Thursday, August 29, 2013

Fingerprints to be included in Passports

පාස්පෝට් දෙන්නේ ඇඟිලි සලකුණු ක්‍රමයට

ශ්‍රී ලංකා ගමන් බලපත‍්‍රවල ආරක්ෂිතභාවය සුරක්ෂිත කිරීම සඳහා ඇඟිලි සලකුණු ක‍්‍රමය භාවිත කරනු ලැබේ කිරීමට පියවර ගැනේ. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 677කි. ඉන් රුපියල් මිලියන 629ක් ඕස්ටෙ‍්‍රලියානු රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙයි. මෙම ව්‍යාපෘතිය ආගමන හා විගමන දෙපාර්තමේන්තු විසින් ක‍්‍රියාවට නංවනු ලැබේ.

මේ පිළිබඳ යෝජනාව ජනාධිපතිතුමා විසින් ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කෙළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

Appeal Court bans illegal animal slaughter

කිසිම ආගමික ස්ථානයක අදින් පසු බිලිපූජා තහනම්

ආගමික ස්ථානවල සත්ත්ව බිලි පුජා පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (29) බ්‍රහස්පතින්දා නියෝගයක් නිකුත් කර තිබේ. හලාවත, මුන්ණේෂ්වරම් කෝවිලේ වාර්ෂික බිලිපූජාව වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ය පෙත්සමකින් ඉල්ලා තිබුණි.
සිසිර ද ආබෲ, දිපාලි විජේසුන්දර සහ සුනිල් රාජපක්ෂ යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ
මෙම පෙත්සම සලකා බැලිණ.
පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල පැවසුවේ සතුන් මරා බිලි පුජා කිරීම, සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ පනතට විරුද්ධ බවයි.
ඒ අනුව කිසිදු ආගමික ස්ථානයක මින් ඉදිරියට සතුන් බිලි පූජා සඳහා යොදා ගැනීම තහනම් වනු ඇත.
හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පූජාවට එරෙහිව ආගමික සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් පසුගිය කාලයේදී විරෝධතා දැක්වීය.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දෙවසරේදීම එම‍ කෝවිලේ බිලි පූජා පැවැත්වීමට අවකාශ නොලැබිණ.
අද29දා ලබාදුන් තීන්දුවට අනුව හලාවත මුන්නේෂ්වරම් පමණක් නොව දිවයිනේ කොතැනක වුවද පිහිටි ආගමික ස්ථානයක සත්ව බිලි පූජා නොකළ යුතු බවත්
ඒ අනුව අද සිට මින් ඉදිරියට ආගමික ස්ථානවල සත්ව බිලි පූජාවට ‍නීතියෙන් ඉඩක් නොමැති බවත් පැවසේ.

A Great Sri Lankan in Qutar....

ලාංකිකයා කටාර්හිදී ලංකාවේ නම තියයි ......


කටාර් රාජ්‍යයෙහි දෝහා නුවර සාප්පු සංකිර්ණයක රිය ගාලක තිබී අහුලාගත් කටාර් රියාල් අනුදාහක් රුපියල් තිස්තුන්ලක්ෂයක් අහුලා බාර දුන් ශ්‍රී ලාංකිකයකුට ශ්‍රී ලාංකිකයින්ගේ අවංක කම ගැන දෝහා පොලීසිය ප්‍රණාමය පුද කරයි.
මොහොමඩ් නිබ්‍රාස් නැමති මෙම ශ්‍රී ලාංකිකයාගේ ගුණ අගයමින් එරට අභ්‍යන්තර අමාත්‍යංශ ට්විටර් හා ෆේස් බුක් සමාජ වෙඩ් අඩවි වල පැසසුමට ලක් කැර ඇත.
ශ්‍රී ලංකාවේ ගෙයක් ගැනීමට තරම් වු ඒ මුදල හිමිකරුට භාර දීම ගැන එරට ශ්‍රී ලාංකිකයෝ සතුට පළ කළහ.

Test run from Kilinochchi-Omanthai

දුම්රියක් කිලිනොච්චියට යයි ............

වසර 28කට පසු ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා අද 29 දා පෙරහුරු දුම්රියක් ගමන් ඇරැඹීය.
අද උදෑසන 9.10ට ඕමන්තෙන් පිටත් වූ පෙරහුරු දුම්රිය 10.10 වන විට කිලිනොච්චියට ළඟා විය.
1985 ජනවාරි 19 වැනිදා කොටි ත්‍රස්තවාදීන් කිලිනොච්චි කොකාවිල්හිදී උතුරු දුම්රියට බෝම්බ පිපිරවීමෙන් පසු කිලිනොච්චිය හරහා යාපනය දක්වා දුම්රිය ගමන් නවතා දැමිණි.

Sunday, August 25, 2013

GRADE 5 SCHOLARSHIP EXAM TODAY


පුංචි පහේ කඩඉම අදයි


(25) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 329,725 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඉන් සිසුන් 80,329 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට නියමිතව තිබේ.

විභාග මධ්‍යස්ථාන 2896කදී විභාගය පැවැත්වීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක් ද කි‍්‍රයාත්මක බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාග පරීක්ෂකවරුන්ද 18000ක් පමණ මෙම කටයුතු සඳහා අනුයුක්ත කර ඇත.

මේ අතර පහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන (25දා)අද දිනයේ විභාග මධ්‍යස්ථාන අවට දේශපාලන ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමෙන් වළකින ලෙසට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

විභාග මධ්‍යස්ථානවල රැඳී සිටිය හැක්කේ විදුහල්පති, විභාග කාර්ය මණ්ඩලය හා විභාගයට පෙනී සිටින දරුවන්ට පමණක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය ආරම්භ වීමට මිනිත්තු තිහකට පෙර අනවසර පුද්ගලයන් සියලු දෙනාම විභාග මධ්‍යස්ථානවලින් ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලැබී ඇති අතර ආබාධිත දරුවන් සමඟ එක් අයෙකුට පමණක් විභාග මධ්‍යස්ථානයට පැමිණීමට ඉඩදී තිබේ.

Friday, August 23, 2013

UNP Candidate Mayantha Dissanayake faced an accident...

එ.ජා.ප. අපේක්ෂක මයන්ත දිසානායක හදිසි අනතුරකට ලක්වෙයි......

එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය ආසන සංවිධායක, මධ්‍යම පළාත් සභා අපේක්ෂක මයන්ත දිසානායක මහතා හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.
අද(23) අළුයම එකට පමණ ඔහු ගමන්ගත් රථය විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබු මයන්ත දිසානායක මහතා ප්‍රතිකාර සඳහා මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.

A new ministry titled ‘Ministry of Law and Order’ has been established.....

නීතිය හා සාමය නමින් නව අමාත්‍යංශයක් පිහිටුවයි


නීතිය හා සාමය නමින් නව අමාත්‍යංශයක් ආරම්භ කළ බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

මෙම අමාත්‍යංශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ස්ථාපිත කළ බවත්, එහි ලේකම් ධූරය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා පත්කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

නන්ද මල්ලවාරච්චි මහතා හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ මේ වන විට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද කටයුතු කරයි.

Fire erupts in CEB store at Kollonnawa

විදුලිබල මණ්ඩලයේ ගබඩාවක ගින්නක් ........
විදුලිබලේ ගින්න ගැන ලියන්න මාධ්‍ය ප්‍රකාශකගෙන් අවසර ගන්න ඕනැලු.....


කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයට අයත් කලාප 03 මනු පරික්ෂාගාරයේ අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ පැරැණි ට්‍රාන්ස්ෆෝමර් රැසක් ගිනි ගැනීම සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා කැඳවන බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම ස්ථානයේ ගිනි හටගෙන තිබේ. ඊට හේතුව වශයෙන් දැක්වෙන්නේ මෙම ස්ථානයට ඉහළින් ගමන් ගන්නා අධිබලැති විදුලි රැහැන්වලින් නිකුත් වන ගිනි පුළිගු වැටී ගිනි හට ගන්නා බවයි.

මෙය වාර්ථා කරන්නට සිද්ධිය වූ ස්ථානයට ගමන් කරන්නට විදුලිබල මණ්ඩලයේ එතැන සිටි ආරක්ෂක නිලධාරින් ජනමාධ්‍යවේදීන්ට අවසර ලබා නොදුන්හ. ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අවසර ලබා ගන්නා ලෙසට ආරක්ෂක අංශය පැවසුවේය. මාධ්‍ය ප්‍රකාශකගේ ජංගම දුරකතන අංකයක් ආරක්ෂක අංශය සතුව නොතිබිණ. මේ නිසා විදුලිබල මණ්ඩලයේ පොදු අංකය අමතන්නැයි ආරක්ෂක අංශය ජනමාධ්‍යවේදීන්ට පැවසුවේය. එහෙත් එම අංකයෙන් මාධ්‍ය ප්‍රකාශකයා සම්බන්ධ කර ගන්නට නොහැකි විය.
මෙම තත්ත්වය මත ජනමාධ්‍යවේදීන්ට ඡායාරූප හෝ අදාළ තොරතුරු ලබා ගන්නට අවස්ථාවක් නැති විය. අසල තිබූ නිවසක වහලයකට නැග ඡායාරූප ගන්නට ඡායාරූප ශිල්පීන්ට සිදුවිය. මෙවැනි අවස්ථාවක දී මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයා මැදිරි තුළට වැදී නොසිට සිද්ධිය වූ ස්ථානයට පැමිණ ජනමාධ්‍යවේදීන්ට සහය ලබා දීමෙන් නිවැරැදි තොරතුරු රටට දැන්විය හැකි බව ජනමාධ්‍යවේදීන් පැවසූහ.

The House of 'Ganja Amare' has been fired...

ගංජා අමරේගේ නිවසට ගිනි තබති
දැරිය නැසූ ඝාතකයාට මරණ දඬුවම ඉල්ලා දියතලාවේ උද්ඝෝෂණ .......


අවුරුදු අටක දැරියක් දූෂණය කර මරා දැමූ නලීන් ප්‍රියන්ත කුමාර (39) නැමැත්තා සඟවා ගෙන ඔහුට රැකවරණය ලබා දුන් දියතලාව, ජයමිණිපුර ප්‍රදේශයේ පදංචි ‘ගංජා අමරේ’ නැමැත්තාගේ නිවසට (23දා) උදේ පිරිසක් විසින් ගිනි තබා ඇත. ඉකුත් 18 වැනිදා රාත්‍රියේ දියතලාව, ඇල්ලෙගම පදිංචි වී සිටි අට හැවිරිදි දැරියක් දූෂණය කර මරා දැමූ සැකකරු වන නලින් ප්‍රියන්ත නැමැත්තා, ගංජා අමරේගේ නිවසේ සැඟවී සිටියදී දියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන (22දා) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
යළිත් (23දා) පෙරවරුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නියමයෙන් D.N.A පරික්ෂණයක් සඳහා දියතලාව රෝහලට යොමු කෙරිණ. සැකකරුවා අද උසාවි රැගෙන ආ අවස්ථාවේ ඔහුට මරණ දඬුවම් ලබා දෙන්නැයි කියමින් දහසකට ආසන්න ජනතාවක් දියතලාව නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.

ඒ වගේම මෙම පුද්ගලයාට රැකවරණය සැපයූ ‘ගංජා අමරේ’ නැමැත්තා අත්අඩංගුවට ගන්නැයි ජනතාව උද්ඝෝෂණය කළහ. ‘ගංජා අමරේ’ නැමැත්තා තමන්ගේ දියණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත පසුවන අයෙකි.මේ අතර ‘ගංජා අමරේ’ ඇතුළු ඔහුගේ පවුලේ උදවිය නිවසට ගිනි තැබීමත් සමග ප්‍රදේශයෙන් අතුරුදන් වී තිබේ.

ගංජා අමරෙගේ නිවස ගිනි ගත් ආකාරය. මෙම ගින්න දඅයතලාව පොලිසිය විසින් නිවා දමනු ලැබීය.

Driver who dropped body on road arrested..... Hearse door opens and dumps coffin on road...


මහනුවර දී - අවමංගල රථය පැදවූ රියැදුරු මහනුවර ‍පොලිසිය මගින් අත්අඩංගුවට ........

මහනුවර නගරයේ පිහිටි මල් ශාලාවක සිට නිවසක් කරා රැගෙන යමින් තිබූ මෘතදේහයක් එම මෘතදේහය රැගෙන ගිය වාහනයේ දොර සහ මිනී පෙට්ටියේ පියන විවෘත වී මහනුවර නගර මධ්‍යයේ ඇද වැටීම හේතුවෙන් එම වාහනය පැදවූ රියැදුරු (22දා) මහනුවර ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ මෘත දේහය (22දා) දහවල් එසේ මහමග ඇද වැටුණු අතර ඒ බව නොදත් වාහනයේ රියැදුරු වාහනය නොනවත්වා ඉදිරියට පදවාගෙන ගොස් තිබේ.

මෙම සිදුවීම දැක මහනුවර නගරයේ බොහෝ පිරිස් කලබලයට පත් වූ අතර ඒ අසලට පැමිණි මහනුවර ‍පොලිසියේ රථවාහන අංශයේ ‍පොලිස් නිලධාරින් ඒ බව එම මල් ශාලාවට දැනුම් දී තිබේ. මල් ශාලාවේ සේවකයන් එම සිදුවීම ගැන වාහනයේ රියැදුරට දන්වා තිබේ. ඔහු වාහනය අතරමග නතර කර බැලූ අවස්ථාවේ දී ඔහුට මෘත දේහය නොමැති මිනී පෙට්ටිය පමණක් වාහනයේ තිබෙනු දැකගත හැකිව ඇත.

වහා මොහු වාහනය හරවාගෙන පැමිණ එම මෘතදේහය නැවත මල් ශාලාවට ගෙනගොස් එය නැවත සකස් කර අදාළ මෘතදේහය අයිතිකරුවන්ට භාර දී තිබේ. මේ සිද්ධිය පිළිබඳ මහනුවර ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි.


Gampaha Robbery ended with in 8 Minutes...

වීඩීයෝව සමෘද්ධි නියාමක අල්ලයි
ගම්පහ කොල්ලය මිනිත්තු අටෙන් ඉවරයි
සමෘද්ධි නියාමක කොල්ලෙට බලෙන් අල්ලා ගත්තාලු


(කැබිරියකින් පැමිණි පිරිසක් ‍ කොළඹ දී තමා පැහරගෙන ගම්පහට රැගෙන ගිය බවත් එම පිරිස නාදුනන බවත් නෙළුවේ සමෘද්ධි නියාමක පොලීසියට පවසා ඇතැයි දැනගන්නට ඇත.
එම පිරිස තමා බලෙන් මේ කොල්ලය සඳහා හවුල් කර ගත් බවද ඔහු කියා තිබේ.මෙම සැකකරුගේ මෙම ප්‍රකාශය ගැන සැක පහළ කරන පොලීසිය කියනුයේ එසේ නම් අඩු ගණනේ නෙළුව පොලීසියටවත් ඒ සිද්ධිය දැන්වීමට ඔහුට හැකියාව තිබුණූ බවයි. )

වාහන ලීසිං හා රන්බඩු උකස් ආයතනකයක ගම්පහ ශාඛාවේ සිදු‍වූ රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයක රන්බඩු හා මුදල් කොල්ලයට සැකපිට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි නියාමකයකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම අයතනයේ ආරක්ෂක කැමරාවල පින්තූරවල සිටින පුද්ගලයකු ලෙස ඔහු හදුනාගත් බවත් ගම්පහ පොලීසිය කියයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට අද (23දා) උදේ පානදුරේ පුද්ගලයකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් අනුව මේ වැටලීම සිදු විය.
පොලිසිය දුටු විගස ඔහු බියට පත්වූ ස්වරූපයක් පෙන්වා ඇත.
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා මහතා ඇතුළු පිරිසක් සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් නෙළුව පොලිසියට ගියහ..
පසුගිය බදාදා (21) දහවල් 1.30 ට පමණ මේ කොල්ලය සිදු විය.
සේප්පු දෙකකින් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසූ දහස් හයසියයක රන් බඩු පැකට් 186 ක් සහ රුපියල් එකොලොස් ලක්ෂ හැත්තෑ නව දහස් අටසියයක් රැගෙන ගොස් තිබිණි.
විනාඩි අටකකදී මේ කොල්ලය සිදු වී ඇත.


Airtel is going to leave from Sri Lanka...

එයාර්ටෙල් ලංකාව දාලා යන්න සැරසෙයි ....
සමාගම විකිනීමට ....


ග්‍රාහකයන් සංඛ්‍යාව අතින් ලෝකයේ හතරවන ස්ථානයේ පසුවන භාරති එයාර්ටෙල් සමාගමේ ලංකාවේ මෙහෙයෙම් කටයුතු අබුඩාබි හි එටිසලාට් සමාගම වෙත විකිණීමට කටයුතු යොදා ඇතිබවට "ඉකොනොමික් ටයිම්ස්" පුවත්පත වාර්තා කරනවා.

මෙම ගනුදෙනුව සඳහා භාරතී එයාර්ටෙල් සමාගම වෙත උපදෙස් ලබාදෙනු ලබන්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසිනි. ලංකාවේ එයාර්ටෙල් පාර්භෝගිකයන් සංඛ්‍යාව මිලියන 1.7 කි.

එටිසලාට් ශ්‍රීලංකා හි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 4.5 ක් වන අතර ඔවුන් දැනට ලංකාවේ තෙවන විශාලතම දුරකථන ජාලය වේ.

ඉතුරු ටිකත් කියවන්න -

http://www.kollo-kello.tk/2013/08/blog-post.html

Wednesday, August 14, 2013

DIG Vaas Gunawardena,Ravindu Gunawardena re-remanded till August 27

වාස් ගුණවර්ධනයි පුතයි යළි රිමාන්ඩ්


බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන හා දිමුතු ශ්‍රී මාල් හෙට්ටිආරච්චි ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ.එම් සහබ්දීන් මහතා නියෝග කළේය.
රහස් පොලීසිය අධිකරණයට දැන්වුයේ තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බවයි.