
අද බදුල්ලෙන් අලුයම 5.45 ට ගමන් ආරම්භ කර ඇති නමුත් ධාවනය වී ඇත්තේද
මන්දගාමීවය. එනිසා පෙරවරු 8.50ට ගමන් අරබන පොඩි මැණිකේ දුම්රියටද මේ නිසා
බාධා සිදුව තිබිණි.
මේ වන විට දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් වී තිබේ.

සායන පෝළිමේ තෙරපුන නෝනා
මාතර
මහ රෝහලේ සායන වලට පැමිණෙන කාන්තාවන්ගේ අත්බෑග්වල ඇති මුදල් හා ජංගම දුකථන
ඇතුලු වටිනා ද්‍රව්‍ය සොරකම් කළ මොරවක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50 ක
දෙදරු මවක් මාතර රෝහල් පොලිසියේ නිලධාරින් විසින් අද (03) දහවල්
අත්අඩංගුවට ගත්හ. සැකකාර කාන්තාව සායනවලට පැමිණෙන කාන්තාවන් සිටින
පොළිම්වලට වී තෙරපෙමින් සිට කාන්තාවන්ගේ අත්බෑග් වලින් මුදල් ජංගම දුරකථන
ආදිය සොරෙන් ලබා ගෙන ඇත.
කෝටි දෙකක මත්කුඩු සමග ඉරාන ජාතිකයා ගුවන්තොටේදී දැලේ
රුපියල්
දෙකෝටි හැට ලක්‍ෂයක් වටිනා "මෙට්‌ඇම්පිටමයින්"
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි ඉරාන ජාතිකයකු කටුනායක
ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්
පෙරේදා (01 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන්තොටුපළේ ග්‍රීන් චැනල් දොරටුව ඔස්‌සේ ගමන් ගත් ඉරාන ජාතිකයා පිළිබඳව සැක පහළ කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහකාර රේගු අධිකාරිවරුන් වන මනුෂ්ක විඡේසූරිය සහ එම්. අයි. රසීක් යන නිලධාරීන් ඔහු පරීක්‍ෂා කර තිබේ.
ඒ අවස්‌ථාවේ මෙම ඉරාන ජාතිකයා සතුව මත්ද්‍රව්‍ය තොගයක් ඇති බව සොයාගත් රේගු නිලධාරීන් ඔහු වැඩිදුර පරීක්‍ෂණ සඳහා ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත රැගෙන ගොස් ඇත.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරීක්‍ෂණයක දී මෙම ඉරාන ජාතිකයාගේ ගමන් බෑගයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය.
ඉරාන ජාතිකයා සිය ගමන් බෑගයේ පතුලේ ඉතාම සුරක්‍ෂිත ආකාරයට මත්ද්‍රව්‍ය තොගය අසුරාගෙන තිබූ අතර ගමන් බෑගය විවෘත කර එහි තිබූ කිලෝ ග්‍රෑම් දෙකක බරින් යුත් හෙරොයින් තොගය රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
ඉරාන ජාතිකයා පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මොහු මත්ද්‍රව්‍ය, ප්‍රවාහනය කරන්නකු බවට සැක පහළ කෙරේ.
මෙට්‌ඇම්පිටමයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය වර්ගය ඉතාම ඉහළ වටිනාකමකින් යුක්‌ත වන අතර මීට ඉහත අවස්‌ථා කීපයකදීම මෙම වර්ගයේ මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීහු සමත් වූහ.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඊයේ දහවල් භාරදෙන ලදී. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකුද සම්බන්ධ වී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම, රේගු අධිකාරී සරෝඡ් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන එම්. කේ. උදය ගාමිණී, චන්දන ගමගේ, තිළිණ වීරසේකර ඩී. ඩී. එස්. ඩී. මයිකල් ප්‍රබුද්ධ පෙරේරා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

සිසු ගැටුමකින් පසු මොරටු සරසවි පීඨ දෙකක් වැසේ
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ
ගැටුමකින් පසු එහි පීඨ දෙකක් වසා දැමීමට විශ්වවිද්‍යාල
පාලනාධිකාරිය ඊයේ (02 වැනිදා) පියවර ගෙන ඇත.මෙසේ වසාදමනු
ලැබුවේ ඉංජිනේරු සහ උසස් තාක්‍ෂණ යන පීඨ දෙකයි.
උසස් තාක්‍ෂණ පීඨයේ සිසුන් දෙදෙනකු පීඨ පරිශ්‍රයේ ගමන් කරමින් සිටියදී ඉංජිනේරු පීඨයේ සිසුවකු යතුරු පැදියකින් ඔවුන්ට අනතුරක් නොවන ලෙස මැදින් ගමන් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම ගැටුම හටගෙන ඇති බව මොරටුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ.
පීඨ දෙකේ සිසුන් විසින් පෙරේදා (01 වැනිදා) රාත්‍රි විදුලියද විසන්ධි කර ගැටුම ඇතිකර ගෙන තිබෙන අතර ඉන් කිසිවකුටත් බරපතළ තුවාල සිදුව නැතැයි මොරටුව පොලිසියේ උසස් නිලධාරියෙක් කීය.
සිද්ධියෙන් යතුරු පැදියකට හානි වී ඇත.
මෙය සැලකිල්ලට ගෙන පීඨ දෙක නැවත දැනුම්දෙන තුරු වසා දමා සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් හා නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ඊයේ (02 වැනිදා) පාලනාධිකාරිය දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පීඨ දෙකේම සිසුන් රැසක් කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊයේ (02 වැනිදා) මොරටුව පොලිසිය කටයුතු කර තිබිණි. ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස් මත මොරටුව සහකාර පොලිස් අධිකාරී එම්. සමුද්‍රජීව, මොරටුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. නූර්දීන් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

ප්‍රදේශ රැසකට අද සිට තද වැසි සහ දැඩි සුළං
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් හට ගෙන ඇති බැවින් අද
(03 වැනිදා) සිට යළිත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි,
තද සුළං සමග ආපදා තත්ත්වයන් ද ඇති විය හැකි බවට කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.විශේෂයෙන් උතුර,
උතුරු මැද, මධ්‍යම, වයඹ ඌව පළාත්වලට මෙන්ම දිවයිනේ සෙසු
ප්‍රදේශවලට ද වැසි, සුළං ඇති වනු ඇතැයි කාර්යයෙන් නියුතු
කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණ සූරිය මහත්මිය Pawasa News වෙත
පැවසූවා ය.
බස්‌නාහිර, දකුණ, සබරගමුව පළාත්වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ද ඇති විය හැකි යෑයි ඇය කීවාය.
ජලාශවලින් 90% ක් ම පිරී ඇති බැවින් නැවත වැසි ඇති වීමෙන් ජල ගැලීම් උග්‍ර විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ අතර නාය යැම ඇති වූ ප්‍රදේශවල නැවත එම නාය යැම් වර්ෂාව සමග සක්‍රීය විය හැකි බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.
මේ අතර පසුගිය සති දෙකේ ඇති වූ ආපදා තත්ත්වයෙන් ලක්‍ෂ 4 කට වැඩි පිරිසක් විපතට පත් වූහ.
විනාශ වූ නිවාස සංඛ්‍යාව 30000 කට ආසන්න බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.
සහන කඳවුරුවල තාවකාලිකව රැඳී සිටි බොහෝ පිරිසක් ඊයේ (02වැනිදා) සිය නිවෙස්‌වලට යළි ගමන් කළ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර මහතා Pawasa News වෙත පැවසීය.

සියලු ඖෂධවල සිල්ලර මිල සඳහන් කිරීම අනිවාර්ය කෙරේ
සියලුම
ඖෂධ හා විටමින් වර්ග වෙළෙඳපළට නිකුත් කිරීමේදී සිල්ලර මිල
සඳහන් කිරීම ජනවාරි 01 දා සිට අනිවාර්යය කළ බව සමුපකාර හා
අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා
පැවැසීය.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 (1) (අ) වගන්තියට අනුව පැවරී ඇති බලතල මත ජනවාරි 01 වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින් එම නියෝගය කළ බවද ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (02දා) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒ අනුව අදාළ සමාගම් මින් ඉදිරියට ඖෂධ වර්ග වෙළෙඳ පළට නිකුත් කිරීමේදී උපරිම සිල්ලර මිල එහි සඳහන් කළ යුතු බවද හෙතෙම කීවේය.
ඖෂධ වර්ග හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබෙන බවත්, පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීමේ අරමුණින් එම පියවර ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම තීරණය පළමු අදියර යටතේ ක්‍රියාත්මක වන බව කී ජෝන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සියලුම ඖෂධ පාලන මිලක් යටතට ගෙන ඒමේ දෙවැනි අදියර ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළේය.
උපරිම සිල්ලර මිලට අමතරව කාණ්‌ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, ප්‍රබලතාව, නිෂ්පාදිත සමාගම හෝ ආනයනික සමාගම, නම ලිපිනය ද ඖෂධවල විශේෂිතව සඳහන් කළ යුතු බව ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Wednesday, January 2, 2013
ජනපති කිරි වෙහෙරට පැමිණ....
උදාවූ 2013 නව වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා පෙරේදා (31 වැනිදා) රාත්‍රියේ ඓතිහාසික
කිරිවෙහෙර බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය.
ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ජනාධිපතිවරයා සමඟ කථානායක චමල් රාජපක්‍ෂ, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ, මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මීන් කිරිවෙහෙර රජමහා විහාරාධිපති මහාචාර්ය අලුත්වැව සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජාධායනය ශ්‍රවණය කිරීමට සහභාගි වූ අයුරු.

භාරත ඝාතන නඩුවේ සැක 5 දෙනකුට ඇප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 16 දෙනා අතරින් පස්‌දෙනකු රුපියල් 25000.00 ක මුදල් හා රුපියල් ලක්‌ෂ 02 බැගින් වන ශරීර ඇප දෙකක් යටතේ මුදාහැරීමට කොළඹ වැඩබලන මහෙස්‌ත්‍රාත් කණිෂ්ක විඡේරත්න මහතා ඊයේ (1 දා) නියෝග කළේය.
කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත් හතක් අතරින් සැකකරුවන් පස්‌දෙනකු මුදාහැරීමට ඉකුත් 21 දින මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ලබාදී තිබූ නියෝගයකට අනුව මෙම සැකකරුවන් මුදාහරින ලදී.
මෙසේ මුදාහරින ලද්දේ කොඩිප්පිලි ආරච්චිලාගේ ලංකා රසාංජන, මංජුල ප්‍රමෝද් හෙට්‌ටිආරච්චි, විඡේසූරිය හෙට්‌ටිආරච්චිලාගේ මාලක සමීර, හේවරාලගේ තරිඳු අසංක හා රාජ්පුරගේ ගාමිණී යන පස්‌දෙනායි.
පසුගිය පළාත් පාලන මැතිවරණ දින (2011 ඔක්‌තෝම්බර් 08) කොටිකාවත්ත, මුල්ලේරියාව, වල්පොල, හන්දියේ දී භාරත - දුමින්ද දෙපාර්ශ්වය අතර හටගත් ගැටුමකින් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනයට ලක්‌වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තුවාල සිදුවීම යන සිද්ධීන්වලට අදාළව මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.
පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‌ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා සමග අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධව නීතිපතිවරයා සමග පසුගිය 19 හා 20 යන දිනවලද සාකච්ඡාවක් පැවැත්වූ නමුත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව දන්වා සිටියේය.
මෙහිදී දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 16 දෙනා අතරින් 5 දෙනකු ඉහත කී ඇප කොන්දේසි යටතේ මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීමේ නියෝගයක්‌ද පැනවීය.
මේ අතර සෙසු සැකකරුවන් සියලු දෙනාම ජනවාරි මස 11 දින දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
භාරත මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම භාරතගේ අරක්‌ෂක නිලධාරියකු වශයෙන් සිටි සැකකාර ආර්. ගාමිණී වෙනුවෙන් නීතිඥ ජගත් අබේනායක යන මහත්වරුද, සැකකාර දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, අනුජ ප්‍රේමරත්න හා වීරසේන රණහේවා යන මහත්වරුද පෙනී සිටියහ.
රාජ්‍ය බැංකුවලට පොලු තබා විදෙස් ආයෝජක පිරිසක් රට පැනලා
රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි පන්සියයකට අධික ණය ලබා ගෙන ආයෝජන කලාපය තුළ ඇඟලුම් කම්හල් පවත්වාගෙන ගොස් හිටිහැටියේම එම කම්හල් වසා දමා විදෙස් රටවලට පැනගොස් සිටින එම ආයතන ප්‍රධානීන් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
බියගම, නිට්‌ටඹුව, කටුනායක ඇතුළු ආයෝජන කලාපය තුළ විදේශිකයන් පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්ත ශාලා දහයක් (10) මෙසේ වසා දමා ඇති බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
රුපියල් කෝaටි ගණනක බැංකු ණය නොගෙවා, සේවකයන්ට වන්දි නොදී රට හැරගොස් සිටින මෙම පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පුළුල් පරීක්‍ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙන බව හෙතෙම කීය.
සුළු මුදලක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි මෙම විදේශිකයන් ඇතැම් බැංකුවලට අසත්‍ය ලේඛන ඉදිරිපත් කර ණය ලබාගෙන ඇති බවට හෙළි වී තිබේ. මෙම ජාත්‍යන්තර ඇඟලුම් කම්හල් ප්‍රධානීන්ට ණය ලබාදීමේදී ඇතැම් බැංකු ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.
වසර 24 කට පසු පොලිසියේ සියලු දීමනා සියයට 100 කින් නගී
වසර 24 කට පසු පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ
දීමනා ගෙවීම් ඊයේ (01 වැනිදා) සිට සියයට 100 කින් ඉහළ නංවා
ඇත. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ 84,000 ක් වූ සියලුම
නිලධාරීන්ගේ දීමනා ගෙවීම් ඊයේ සිට ඉහළ ගොස් තිබේ. පොලිස්
නිලධාරීන්ගේ මාසික වැටුපට අමතරව ගෙවන සියලුම දීමනා සියයට
100 යේ සිට ඊට වැඩි ප්‍රමාණවලින් වැඩි කර ඇති බව පොලිස්
මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පොලිස් කොස්‌තාපල්වරයකුගේ මාසික දීමනා රුපියල් පන්දහසකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇත.
1988 වර්ෂයෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකුගේ දීමනා ගෙවීම් ඉහළ නංවා නොමැත. දැඩි වෙහෙසකර වූ රාජකාරියක නිරත වන පොලිස් නිලධාරීන් දිනකට පැය 16 කට ආසන්න කාල සීමාවක් රාජකාරි කළ ද ඔවුන්ට ලැබුණේ ඉතාම සුළු අමතර දීමනාවකි.
වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා පොලිස් නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට දැඩි කැපවීමකින් කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කර පොලිස් නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට වත්මන් පොලිස්‌පතිවරයා දැඩි උත්සාහයක් ගත්තේය.
මේ සම්බන්ධයෙන් පොලිස් නිලධෘරීන් බොහෝ දෙනකු කියා සිටියේ මෙපමණ කාලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය ඇගයීමකට ලක් නොවූ බවයි. පොලිස් නිලධාරීන්ගේ දීමනා ඉහළ නංවා ඔවුන්ගේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම පිළිබඳව එම නිලධාරීහු පොලිස්‌පතිවරයාට සිය ප්‍රසාදය පළ කර සිටිති.

Subscribe to:
Posts (Atom)