තමන් සහ සිය මිතුරියක වූ යාන් මාරීට අවශ්‍ය නම් නියමු කුටියේ ගමන් කිරීමට ඉඩ දිය හැකි බව එම ගුවන් නියමුවා කළ යෝජනාවකට අනුව එම තරුණියන් දෙදෙනා එහි ගමන් කර තිබේ.ජොන්ටි රූස් මේ වන විට ඔස්ට්‍රේලියාවේ වාසය කරයි.
තායිලන්තය දක්වා ගිය අදාළ ගුවන් ගමන අවසන් වන තුරු ම ඔවුන් දෙදෙනා නියමු කුටියේ සිටි නියමුවන් දෙදෙනා සමග විනෝදයෙන් කාලය ගත ක බව ජොන්ටි රූස් සඳහන් කර තිබේ.මැලේසියානු ගුවන් සමාගමේ නීතිරීති අනුව එය අතිශයින් ම නීතිවිරෝධී ක්‍රියාවකි.එම ගුවන් ගමන අතරතුර අදාළ ගුවන් නියමුවා තමන් සමග ඡායාරූප ගනිමින්, විනෝද වෙමින් කාලය ගත කළ බව ත් ගුවන් නියමු කුටියක් තුළ නොකළ යුතු දේ එහිදී සිදුවූ බවට ද ඇය චෝදනා කර තිබේ.
ඇය ප්‍රකාශ කළේ, එම ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් යානය ගමන් කරන ඉදිරි අවකාශය දෙස පවා නොබැලූ බව ය.“මාත් එක්ක ගුවන් නියමු කුටියේ සිටි එම ගුවන් නියමුවන් දෙදෙනාගෙන් කෙනෙක් අතුරුදන් වූ ගුවන් යානය මෙහෙයවූ බව අසා මම ගොඩක් විස්මයට පත් වුණා. මට ඒක අදහගන්න ත් බැරි වුණා.” ජොන්ටි රූස් පැවසීය.ඇය වැඩිදුරට ත් සඳහන් කළේ, අදාළ ගුවන් යානය පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් ගුවන් නියමුවා ගැන තොරතුරු හෙළි කිරීමට තමන් තීරණය කළ බව ය.
No comments:
Post a Comment