Friday, May 31, 2013

MR pays last respect to Dr.J Jayawardane

ජයලත්ට ජනපති අවසන් ‍ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන‍ මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (31දා ) අවසන් ගෞරව දක්වනු ලැබුවේය.
ජා ඇල වැලිගම්පිටියේ ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ නිවසට අද දහවල් ගිය ජනාධිපතිවරයා ‍ඊට අවසන් ගෞරව දැක්වූ අතර එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 30දා අලුයම අභාවප්‍රාප්ත විය.

Another sad News From Nawalapitiya..

විදුලි රැහැන් සමග කනුවක් හිස මත වැටී සිසුවිය මියයයි

ලොරි රථයක පැටලුන විදුලි රැහැන් සමග විදුලි කනුවක් ඇඟ මතට ඇද වැටීමෙන් මහමග ගමන් කරමින් සිටි නාවලපිටිය, කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක් එයට‍ යට වී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ ගල්පාය,තැලිහුන්න ජනපදයේ පදිංචි දිව්‍යාංජලී විනෝදා නෙත්මිණි රෝයල් නැමැති 14 හැවිරිදි සිසුවියයි.

ප්‍රධාන මාර්ගයෙන් හැරී මෙම සිසුවිය, සිය නැගණිය සහ අසල්වැසි පාසල් ගුරුවරියක් සමග නිවස වෙත යමින් සිට ඇත. එම අවස්ථාවේදී ‍ සිසුවියගේ පියා පදවන ලද ත්‍රිරෝද රථය මොවුන් අසලට පැමිණ තිබේ. ඒ,ඔවුන් නංවා ගෙන නිවස වෙත යාමටය. එම අවස්ථාවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ උස තට්ටුවක් සහිත ලොරි රථය ත්‍රි‍රෝද රථයට ඉඩ ලබා දීමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ දී පහතින් ඇද තිබූ විදුලි රැහැන් ලොරි තට්ටුවේ පැටලී ඇත.

ඒ බවක් නොදත් ලොරි රියදුරා යළි ලොරිය ඉදිරියට ගැනීමේදී විදුලි රැහැන් සමග තිබූ විදුලි කනුව ගැලවී සිසුවියගේ හිස මතට ඇද වැටී ඇත. පරීක්ෂණ පැවැත් වූ කුරුඳුවත්ත පොලිසිය ලොරි රථය සමග එහි රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

PHOTO: මියගිය දිව්‍යාංජලී (මැද) සොයුරියන් සමග

Wallapatta is expensive than Gold...

වල්ලපට්ටා රත්තරංවලටත් වඩා මිලයි

වල්ලපට්ටා යනු රත්තරන් වලටත් එහා ගිය මිල අධික බෝගයක් බැවින් එය ව්‍යාප්ත කිරීමට රජයේ සහාය අවශ්‍ය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ සිංහාරජ ව්‍යාපෘතියේ කළමණාකාර ආචාර්ය සමන්ත සුරන්ජන් ප‍්‍රනාන්දු මහතා සදහන් කරයි.

වනාන්තර ප‍්‍රදේශවල වැවෙන මෙම ශාකය සුවද විලවුන් නිෂ්පාදනයට යොදාගන්නා බැවින් එයට විදේශවලදී අධික මිලක් හිමිවන බව ද හෙතෙම පැවසීය. මේ තත්ත්වය තුළ මෙම ශාකය වාණිජ බෝගයක් ලෙස වගා ඉරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සදහා රජයේ අවධානය යොමුවිය යුතු බවද ආචාර්යවරයා සදහන් කළේය.

‘පසුගිය දවස්වල වල්ලපට්ටා නීතිවිරෝධීව තබා ගත්ත කියලා අත්අඩංගුවට ගෙන තිබුණේ කැලෙන් කපාගෙන තිබුණ හින්දයි. මොකද වල්ලපට්ටා තවමත් ගෙවතුවල වගා කරන්නේ නෑ. නමුත් වාණිජමය වගාවල් ලෙස ව්‍යාප්ත කරන්න නීතිමය බාධාවක් නෑ. එකම ප‍්‍රශ්නය වන්නේ ඒ පිළිබද අපේ සමාජය නොදැනුවත්කමයි.

විදේශිකයන් මේ රටට ඇවිත් මේ ශාකය අරගෙන යන්නේ වටිනාකමක් තිබෙන හින්දනේ. නමුත් අපි තාම එය හදුනාගෙන නැහැ. සුවද විලවුන් හදන්න ගන්නේ වල්ලපට්ටා වල එක් ශාක කොටසක් පමණයි. මිනිසුන් ඒක නොදැන අහුවන ගස් කපන්න ගන්නවා. මේක ජාතික අපරාධයක්. ඒ නිසා වනාන්තරවල තියෙන ගස් කපන එක නවත්වන්න ඕනෑ.

මේ ශාකය වග කිරීමට තාක්ෂණික සහය මුදල් අවශ්‍යයි. ඒ සදහා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට උසස් අධ්‍යාපන අමාත්‍යංශයට විශාල වගකීමක් පැවරී තියෙනවා. එම අමාත්‍යංශවලින් අවශ්‍ය පර්යේෂණ කරලා වගා කරන්න සුදානම් අයට අවශ්‍ය තාක්ෂණික සහය දෙනවානම් රටට හොද ධන උල්පතක් මේ හරහා නිර්මාණය වේවි. මොකද සුවද විලවුන් සදහා ගන්නා වල්ලපට්ටා ශාක විශේෂයට විදේශ වලදී කොතරම් මුදල් ලැබෙනවාද කියා තවම ගණනය කර නෑ. මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවීම වැදගත්’ යැයි ද ආචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

Thursday, May 30, 2013

JAYALATH JAYAWARDENA PASSES AWAY ................................

  මන්ත්‍රී ජයලත් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා අද (30දා) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා එසේ අභාවප්‍රාප්ත වී ඇතැයි ඔහුගේ පවුලේ ඥාතියෙකු පැවසීය
Target-news - JAYALATH JAYAWARDENA PASSES AWAY ................................                                                                                           
ஃஃஃஃஃஃஃஃஃஃஃ     මන්ත්‍රී ජයලත් ජයවර්ධන අභාවප්‍රාප්තවෙයි     ஃஃஃஃஃஃஃஃஃஃஃஃஃஃ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා අද (30දා) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. 
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා එසේ අභාවප්‍රාප්ත වී ඇතැයි ඔහුගේ පවුලේ ඥාතියෙකු පැවසීය. 

UNP MP Dr. Jayalath Jayawardena has passed away at a hospital in Singapore early this morning, a Family member and UNP sources told Ada Derana. He has passed away following a surgery at a private hospital in Singapore, Hospital sources said.              

 Anura S. Liyanage Target-news - May 30, 2013

Wednesday, May 29, 2013

Buddha Blouse in Qatar....

ගෑනුන්ට බුදු රුව ඇති බ්ලවුස් අන්දවලා

කටාර් රාජ්‍ය තුළ බෙදා හැරෙන බුදු රුව සහිත කාන්තා බ්ලවුසයක් උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් අතට පත්ව ඇත. කටාර් රාජ්‍යයේ කර්මාන්ත ශාලාවක කළමණාකරුවකු සතුව තිබූ එම බ්ලවුසය එහි සේවය කළ මාතලේ,රෙඩ්බානාගම,පදිංචි සමන් අසේල මහතාවිසින් ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් වෙත අද (29) උදැසන බාරදී තිබේ. සමන් අසේල මහතා එම බ්ලවුසය බාරදෙමින් කියා සිටියේ කටාර් රට තුළ බුදු දහමට නිගරු කිරීමේ මෙවැනි දේ සිදු වෙන බවයි.

උකුවෙල ශාසාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, පුරිජ්ජල ශ්‍රි සංඝබෝධි පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමි පැවසුවේ “සමන් අසේල මහතා විසින් බාර දෙන ලද මෙම ඇදුම ලාංකිකයකුට අතට ලැබුණ නිසා ගෙනවා.නැත්නම් විවිධ ආකාරයෙන් බුදු රුවට නිග්‍රහ වෙන්න ඉඩ තිබුණා.වර්තමානය වන විට මේ නිර්මල බුදු දහම විනාශ කිරීමේ දේශිය හා විදේශිය බලවේග විසින් කුමන්ත්‍රණයක් සිදු කරන බැවින් සිංහල බෞද්ධයින් හැටියට බුදු දහම ආරක්ෂා කිරිමට නිරතුරුව කැප විය යුතු බවයි.
ගෑනුන්ට බුදු රුව ඇති බ්ලවුස් අන්දවලා 
2013 මැයි 29 11:25 a:m
Lakbima

Please Forgive us....

ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථයකදී හිමිනමකට පහරදී බසයෙන් බිමට ඇද දැමූ සිද්ධියට සම්බන්ධ වූ බස් කොන්දොස්තර හා රියැදුරු අද පහරකෑමට ලක්වූ හිමිනමගෙන් වැඳ සමාව ගත්තේය.

පසුගිය මැයි නව වැනිදා කහවත්ත කෙටේ තැන්නේදී පහර කෑමට ලක්වූයේ සෙවනගල ඥාණවිමල ස්වාමීන් වහන්සේය. ‘රාවණා බලය‘ භික්ෂු සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන උන්වහන්සේ මෙම මෙම සිද්ධිය තම සංවිධානයට ද දැන්වීමෙන් අනතුරුව දෙපර්ශ්නයේ එතඟතාවය මත මෙසේ වැඳ සමාව ගෙන සිද්දිය සමථයකට පත් කැරිණි.

රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් එම් කේ බී දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.

කොළඹ - ඇඹිලිපිටිය බස් රථයේ කොන්දොස්තර ශාන්ත කුමාර හා රියැදුරු ලලිත් කුමාර අද බුද්ධ ශාසන අමාත්‍යංශයේදී මෙසේ වැඳ සමාව ගත්තේය.
ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථයකදී හිමිනමකට පහරදී බසයෙන් බිමට ඇද දැමූ සිද්ධියට සම්බන්ධ වූ බස් කොන්දොස්තර හා රියැදුරු අද පහරකෑමට ලක්වූ හිමිනමගෙන් වැඳ සමාව ගත්තේය.

කරුණාකර අපගේ මුල් පිටුවට පැමිණ (http://www.facebook.com/InternationalBuddhistCouncil ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. අනිකුත් මිතුරන් දැනුවත් කිරීමට ෂෙයාර් කරන්න.

පසුගිය මැයි නව වැනිදා කහවත්ත කෙටේ තැන්නේදී පහර කෑමට ලක්වූයේ සෙවනගල ඥාණවිමල ස්වාමීන් වහන්සේය. ‘රාවණා බලය‘ භික්ෂු සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන උන්වහන්සේ මෙම මෙම සිද්ධිය තම සංවිධානයට ද දැන්වීමෙන් අනතුරුව දෙපර්ශ්නයේ එතඟතාවය මත මෙසේ වැඳ සමාව ගෙන සිද්දිය සමථයකට පත් කැරිණි.

රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් එම් කේ බී දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.

කොළඹ - ඇඹිලිපිටිය බස් රථයේ කොන්දොස්තර ශාන්ත කුමාර හා රියැදුරු ලලිත් කුමාර අද බුද්ධ ශාසන අමාත්‍යංශයේදී මෙසේ වැඳ සමාව ගත්තේය.

*********************************

කොහොම වැන්දත් ඔය පාපෙන්නම් අත මිදෙන්න බැරිවේවි. සංවිධානේ ඉල්ලීමට වදිනවා මිසක් භක්තියකින් වදින බවක් පේන්න නැහැ. සපත්තු දාගෙන හාමුදුරුවරුන්ට වදිනවද? මේ මොනවා උනත් ස්වාමීන් වහසේලා ටික අගේ කරන්න ඕන. මීට වරුද්ධව ගිනි තියාගත්තේ නැති නිසා

Press Conferance in a Paddy Field....

දේවහූවෙ වෙලක් මැද මාධ්‍ය සාකච්ඡාවක්

දැඩි පොහොර හිගයක් පවතින බවත්, ගොවීනට පොහොර නොලැබෙන බවත් කියමින් අමුඩ ගසාගෙන දේවහූව ව්‍යාපාරයේ කුඹුරක දී එහි ගොවියෝ අද 29 ,පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ද ඊට එක් විය.

___________ Target-news - දේවහූවෙ වෙලක් මැද මාධ්‍ය සාකච්ඡාවක්   ___________

දැඩි පොහොර හිගයක් පවතින බවත්, ගොවීනට පොහොර නොලැබෙන බවත් කියමින් අමුඩ ගසාගෙන දේවහූව ව්‍යාපාරයේ කුඹුරක දී එහි ගොවියෝ අද 29 ,පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ද ඊට එක් විය.                                                         

Anura S. Liyanage Target-news - 2013 මැයි මස 29 - කාංචන කුමාර ආරියදාස

Tuesday, May 28, 2013

What happened to Mr John Senavirathne

ආදාහනේදී ඇමැති කතා කරද්දී හූ කියති

ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනයේදී රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනවිරත්න මහතාගේ කතාවට සිංහල රාවයෙන් යැයි කියා ගත් පිරිසක් හූ කියමින් බාධා කළහ.
ආදාහනය පැවතියේ කහවත්ත පොරෝනුව ක්‍රීඩාංගනයේදීය. දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.
ඔබගේ කතාව මෙතනට ඕන නැහැ කියමින් ඔවුහු හූ කියන්නට වූහ.
ඇමැතිවරයා කතාව මදකට නතර කළේය. හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඇමැතිවරයාට කතා කිරීමට ඉඩ දෙන ලෙසයි.
ඇමැති යළිත් කතා කරද්දී හූ හඬ නැගී ආවේය.
ඇමැති ඉක්මනින්ම කතාව අවසන් කළේය.

Funeral of Bowatte Indrarathana Thero..

ගින්දරක් දී ගින්දර සමග නික්ම යයි

මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය.
ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.
ඒ හිමියන්ගේ අපවත්වීමෙන් මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ද මතුවෙයි. වඩාත් අවශ්‍ය වනුයේ ඒ ගිමියන් ගින්නට මැදිවී සිටින ඡායාරූපයක් ගැනීම ද, එසේත් නැත්නම් ජීවිතයක් බේරා ගැනීමට ක්‍රියා කිරීම ද යන්න ශ්‍රී ලාංකාවේදී මතුවූ මුල් වතාව මෙයයි.
ඇමෙරිකාවේ 1982 දී මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවේදී පළ වූ බහුතර මතය වූයේ ඡායාරූප ශිල්පියා සදාචාරය හා මානුශික හැඟීම්වලින් තොරව ක්‍රියා කර ඇති බවයි
ගින්දරක් දී ගින්දර සමග නික්ම යයි

මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය.
ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.
ඒ හිමියන්ගේ අපවත්වීමෙන් මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ද මතුවෙයි. වඩාත් අවශ්‍ය වනුයේ ඒ ගිමියන් ගින්නට මැදිවී සිටින ඡායාරූපයක් ගැනීම ද, එසේත් නැත්නම් ජීවිතයක් බේරා ගැනීමට ක්‍රියා කිරීම ද යන්න ශ්‍රී ලාංකාවේදී මතුවූ මුල් වතාව මෙයයි.
ඇමෙරිකාවේ 1982 දී මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවේදී පළ වූ බහුතර මතය වූයේ ඡායාරූප ශිල්පියා සදාචාරය හා මානුශික හැඟීම්වලින් තොරව ක්‍රියා කර ඇති බවයි

කරුණාකර අපගේ මුල් පිටුවට පැමිණ (http://www.facebook.com/InternationalBuddhistCouncil ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. අනිකුත් මිතුරන් දැනුවත් කිරීමට ෂෙයාර් කරන්න.

Monday, May 27, 2013

Mumbai Indians are the winners of IPL T20...

අයි.පී.එල්. කිරුළ මුම්බායි ඉන්දියන්ස්ටයි
සචීන් සමුගනියි

හය වැනි වරට පැවැති අයි.පි.එල්. ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගය චෙන්නායි සුපර්කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ රාත්‍රී කොල්කටා හිදී පැවැත්විණ.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් විය.

මුම්බායි ඉනිම වෙනුවෙන් කිරන් පොලාර්ඩ් නොදැවී ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වුණේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125ක් පමණි.

චෙන්නායි ඉනිම වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවි ලකුණු 63ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග, මිචෙල් ජොන්සන් සහ හර්බජාන් සිං කඩුළු 02 බැගින් බිඳ හෙළුවේය.

තරගයේ වීරයා ලෙස කිරන් පොලාර්ඩ් සම්මානය හිමි කරගත් අතර තරගාවලියේ වීරයා ලෙස ශේන් වොට්සන් සම්මානය හිමි කර ගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ඔහුගේ සිය අවසන් අයි.පී.එල් තරගාවලිය මෙය ලෙස ප්‍රකාශයට පත් කළේය.
අයි.පී.එල්. කිරුළ මුම්බායි ඉන්දියන්ස්ටයි-සචීන් සමුගනියි
May 27, 2013  08:02 am
 
What is the Truth....?

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි සිරුරට ගිනි තියා ගත්තද?? ඔහුගේ සිරුරට ගිනි තැබුවද ?? මෙන්න ඇත්ත.

සුදු පැහැති කමිසයක් ඇඳගත් පුද්ගලයෙක් වම් අතින් ලයිටරයක් බාවිතා කර උන්වහන්සේට ගිනි තබන අයුරු මෙම video වෙන් නරඹන්න..

මෙම වීඩියෝව හොඳින් බලන්න.. හරියටම තත්පර 0:07 කදී නතර කර බලන්න .සුදු පැහැති කමීසයක් ඇඳගත් පුද්ගලයෙක් වම් අතින් ලයිටරයක් භාවිතා කර උන් වහන්සේට ගිනි තබන අයුරු ඉතා පැහැදිලිව පෙනේ.

https://www.facebook.com/photo.php?v=563404280378840&set=vb.369549889764281&type=2&theater#

Swarnavahini Reporter arrested...

ඉන්ද්‍රරතන හිමි ගිනිතබා ගැනීම වීඩියෝ කළ මාධ්‍යවේදීයා අත්අඩංගුවට

පසුගිය වෙසක් පොහොය දිනයේ දළදා මාලිගය ඉදිරිපිට ගව ඝාතනයට විරුද්ධව තම සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන්ට ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට එම සිද්ධිය වීඞීයෝ කළ මාධ්‍යවේදීයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම මාධ්‍යවේදීයා හිමිනම සිරුරට ගිනිතබා ගැනීමට පෙට‍්‍රල් වත්කරන විටත් එය වැළැක්වීමට මැදිහත් නොවී එය දිගින් දිගටම වීඞීයෝ කිරීම මෙයට අනුබල දීමක් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හිමියන් සිරුරට ගිනිතබා ගන්නා බවට වේලාසනින් එම මාධ්‍යවේදියාට පවසා ඇති බවත් ඔහු එය කිසිදු අයකුට නොපවසා පිරිසක් රැගෙන ගොස් වීඞීයෝ ගත කර ඇති බවත් එහිදී ඔහු එම හිමියන් සමග සිදු කරන දෙබස්වලට අනුව ඒ සඳහා අනුබල ලබාදී ඇති බවත් රහස් පොලිසි ආරංචි මාර්ග පවසයි.
ඉන්ද්‍රරතන හිමි ගිනිතබා ගැනීම වීඩියෝ කළ මාධ්‍යවේදීයා අත්අඩංගුවට
 May 27, 2013 at 11:20 am | lanka C news 

පසුගිය වෙසක් පොහොය දිනයේ දළදා මාලිගය ඉදිරිපිට ගව ඝාතනයට විරුද්ධව තම සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන්ට ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට එම සිද්ධිය වීඞීයෝ කළ මාධ්‍යවේදීයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එමෙන්ම එම මාධ්‍යවේදීයා හිමිනම සිරුරට ගිනිතබා ගැනීමට පෙට‍්‍රල් වත්කරන විටත් එය වැළැක්වීමට මැදිහත් නොවී එය දිගින් දිගටම වීඞීයෝ කිරීම මෙයට අනුබල දීමක් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
හිමියන් සිරුරට ගිනිතබා ගන්නා බවට වේලාසනින් එම මාධ්‍යවේදියාට පවසා ඇති බවත් ඔහු එය කිසිදු අයකුට නොපවසා පිරිසක් රැගෙන ගොස් වීඞීයෝ ගත කර ඇති බවත් එහිදී ඔහු එම හිමියන් සමග සිදු කරන දෙබස්වලට අනුව ඒ සඳහා අනුබල ලබාදී ඇති බවත් රහස් පොලිසි ආරංචි මාර්ග පවසයි.

Saturday, May 25, 2013

Buddhist monk succumbs to injuries after self-immolation

සිරුරට ගිනි තබා ගත් හිමිනම අපවත් වෙයි

ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගැනීම නිසා දැඩිලෙස පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.

දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසීය.

මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී ඊයේ දහවල් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර පිළිස්සුම් තුවාල බරපතළ වූ බැවින් පසුව ගුවන් මගින් උන්වහන්සේ ජාතික රෝහලට රැගෙන එන ලදී.

ගව ඝාතනය වැළැක්වීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන ලෙස පෙර දැනුම්දීමෙන් පසු මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩ විසු පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනම සිරුරට පෙට්‍රල් හලාගනිමින් ගිනි තබාගන්නා දර්ශන ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි.

සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම ගැනද විවිධ මත පළවිය.
සිරුරට ගිනි තබා ගත් හිමිනම අපවත්වෙයි
May 25, 2013  08:42 pm
 
Friday, May 24, 2013

Wesak in Colombo...

කොළොම් පුරේ තොරන් බැඳේ මෙයයි මිතුර කතන්දරේ ......

කොළොම්පුර සිව්දෙස තැනින් තැන මේ වන විටත් වෙසක් තොරණ ඉදිවෙමින් පවතී. ඇතැම් තොරණ නිර්මාණය කර අවසන් වී ඇත. වෙසක් සිරියෙන් හැඩවෙන කොළොම්තොට වතගොත සොයා යන ගමනේ දී අපි මෙවර කොළොම්පුර ඒකාලෝකමත් කරන තොරණ පිළිබඳ ඔබව දැනුම්වත් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ පැරණිම තොරණ වශයෙන් සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක් පුන් ‍පොහෝ දින සිට දින 08ක් පුරා මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් විවෘතව පවතී. මෙම තොටළඟ තොරණ මුලින්ම ප්‍රදර්ශනය කර ඇත්තේ 1955 වර්ෂයේදීය. ඓතිහාසික තොටළඟ තොරණ නිර්මාතෘවරයා වන්නේ විල්බට් පෙරේරා මහතායි. එකල එම තොරණ සඳහා ඒ මහතා මුදලින් රුපියල් 7500ක් වැය කර තිබේ. මහා බද්‍ර කල්ප විනාශය පිළිබඳ කතා පුවත එදා තොරණෙන් ප්‍රදර්ශනය කර ඇත. එවකට තොරණ චිත්‍ර ශිල්පියාට විල්බට් පෙරේරා මහතා රුපියල් දෙදහස් පන්සියක්ද දී ඇත. ඒ පිළිබඳ අප සමග කතා බහට එක්වූ විල්බට් පෙරේරා මහතාගේ පුත් අනුර පෙරේරා මහතා සිය මතකය ආවර්ජනය කරමින් මෙසේ පැවසීය. ආරම්භයේ දී තාත්තා මේ තොරණට මුදල් වැය කළේ පුද්ගලික මුදල්වලින් . තාත්තට ඒ දවස්වල හොඳට සල්ලි තිබුණා. මේ පළාතේ හුඟක් දේ‍පොළවල අයිතිකරුවන් වුණේ අපේ තාත්තායි. මහා භද්‍ර කල්ප විනාශය කතා පුවත ඇතුළත් තොටළඟ ඉදි වූ මුල්ම තොරණ උසින් අඩි අසූ පහක් විය. විදුලි බුබුළු තිස් පන් දහසකින් ආලෝකමත් වී ඇත.එම තොරණ කතාව පටිගත කිරීම කරුණාරත්න අබේසේකර මහතා අතින් විය. මීට අමතරව විදුලි ආලෝක ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ ආරියදාස මහතාය. 61 වෙනි වරටත් පවත්වන තොටළඟ තොරණ මෙවර කතා තේමාව වී ඇත්තේ යමා මහ පෙළහර පෑමේ කතා පුවතයි. මෙහි චිත්‍ර නිර්මාණය චිත්‍ර ශිල්පී පුෂ්පා නන්ද දෙණිපිටිය මහතා විසිනි. කටු සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ තිලංග පීරිස් මහතාය. ඔහු තොටළඟ තොරණ ආරම්භක කටු සැලසුම් ශිල්පී කොල්වින් පීරිස් මහතාගේ පුත්‍රයෙකි. උස අඩි 60ක් පළල අඩි 60 ක් වන මෙම තොරණ විදුලි බුබුළු 45,000 කින් ආලෝකමත් කෙරේ. තොටළඟ තොරණට අද බර පැන දරන්නේ තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියයි. පෑලියගොඩ නගරයේ ඉදිවෙන පෑලියගොඩ නවලෝක තොරණද දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. 57 වෙනි වරටත් පවත්වන පෑලියගොඩ තොරණ මෙවර කතා පුවත “සමනල වරුණ” ලෙස නම් කර ඇත. සරත් කුමාර වීරසිංහ මහතාගේ ඉදිරිපත් කිරීමක් වන මෙම තොරණේ විදුලි රටා නිර්මාණය නිමාල් ප්‍රනාන්දු විසිනි. එමෙන්ම චිත්‍ර නිර්මාණය පුෂ්පානන්ද දෙණිපිටිය මහතා විසිනි. කතා පිටපත බණ්ඩාර ඇහැලියගොඩ මහතා රචනා කර ඇත. කිරිබත්ගොඩ සුහද එක්සත් වෙළෙඳ සංගමය මගින් ඉදිරිපත් කරන තොරණ මෙවර කතා වස්තුව වී ඇත්තේ කෝසල මල්ලිකා කතා පුවතයි. මීට අමතරව කොසොල් රජු දුටු සිහින 16න් කිහිපයකුත් එහි ඇතුළත් කර ඇත. ශ්‍රී කල්‍යාණ වෛශාඛ්‍ය සමිතිය මගින් 10 වෙනි වරටත් ඉදිරිපත් කරන තොරණට කතා පුවත වී ඇත්තේ සුජාතා ජාතකයයි. කැලණිය විහාරස්ථානය ඉදිරිපිට නිර්මාණය කෙරෙමින් පවතින මෙම තොරණ උස අඩි 65කි. පළල අඩි 60කි. විදුලි බුබුළු 23,000 කින් එය ආලෝකමත් කෙරේ. දින 08ක් පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙම තොරණ චිත්‍ර නිර්මාණ උපාලි වීරවර්ධන මහතාගෙනි. කතා පිටපත මර්වින් සේනාරත්න මහතා විසිනි. දෙමටගොඩ එක්සත් වෙළෙඳුන්ගේ වෛශාඛ්‍යදාන සමිතිය මගින් 37 වැනි වරටත් ඉදිරිපත් කරන තොරණට කතා පුවත වී ඇත්තේ ශාන්තිවාදී ජාතක කතා පුවතයි. මෙහි කතා පිටපත නිෂ්පාදන ය කිවිපති කලා කීර්ති මර්වින් සේනාරත්න මහතා විසිනි. සැලසුම් නිර්මාණය සහ චිත්‍ර නිර්මාණය ආනන්ද ජයලත් විසිනි. විදුලි ආලෝක රටා නිර්මාණය සරත් ගාල්ලගේ විසිනි. බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව ගංගාරාමය විහාරස්ථානය අසල ඉදිවෙන තොරණට කතා තේමාව වී ඇත්තේ රාජෝවාද ජාතකයයි. 5 වෙනි වරට ඉදිරිපත් කරන මෙම තොරණ උස අඩි 50 . දිග අඩි 50 කි. විදුලි බුබුළු 35,000 කින් ආලෝකමත් කෙරේ. මෙහි කතා පිටපත මර්වින් සේනාරත්න විසිනි. කලා සැලසුම් හා චිත්‍ර නිර්මාණ රොෂාන් බි සෝමධීර විසිනි. විදුලි රටා ශාමරත්න අලගිවන්න විසිනි. මැනිං වෙළෙඳ ‍පොළ ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෛශාඛදාන සමිතිය මගින් 51 වරටත් ඉදිරිපත් කරන කොටුව මැනිං වෙළෙඳ‍පොළ අසල ප්‍රදර්ශනය කෙරෙන තොරණ කතා පුවත බවට පත්ව ඇත්තේ මහා භද්‍ර කල්ප විනාශය පිළිබඳ කතා පුවතයි. මෙහි සැලසුම් හා චිත්‍ර නිර්මාණය කලා ශිරෝමණී, ලංකා පුත්‍ර පුෂ්පා නන්ද දෙණිපිටිය මහතා විසිනි. කතා පිටපත මර්වින් සේනාරත්න විසිනි. කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රදර්ශනය කෙරෙන දර්ශනීය වෙසක් තොරණ පුරා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණ දායකත්වය සපයන පුෂ්පානන්ද දෙණිපිටිය මහතා සමගද අපි වෙසක් තොරණ පිළිබඳ කතා කළෙමු. “මගේ තාත්තා දයානන්ද දෙණිපිටිය. එතුමා දකුණු පළාතේ හිටිය අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. වෙහෙර විහාරස්ථානවල චිත්‍ර කර්මාන්තය කළ එතුමා මූර්ති ශිල්පියෙක් ලෙසත් නමක් දිනාගත අයෙකි. මම උපන්නේ වැලිගම. අපේ පවු‍ලේ දරුවෝ හත්දෙනයි. මම තුන්වැනියා. ඇත්තටම චිත්‍ර කලාව පිළිබඳ පුංචි දවස්වල ඉඳලා මට තිබුණේ පුදුම ආසාවක්. ඒ හීනය අද වෙනකොට ඉටු වෙලා තියෙනවා. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ඉදිවෙන ඓතිහාසික තොටළඟ තොරණ චිත්‍ර නිර්මාණ කළේ යම මහපෙළහර කතා පුවත සම්බන්ධවයි. බුද්ධ චරිතයේ යමා මහා පෙළහර පෑ අවස්ථා කිහිපයක්ම දක්නට ලැබෙනවා. ඒ අනුව මෙම තොරණට බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේලා අවස්ථා කිහිපයකදී යමා මහ පෙළහර පෑ ආකාරය චිත්‍රයට නගා තිබෙනවා. පෑලියගොඩ , නවලෝක තොරණ සඳහා කතා පුවත වුණේ සමනල වරුණයි. ‘සමනල වරුණ’ කතා පුවතෙන් අපි ඉදිරිපත් කරන්නේ ශ්‍රී පතුල වඳින්නට ගිය දිව්‍යාංගනාවන් පසුපස ගොස් ශ්‍රී පතුල වන්දනාමාන කළ නිශ්ශංකමල්ල රජ දවස විසූ අත් පා කොට මිනිසෙකු පිළිබඳවයි. ඔහුගේ ඒ සොයා ගැනීමත් සමග රජු ඇතුළු සාමාන්‍ය මිනිසුන් සමනල අඩවිය වන්දනාමාන කරන්නට ගිය ආකාරය දක්වා කතාව විකාශනය වෙනවා. කිරිබත්ගොඩ තොරණ සඳහා කතා තේමාව වුණේ කෝසල මල්ලිකා කතා පුවතයි. මහා භද්‍ර කල්ප විනාශය තේමාව කරගත් කොටුව මැනිං වෙළෙඳසල අසල තොරණ ලෝකය විනාශ වන ආකාරය පිළිබඳ චිත්‍ර නිර්මාණ ඇතුළත් වෙනවා. මෙම තොරණ විශේෂත්වය වන්නේ ලෝක ය මුලින්ම පහළ වූවායැයි සැලකෙන සතුන් 04 දෙනාවත් අපි මේ තොරණට යොදා ගත්තා. ඒ අය කව්ද කියලා මේ තොරණ, නරඹන්න එන උදවියට බලාගන්න පුළුවන්. පුෂ්පා නන්ද දෙණිපිටිය මහතා කතාව අවසන් කළේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමිනි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් වාර්ෂිකව සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපයට සමගාමීව ඉදිකෙරෙන තොරණ මෙවර පැවැත්වෙන්නේ 12 වරටය. උස අඩි 50 සහ දිග අඩි 52ක් වන මෙම තොරණ කතා තේමාව වී ඇත්තේ සිවි ජාතක කතාවයි. දන් දීමෙහි උතුම් බව මෙම ජාතක කතාව මගින් නිරූපණය කෙරේ. විදුලි බුබුළු 30,000 කින් ආලෝකමත් කෙරෙන මෙම තොරණ රූප රාමු 14 කින් යුක්ත වේ. මෙහි කතා පිටපත කිවිපති කේ. මර්වින් සේනාරත්න විසිනි. සැලසුම හා චිත්‍ර නිර්මාණ ඩබ්.ඒ. සුනිල් විමලසිරි විසිනි. ‘සුනිල් ඉලෙක්ට්‍රිකල් ‘ අධිපති ප්‍රේමසිරි ආරියරත්න මහතා විසින් විදුලි ආලෝකය සපයනු ලබයි. රාගම එක්සත් ශ්‍රී වෛශාඛ්‍යදාන සමිතිය මගිින් සංවිධානය කරන තොරණ මෙවර පැවැත්වෙන්නේ 07 වෙනි වරටය. මෙම තොරණ සඳහා කතා තේමාව වී ඇත්තේ සුමන මල්කරුගේ චරිත කතාවයි. රාගම දුම්රිය‍පොළ අසල ඉදිකර ඇති මෙම තොරණ උස අඩි 50 ක් සහ දිග අඩි 50 ක් වේ. විදුලි බුබුළු 22,000 කින් ආලෝකමත් කෙරෙන මෙම තොරණ චිත්‍ර නිර්මාණය කර ඇත්තේ එම්.ජේ. දිසානායක විසිනි. ග්‍රෑන්ඩ්පාස් , කොස්ගස් හන්දියේ ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක සමිතිය මගින් ඉදිරිපත් කරන තොරණ මෙවර පැවැත්වෙන්නේ 45 වැනි වරටය. උස අඩි 60 ක් සහ පළල අඩි 50ක් වන මෙම තොරණ කතා තේමාව වී ඇත්තේ වලාහක ජාතකයයි. විදුලි බුබුළු 60,000කට වැඩි ප්‍රමාණයකින් ආලෝකමත් කෙරෙන මෙම තොරණ චිත්‍ර නිර්මාණය තිස්ස වීරවර්ධන විසිනි. කතා පිටපත කිවිපති මර්වින් සේනාරත්න විසිනි. කටු තොරණ නිර්මාණ ශිල්පී සරත් කුමාර විසින් නිර්මාණය කර ඇති අතර මෙම තොරණ විදුලි ශිල්පියා වන්නේ සරත් වරුෂ විතාන මහතායි. සිව්දෙස ඉදිවුණ තොරණින් ආලෝකමත් වන කොළොම්පුර වෙසක් අසිරිය හෙට දිනයේ දී චමත්කාර දසුනක් මවනු ඇත. කොළොම්පුර වෙසක් සිරි නරඹන්නට පැමිණෙන ඔබට එය සුන්දර අත්දැකීමක් වනවාට නොඅනුමානය.

Please reduce the price of Electricity...

වැඩිකළ විදුලිය ගාස්තු පහත හෙලනූ ~ රැවටිලි එපා.....!
(23දා) සවස සංවිධානය කර තිබුණි රැවටිලි එපා! වැඩිකළ විදුලිය ගාස්තු පහත හෙලන ලෙස ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ පාගමනක් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (23දා) සවස සංවිධානය කර තිබුණි. සවස 3.30ට පමණ පුංචිබොරැල්ල මංසන්ධියෙන් ආරම්භ කළ පාගමන මරදාන, ටෙක්නිකල් හංදිය ඔස්සේ කොටුව දුම්රියපොළට පැමිණි අතර එහිදී උද්ඝෝෂණයක්ද පවත්වන ලදී. උද්ඝෝෂණය අවසානයේ පැමිණි පිරිස අමතා ජවිපෙ නායකයින් අදහස් දැක්වීය. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු දේශපාලන මණ්ඩල සාමාජිකයින් පළාත් සභා මන්ත්‍රීන් ඇතුලු විශලා පිරිසක් සහභාගි විය.

UNP concerned about interrogation of Delgoda by CID

  ප්‍රධාන චරිතයට දෙන්නෙක් සටන් කරනවා

මේ දවස්වල අලුත්ම චිත්‍රපටිය තර්ටීන් ප්ලස් බවත් එහි අධ්‍යක්ෂවරයා ලැජ්ජ නැති මුදියන්සේලාගේ තුම්මුල්ලේ විමලේ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍ර්‍රනාන්දු මහතා පවසයි.

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පාඨලි චම්පික රණවක හා උදය ගම්මන්පිල සටන් කරන බවද හෙතෙම කියයි.

කොළඹදී අද (23දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව පවසා මේවන විට විශාල ප්‍රශ්නයකට මුහුණදී සිටින බව හෙතෙම පෙන්වාදුන්නේය.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

එකී මාධ්‍ය හමුවට සහභාගි වූ එජාප මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසුවේ අපි සිටින්නේ ආණ්ඩුව නැළවීමට නොව ආණ්ඩුව පෙරළීමට බවයි.

පෙඩ්රික් නියොමාන් පදනමෙන් මුදල් ලබා ගත් බවට ආණ්ඩුව චෝදනා කර ඇති බවත් එම පදනම සමග එක්වී ආණ්ඩුවේ ඇමතිවරුන් පවා වැඩ කර ඇති බවත් හෙතෙම කීවේය.

මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරින් වන කේ.පී, කරුණා වැනි අය සිටින්නේ ආණ්ඩුව යටතේ බවයි.

ආණ්ඩුව යටතේ ඔවුන් නිදහසේ කටයුතු කරමින් සිටියදී රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බව හෙතෙම පෙන්වාදුන්නේය.

Target-news - UNP concerned about interrogation of Delgoda by CID
---------------- ප්‍රධාන චරිතයට දෙන්නෙක් සටන් කරනවා

මේ දවස්වල අලුත්ම චිත්‍රපටිය තර්ටීන් ප්ලස් බවත් එහි අධ්‍යක්ෂවරයා ලැජ්ජ නැති මුදියන්සේලාගේ තුම්මුල්ලේ විමලේ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍ර්‍රනාන්දු මහතා පවසයි. 

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පාඨලි චම්පික රණවක හා උදය ගම්මන්පිල සටන් කරන බවද හෙතෙම කියයි. 

කොළඹදී අද (23දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. 

ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව පවසා මේවන විට විශාල ප්‍රශ්නයකට මුහුණදී සිටින බව හෙතෙම පෙන්වාදුන්නේය. 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවත් ඔහු කියා සිටියේය. 

එකී මාධ්‍ය හමුවට සහභාගි වූ එජාප මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසුවේ අපි සිටින්නේ ආණ්ඩුව නැළවීමට නොව ආණ්ඩුව පෙරළීමට බවයි. 

පෙඩ්රික් නියොමාන් පදනමෙන් මුදල් ලබා ගත් බවට ආණ්ඩුව චෝදනා කර ඇති බවත් එම පදනම සමග එක්වී ආණ්ඩුවේ ඇමතිවරුන් පවා වැඩ කර ඇති බවත් හෙතෙම කීවේය. 

මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරින් වන කේ.පී, කරුණා වැනි අය සිටින්නේ ආණ්ඩුව යටතේ බවයි. 

ආණ්ඩුව යටතේ ඔවුන් නිදහසේ කටයුතු කරමින් සිටියදී රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බව හෙතෙම පෙන්වාදුන්නේය. 

 Several UNP MPs held a press conference to express concern about the interrogation of a representative of the Friedrich Naumann Foundation in Sri Lanka, Sagarika Delgoda by the CID recently.

UNP MP Ruwan Wijewardena said that allegations that the Foundation and the United National Party were working together to topple the government were false and said MPs are concerned they too will be taken to the CID.                                                          

Anura S. Liyanage Target-news -THURSDAY, 23 MAY 2013

Wednesday, May 22, 2013

Suspect of Akuressa Rape case arrested...

ආයුර්වේද වෛද්‍යවරිය දූෂණය කර
අත්අඩංගුවෙන් පලාගිය සැකකරු අසුවේ

අකුරැස්‌සේදී ආයුර්වේද වෛද්‍යවරියක්‌ දූෂණය කොට ගෙල සිර කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අකුරැස්‌ස පොලිසියේ රඳවා සිටියදී පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී පලා ගොස්‌ සිටි සැකකරු බොරැල්ල කනත්ත වටරවුමේදී මාතර කොට්‌ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු විසින් මෙම වෛද්‍යවරිය නිවසේ රාත්‍රි නිදාගෙන සිටියදී වහලයෙන් බැස මෙම අපරාධය සිදු කොට ඇති බවට හෙළිවී ඇත.

මියගොස්‌ ඇති වෛද්‍යවරිය 76 වියෙහි පසුවී ඇත.

ඇය නිවසේ තනිවම ජීවත් වී ඇති අතර ඇගේ නිවසේ වැඩ කටයුතු කිරීම සඳහා පුද්ගලයෙක්‌ ද සිට ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍ර. පො. ප. ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Cost of a Thorana is Rs 2500000

තොරණක් ගහන්න ලක්ෂ 25
දිනකට විදුලි බිල 15000 යි

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයෙහි වෙසක් තොරණ රැසක්ම ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන් සමහරක් ඉදි කිරිම් දැනටම නිමවී ඇති අයුරු දැක ගත හැකි විය.

දෙමටගොඩ,පෑලියගොඩ,පිටකොටුව සහ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තොරණ මෙසේ නිමා වී ඇත.

කොළඹ කොස්ගස් හන්දියේ තොරණද අද (21) සවස වන විට නිමවා අවසන් කරන බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය වී ඇත.

තොරණ ප්‍රදර්ශනය කිරීම කිරීමට දිනකට විදුලි බිල රුපියල් පහළොස්දාහක් පමණ වැය වන බවත් ,විදුලිය ලබා දීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් හැත්තෑඅට දහසක් ගෙවීමට සිදු වන බවත් තොරණ සංවිධායකයෝ කියති. තමන්ට කිසියම් හෝ සහනයක් ලබා දෙන්නේ නම් කෘතඥ වන බව තොරණ ඉදිකරන්නෝ කියති.

Tonado in USA...

ටෝනාඩෝවකින් ඇමරිකාවේ ජීවිත රැසකට හානි ~~~~~~~~~~ ටොනාඩොවෙන් 91 ක් මිය යයි ..........

ඇමරිකාවේ ඕක්‌ලහෝමා නගරයේ ජනතාව තමන්ට මෙවන් විපතක්‌ සිදු වනු ඇතැයි කිසිසේත් විශ්වාස කළේ නැත. එහෙත් පැයට සැතපුම් 200 ක වේගයෙන් හමා ගිය ටෝනාඩෝ ඇලි නැමැති කුණාටුව නිසා මහත් විනාශයක්‌ සිදු විය.පෙරේදා ඇමරිකානු වේලාවෙන් සවස 3 ට පමණ හමාගිය මෙම කුණාටුව නිසා ඕක්‌ලහෝමාහි මූර් නැමැති ස්‌ථානයේ පාසල් 2 ක්‌ මුළුමනින්ම විනාශ විය. මේ වනවිට හෙලි වී ඇති තොරතුරු මෙසේය. ෆප්ලාසා ටවර් ප්‍රාථමික පාසලේ ළමුන් 7 ක්‌ දියේ ගිලී මියගොස්‌ ඇත. තවත් සිසුන් 24 ක්‌ ආගිය අතක්‌ නැතැ.මියගිය සංඛ්‍යාව 91 කි.223 ක්‌ තුවාල ලබා ඇත.නිවාස සිය ගණනක්‌ විනාශ වී තිබේ.8000 කට අධික සංඛ්‍යාවකට විදුලිය අක්‍රීය වී ඇත.කුණාටුවෙන් පසු කොල්ලකෑම් ගැන වාර්තාවිය.1999 වසරේ පැවැති කුණාටුවට වඩා මෙවර කුණාටුව විශාල යෑයි කාලගුණ විද්‍යා බලධාරීහු හෙලි කරති. අශ්වයන් 100 ක්‌ මරුට. ඕක්‌ලහොමා නගරය හා අවට ප්‍රදේශයට මේ චන්ඩමාරුතය නිසා සිදු වී ඇත්තේ මහත් විපතකි කඩාවැටුණු කොන්ක්‍රීට්‌ සුන්බුන්වලට හිර වු සිසුන් 21 ක්‌ බේරා ගැනීම සඳහා ජීවිතාරක්‍ෂක සේවකයෝ විදුලි කියත් භාවිතාකරමින් අධිබල ආලෝක ධාරා මැද මහත් පරිශ්‍රමයක්‌ දරන බව මෙතෙක්‌ ලැබී ඇති වාර්තාවලින් හෙලි විය. ඒ අතරේ ඕක්‌ලහෝමා ප්‍රාන්තයේ මීකර්, රයන් සහ විල්ස්‌ යන නගරවෙත ද කුණාටු රැසක්‌ එන බවට වාර්තා විය. මෙම අනපේක්‍ෂිත විපත සැලවීමත් සමගම ඇමරිකානු රජය ජාතික ආරක්‍ෂක බලමුළු කණ්‌ඩායමක්‌ ඔක්‌ලහෝමා වෙත යවනු ලැබීය. කුණාටුව පැමිණෙන අවස්‌ථාවේ ප්ලාසා ටවර් පාසලේ 500 ක්‌ වූ සිසුන්ගෙන් 75 ක්‌ පාසල තුල සිටි බව කියති. මේ අතර තම දරුවන්ට සිදු වූයේ කුමක්‌ද යන්න දැන ගැනීමට දෙමව්පියන් පාසල වෙත පැමිණියත් සහන සේවකයන් ඔවුන්ට එකී ස්‌ථානය වෙත යැමට ඉඩ දී නැත. ඕක්‌ලහෝමාහි දුරකථන සේවා අඩපන වී ඇති අතර ජංගම දුරකථන සේවාවන්ද විවිධ බාධා මැද ක්‍රියාත්මක වන බව නිලධාරීහු කියති.1996 වසරේදී ඕක්‌ලහෝමා නගරය හරහා හමාගිය කුණාටුවෙන් 36 දෙනෙකු මරුමුවට පත්වුහ.එහෙත් මෙවර පැමිණියේ එසේ මෙසේ කුණාටුවක්‌ නොවේ. පැයට සැතපුම් 200 ක වේගයෙන් පැමිණි කුණාටුව මිනිත්තුවක්‌ තුලදී වර්ග සැතපුම් 30 ක ප්‍රදේශයක්‌ විනාශ කළේය.ඕක්‌ලහෝමා ඉතිහාසයේ සිදු වූ බිහිසුනුම කුණාටුව මෙයයි. ප්ලාසා ටවර් ප්‍රාථමික පාසල කඩා වැටෙනු දුටු එක්‌ සිවිල් වැසියෙක්‌ පැවසූවේ කුණාටුව පැමිණියේ පුදුමාකාර වේගයෙන් නිසා කිසිවකුටත් පැනගැනීමට අවස්‌ථාවක්‌ නොතිබූ බවයි.මේ අතර එම පාසලේ එක්‌ ආචාර්යවරයෙක්‌ සිසුන් හත් දෙනෙකු නාන කාමරයකට දමා ඔවුන්ගේ දිවි බේරාගෙන තිබේ. ඕක්‌ලහෝමා කුණාටුව නිසා මිය ගිය සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි යෑයි නිළ නොවන ආරංචි මාර්ග කියා සිටියි. මේ පිළිබඳව ඕක්‌ලහෝමා අණ්‌ඩුකාර මේරි පෑලින් පැවසූවේ මෙකී විපත නිසා අපේ සිත්සතන් තුළ ඉමහත් වේදනාවක්‌ ඇති වූ බවයි.මේ කුණාටුව නිසා අක්‌කර 106 කින් යුත් ඕර් ගොවිපලේ සිටි අසුන්ගෙන් 100 කට අධික සංඛ්‍යාවක්‌ ද මරුමුවට පත් වී ඇත.