Tuesday, November 26, 2013

Earliest 'shrine' uncovered at Buddha's birthplace.

ගෞතම බුදුන් ඉපදුණු කාලය තහවුරු වේ.ලුම්බිණි සල් උයනේ මහ මයා සෑයේ නටබුන් මතුවේ.

Archaeologists digging at Buddha's birthplace have uncovered remains of the earliest ever "Buddhist shrine". They unearthed a 6th Century BC timber structure buried within the Maya Devi Temple at Lumbini in Nepal.

The shrine appears to have housed a tree. This links to the Buddha nativity story - his mother gave birth to him while holding on to a tree branch.

Its discovery may settle the dispute over the birth date of the Buddha, they report in the journal Antiquity.

Every year thousands of Buddhists make a holy pilgrimage to Lumbini - long identified as the birthplace of Siddhartha Gautama, who became the Buddha.

Yet despite the many texts chronicling his life and teachings, it is still uncertain when he lived.

Estimates for his birth stretch as far back as 623 BC, but many scholars believed 390-340 BC a more realistic timeframe.

Until now, the earliest evidence of Buddhist structures at Lumbini dated no earlier than the 3rd Century BC, in the era of the emperor Ashoka.

To investigate, archaeologists began excavating at the heart of the temple - alongside meditating monks, nuns and pilgrims.

They unearthed a wooden structure with a central void which had no roof. Brick temples built later above the timber were also arranged around this central space.

To date the buildings, fragments of charcoal and grains of sand were tested using a combination of radiocarbon and optically stimulated luminescence techniques.

"Now, for the first time, we have an archaeological sequence at Lumbini that shows a building there as early as the 6th century BC," said archaeologist Prof Robin Coningham of Durham University, who co-led the international team, supported by the National Geographic Society.

"This is the earliest evidence of a Buddhist shrine anywhere in the world.

"It sheds light on a very long debate, which has led to differences in teachings and traditions of Buddhism.

"The narrative of Lumbini's establishment as a pilgrimage site under Ashokan patronage must be modified since it is clear that the site had already undergone embellishment for centuries."

The dig also detected signs of ancient tree roots in the wooden building's central void - suggesting it was a tree shrine.

Tradition records that Queen Maya Devi gave birth to the Buddha while grasping the branch of a tree within the Lumbini Garden.

The discovery could aid conservation efforts at the holy site - which has been neglected despite its Unesco World Heritage status.

"These discoveries are very important to better understand the birthplace of the Buddha," said Ram Kumar Shrestha, Nepal's minister of culture, tourism and civil aviation.

"The government of Nepal will spare no effort to preserve this significant site." (Source: BBC)

නේපාලයේ ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැණුනු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ.
ලූම්බිණියේ මායාදේවි විහාරය පිහිටා ඇත්තේ සිදුහත් කුමරුන් උපත ලැබූ සල් උයනේ වන අතර කැණීම් වලදි සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලාගෙන සිටි බව කියන ගස ආවරණය කරමින් තැනූ විහාරයයි.
මෙම විහාරය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් වන බවත් ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරයට යටින් ඉදිකර තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
පුරාවිද්‍යාඥයන් මෙම කැණීම් ආරම්භ කරන ලද්දේ මායා විහාරයේ මධ්‍යයෙනි.
මෙම විහාරයේ පියස්සක් නොමැති බවත් දැවයෙන් කරන ලද ගොඩනැගිල්ලක් වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති. ඉන්පසුව ඒ මතින් ගඩොලින් විහාර තනා ඇති බවද ඔවුහු කියති.
මේ සොයා ගැනීමත් සමග බුදු රදුන්ගේ උපත පිළිබඳ මෙතෙක් තිබූ මතවාද නිරාකරණය වනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ පවසති.
බුදු රදුන් උපත ලැබූ ස්ථානය ලෙස නේපාලයේ ලූම්බිණිය හඳුනාගෙන තිබූ අතර සෑම වර්ෂයකම ලූම්බිණිය වැද පුදා ගැනීමට දහස් ගණනින් ජනයා එහි පැමිණෙති.
බුදු රදුන් උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 390ත් ක්‍රිස්තු පූර්ව 340ත් අතර කාල සීමාවේදි බවට ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය මේ සමග බිඳී යනු ඇතැයි පුරා විද්‍යාඥයෝ කියති.
මේ වනතෙක් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි පැවතියේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා පමණි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී පැවැතියේ අශෝක අධිරාජ්‍යයාගේ කාල සීමාවයි.
මෙම කැණීම් වලදි සොයාගත් ගොඩනැගිලි ශේෂයන්, අඟුරු කැබැලි හා ධාන්‍ය වර්ග විකිරණ කාබන් හා සම්බන්ධ තාක්ෂණයන් යොදාගනිමින් පරීක්ෂාවන්ට ලක්කරන බව කැණීම් වලට එක් වූ පුරාවිද්‍යාඥයෝ පවසති.
මෙම කැණීම් වලට ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතළු පිරිසක් ද සහභාගි වූහ.


(බීබීසී හා සීඑන්එන් වාර්තා ඇසුරෙනි)

Monday, November 25, 2013

SL wins gold at Commonwealth Weightlifting Championship .


පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශෂිකට රන් පදක්කමක්
Shashika Ekanayake of Sri Lanka won gold in the youth division in the 50 kg. weight category at the Commonwealth Weightlifting Championships in Malaysia, a short while ago.

He won gold by lifting in the 114 kg weight category under the “clean and jerk” method and also the 83 kg. category under the “snatch” method with a total weight of 197 kg. 

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ශෂික ඒකනායක රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

මලයාසියාවේදී පැවත්වෙන මෙම තරගාවලියේදී ශෂික සහභාගී වූයේ, යොවුන් අංශයේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ ය.

එහිදී ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 83ක් එස වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එස වූ බර කිලෝග්‍රෑම් 114කි.
ශෂික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එස වූ බර ප්‍රමාණය පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියකදී යොවුන් අංශයේ වාර්තාව අභිබවා යාමක් වීම ද විශේෂත්වයකි.

මීට පෙර එම ක්‍රමයට යටතේ පැවති වාර්තාගත බර කිලෝග්‍රෑම් 113කි.
දෙවන ස්ථානය සත්කාරක මලයාසියාවට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ, ඉන්දියාවටයි.





Saturday, November 23, 2013

MP S.M.Chandrasena appointed Minister of Special Projects by the President in Anuradhapura .

එස්.එම්.චන්ද්‍රසේන මහතා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස  දිවුරුම් දෙයි...

 
S.M. Chandrasena took oaths as Cabinet Minister of Special Projects before President Rajapaksa in Anuradhapura today, the President’s Media Division said.

Chandrasena assumed duties as a Deputy Minister to the Economic Development Ministry on February 06, 2013. He was one of four Economic Development Deputy Ministers. 

A former Minister of Agrarian Services and Wildlife, Chandrasena had resigned from his ministerial portfolio in September 2012 to facilitate the Chief Ministerial post in the North Central Province for his brother S.M. Ranjith. 

He later took oaths as the Deputy Minister of Agrarian Services and Wildlife in October 2012. 

එස්.එම්.චන්ද්‍රසේන මහතා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ‍. අනුරාධපුරයේදී එම දිවුරුම්දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

චන්ද්‍රසේන මහතා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට පෙර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.



Wednesday, November 20, 2013

Couple stabbed to death in Akmeemana

අබිරහස් ලෙස මරා ඇත්තේ ප්‍රාදේශීය සභාවට තරඟ කළ අයෙක්
___________ couple was stabbed to death with a sharp instrument in the Halgasmulla area of Akmeemana early Wednesday morning (Nov 20), police sources stated. The victims were residents of the Poddala area of Galle, the Police Media Spokesman’s office reported.
Police claimed that no suspects had yet been apprehended over the double murder.

ගාල්ල,අක්මීමන,අංකොක්කාවිල තේ වත්තක් ආශ්‍රිතව අඟහරුවාදා (19) රාත්‍රියේ ත්‍රීරෝද රියකදී කපා කොටා මරා දමා තිබූ යුවළ අතර සිටි ලාල් ප්‍රියන්ත(50)නැමති අය ඉකුත් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අයෙක් බව වාර්තා වේ. මේ යුවළ තේ දලු ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් විසඳා ගන්නට පැමිණ ආපසු යන අතර මෙම ඝාතනය සිදුවී ඇති බවට මූලික විමර්ෂණවලදී හෝඩුවාවක් ලැබී තිබේ.මියගිය කාන්තාව ලාල් ප්‍රියන්තගේ බිරිඳ වන අතර ඇය අනූෂා ලියනගේ(47)නැමැත්තියකි.මෙම අභිරහස් ද්විත්ව ඝාතනය ගැන අක්මීමන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Tuesday, November 12, 2013

POLICE RAID ANOTHER FAKE MONEY PRINTING PRESS, 4 HELD


දාහේ හොර නෝට්ටු ඔරුගොඩවත්තේ හෝටලයක මුද්‍රණය කරලා 
අංක දෙකකින් මුද්‍රණය කළ ව්‍යාජ මුදල් නෝට්ටු 

Peliyagoda Police today arrested four persons allegedly involved in printing a counterfeit currency notes. The arrests were made following a search carried out at a location in Peliyagoda, according to information received.

Fifteen counterfeit notes of Rs 1,000 denomination were found in the possession of the suspects while various equipment, including a computer used for printing the notes were also taken into police custody.

Peliyagoda Police are conducting further investigations into the suspects.
පෙරේදා රාති‍්‍රයේ කැලණිය තොරණ හන්දිය ප‍්‍රදේශයේ ආපන ශාලාවකදී ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මාරු කිරීමට සැරසුන සැකකරුවන් පස් දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්ණ කිරීම්වලදී මෙම ව්‍යාජ මුදල් මුද්‍රණයට යොදාගත් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්, මුද්‍රණ යන්ත‍්‍ර දෙකක්, ස්කෑනර් යන්ත‍්‍රයක් හා මුද්‍රණ කඩදාසි ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම සැකකරුවන් ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ ආපන ශාලාවක් තුළ මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කීරීම සිදුකර ඇති අතර ඔවුන් වැල්ලම්පිටිය, ගොතටුව හා නවගම්පුර යන ප‍්‍රදේශයන් හි පදිංචිකරුවන් වෙති. මීට අමතරව තවත් රුපියල් 1000 නෝට්ටු 280 ක් පමණ ව්‍යාජ ලෙස මාරු කර ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. මොවුන් මෙම කි‍්‍රයාව ඉතා සූක්ෂම අන්දමින් s/62 103247, s/50 889153 යන අංක දෙකකින් සිදුකර ඇති බවට පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


Saturday, November 9, 2013

Cyril Dharmawardana passes away.


 සිරිල් ධර්මවර්ධන අවසන් ගමන් යයි.. 

Veteran actor and former Southern Provincial Council member Cyril Dharmawardana (67) passed away yesterday (November  at the Melbourne Peter Mac Hospital in Australia after battling cancer for the past couple of years, industry sources said.

Cyril Jayatissa Dharmawardana who studied at Richmond College, Galle made his debut as an actor in Henry Jayasena’s play ‘Manaranjana Weda Warjana’. He later acted in stage plays like Makara, Apata Puthe Magak Nethe, Diriya Mawa, Duwili etc. but his role as Saranapala in Kelani Palama became the turning point in his career.

As a film actor he displayed his prowess in Walampuri, Hima Gira, Mother Teresa, Ammai Duwai and other creations apart from tele dramas like Giraya, Bodima, Nadee Geethaya, Hiruta Muwawen (Indiappa Kathawa), Siwu Diya Dahara and several others.

Cyril was married to well known author Swarna Kanthi Rajapakse. FRIDAY, 
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී ප්‍රවීන නළු සිරිල් ධර්මවර්ධන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 

වසර එකහමාරක පමණ කාලයක් පෙනහලු පිළිකාවකින් පීඩා විඳි ධර්මවර්ධන මහතා මිය යන විට 67 හැවිරිදි වියේ පසු විය.

ඔහු වසර 5 ක පමණ කාලයක සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කළේය.
සිරිල් ධර්මවර්ධන මහතාගේ අවසන් කටයුතු මෙල්බර්න් නුවරදී සිදුකිරීමට නියමිත ය.


Thursday, November 7, 2013

Law on helmets from today 07 .



පොලීසියෙන් හෙල්මට් අල්ලයි

The law prohibiting helmets that cover or disfigure the face will be implemented from today, Police said. Accordingly, the riders must wear helmets that can be securely fastened, and that will protect them from a blow to the head and will make them easy to identify. The helmet cannot block the riders’ field of vision and the visor has to be lightly tinted or not tinted at all.

යතුරු පැදිකරුවන්ගේ හිස්වැසුම් භාවිතය පිළිබඳ පොලිසිය දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දක්වා ඇත. 


Sunday, November 3, 2013

Trishaw cruises on Expressway.


රෝද 3ක් කටුනායක අධිවේගයේ ගිහින් අල්ලයි
_____________

A man who allegedly entered the Katunayake–Colombo Expressway in a trishaw, defying Expressway traffic officers at the Peliyagoda entrance, was arrested by the traffic officers near the 11.9 km post on Saturday night, and handed over to the Pamunugama police.

Police said the suspect, a resident of Mawathagama, was heading towards Katunayake in his trishaw.

With a severe warning against driving trishaws on the Expressway, the suspect was released on a personal bail and was to be produced before the Wattala Magistrate on Wednesday.

සීදුව පොලිස් වසමේ පෑලියගොඩ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11.9 කණුව අසලදී කටුනායක දෙසට ගමන් කළ ත‍්‍රීරෝද රථයක් අධිවේගී මාර්ගයේ ගුවන් විදුලි කාර් රථ රාජකාරි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාවතගම ප‍්‍රදේශයේ පදිංචි අයකු වෙයි. මොහු කුලී ගමනක් යන අතරතුරදී මෙසේ පොලිස් භාරයට පත්ව ඇත. ත‍්‍රීවිල් රථවලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීම තහනම් බැවින් එම වරද කියාදී ඉහත ත‍්‍රීරෝද රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා පමුණුගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

සැකකරු ලබන 06 වැනිදා වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පුද්ගලික ඇප මත මුදා හැර ඇත. පමුණුගම පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.




Saturday, November 2, 2013

Chairman of the Tangalle Pradeshiya Sabha charged with the killing a British tourist .


 තංගල්ල සභාපති ඇතුළු 6 දෙනා මහාධිකරණයට

Chairman of the Tangalle Pradeshiya Sabha Sampath Widanapathirana charged with the killing a British tourist Khuram Sheikh leaves the Colombo Magistrate Court yesterday. 

තංගල්ල "ද නේචර්" නිවාඩු නිකේතනයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ට පහර දී ඝාතනය කිරීම හා ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්‌කිරීම සම්බන්ධයෙන් නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර ඇති තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හයදෙනාට ලබන 22 දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා (01 දා) නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් අධිකරණය ඇමතූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම අපරාධයට අදාළව සිදුකළ සියලු විමර්ශන අවසන් කර නීතිපති උපදෙස්‌ ලබාගැනීමට කටයුතු කළ බවත් පැවසීය. එමෙන්ම මෙහි සැකකරුවන් වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ඕබඩ ආරච්චිගේ ලහිරු කැලුම් හෙවත් රවී, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සනත් හා සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අය විත්තිකරුවන් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇති බවත් පොන්ඩිලගේ නුවන් චින්තක හෙවත් පැටී හා එදිරිසූරිය පටබැඳිගේ නදීර ෂාමේල් නමැති සැකකරුවන් මුදාහැර ඇති බවත් කියා සිටියේය.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව ලබන 22 දා කැඳවීමට නියමිතව ඇති බව ද ඒ සඳහා මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ මෙම පැමිණිලි ගොනුවක්‌ සියලු නඩු භාණ්‌ඩත් කොළඹ මහාධිකරණය වෙත යොමුකරන ලෙසට ඉල්ලා සිටින බව ද පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකොට ඇති සැකකරුවන්ට නඩුව කැඳවනු ලබන 22 දා කොළඹ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා චෝදනා ගොනු කොට ඇති සැකකරුවන් හයදෙනාට ලබන 22 දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මුදාහැර ඇති සැකකරුවන් දෙදෙනාට අදාළව නීතිපතිවරයාගේ දැනුම්දීම ලැබී නොමැති නිසා ඔවුන්ට ලබන 22 දා යළි කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.