Sunday, March 23, 2014

අයි ෆෝනයටත් වඩා වටිනා දැල්වෙන බේල්ස්.......

බංග්ලාදේශයේ පවත්වන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලය සාදා ඇත්තේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීම සිදු වන පරිදිය.මෙලෙස නිපදවා ඇති මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
මෙම බේල්ස් (bails) වල ඇති විශේෂත්වය වන්නේ දැල්වෙන ආලෝක ධාරාව ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද දැක ගත හැකිවීමය
මේ දැල්වෙන බේල්ස්වලට දීප්තිය ලබාදෙන්නේ එල්.ඊ.ඩී (L.E.D) බල්බවලිනි.

මෙම අධිතාක්ෂණික බේල්ස් හා කඩුල්ල  ‘Zings’ලෙස නම්කර ඇති අතර එය ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් නිෂ්පාදනය කර තිබේ. එහි නිමැවුම්කරු වන බ්‍රොන්ටී එකමන් (Bronte Eckermann) පවසන්නෙ මේ තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදෙනු ලැබුවේ විනිසුරුවන්ගේ පහසුව සඳහා බවයි.

මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර්  25ක් පමණ වන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

ලෝක කුසලානයේ එක් තරගයක් සඳහා මේ තාක්ෂණය යොදා ගැනීමට ඇමරිකානු ඩොලර් 40,000 ක් පමණ වැය වන බවද පැවසේ.


රිච්මන්ඩ් - මහින්ද ආදර සටනේ 'වලි'.


ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ 109 වැනි ක්‍රිකට් තරඟයේ දී ඇතිවූ කලබලයට මැදිවූ පොලීසියේ දෙදෙනකු ද මහින්ද විදුහලේ ආදි සිසුන් බව කියන සිව් දෙනකු ද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.

ගාල්ල පොලිස් අධිකාරී කේ.ජී.කිර්තිරත්න මහතා ද පොලිස් කොස්තාපල් වරයකු ද තුවාල ලබා ඇත. අනෙක් සිව්දෙනා කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ දුවද්දී වැටීමෙන් තුවාල ලබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



පිළිකා වැඩිවෙන්න 'චිලි පේස්ට්' හේතුවෙලා,.....


දිවයින පුරා ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කරනු ලබන ෆ්‍රයිඩ් රයිස් සමඟ ලබාදෙන "චිලි පේස්ට්" නමැති ද්‍රව්‍ය දෙවරක් හෝ තුන්වරක් භාවිත කරන ලද පොල් තෙල්වලින් සාදනු ලබන බව හෙළිදරව් වී තිබේ. මෙසේ දෙවරක් හෝ තුන් වරක් භාවිත කරනු ලබන තෙල්වලින් ආහාර සකසන විට එහි රසයද ඉහළ බැවින් එම නිසා ආහාර අලෙවි කර ගැනීම වැඩිකර ගැනීමට මෙය උපක්‍රමයක් ලෙස භාවිත කරනු ලබන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.

මෙසේ දෙවරක් හෝ තුන්වරක් භාවිත කරනු ලබන පොල් තෙල් මහා පරිමාණ හෝටල්වලින් බෝතල් පත්තරකාරයන්ට විකිණීම හරහා ඔවුන් විසින් මේ බාල පොල් තෙල් මෙවැනි සුළු පරිමාණ ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්ට ඉතා අඩු මුදලකට විකිණීම නිසා මේ තත්ත්වය ව්‍යාප්ත වී ඇතැයි ඒ මහතා අවධාරණය කෙළේය.

මේ වන විට වෛද්‍යවරුන් පවා දෙවරක් භාවිත කරන ලද පොල් තෙල් නිසා පිළිකා වැනි තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට තහවුරු කර තිබේ.
එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය සෞඛ්‍ය සතියක් නම් කර එදිනට පමණක් ක්‍රියාත්මක නොවී දිවයින පුරා ආහාරවලට ඇති තත්ත්වය සොයා බලා ඊට ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ඒ මහතා අවධාරණය කෙළේය.

ලයිට් ඩිම් නොකරන අයට එරෙහිව නීති තදවෙයි..

රාත්‍රි කාලයේ මෝටර්රථ ධාවනය කරන රියැදුරන් ඉදිරියෙන් එන වාහන රියැදුරන්ට බාධාවන අයුරින් වාහන පහන් ආලෝකය අවපාත (ඩිම්) නොකර ඉදිරි රියැදුරුට ගිනිකන වැටෙන අයුරින් මෝටර් රථ ධාවනය කරන බව පොලිස් සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

එවැනි අන්දමට රාත්‍රි කාලයේ රිය පදවන රියැදුරන් රථවාහන නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිසිවලට රථවාහන අංශවලට නියෝග කොට ඇතැයි රථවාහන පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩී.ඒ.කේ. සේනාරත්න මහතා සියලුම පොලිසිවලට නියෝග කොට තිබේ. එහෙත් මහජනයා පවසන්නේ අධි ආලෝක ධාරා සහිත වාහන විදුලි පහන් සහිත සුඛෝපභෝගී වාහනවලට විරුද්ධව රථවාහන නීතිය ක්‍රියාත්මක නොවන බවයි.

රාත්‍රි කාලයේ ධාවනය වන ඇතැම් ඩිපෙන්ඩර් රථවල ආලෝක ධාරාවද රථවාහන රියැදුරන්ට බාධාවක් මෙන්ම අනතුරුදායි තත්ත්වයට මුහුණපෑමට සිදුවී ඇති බව රාත්‍රි කාලයේ රිය පදවන බොහෝ දෙනකු 'මව්බිම'ට පැවැසූහ. රාත්‍රි කාලයේ ධාවනය කරන මෝටර්ථවල පහන් එළිය 'ඩිම්' නොකිරීම සම්බන්ධයෙන් රුපියල් 2,500ක දඩයකට යටත්කළ හැකි බවද රථවාහන පොලිසිය පැවැසීය.

Saturday, March 22, 2014

සංගාගේ ටුවිටර් ගිණුමටත් අනුමැතිය.......




සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට අනුමැතිය ලත් වෙරිෆයිඩ් ටුවිටර් (Verified Twitter) ගිණුමක් හිමිව තිබේ.

ඒ අනුව ඔහු, එවැනි ගිණුමක් හිමි දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත.

මීට පෙර මහේල ජයවර්ධන එම අනුමැතිය ලබාගෙන සිටියේ ය.

මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ටුවිටර් (Twitter) ගිණුමට ද එම අනුමැතිය හිමිව තිබේ.

මිල්ලනියට ඉබි වැස්සක් ...


තද ඉඩෝරයකින් පසුව වැසි ලැබුණු පළමු දිනයේම මිල්ලනියට වැසි සමඟ ඉබි පැටවුන් වැටෙන්නට වූයේ කා තුළත් සතුට මෙන්ම විනෝදයද ඇති කරමිනි.

වැස්සත් දැඩි සුළඟත් පැවැති මෙම අවස්ථාවේ මිල්ලනිය හන්දිය ආසන්නයේත් ඉන් කිලෝමීටර් දෙකත් හතරත් අතර දුර ප්‍රමාණයක ස්ථාන කිහිපයකට එකම ප්‍රමාණයේ ඉබි පැටවුන් වැටී තිබුණේ එකම වෙලාවකම වීම එහි ඇති විශේෂත්වයයි.

මිල්ලනිය කොළමැදිරිය මාර්ගයේ පදිංචි තරුණයකු වූ අමිල ඒ ගැන පැවැසුවේ මෙවැන්නකි. අපි තුන් දෙනෙක් වැස්ස වෙලාවේ ඉන්න කොට එකපාරටම මොනව හරි වැටෙනවා වගේ සද්දයක් පාර පැත්තෙන් ඇහුණා.

ඒ වෙලාවේ තරමක වැස්සක් තිබුණා. සුළඟකුත් ඇල්ලුවා, තාර පාරට ටොක් - ටොක් ගාල ගල් කැට වැටෙනවා වගේ දැකලා වැස්සෙම මමයි, චානකයි, චතුරයි පාරට දුවලා ගිහින් බැලුවා. එතකොටත් පාරෙ ඉබි පැටවුන් හතරදෙනෙක් හිටියා. විනාඩි පහකට විතර පස්සේ තව තුන්දෙනෙක් වැටුණා. මීට ඉස්සර මේ වගේම මාළුත් මේ පැත්තට වැටිලා තියෙනවා. පරගස්තොට අරකගොඩ පැත්තෙත් මේ ප්‍රමාණයේම පැටවු හම්බවෙලා තියෙනවා කියලා පස්සේ ආරංචි වුණා.

ප්‍රංශ ළඳුන් තනපට ගලවයි…….



බටහිර රටවල කාන්තා පියයුරු පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

මේ හේතුවෙන් පිළිකා රෝගය මැඩපැවැත්වීම සඳහා බලධාරීන්ට අවධාරණය කිරීම පිණිස ප්‍රංශයේ “පින්ක් බ්‍රා බසාර්” නම් වු සංවිධානයක් විසින් විරෝධතාවයක් දියත් කර තිබුණි.

ඒ සුප්‍රකට ප්‍රංශ අයිෆල් කුළුණ අසළයි‍.

මේම විරෝධතාවය සම්ප්‍රදායික විරෝධතාවලින් බැහැරව සිදු වු විරෝධයකි.

එනම් ප්‍රංශයේ අයිෆල් කුළුණ අසළට පැමිණි කාන්තාවන් තමන් ඇඳ සිටි තනප‍ට ගලවා අහසට විසිකර තම විරෝධය දක්වන ලදී‍.

මේ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රංශයේ අදාළ ස්ථානය අවට පිරිස් විශාල වශයෙන් එක් විය.

අතුරුදන් යානය හොයන්න මුහුදේ ඉඩ දෙනු බෑ...



අතුරුදන් වු මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු සඳහා චීන යුධ නෞකා ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු කිරීමට චීන රජය කළ ඉල්ලීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.

චීන නාවික හමුදාව විසින් ඉන්දීය බලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් ඊයේ දිනයේ මෙම ඉල්ලීම කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය බලධාරීන් පවසා ඇත්තේ මේ වන විටත් අතුරුදන් වු යානය සෙවීම සඳහා එරට නාවුක හමුදාව සහ ගුවන් හමුදා අන්දමන් දූපත ආශ්‍රිත ඉන්දීය මුහුදු සීමාවේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ හේතුවෙන් චීන යුධ නෞකා අදාළ මුහුදු සීමාවේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් පෙන්වාදී තිබේ.

ඉන්දීය හමුදාවන්ට අයත් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයට චීන යුධ නෞකා ඇතුළු වීමෙන් ඉන්දීය හමුදාවේ රහස්‍යය භාවය අනාවරණය විය හැකි බැවින් බව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

පෙම්වතීගේ දරු ගැබ වනසා කලලය ගෙන පෙට‍්‍රල් දමා පුච්චලා...


තම පෙම්වතියගේ සත් මස් දරු ගැබක් වනසා බිළිදු කළලයට පෙට‍්‍රල් දමා පුළුස්සා දමා පෙම්වතිය ද අත හැර දමා පළා ගොස් සැඟ වී සිටි තරුණයකු අධිකරණයට භාර වීමෙන් අනතුරුව මාර්තු 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

දෙහිවල පොලීසියට ගබ්සාවට ලක් වූ තරුණ කාන්තාව කළ පැමිණිල්ලක් මත සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබිණ.

මොවුන් වසරකට ආසන්න කාලයක් දෙහිවල වෛද්‍ය පාරේ නිවසක විවාහ නොවී අඹු සැමියන් ලෙස පදිංචිව සිට ඇති අතර එම නිවසේ වැසිකිළියක් තුළ මෙම කාන්තාව ගබ්සාවකින් කළලය ප‍්‍රසූත කර තිබුණි.

නිරෝගීව වැඩුණ කළලය නාන කාමරයේ පොළොවට වැටී ඇති අතර සිහින් හඬ්න් හැඬූ බවත් පසුව සැකකාර පෙම්වතා ඔහුගේ ටී ෂර්ට් එකකින් කළලයේ මුහුණ වසා ඊට පිහියකින් ඇණ පෙට‍්‍රල් දමා පුළුස්සා ඉතිරි කොටස් මොරටුව, පිළියන්දල පාරේ වෙල් යායකට දමා ආ බව ප‍්‍රශ්ණ කිරීමේදී කාන්තාව හෙළි කර තිබේ.

රන්මැණිකා වසර 39 කට පසු බෝගම්බර.


අනුරාධපුර සාලියපුර ඉපැදී නම ගිය අපරාධකරුවකු වී සිරෙන් ද කිහිපවරක් පැන ගිය ඩී ජේ සිරිපාල හෙවත් ‘මරු සිරා’ 1975 අගෝස්තු 05 වැනිදා මහනුවර බෝගම්බර සිර ගෙදරදී එල්ලා මැරූ ස්ථානය බැලීමට ඔහු බිරිය රන් මැණිකා (70) ඇගේ ඥාතීන් සමඟ එහි ගියාය.
ඔහු රදවා සිටි සිර මැදිරියට දුටු ඇය හඬා වැටෙමින් පැවසුයේ ‘සිරිපාල මා දලා ගියා’ යනුවෙනි.
එල්ලුම් ගහ අසලට ගිය ඇය එතැනදීත් හඬා වැටුණාය.

මැරූ දවසට පෙර ඔහු නිදි බෙහෙත් පෙති අධික ප්‍රමාණයක් ශරීරගත වීම නිසා ඔහු පෝකයට රැගෙන ගියේ සිහිසුන්වය.

දෙපයින් පෝරකයට යන සිරකරුගේ බෙල්ලට තොණ්ඩුව දමා ලණුව පහළ ඇදීමෙන් මොහොතකින් මරණය සිදුවෙතත් ඔහු ගිලන් මැස්සකින් රැගෙන ගොස් ගෙළට තොණ්ඩුව දැමීම නිසා ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වීමට සෑහෙන වේලාවක් ගත වු බව බන්ධනාගාර වාර්තා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයට ජනාධිපති කොමිසමක් ද පත් කැරිණි.

Thursday, March 20, 2014

කෙසෙල් කවන්න ගිය භික්ෂුව වන අලි ප්‍රහාරයෙන් අපවත් වෙති...



ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් බ්‍රහස්පතින්දා (20දා) උදේ සේනාසනය තුළට පැමිණි වන අලියකුට කෙසෙල් ගෙඩි දීමට ගොස් අලියාගේ ප්‍රහාරයට ලක් වී අපවත් වී තිබේ. අපවත් වී ඇත්තේ ගාල්ල, ගෝනපුර සරණංකර (65) හිමියන් ය. උන්වහන්සේ මීට වසර හතරකට පමණ පෙර සසුන්ගත වී තිබේ. අනතුරුව හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි බඳගිරිය, තම්මැන්නාව, බැමිණියන්හල ආරණ්‍ය සේනාසනයේ භාවනානු යෝගීව වැඩ සිට තිබේ.
මෙම සෙනසුනට දිනපතා වන අලින් පැමිණෙන අතර, උන්ට ඉතිරි වී තිබෙන ආහාර ලබා දීම සිදු කෙරී ඇති බව හම්බන්තොට පොලිසිය කියයි. බ්‍රහස්පතින්දා (20දා) උ‍දේ එසේ පැමිණි වන අලියෙකුට කෙසෙල් ගෙඩි දීමට යාමේදී අලියා කිපී, සරණංකර හිමිට පහර දී තිබෙන බව අනාවරණය වී තිබේ.
අපවත් වී වදාළ සරණංකර හිමිගේ දේහය හම්බන්තොට රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය බ්‍රහස්පතින්දා (20) සිදු කිරීමට නියමිතය. හම්බන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බ්ලූ ෆිල්ම් බලපු තරුණියට ආසාවෙන් ඇඟට රිංගූ ප්‍රෙතයකු කළ විපතක්.....


සමහර මවුපියන් තමන්ගේ ව්‍යාපාර ආදී කටයුතුවලට මුළු කාලයම කැප කරන්නේ ආර්ථික දියුණුවම ජීවත්වීම යැයි සිතාගෙනය. මේ හේතුවෙන් අවුල් වී ගිය පවුල් බොහෝය.

ජයවීර හෝමාගමට ආසන්නව පදිංචි ව්‍යාපාරිකයෙකි. සිය ව්‍යාපාරික කටයුතු සඳහා පාන්දරින්ම නිවෙසින් පිටත්ව යන ඔහු ආපසු නිවෙසට පැමිණෙන්නේ මැදියම් රැයේය. බොහෝවිට තම එකම දියණියට මේ පියා දැකගන්නට ලැබෙන්නේ මාසයකට දින හතර
පහකටවත් අඩුවෙනි. ඊටත් වඩා බරපතළ ගැටලුව වී ඇත්තේ ජයවීරගේ බිරිය සුජීවාද දිනපතාම සමාජ සේවා සංවිධානවල කටයුතු සඳහා නිවෙසින් පිටව ගොස් කාලය ගත කිරීමය. එය නම්බුකාර ඉහළ පැළැන්තියේ සමහර පවුල්වල නෝනලාගේ චර්යාවකි. ඇතැම් දිනෙක ඇය ටිකක් වේලාසනින් බංගලාවට පැමිණියද වහාම ඇඳුම් මාරු කරගෙන ශාරීරික ව්‍යායාම සඳහා පිටත්ව යන්නීය. මේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයාත්, ඉහළ පෙළේ සමාජ සේවිකාවත් මෙසේ නිතර නිවෙසින් පිටව සිටීම නිසා තම එකම දියණියට තනි නොතනියටත් ඇයි හොඳයියටත් සිටින්නේ සේවිකාවකි. දහඅට හැවිරිදි දියණිය චාමිකා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන්නීය.

රුපියල් ශත පස්සේ දුවන තාත්තාත්, සමිති සමාගම්, ළමා නිවාස ආදියේ පොදු සේවයේ දෝලනය වන අම්මාත් දුවගේ අධ්‍යාපනයද මුදලටම භාර දී ටියුෂන් ගුරුවරයකු ගෙදරට ගෙන්වා දුන්හ. අන්තර් ජාලයෙන් වැඩිහිටි දර්ශන බලන්නට පුරුදුව සිටි චාමිකා විසිනව හැවිරිදි විවාහක ටියුෂන් ගුරුවරයා සමඟ තම නිදන කාමරයේ ලගිද්දී එය සේවිකාවගේ ඇස ගැටිණි.
සේවිකාව මේ පොඩි නෝනාගේ රහස්‍ය සිද්ධිය ලොකු නෝනාගේ කනේ තැබුවාය. සුජීවා කළේ වහාම ටියුෂන් සර්ගේ ගෙදරට ගොස් ඔහුට කම්මුල් පහර කීපයක් ගැසීමය.

එතැන් පටන් මේ වන විට චාමිකා අසම්මත චර්යාවන්ට ඇබ්බැහි වී පවුල්කාර පිරිමින් පස්දෙනකු සමඟ පලා ගොස් සැඟවී සිටියදී මවුපියෝ ඇය සොයාගෙන පැමිණියහ. කෙල්ල කැමැත්තෙන්ම ඉදිරිපත් වේ නම් ඇගේ ළඟ ඕනෑතරම් මුදල් ගැවසේ නම් ගසා යන ජලයෙන් දෝතක් ගන්නට ගැනුම්කාරයන් නැද්ද?
මෙසේ අතින් අතට ගිය තරුණිය, බලා සිටියදී සිරුර වැහැරී ගොස් අසනීප වූවාය. රාත්‍රියට හීනෙන් බය වී අඬන්නට වූවාය. 'මව්බිම' පත්‍රයේ පළවන "මළවුන්ගේ හෝරාව" විශේෂාංගය කියැවූ ජයවීර, සුජීවා සමඟ සාකච්ඡා කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා දියණිය කැඳවාගෙන ආවේය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී චාමිකාට ප්‍රතිකාර පැතීය.

පළමු ගවේෂණයේදී චාමිකා ගැහෙන්නටත් යටි ගිරියෙන් හූ කියමින් අඬන්නටත් වූවාය. දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වන ලෙසටත් ඊට පවුලේ තුන්දෙනාම සහභාගි විය යුතු බවටත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
ඊළඟට ඔවුන් පැමිණෙන දිනයේ නාගොඩවිතාන මහතා වැඩිහිටියන් ඉවත්කොට රෝගී තරුණිය සමඟ සාකච්ඡා කළේය.

"මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකකටයි ගියේ. මගේ පන්තියේ මිතුරියක් මට ඩී.වී.ඩී. එකක් දුන්නා. ඒක බ්ලූ ෆිල්ම් එකක්. මගේ තාත්තා ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. අම්මා සමාජ සේවයට ගිහින් ගෙදර එන්නේ හවස් වෙලා. ඒ ඇවිත් ජිම් එකට යනවා. එයත් ආපහු එන්නේ රෑ වෙලා. ඇවිත් ඒ දෙන්නා කෑම කාලා නිදා ගන්නවා. මට හරිම පාළුයි. මම බ්ලූ ෆිල්ම් බලන්න පුරුදු වුණා. මට උගන්නන්න ගෙදරට ආපු ටියුෂන් සර් දවසක් දැක්කා මම බ්ලූ ෆිල්ම් එකක් බලනවා. එයත් මගේ කාමරේට ඇවිත් ඒක බැලුවා. දවසක් වැඩකාරි කුස්සියේ වැඩ කරද්දී සර්රුයි මමයි මගේ නිදන කාමරේට ගියා. මේක වැඩකාරි දැකලා අම්මට කිව්වා. අම්මා සර්ගෙ ගෙදරට ගිහින් සර්ට ගහල ඇවිත් තිබුණා. ඊට පස්සෙ සර් ආවෙ නෑ. ඒ වුණාට මම රෑට නින්දට ගිහින් සර් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා."

මේ අතරේ මට මොනවා වුණාද දන්නේ නෑ. දැක්ක දැක්ක මිනිහත් එක්ක යන්න ආස හිතුණා. ඉස්කෝලෙ ගිය ගමන් පාරෙදි දැක්ක අය එක්ක යන්න හිතුණා. මේ වගේ පස්දෙනෙක් එක්ක ගියා. ඒත් තාත්තා මාව හොයාගෙන ආවා. දැන් මට කන්න බෑ. නින්ද යන්නෙ නෑ. හිටි හැටියේ මොනවා වෙනවාද කියලා මමම දන්නේ නෑ. ඒ වගේම නාන්න හිතෙන්නේ නෑ. පිරිසුදුවට ඉන්න හිතෙන්නෙ නෑ. හරිම ලස්සනට හැඩට පිරිසුදුවට හිටපු මගේ හැටි දැන් බලන්න. ඇට ගැහිලා." චාමිකා අඬන්නට වූවාය.
යළිත් මවුපියන් ගවේෂණ කාමරයට ගෙන්වා චාමිකා වෙත ශක්ති කිරණ එල්ලකොට දිෂ්ටි ගැන්වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

"කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?"
"මට මගේ නම මතක නෑ."
"කොහේ කෙනෙක්ද?"
"අනුරාධපුරයේ."
"ඇයි මෙහෙට ආවේ."
"දවසක් වාහනයක හැපිලා මම මැරුණා. ඊට පස්සේ පා වෙවී හිටියා. පා වෙවී එනකොට මේකිව දැකලා මේකිගෙ ඇඟට රිංගුවා."
"ඇයි මෙයාගෙම ඇඟට රිංගන්න හිතුණේ?"

"මේකි හැම තිස්සෙම කවුරු හරි පිරිමියෙක් මෙයා ළඟට එනව නම් හොඳයි කිය කියා හිත හිතා ඉන්නවා. නිතරම බ්ලූ ෆිල්ම් බලනවා. ඒ වෙලාවට මෙයාගෙ ශරීරයෙන් සුවඳක් පිට වෙනවා. ඒක ආශාවේ කිරණක්. මමත් ඒකට ආශා හිතිලා ඇඟට රිංගුවා. මේකි කවුරු හරි පිරිමියෙක් එක්ක කතා කළොත්, නැත්නම් පිරිමියෙක් මේකි එක්ක කතා කළොත්, මම ඒ මිනිහගෙ ශරීරයට රිංගලා ඔළුව අවුල්කර මුන් දෙන්නව සම්බන්ධ කරනවා. එකතු කරනවා. මම ඒවා බලලා සතුටු වෙනවා. මම දැන් මෙයාව දාලා යන්නේ නෑ. මට මෙයාව දාලා යන්න බෑ. අනේ මහත්මයා මට යන්න නම් කියන්න එපා"යි භූතාත්මය බැගෑපත් වූයේය.

"එහෙම කියලා හරියන්නේ නෑ. මේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න ඉඩ දෙන්න බෑ. මෙයා මනුස්ස දුවක්. තමුන් අමනුස්සයෙක්. මෙහෙම ගියොත් මේ ළමයා මැරිලා යාවි. පවුලේ එකම දරුවා. මිනිස්සු අතින් වැරැදි අඩුපාඩු වෙනවා. ඒත් ඒවා නිවැරැදි කරගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෑ. තමුන් අනුරාධපුරේ කෙනෙක් නම් මේවයෙ රස්තියාදු ගහන්න ඕනෑ නෑ. අනුරාධපුරය කියන්නේ පින් බිමක්. අනුරාධපුරේ ඉන්නකොට පිනට දහමට යොමු වෙන්න පුළුවන්. කරුණාකර මේ ශරීරයෙන් ඉවත්වෙලා වහාම පිටවෙලා යන්නැ"යි කියා ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවා ශරීරයෙන් එළියට ඇද දැම්මේය. චාමිකාගේ පලුදු වී තිබුණු ශක්ති වළල්ල (ඕරා) සකස් කොට ආරක්‍ෂාවක් දැම්මේය.

ඊළඟට මවුපිය දෙදෙනාට අවවාද කළේය. "මහත්තයයා මිනිස්සු බිස්නස් කරන්නේ ජීවත් වෙන්න. ඒ මිසක් ජීවත්වෙන්නේ බිස්නස් කරන්න නෙවෙයි. රුපියල් සත පස්සෙ දුවන තමන්ගෙ බිරිය දරුවො ගැන සිහියක් නෑ. ඒ අය කොහේ යනවද මොනවා කරනවද දන්නේ නෑ. රුපියල්.... රුපියල්... රුපියල්... විතරයි. තමුන්ට ඉන්නේ එකම දරුවයි. ඒ දරුවගේ ජීවිතේ කාලකණ්ණි වෙලා. දැන් රුපියල් සතවල වටිනාකමක් තියෙනවාද? තමන්ගෙ කාලය සැලැසුම් කරගන්න. පවුලේ අය සමඟ විනෝද ගමන් යන්න. ආගමික කටයුතුවල යෙදෙන්න. එකට කන්න බොන්න. ඒකට තමයි සහජීවනය කියන්නේ.

නෝනත් ඔය විකාර නතර කරන්න. සල්ලිකාර පවුල්වල නෝනලාගේ බොහොම දෙනෙක් ඔය සමාජ සේවය කියලා කරන්නේ දිලිසෙන්න. දැන් බලන්න ළමා නිවාස, සමිති සමාගම්, පොදු සංවිධානවලට කාලය කැප කරනවා. අනුන් හදන්න ඉස්සෙල්ලා තමන් ළඟ එකම දරුවා හදාගන්න බැලුවේ නැහැ. දැන් හිතලා බලන්න ඔය සමාජ සේවය කියලා කළේ බොරුවක්නෙ. නම්බුවට විකාර කරනවා. තමන්ගේ එකම දුවගේ ජීවිතේ කාලකණ්ණි වෙද්දී තමන් නම්බුවට බොරු කළා. ජිම් ගියා. ස්වීමින් පූල් ගියා. සමහර නෝනලා රටේ ප්‍රසිද්ධ හාමුදුරුවන්ගෙ පන්සල්වලට ගිහින් ඒවයෙ ඇතුළ පිට අතුගානවා. සමහර නෝනලා මුළු දවසම ගත කරන්නේ පන්සලේ. අම්මා තාත්තාට මහත්තයාට සලකන්නේ වැඩකාරයෝ. සාත්තු කරන්නේ වැඩකාරයෝ. ඕකද බුද්ධ ධර්මය? ඕවා හීනමානයට අහංකාරකමට බොරු නම්බුවට කරන වැඩ. මේ දරුවා මිනිස්සු පස්දෙනෙක් එක්ක අනාචාරයේ හැසිරෙද්දි අම්මා සමාජ සේවයෙ. මේ හැම දේකටම මවුපියෝ වගකියන්න ඕනෑ.

දැන් මේ ගෙදර සාමය, සමාදානය, සතුට රජ කරන තැනක් කරගන්න. උදේ පාන්දරින් අවදි වෙලා තුන්දෙනාම එකට බුදුන් වඳින්න. හැන්දෑවටත් එකට බුදුන් වඳින්න. ඉඩ තියෙන වෙලාවට තුන්දෙනාම පන්සලට ගිහින් බෝධි පූජා තියන්න. තුන්දෙනාම එකට එක මේසයේ ආහාර ගන්න. මහත්තයාත් දවල් කෑමට ගෙදර එන්න. තුන්දෙනා එක්ක ශ්‍රද්ධාවත් සතුටත් දෙකම ගොඩනඟාගෙන වන්දනා ගමනක් යන්න. ඔය ජීවිත අලුත් කරගන්න. මේ විදියට මාසයක් කටයුතු කරන්න. ඊට පස්සේ නෝනා මේ දුවත් එක්ක හොඳ රටකට ගිහින් දුවට උගන්නන්න. පිටරට හොඳ අධ්‍යාපන ආයතනයකට දුව ඇතුළු කරලා දුවට උගන්නන්න. දුව ඉගෙන ගන්න යවලා අම්මා ඇවිදින්න යන්න එපා. දුව ළඟින්ම ඉන්න. දුවට දැන් ආයෙත් ඉගෙන ගන්න පුළුවන්. අපල උපද්‍රව ඉවරයි. අවුරුද්දක් දෙකක් උගන්නලා උපාධියකුත් අරගෙන ලංකාවට එන්න. ඊට පස්සෙ හොඳ වැදගත් මහත්මයකුට දුව විවාහ කරදෙන්න"යි උපදෙස් දුන්නේය.
"හොඳට මතක තියාගන්න. එහෙම නොකළොත් ඔය සල්ලිවලින් වැඩක් නැහැ. වටිනාකමක් නැහැ. මුදල් කියන්නේ ගනුදෙනු මාධ්‍යයක් විතරයි." යනුවෙන් ද කීවේය.
මේ වන විට චාමිකා සිය මෑණියන් සමඟ විදේශගත වී අධ්‍යාපනය නැවත ආරම්භ කොට ඇත.

අනියම් ඇසුර හෙළි කලැයි එජාප ලොක්කෙකුට නදීෂා පන්න පන්නා ගුටි අනී....


දකුණු පළාත් සභාවට එජාපයෙන් තරඟ කරන ජනප‍්‍රිය නිළි නදීෂා හේමමාලි විසින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයකුට එළව එළවා පහර දී ඇතැයි වාර්තා වෙයි.

නදීෂා හේමමාලිගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල ප‍්‍රධානියා ලෙස වැඩ කළ අයෙක් වන මොහු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ අයකුද වෙයි.

නදීෂා විසින් ඔහුට පහර දී ඇත්තේ ඔහු තමන් සහ නදීෂා හේමමාලි අතර අයථා සම්බන්ධයක්
ඇති බව හිතවතුන්ට පවසන බව ආරංචි වීමෙන් පසුය.

ඔහුට නදීෂා හේමමාලි එළව එළවා පහර දෙද්දී ඔහු බේරාගෙන ඇත්තේ මංගල සමරවීර මහතා විසින් වන අතර පසුව මෙම පුද්ගලයා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එජාප පළාත් සභා මන්ත‍්‍රී ධූරයක් සඳහා තරඟ කරන කාන්තා අපේක්ෂිකාවකගේ ප‍්‍රචාරණ කටයුතු සංවිධානය කිරීම භාර ගෙන ඇති බවද වාර්තා වේ.

දියණියට අතවර කළැයි කී පියා උසාවියේදී බෙල්ල කපාගනී!


සිය 15 හැවිරිදි දියණිය කෙළෙසී යැයි කියන 36 හැවිරිදි පියෙකු අද (20) පොලීසිය විසින් ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කිසියම් තියුණු උපකරණයකින් ඔහු සිය ගෙල කපාගෙන තිබේ.

ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය තුළදී මෙසේ ගෙල කපාගෙන ඇත්තේ ගල්ගමුව, යක්දෙස්සාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු
බව පැවසේ.

සැකකරු ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

Monday, March 17, 2014

මර්සි එදිරිසිංහ මියයයි....

ප‍්‍රකට රංගනි ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වී ඇතැයි වාර්තා වෙයි.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඇය අද පෙරවරුවේ ගම්පහ ප‍්‍රදේශයේ පෞද්ගලික රොහ්ලකදී අභවප‍්‍රාතප්ත වී ඇති අතර මිය යන විට ඇය 64වන වියේ පසු විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

OIC Siriwardena promoted..

මියගිය ඕඅයිසීට උසස්වීමක්

හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණයේ පොලිස් රාජකාරි කරද්දී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කරනු ලැබීය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

The late Chief Inspector Prasad Siriwardena, the Officer in Charge (OIC) of the Borella Police had been promoted to the rank of Superintendent of Police (SP) posthumously on the recommendation of IGP N.K Illangakoon, the Police said.

Inspector Siriwardena died due to violence at Thunnane on the High Level Road, yesterday.

දකුණු අධිවේගයේ බස් ගමනාගමනය අඩාළයි .

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගාල්ල අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව අද (16දා) බස් ගමනාගමනය ඇරඹුණද, එය අද පෙරවරුවේම අඩාළ විය.

මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය කිරීමේදී ඒ සඳහා පෞද්ගලික බස්රථවලට ඉඩ ලබානොදීමට එරෙහිව පෞද්ගලික බස්රථ හිමියන් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් මෙසේ බස් ගමනාගමනය අඩාළ විය.

උදෑසන සිට ලංගම බස්රථ 06 ක් මාතරින් මහරගම බලා ධාවනය කිරීම ආරම්භ කළ අතර, හත්වැනි බසය ධාවනය කිරීමට විරෝධය දක්වමනින් පෞද්ගලික බස්රථ හිමියෝ විරෝධතාව ආරම්භ කළහ.

Saturday, March 15, 2014

දක්ෂිණ අධිවේගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස ජනපති අතින් විවෘත වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කරනු ලැබුවා. පින්නදූව පිවිසුමේ සිදුවූ සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් අධිවේගී මාර්ගය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය විවෘත කරමින් මෝටර් රථයක නැගී පින්නදූව පිවිසුමේ සිට මාතර - ගොඩගම දෙසට ගමන් කළා. ජනාධිපතිවරයා ගමන්ගත් රථය පදවාගෙන යනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින්.

ලොව මවිත කළ ගුවන් ගමනට අදට සතියයි - තවමත් හරි තොරතුරක් නැත්තේ ඇයි?



මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී අදට (15) සතියක් සම්පූර්ණ වුවද මේ දක්වා ඒ ගැන නිශ්චිත හෙළිදරව්වක් සිදුකිරීමට පරීක්ෂණ පවත්වන කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.

ඉකුත් සතියේ (08) වැනිදා මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 නැමැති යානය අතුරුදන් වූ බව විදෙස් වාර්තා අනාවරණය කළේය. 

එදින සිට මේ දක්වා මලයාසියාව, චීනය, අමෙරිකාව, රුසියාව, වියට්නාමය මෙන්ම ඉන්දියාව ද එය සෙවීමේ කටයුතුවල නිරත වෙයි.

එකී ගුවන් යානය මුහුදුට කඩා වැටුණු බවත් සුන් බුන් හමුවු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළද එයද මේ දක්වා නිශ්චිතව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නැත‍.

ලොව ඉහළ යුද තාක්ෂණයක් සහිත අමෙරිකාව, රුසියාව ප්‍රමුඛ චීනයට ද මෙම ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි ස්ථීරවම පිළිතුරක් ලබාදීමට හැකියාවක් නොතිබියදී එකී ගුවන් යානය පැහැර ගැනීමට ලක්ව ඇති බව මලයාසියානු බලධාරීන් පවසන්නේ යැයි නවතම විදෙස් වාර්තා අනාවරණය කළේය.

එය ද සැක සහිත ප්‍රකාශයක්ම බව එම වාර්තාවල දැක්වෙයි.

සත්‍ය වශයෙන්ම එය ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි නම් දියුණු රටවල තාක්ෂණික මෙවලම්වලට සා‍පේක්ෂව ත්‍රස්තවාදීන්ගේ තාක්ෂණික දැනුම වඩාත් පුළුල් බවට ඕනෑම අයෙකුට සාධාරණ සැකයක් මතුවීම ද මෙම වාතාවරණය යටතේ වළක්වාලිය නොහැකිය.

කෙසේ හෝ අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සොයා සිදුකෙරෙන සොදිසි මෙහෙයුම් සඳහා ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් මේ වනවිට යොමුව තිබේ.

ඒ අනූව සෝදිසි මෙහයුම් මලයාසියානු අර්ධද්වීපයේ බටහිර ප්‍රදේශය වෙත වැඩි අවධානයක් යොමුකරමින් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ද අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සෙවීම සඳහා විශේෂ නෞකාවක් සහ ආවේක්ෂණ ගුවන් යානයක් බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට, අන්දමන් මුහුද සහ ඉන්දියන් සාගරය ආශ්‍රිත ප්‍රදේශයන්ට යවා ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

අදාළ යානය අතුරුදන් වු වේලාවෙන් පසු පැය 05 ක පමණ කාලයක් ගුවනේ තිබු බවට ද විවිධ වාර්තා පළ වී තිබේ.

කෙසේ වෙතත් මලයාසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානය ක්වාලාලාම්පුර් දෙසට හරවා ඇති බවට තවමත් සැක පළ කළ හැකි බවයි.

නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක ආසන්න ප්‍රදේශයේදී යානාව කඩා වැටී ඇති බවටද සැක පළව තිබේ.

මරදානේදී දුම්රියක් පිලිපනී .....



මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීග්‍රහාමී දුම්රියක් අද පෙරවරු 10.මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිලී පැන්නේය. කිසිවකුටත් අනතුරක් සිදු නොවූව ද දුම්රිය මර්ගය හා ඇංජිමට බරපතල හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේනතුව කියයි.

ගුවන් යානය සෙවීමට මැලේසියාව අංජනම් බලයි..




මැලේසියාවේ ඉතා ප්‍රසිද්ධ ෂූ බූමෝ කුලයට අයත් ඊබ්‍රාහිම් මැට්‌ සින් (දකුණේ සිට දෙවැන්නා) සහ ඔහුගේ සහායකයන් අංජනම් එළි බැලීම වැනි ගුප්ත වතාවත් මගින් අතුරුදන්ව තිබෙන මැලේසියා ගුවන් සමාගමේ MH 370 අංකය දරන ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක්‌ ක්‌වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී පසුගියදා පවත්වන ලදී.

මෙම යානය මුහුදේ ගිලී ඇත්දැයි ගැඹුරු මුහුදේ දින තුනක්‌ පැවැත් වූ පරීක්‍ෂණයෙන් පසුව, මෙම යානය සෙවීමේ කටයුතු මැලේසියාව විසින් තවදුරටත් ව්‍යාප්ත කර ඇත.

නැති වූ භාණ්‌ඩ සොයා අංජනම් එළි බැලීම ශ්‍රී ලංකාවේත් ඉතා ප්‍රචලිතය. අංජනම් එළි බැලූ පිරිස දකුණු පස සිටිති.

වැසිකිළියේ බිහිකළ බිළිඳාගේ සහ මවගේ ජීවිත බේරාගත් සෞඛ්‍ය සේවිකාව....

අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයේ පැවැති මාතෘ සායනයකදී වැසිකිළියක බිළිඳෙකු බිහි කළ මවකගේ හා බිහි වූ බිළිඳාගේ ජීවිත බේරා ගැනීමට මාතෘ සායනය පැවැත් වූ ප්‍රධාන පවුල් සෞඛ්‍ය ‍සේවා නිලධාරිනිය ඇතුළු තිදෙනෙකුට අද (14) උදෑසන හැකි වී ඇත.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි වසන්තා කහවිට මහත්මිය අද (14) උදෑසන පහේ ඇල ප්‍රදේශයේ පැවැති මාතෘ සායනයට පැමිණ ඇත. එහි පැමිණි ඇය යම් අපහසුතාවයකින් පෙළෙන අයුරු දුටු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් බිම ඇතිරිල්ලක් එලා සුළු වේලාවක් හාන්සි වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.

ටික වේලාවකට පසුව එම ස්ථානයෙන් රෝගි කත අතුරුදන් වී ඇති බව දුටු පවුල් සෞඛ්‍ය ස්වා නිලධාරිනිය වහාම ඇය සොයා ඇති අතර සායනයට පැමිණ සිටි තවත් මව්වරුන් කිහිප දෙනෙකු ඇය වැසිකිලියට යන්නට ඇති බව පවසා ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වු පවුල් සොඛ්‍ය සේවා නිලධාරිනිය වැසිකියට ගොස් බලද්දී බිළිඳාගේ මව වැසිකිලියේ බිත්තියක් අල්ලා ගෙන ඉතා අපහසුවෙන් සිටින අයුරු දැක තිබේ.

නිලධාරිනිය වහාම ඇය පරික්ෂාවට ලක් කරද්දී කුස තුළ සිටි දරුවා අඩක් ප්‍රසූත කර තිබෙන අයුරු දැක නිලධාරිනිය සමග එම සායනයට පැමිණී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුද එක් කරගෙන දරුවාව සායනය තුළ ප්‍රසූත කිරීමට මවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දී ඇත. දරුවා ප්‍රසූත කළ වහාම අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ත්‍රීරෝද රථයකින් පිටත් කර හැරීමට නිලධාරිනියන් කටයුතු කර තිබේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයටද දුරකථනය මගින් දන්වා ඇත.

යම් හෙයකින් දරුවා වැසිකිළිය තුළ බිහිවී බිම ඇද වැටුනේ නම් දරුවාගේ ජීවිතයද කෙළෙවර වීමට ඉඩ තිබූ අතර මෙම නිලධාරිනියන් මව්වරුන් පිළිබඳ සැළකිලිමත් වීම නිසා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකිවිය.

දරුවාගේත් මවගේත් ජීවිත බේරාගැනීමට අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යායේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි චන්දිමා දිල්හානි මහත්මියට හැකියාව ලැබී ඇති අතර ඒ සඳහා පවුල් සෞඛ්‍යෙ සේවා නිලධාරිනීයන් වන ශ්‍යාමලි පෙරේරා මහත්මිය හා කේ.අමරාවතී මහත්මිය සහයෝගය ලබා දී ඇත. දරුවාත් මවත් අද (14) දහවල් වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ 22වාට්ටුවේ නිරෝගීව සිටින අයුරු අප හට දැක ගත හැකි විය.

ඩිල්ෂාන්ට 20 20 ලෝක කුසලානය අහිමි වේද?

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් හට විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ අවධානමක් ඇති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පඅද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඩිල්ෂාන්ගේ අතේ ඇඟිල්ලක ඇතිවී තිබෙන ආබාධය තවමත් සියයට සියයක් සුව අතට හැරී නොමැති බවත් ඒ හේතුවෙන් ඔහු වෙනුවෙන් ආදේශක කී‍්‍රඩකයෙකු ඇතුළත් කරන්නේද යන්න පිළිබඳ තේරීම් කමිටුව සාකච්ඡුාවක නිරත වන බවත් ඔහු සභාපතිවරයා පැවසිය.

කෙසේ වෙතත් දිල්ෂාන් පිළීබඳ අවසන් තීරණය 19 වනදා පැවැත්වෙන පෙර පුහුණු තරයෙන් පසුව තීරණය කරන බව සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ටිකට් නැතිව දුම්රියේ ගිය මගියාට දඩ ගෙවන්න සල්ලි නෑ ....



මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධියක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කළ පුද්ගලයකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට නියම කෙළේය. එම දඩ මුදල ගෙවීමට නොහැකි නම් මාස තුනක් සිරගතවීමටද නියම කෙළේය.

බදුල්ල, තල්දෙන පදිංචි මුදයන්සේලාගේ ප්‍රේමරත්න නමැති සැකකරුවකුට මේ දඩ මුදල නියම විය.
දඩ මුදල ගෙවීමට තමන් අත ප්‍රමාණවත් මුදල් නොමැති බව සැකකරු පවසා සිටි අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය භාර පොලිස් නිලධාරියාට රුපියල් දෙදහසක් ලබාදී දඩ මුදල ගෙවන ලෙස නියෝග කෙළේය.

Thursday, March 13, 2014

අතුරුදහන් යානයේ යයි සැක සුන්බුන් තොගයක් සොයා ගනී....

malaypl2පසුගිය සෙනසුරාදා (08) සිට අතුරුදන්ව පවතින මැලේසියානු එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් M.H.370 යානයේ සුන්බුන් බවට සැකකෙරෙන අබලි ද්‍රව්‍ය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් චීන රජයේ වෙබ් අඩවිය ඔස්සේ මුදා හැර තිබේ. දකුණු චීන මුහුදේ පාවෙමින් තිබෙන විශාල ද්‍රව්‍ය කිහිපයක් දැක්වෙන ඡායාරූප තුනක්මෙලෙස නිකුත් වී ඇති අතර එකී ප්‍රදේශයේ සෙවීම් කටයුතු සිදු කිරීමට වියට්නාමය හා මැලේසියාව සිය ගුවන් යානා යොදවා ඇති බැව් කියැවේ.
මෙම ඡායාරූප ලබා ගෙන ඇත්තේ යානය අතුරුදන්වීමෙන් දිනකින් පසුව වුවද ඒවා මාධ්‍ය වෙත නිකුත් කරන ලද්දේ බදාදා (12) ය. මගීන් 239 ක්ද සමග යානය අතුරුදන්වන ලද්දේ ක්වාලාලම්පූර් නුවර සිට බීජිං නුවර බලා ගමන් කරමින් සිටියදී ය.

malaypl1
malaypl3

ෆේස්බුක් අසම්මත ආදරයට බිලි වූ පන පිටින් පුළුස්සා දැමු බිළිඳිය......

babydehiwalaමාස හතක දරු ගැබක් විනාශ කිරීමට යෑමේදී පණපිටින් බිලිඳිය බිහිවීමෙන් පසු පෙම්වතා සමඟ එක්වී බිලි¼දා ඝාතනය කර කෑලිවලට කපා පුලූ‍ස්සා ඉතිරි වූ කොටස් මොරටු ගඟට දැමීමේ සිද්ධියක් ගල්කිස්ස අධිකරණයෙන් වාර්තා විය.
මෙය ෆෙස්බුක් හරහා ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් දුරදිග යෑමෙන් පසු ඇතිවූ තවත් ඛේදවාචකයක ඵලයකි.  දෙහිවල පොලිසියේ කොස්තාපල් විතාරණ (82496) විසින් ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් සිද්ධිය පිළිබඳව මෙසේ පවසා සිටින ලදී.
ෆෙස්බුක් මඟින් හඳුනාගත් තරුණයෙක් හා තරු‚යක් පසුව විවාහ වීමේ පොරොන්දුව මත අඹු සැමියන් ලෙස හැසිරීමෙන් දරු ගැබක් හටගෙන ඇත. තරුණිය රූපලාවණ්‍ය ශිල්පිනියක් වන අතර තරුණයා සමාජ ශාලාවක සේවය කරන බවත් තරුණයා තවත් තරු‚යක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන මේ තරු‚යගේ දරුගැබ විනාශ කිරීම සඳහා කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ඛෙහෙත් ලබාගෙන පැමිණ කිරි සමඟ මිශ්‍රකර තරු‚යට බීමට දී ඇත.
පැය කිහිපයකට පසු තරු‚ය වේදනාවෙන් සිට ඇති අතර දරුවා බිහිවීමට ආසන්න වී දරුවාගේ ඔළුව එළියට පැමිණ ඇත. තරුණයා එම අවස්ථාවේ දරුවාගේ ඔළුවෙන් ඇද එළියට ගෙන ඇති අතර එම අවස්ථාවේ දරුවා පෙකිනිවැල පිටින් බිම වැටී අඬා ඇත.
තරුණයා පිහියක් ගෙන පෙකිනිවැල කපා දරුවා වෙනත් කාමරයකට ගෙනගොස් මුහුණ තුවායකින් සිරකර ඝාතනයකර පසුව බිලිඳාගේ සිරුර පිහියෙන් කෑලිවලට කපා ඇත. අනතුරුව දෙහිවල මංසන්ධියට ගොස් පෙට්රල් රැගෙන පැමිණ පෙට්රල් දමා කපා දැමූ බිලිඳු සිරුර ගිනි තබා ඇතත් හරියකාර ගිනි නොගැනීම හේතුවෙන් දෙවැනිවරටත් ගිනි තබා ඇත. බිලිඳියගේ සියලූ‍ කොටස් දැවී අළුවී ඇතත් සුළු කොටසක් ඉතිරි වී තිබුණ හෙයින් එය කළුපාට පොලිතින් බෑගයක දමා ත්‍රිරෝද රථයකින් ගෙන ගොස් පිළියන්දල කොස්පැලෑන පාලම අසලින් ගඟට දමා ඇත. ගුරුකමක් සිදුකර අළුටික ගඟට දැමීමට යන බව ත්‍රිරෝද රථ රියැදුරාට පවසා තිබූ බව එම ප්‍රකාශයේ කියැවි‚.
මේ සිද්ධිය පිළිබඳ තරුණිය දෙහිවල පොලිසියට පැමිනිලි කිරීමෙන් අනතුරුව අසාධ්‍යව සිටි තරුණිය පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබි‚. ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය කළුබෝවිල රෝහලට ගොස් තරුණිය පරීක්ෂා කර ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සැකකාර තරුණයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආනන්දලාල්, කොස්තාපල් විතාරණ (82946), බුද්ධික (1525) යන නිලධාරීන් “බී” වාර්තාවක් මඟින් ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වා මහෙස්ත්‍රාත්වරිය කළුබෝවිල රෝහල වෙත කැඳවාගෙන ගොස් තරුණිය පරීක්ෂා කිරීමට කටයුතු සලස්වන ලදී.

යාපනයේ පිපිරීමක්...............

blastයාපනය මිනියම්තෝට්ටම්  හි ගෙවත්තක කුණු ගොඩක් පුළුස්සද්දී  මහා හඬින් පිපිරීමක් ඇති වූ බවත් පුපුරාගියේ කුමක් දැයි නොදන්නා නමුත් එය බෝම්බයක් බවට සැකකරන බවත් නිවැසියෝ කියති. කිසිවකුටත් අනතුරක් සිදුව නැත.

පුත්තලමේ ශාන්ත අන්තෝනි පිළිරුවකින් පිරිසුදු තෙල්, ගම්මිරිස් ඇට, කිරි වහනය වීමක්

anthoniහින්දු බැතිමතුන්ගේ පවුලක පුද සැලකිලි හා වන්දනා ලබන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිළිරු දෙකකින් කිරි, පිරිසුදු තෙල් වහනය වීමේ හා ගම්මිරිස් ඇට මතුවීමේ ආශ්චර්යවත් සිදුවීමක් පුත්තලම නගර ප්‍රදේශයේ නිවෙසකින් වාර්තා වේ.
සිද්ධිය වාර්තා කරන අපේ පුත්තලම වාර්තාකරු කුමාර පෙරේරා අන්තෝනි මුනිඳුන්ගේ පිළිරුව තැන්පත් කොට ඇති නිවෙසට ගොස් මේ අපූරු සිද්ධිය මෙසේ වාර්තා කරයි. පුත්තලම නගර ආසන්නයේ හින්දු බැතිමත් පවුලක් ජීවත්වන නිවෙසේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමා සහ හින්දු දේව පින්තූර තැන්පත් කර වන්දනාමාන කරමින් සිටිනවා. හින්දු භක්තිකයන් වුවත් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානත් මේ අය වන්දනා කරනවා.
මේ නිවෙසේ සිදුවී තිබෙන අරුම පුදුම සිදුවීම දැක බලා ගැනීමට විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණෙනවා. එලෙස සන්නිවේදනය වූ කාරණා සම්බන්ධයෙන් සත්‍යතාව සොයා බැලීමට අපි එහි යන විට වන්දනා කිරීමට කිහිපදෙනෙක් පැමිණ සිටියා. ප්‍රතිමා තිබෙන කාමරයට ඇතුළුවුණු අපට නෙත ගැටුණු දසුන් පිළිබඳ ගැටලුවක් මතුවිය.
නිවෙසේ සිටි කාන්තාව ප්‍රතිමාව තබා තිබූ භාජනයේ තිබූ කිරි ටිකක් රස බැලීමට දුන්නාය. කට ගා බැලූවිට දැනුණේ එළකිරි හා සමාන රසයකි. තවත් ප්‍රතිමාවක් තබා තිබූ භාජනයේ තිබූ තෙල් ටිකක් ගෙන බලන්නට දුන්නාය. එම තෙල් ඉතාමත් පිරිසුදු බවින් යුක්තය.
එම භාජනයේ තිබූ ගම්මිරිස් වෙළෙඳපොළේ තිබෙන ගම්මිරිස් හා සමානය. මේ නිවෙසේ සියලුම තොරතුරු නිවෙසට යන්නට පෙර සොයා ගැනීමට හැකිවිය. නිවෙසේ ගෘහ මූලිකයා වෘත්තියෙන් සිවිල් ඉන්ජිනේරුවෙකි. මුදල් හොයන්න කරන කපටි වැඩක්ද යන්න හිතට වධ දෙන්නට වූ නිසාම එය දැනගැනීම මූලික අවශ්‍යතාව විය.
* එන අය පඬුරු දෙනවද?
අපි පඬුරු ගන්නෙ නැහැ. දෙන අයට කියන්නෙ මඟ තිබෙන පල්ලියකට හරි පන්සලකට හරි දාන්න කියල. මගෙ මහත්තය හොඳ රැකියාවක් කරල පඩියක් ගන්නවා. ජීවත් වෙන්න අපට ඇති. දෙවියන් විකුණල සල්ලි ගන්නෙ නැහැ.
* පත්තරවලට දැම්මෙ නැද්ද?
අපෝ නැහැ. මේ අපට ලැබෙන පිහිටක්. පත්තරවල දාල ප්‍රචාරය කරන්න තරම් වුවමනාවක් නැහැ. අපි පත්තරවලට කීවෙත් නැහැ.
* පත්තරයට දැම්මට කමක් නැද්ද?
ගැටලුවක් නැහැ. ඒක තහනම් කරන්නත් අපට බැහැ. මහත්තය පත්තරයෙන්ද
* ඔව් මම පත්තරෙන් කොහොමද මුලින්ම මෙහෙම වෙන්න පටන් ගත්තෙ.
2014.01.07 දින උදෑසන ප්‍රතිමා තැන්පත් කර වන්දනා මාන කරන කාමරය විවෘත කර බලන විට ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ එක් ප්‍රතිමාවකින් කිරි ඇවිත් තිබුණා. එදා ඉඳලා දිගටම ප්‍රතිමාවෙන් කිරි ආවා. 2014.01.13 වැනි දින කාමරය විවෘත කර බලන විට තවත් අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවකින් ඔලිව් තෙල් වගේ තෙල් ඇවිත් තිබුණා. 2014.01.23 තෙල් ඇවිත් තිබුණා. ප්‍රතිමාවෙන්ම ගම්මිරිස් ඇට ඇවිත් තිබුණ ඉන් පස්සෙ තමයි ටික ටික ආරංචි වෙලා ජනතාව එන්න ගත්තෙ. එන අය මේ කිරි බීල තෙල් ගාල ලෙඩ හො¼ද වුණා කීවා. මම දැක්කෙ නැහැ. එයාල තමයි කියන්නෙ.
* මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
රසායනික පරීක්‍ෂණයක් කරල මේ මොනවද කොහොමද වෙන්නෙ කියල දැනගන්න ලොකු වුවමනාවක් අපට තිබෙනවා.
මේ කිරි, තෙල්, ගම්මිරිස් ගැන රසායනික පරීක්‍ෂණයක් කරන්න ඉදිරිපත් වෙනවා නම් අපි කැමැතියි.
* හින්දු ආගම අදහන අය විදියට ඔයාලා කතෝලික පල්ලියටත් යනවද?
මම අවුරුදු දහයෙ ඉඳල අන්තෝනි මුනිඳුන්ගෙ පල්ලියට යනවා. මම එයාට වඳිනවා. මට ගොඩක් පිහිට ලැබිල තිබෙනවා.
අප ඇසූ පැනවලට එලෙස පිළිතුරු දුන්නේ නිවෙස හිමි රම්‍යා ශ්‍රී හරන් මහත්මියයි. රම්‍ය ශ්‍රී හරන් මහත්මියගේ මව වී. මනෝහරී මෙලෙස කීවාය.
මේ දේව හාස්කමක්. අපි කරන දෙයක් නෙවෙයි. ඉදිරියටත් මොනවද වෙන්නෙ කියල බලන් ඉන්නවා. දෙවියන්ගෙ දේවල් අපට හොයන්න බැහැ. අපි මේවා පෙන්නල මුදල් ගන්නෙ නැහැ. පඬුරුවත් ගන්නෙ නැහැ. ඕන කෙනකුට ඇවිත් පරීක්‍ෂා කරල බලන්න පුළුවන්. තවත් හුඟක් රහස් තිබෙනවා මේවා කීවොත් පිළිගන්න කවුරුත් නැහැ. ඉදිරියෙදි දෙවියො කැමැති දෙයක් වෙයි. අපටත් මේ ගැන හිතා ගන්න බැරුව ඉන්නෙ. වන්දනාවට පැමිණ සිටි පුෂ්පමලර් මව මෙලෙස පැවසුවාය. මම හැමදිනම යාච්ඤාවට එනවා මේ සිදුවීම හිතා ගන්න බැහැ. මට නම් පුදුමයක්.