මහා
පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකිරීමට සැක පිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින
සක්විති රණසිංහට විරුද්ධ බාලවයස්කාරියක අපහරණය කිරීම හා දූෂණය කිරීම
සම්බන්ධ නඩුව කෙටි මාර්ගයකින් සලකා බැලීමට මැයි 27 දින යළි කැඳවේ. සක්විති රණසිංහ බහු විවාහ චෝදනාවට වරදකරු වී
මේ වන විට සිරඳඩුවම් විදින අතර බහු විවාහ චෝදනාව අධිකරණයට ගොනුකරන ලද්දේ
ඔහුගේ පළමු බිරිඳ විසිනි. ඔහුගේ දෙවන බිරිඳ වන කුමාරි අනුරාධිනී නැමැත්තිය
විසින් දෙවන නඩුව ඔහුට විරුද්ධව ගොනුකර ඇත. විවෘත අධිකරණයේදී ඔහුට විරුද්ධ
චෝදනා කියවා භාරදී ඇත. ඇඟිලි සළකුණු ලබාගැනීමට මෙන්ම ඇපදීම සළකා බැලීමට
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් වාර්තාවක් කැඳවීමට මහාධිකරණය තීරණය කර
ඇත.
No comments:
Post a Comment