බුත්තල - කතරගම මරණයේ මාවතද................?
දැනට
මාස කිහිපයකට ඉහතදී ගල්ගේ ප්‍රදේශයේදී කොටි දෙනක වාහනයක ගැටී මිය ගොස්
ඇති බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබිණි. වහා එහි ගිය කතරගම සහකාර වනජීවී
අධ්‍යක්‍ෂ සිසිර කුමාරද සිල්වා ප්‍රමුඛ නිලධාරීහු කොටි දෙන පශ්චාත් මරණ
පරීක්‍ෂණ කටයුතු සඳහා යොමු කළහ. එහිදී හෙළිදරව් වූ කරුණ අතිශය කනගාටුදායක
එකක් විය. එනම්, මේ කොටි දෙනගේ කුසයේ තිබී කොටි පැටවුන් තිදෙනකුගේම සිරුරු
සොයා ගන්නා ලදී. එක් පාපතර රියදුරකුගේ නොසැලකිල්ලෙන් මියගොස් සිටියේ
පරම්පරා කිහිපයක් ගොඩදැමිය හැකිව තිබූ කොටි දෙනකි. කොටි පැටවුන් තිදෙනකුද
සමග සිවුදෙනකුම අහිමි වීම යාල වනෝද්‍යානයේ කොටි සම්පත සංරක්‍ෂණයට මොනතරම්
පාඩුවක් බවට පත්වූ සිදුවීමක්‌ද.....? කතරගම
- බුත්තල මාර්ගයේ හමුවන ගල්ගේ ප්‍රදේශය ගැන යළිත් කතාකරන්නට සිදුව තිබේ.
මීට පෙර අවස්‌ථා කිහිපයකදීම අපි ගල්ගේ ගැන කතා කළේ එහි ජාවාරමක් ලෙස
සිදුවන සතුන් දඩයම ගැනය. මෑතකදී එහි සිදුවු මුවන් පස් දෙනෙකුගේ දඩයම්
කිරීමේ ජාවාරම් ගැන කතා කළෙමු. එහෙත්, මේ කියන්නට යන්නේ දඩයම් ජාවාරමක්
ගැන නොවුනත්, ඒද, යාල වනෝද්‍යානයේ දිවිගෙවන කොටි, වලසුන් ඇතුළු අතිශය දුලබ
වනසතුන්ට උදාවී ඇති ෙකදජනක මාරක විනාශයක් ගැන කතාවකි.
සෙල්ලකතරගම සිට බුත්තල දක්‌වා ඇති සැතපුම් තිස්‌ගණනක පමණ දුරෙන් වැඩි
ප්‍රමාණයක් වැටී ඇත්තේ යාල වනෝද්‍යානය මැදිනි. නොහොත් මෙම මාර්ගයෙන් දකුණු
පස යාල වනෝද්‍යානයේ කලාප අංක 3 හා 4 සඳහා වෙන්ව ඇති අතර මාර්ගයෙන් වම්පස
යාල කලාප අංක 5 ට වෙන්වී තිබේ. එනම්, සෙල්ලකතරගම - බුත්තල මහාමාර්ගය යනු
පැහැදිලිවම වනාන්තරයක්, එසේත් නැතිනම් වනජීවී රක්‍ෂිත වනාන්තරයක් හරහා
වැටී ඇති මාර්ගයකි. එසේ නම් මෙම මාර්ගයේ ගමන් කරන්නන්ට නිරතුරුව වන සතුන්
හමුවීමේ සම්භාවිතාව ඉහළය. බොහෝ විට මෙම මාර්ගයේදී අලි - ඇතුන්, කොටියන්,
වලසුන්, මුවන්, ගෝනුන්, වල්ඌරන්, වැලි මුවන් ආදී නොයෙකුත් වනසතුන්
දැකගැනීමේ වාසනාව හිමිවේ. එහෙත් අවාසනාවක තරම මේ මාර්ගයේ ගමන් ගන්නෝ
සියල්ලෝම වන සත්ව ලෝලීන් නොවන නිසා බොහෝ රථ වාහන මෙහි ගමන් ගන්නේ පවනට බදු
වේගයෙනි. එහි ප්‍රතිඵලය වන්නේ වටිනා - දුලබ වන සතුන් රථවාහනවල ගැටී
අවාසනාවන්ත ලෙස මිය යැමය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් රටතුළ
ක්‍රියාත්මක වූ කාලයේදී කතරගම බුත්තල මෙම මාර්ගය රාත්‍රියේදී වසා දමන ලදී.
ඊට හේතුවූයේ ගල්ගේ ආශ්‍රිත මෙම ප්‍රදේශය ත්‍රස්‌තවාදීන්ගේ මංකඩක් බවට පත්ව
තිබීමත් ඔවුන් මෙහිදී රථවාහනවලට බෝම්බ අටවා අවස්‌ථා කිහිපයකදීම
පුපුරුවාලීමත් නිසාය. එසේම අවස්‌ථා කිහිපයකදී ඔවුහු ගල්ගේ පොලිස් මුරපළට
ප්‍රහාරද එල්ල කළහ. එනිසාම වැසීගිය මෙම මාර්ගයේදී වන සතුන් ආරක්‍ෂාවූ අතර,
වන සතුන්ට කිසිදු බියකින් චකිතයකින් තොරව වනාන්තර අතර ඔබ මොබ මාරුවීමේ
හැකියාවද ලැබිණි.
එහෙත් තත්ත්වය දැන් හොඳටෝමත් වෙනස්‌වී තිබේ.
දැන් ත්‍රස්‌ත බියක් ගල්ගේට පමණක් නොව මුළු රටේම නැත. දැන් එදා තරම්
හමුදා පොලිස් මුර කපොලුද නැත. එසේම වනෝද්‍යානයක් මැදින් ඇති ප්‍රධාන
මහාමාර්ගයක් යෑයි කීවද මෙම මාර්ගයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුර
කපොලු හෝ අවසර ලබාදීමේ ක්‍රමයක්‌ද මෙහි නැත. එනිසාම මේ මාර්ගයේ ගමන් ගන්නා
ආරෂක හමුදා ඇතුළු සියලු සිවිල් වාහන සඳහා වන සතුන් පිළිබඳව දැනුවත් වීමක්
සිදුකෙරෙන්නේද නැත. අඩුතරමින් මෙම මාර්ගයේ වන සතුන් මාර්ගය හරහා මාරුවන බවට
දැක්‌වෙන ප්‍රදර්ශන පුවරුවක් හෝ දකින්නට නැත. එවන් විටෙක මෙහි වනසත්ව
සංරක්‍ෂණය ගැන කුමන කතාන්දගෙගගග?
අප මේ ගැන කතා කළේ පහුගිය කාලය
පුරාවට මෙම මාර්ගයේදී රථවාහනවලට හසුව මියගිය අතිශය දුලබ වනසතුන්ද ඇතුළත්
වනසතුන් සමූහයාගේ කනගාටුදායක පුවත් හෙළිකර ඉදිරියේදීවත් මෙහි කදිම වනජීවී
සංරක්‍ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට යෝජනා වශයෙනි.
දැනට
මාස කිහිපයකට ඉහතදී ගල්ගේ ප්‍රදේශයේදී කොටි දෙනක වාහනයක ගැටී මිය ගොස් ඇති
බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබිණි. වහා එහි ගිය කතරගම සහකාර වනජීවී
අධ්‍යක්‍ෂ සිසිර කුමාරද සිල්වා ප්‍රමුඛ නිලධාරීහු කොටි දෙන පශ්චාත් මරණ
පරීක්‍ෂණ කටයුතු සඳහා යොමු කළහ. එහිදී හෙළිදරව් වූ කරුණ අතිශය කනගාටුදායක
එකක් විය. එනම්, මේ කොටි දෙනගේ කුසයේ තිබී කොටි පැටවුන් තිදෙනකුගේම සිරුරු
සොයා ගන්නා ලදී. එක් පාපතර රියදුරකුගේ නොසැලකිල්ලෙන් මියගොස් සිටියේ
පරම්පරා කිහිපයක් ගොඩදැමිය හැකිව තිබූ කොටි දෙනකි. කොටි පැටවුන් තිදෙනකුද
සමග සිවුදෙනකුම අහිමි වීම යාල වනෝද්‍යානයේ කොටි සම්පත සංරක්‍ෂණයට මොනතරම්
පාඩුවක් බවට පත්වූ සිදුවීමක්‌ද? කෙසේ හෝ ඒ උණුසුම යන්නටත් මත්තෙන් ඉහත
කොටි දෙන මියගොස් සිටි ස්‌ථානයට නුදුරේදීම මුවදෙනකුද වාහනයක ගැටී මරුමුවට
පත්ව සිටි බව ගල්ගේ වනජීවී නිලධාරීයකු සඳහන් කළේය.
"පාලු නිවසේ
වළං බිඳින්නට කාගෙන් අවසරයක්‌ද" යන්න අපට පසක් කරමින් වනයෙන් පොහොසත් මේ
පාලු පාරේ අධිවේගයෙන් ගමන් ගන්නට කාගෙන් බාධාවක්‌දොaයි සිතන රියදුරන් තම
වාහනවල වේගය සීයෙන් එකසිය විස්‌සෙන් තිහෙන් එහාට පනින තුරු තම වේග පැඩලය
පාගන්නේ මෙම මාර්ගයේදී තවත් කිසිවෙකුටත් ඉඩ නොතබාය. එබැවින් විනාශවී යන යාල
වනෝද්‍යානයේ සත්ත්ව සම්පතට අළුතින්ම ගොදුරුවූයේ නාඹර වියේ වළස් දෙනකි. ඒ
මීට දින කිහිපයකට පෙරදීය ගල්ගේ ප්‍රදේශයේදීම රථයක ගැටී ඕ අවාසනාවන්ත ලෙස
දිවි හැරදා ගොස් සිටියේ තවත් වළස් පරම්පරා කිහිපයක උරුමක්‌කාරියක ලෙස
දිවිගෙවමින් සිටියදීය. මේ පිළිබඳව අප කළ විමසීමේදී සහකාර වනජීවී අධ්‍යක්‍ෂ
(කතරගම) සිසිර කුමාරද සිල්වා මහතා ප්‍රකාශ කළේ කතරගම බුත්තල මාර්ගයේ
නිරන්තරයෙන් සිදුවන මෙම වන සත්ත්වයින් මියයන රථවාහන අනතුර (Roasd Killiugs)
අවම කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති බවයි. මහත්
අපරාධයක් වන මෙම තත්ත්වය අවම කිරීම සඳහා යාල වනෝද්‍යානය අවසන් වන මාර්ගය
දෙපස පවතින මාර්ග බාධාකවලට වනජීවී නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇති බවත් ඒ
මගින් රියදුරන් දැනුවත් කිරීමට අමතරව ඒ ආසන්නයේ විශාල ප්‍රමාණයේ පුවරු
දෙකක් සවිකර මෙය වනජීවී රක්‍ෂිත කලාපයක් බවට දැනුවත් කිරීමට පියවරගෙන ඇති
බවත් ඔහු පැවසීය.
එය ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇතැයි අපි උදක්‌ම
බලාපොරොත්තුවෙමු. නැතහොත් දිගින් දිගටම සිදුවන මෙම අනතුරු හේතුවෙන් යාල
වනෝද්‍යානයේ වන සත්ත්ව සම්පත සම්පූර්ණයෙන්ම පාහේ අනතුරට ලක්‌වීමට ඉඩ ඇති
බැවිනි. මන්ද, ගල්ගේ ප්‍රදේශය යනු වන සතුන්ගේ ප්‍රධාන මංකඩක් වශයෙන්
හඳුනාගෙන ඇති නිසාත් වන සතුන්ගෙන් පෝෂිත මෙම ප්‍රදේශය හරහා නිරතුරුව වන
සතුන් ගැවසෙන නිසාත්ය. විශේෂයෙන්ම මෙම මාර්ගයේ දැනුවත් කිරීමේ පුවරු,
මාර්ගබාධක යනාදිය මෙන්ම වේග සීමා පැනවීමද වැදගත් වන්නේ තමන් මේ ගමන් කරන්නේ
උද්‍යානයක් මැදින් බව රියදුරන් ඉතා හොඳින් දැනුවත් කිරීම සඳහාය. වනජීවී
සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා සුවිශාල වගකීමක් පැවරේ.
No comments:
Post a Comment