Saturday, March 22, 2014

අතුරුදන් යානය හොයන්න මුහුදේ ඉඩ දෙනු බෑ...



අතුරුදන් වු මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු සඳහා චීන යුධ නෞකා ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු කිරීමට චීන රජය කළ ඉල්ලීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.

චීන නාවික හමුදාව විසින් ඉන්දීය බලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් ඊයේ දිනයේ මෙම ඉල්ලීම කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය බලධාරීන් පවසා ඇත්තේ මේ වන විටත් අතුරුදන් වු යානය සෙවීම සඳහා එරට නාවුක හමුදාව සහ ගුවන් හමුදා අන්දමන් දූපත ආශ්‍රිත ඉන්දීය මුහුදු සීමාවේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ හේතුවෙන් චීන යුධ නෞකා අදාළ මුහුදු සීමාවේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් පෙන්වාදී තිබේ.

ඉන්දීය හමුදාවන්ට අයත් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයට චීන යුධ නෞකා ඇතුළු වීමෙන් ඉන්දීය හමුදාවේ රහස්‍යය භාවය අනාවරණය විය හැකි බැවින් බව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

No comments: