Sunday, January 5, 2014

Attention.... Be aware from coastal area in northern part of Sri Lanka...

 යාපනය, ත‍්‍රිකුණාමලය, මුලතිව් සහ කිලිනොච්චි වෙරළ රළු වෙයි. 
දිවයින ආශි‍්‍රතව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාපනය, ත‍්‍රිකුණාමලය, මුලතිව් සහ කිලිනොච්චිය දක්වා වෙරළ තීරය දැඩි ලෙස රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම වෙරළ තීරයේ සිට මීටර් 100 ක් ඇතුළත ප‍්‍රදේශයේ රැුඳී සිටීමෙන් වළකින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. එහි සහකාර අධ්‍යක්ෂ සරත් ලාල් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඉල්ලා සිටියේ ධීවර ජනතාවට එම කටයුතුවල නොයෙදෙන ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාපනය අර්ධද්වීපය හරහා හෝ උතුරු දෙසින් වන මුහුදු ප‍්‍රදේශය ඉතාමත් රළු විය හැකි බවයි. එම මුහුදු ප‍්‍රදේශවල පැයට කිලෝමීටර් 100 ක් පමණ තද සුළං සහ මිලිමීටර් 200 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.



-------------------------------------------------------
පීඩන අවපාතය මුහුද රළු කරයි. සුළඟ පැයට 100 km


දිවයින ආසන්නයේ පැවති ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් ශ‍්‍රී ලංකාවට බලපාන අතර එය ත‍්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 200 ක් පමණ නැගෙනහිර දෙසින් පවතිනවා. මේ හේතුවෙන් අද දිනයේදී යාපනය අර්ධද්වීපය හරහා හෝ උතුරු දෙසින් වන මුහුදු ප‍්‍රදේශය ඉතාමත් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම මුහුදු ප‍්‍රදේශවල පැයට කිලෝමීටර් 100 ක් පමණ තද සුළං සහ මිලිමීටර් 200 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි.  මීට අමතරව එම වෙරළ තීරය ආශ‍්‍රිතව මීටර් 3 ක් පමණ උස් රළද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.