තමන්ට නිවසක් නොමැතිකමින් අහිමි වී සිටින සිය බිරිඳ හා දියණිය නැවත තමා
ළඟට ගෙන්වා ගැනීම සඳහා අවසන් වශයෙන් තමන් වකුගඩුව දන්දීමට තීරණය කළ බව
කහවත්ත, වැල්ලඳුර, වේවැල්වත්ත, පදිංචි නිශාන්ත දිසානායක මහතා දිවයිනට
පැවසීය.
මම මීට වසර හතරකට උඩදී කසාද බැන්දා. බිරිඳගේ නම මල්ලිකා.
පෙම් සබඳතාවකිනුයි අපි බැන්දේ. අපිට අවුරුද්දක දුවෙක් ඉන්නවා. මේ විවාහයට
මගේ ගෙදරින් කැමති වුණාට බිරිඳගේ අම්මා කැමති වුණේ නැහැ. මේ නිසා අපි
රත්නපුර, ඇත්දාන, කහවත්ත යන ප්‍රදේශවල කුලියට හිටියා. මට ගෙයක් දොරක්
නැති නිසා බිරිඳගේ අම්මා මට වෙනස්කම් කළා. ඒ අය මට කියන්නේ ගෙයක් දොරක්
හදන්න කියලයි. මට මුදල් නැහැ. මම කෝකියකු වශයෙනුයි රැකියාව කළේ.
මගේ බිරිඳ දුවත් අරගෙන මීට මාසයකට උඩදී ඒගොන්ලන්ගේ නිවිතිගල ගෙදරට ගියා.
බිරිඳ කියනවා ගෙයක් හදපු දවසට එන්නම් කියලා. ඒ නිසා මම අවසන් වශයෙන් තීරණය
කළා මගේ වකුගඩුව හරි දන්දීලා ගෙයක් දොරක් හදන්න. කවුරු හරි
පරිත්‍යාගශීලියෙක් ඉන්නවා නම් මට උදව් කරන්න. ලොකු පිනක්. මට මගේ බිරිඳයි
දරුවයි ඕනේ. අසරණ නිශාන්ත මහතා හට උදව් කිරීමට කැමති අයකු වේ නම් ඔහුගේ
072 1401580 දුරකථන අංකය ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.
තමන්ට නිවසක් නොමැතිකමින් අහිමි වී සිටින සිය බිරිඳ හා දියණිය නැවත තමා ළඟට ගෙන්වා ගැනීම සඳහා අවසන් වශයෙන් තමන් වකුගඩුව දන්දීමට තීරණය කළ බව කහවත්ත, වැල්ලඳුර, වේවැල්වත්ත, පදිංචි නිශාන්ත දිසානායක මහතා දිවයිනට පැවසීය.
මම මීට වසර හතරකට උඩදී කසාද බැන්දා. බිරිඳගේ නම මල්ලිකා. පෙම් සබඳතාවකිනුයි අපි බැන්දේ. අපිට අවුරුද්දක දුවෙක් ඉන්නවා. මේ විවාහයට මගේ ගෙදරින් කැමති වුණාට බිරිඳගේ අම්මා කැමති වුණේ නැහැ. මේ නිසා අපි රත්නපුර, ඇත්දාන, කහවත්ත යන ප්‍රදේශවල කුලියට හිටියා. මට ගෙයක් දොරක් නැති නිසා බිරිඳගේ අම්මා මට වෙනස්කම් කළා. ඒ අය මට කියන්නේ ගෙයක් දොරක් හදන්න කියලයි. මට මුදල් නැහැ. මම කෝකියකු වශයෙනුයි රැකියාව කළේ.
මගේ බිරිඳ දුවත් අරගෙන මීට මාසයකට උඩදී ඒගොන්ලන්ගේ නිවිතිගල ගෙදරට ගියා. බිරිඳ කියනවා ගෙයක් හදපු දවසට එන්නම් කියලා. ඒ නිසා මම අවසන් වශයෙන් තීරණය කළා මගේ වකුගඩුව හරි දන්දීලා ගෙයක් දොරක් හදන්න. කවුරු හරි පරිත්‍යාගශීලියෙක් ඉන්නවා නම් මට උදව් කරන්න. ලොකු පිනක්. මට මගේ බිරිඳයි දරුවයි ඕනේ. අසරණ නිශාන්ත මහතා හට උදව් කිරීමට කැමති අයකු වේ නම් ඔහුගේ 072 1401580 දුරකථන අංකය ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.
No comments:
Post a Comment