Tuesday, April 30, 2013

Renuka Perera expresses a new view on Duminda's release

දුමින්ද සිල්වාට ඇප ලැබීම ගැන රේණුක පෙරේරාගෙන් අලුත් මතයක්

අධිකරණයත් නවලෝක රෝහලත් අතර යම් එකඟතාවයක් පවතින්නේදැයි සැකයක් පවතින බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ජනහඬ සංවාදයට එක්වෙ‍මින් පැවසීය.

දුමින්ද සිල්වාට ඇප ලබා ගැනීමට එහි වාසිය හේතුවූවාදැයි රේණුක පෙරේරා සැක පහළ කරයි. එමෙන්ම දුමින්ද සිල්වා ඇප ලබා රෝහලෙන් පිටත්වීම සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් මතුකර ඇති බවද හෙතෙම පැවසීය.

බලපුලුවන් කාරයන්ට එක ආකාරයකටත් අහිංසක මිනිසුන්ට තවත් ආකාරයකටත් සලකන නීති පද්ධතියේ ගැටළුවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Against to the Electricity Bill...

අහසට ගිය විදුලි බිලට - නගර සබේ බල පෙන්වයි ------------

නව විදුලි ගාස්තු සංශෝධනයට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු (30දා) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් , උප නගරාධිපති ටයිටස් පෙරේරා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කළු සාඨක පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඉටිපහන් දල්වා ගෙන උද්ඝෝෂණය කළහ.

Unidentified Dead Body Found from Polonnaruwa...

නාදුනන මළ සිරුරක් ගසාගෙන යයි.................

පොළොන්නරුව , පරාක්‍රමසමුද්‍රය ජලාශයේ සිට ගසාගෙන යමින් තිබූ පුද්ගල මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ මළ සිරුර දින 02කට පමණ පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට සැක පළකරන බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘතශරීරය පොළොන්රුව මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

- සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Another story from Kahawatta...

කහවත්තේ මාරාන්තික උපවාසයක්

කහවත්ත ඔරලෝසු කණුව පාමුල අනධ්‍යයන සේවකයෙක් මාරාන්තික උපවාසයක් අරඹයි.
අමාත්‍යංශ ලේකමිවරයා විසින් ලබාදුන් ස්ථාන මාරැව ලබා දෙන්න යැයි ඉල්ලා මෙම උපවාසය ක්‍රියාතමක බව වාර්තා වෙයි.

වසර 08 ක් නැගෙනහිර පළාතේ සේවයකර දරැවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් ස්ථාන මාරුව රැවන්පුර ජාතික අධ්‍යාපනායතනය විසින් භාර නොගැනිම නිසා මෙලෙස උපවාසයක් ඇරඹි බව ඩබි.ජේ.ගාමිණි යන අනධ්‍යයන සේවකයා සදහන් කර තිබේ.

එම ස්ථින මාරුවීම භාරගන්නාතුරු උපවාසය අත් නොහරින බව එම පුද්ගලයා සදහන් කර තිබේ.

Target-news- _________ කහවත්තේ මාරාන්තික උපවාසයක් ______________                    

කහවත්ත ඔරලෝසු  කණුව පාමුල  අනධ්‍යයන සේවකයෙක් මාරාන්තික උපවාසයක් අරඹයි.
අමාත්‍යංශ  ලේකමිවරයා විසින්  ලබාදුන් ස්ථාන මාරැව ලබා දෙන්න යැයි ඉල්ලා මෙම උපවාසය ක්‍රියාතමක බව වාර්තා වෙයි.

වසර 08 ක් නැගෙනහිර පළාතේ සේවයකර දරැවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් ස්ථාන මාරුව රැවන්පුර ජාතික අධ්‍යාපනායතනය විසින්  භාර නොගැනිම නිසා මෙලෙස උපවාසයක් ඇරඹි බව   ඩබි.ජේ.ගාමිණි යන අනධ්‍යයන සේවකයා සදහන් කර තිබේ.

එම ස්ථින මාරුවීම භාරගන්නාතුරු උපවාසය අත් නොහරින බව එම පුද්ගලයා සදහන් කර තිබේ.

Anura S. Liyanage Target-news- April 30, 2013 - (රනිල් කුමාර - කහවත්ත)

A new D.I.G. for North Central...

ඩී.අයි.ජී රවී විජේගුණවර්ධන උතුරු මැදට--------------

උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පත් කරනු ලැබ සිටී.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා උතුරුමැද නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

Riot at Maharagama UC sitting

මහරගම නගර සභා රැස්වීමෙ ගුටි බැට

මහරගම නගර සභා මුදල් කමිටු කාරක සභා රැස්වීමේදී කාලගොට්ටියක් ඇතිවී එජාප හා සංධාන මන්ත්‍රීවරු කීප දෙනෙක් ගුටි ඇන ගත්හ.
සභාපතිනි, කාන්ති කොඩිකාර මහත්මිය එජාප මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී සභාවෙන් නැගිට ගියාය.

Target-news -_________ මහරගම නගර සභා රැස්වීමෙ ගුටි බැට___________                
Riot at Maharagama UC sitting

මහරගම නගර සභා මුදල් කමිටු කාරක සභා රැස්වීමේදී කාලගොට්ටියක් ඇතිවී එජාප හා සංධාන මන්ත්‍රීවරු කීප දෙනෙක් ගුටි ඇන ගත්හ.
සභාපතිනි, කාන්ති කොඩිකාර මහත්මිය එජාප මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී සභාවෙන් නැගිට ගියාය.                                                                                                    

A tense atmosphere surfaced at the monthly meeting of the Maharagama UC yesterday when the report of the Standing Committee on Finance was taken up for discussion and the chairperson walked out without answering members’ questions.

When the report was taken up the Leader of the Opposition Rodney Presser questioned about the building purchased by the UC for the Sisilasa park public library in Boralesgamuwa. He said that the building purchased for Rs.10.2 million during the UNP regime had been abandoned for seven years and now the UC was planning to use it for other purposes.  The chairperson said the National Library Services Board had not recommended the building for a library. Heated arguments ended in fisticuffs between the opposition members and those of the ruling party when member Ruwan Jayasinghe requested the chairperson to produce the relevant documents.                             

Anura S. Liyanage Target-news - TUESDAY, 30 APRIL 2013  - (Muditha Dayananda)

Sunday, April 28, 2013

New Flights to Sri Lankan Airlines...

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට රුපියල් බිලියන 315 ක නව ගුවන් යානා.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක මුදලක් අනුමත කර තිබෙනවා. රුපියල් බිලියන 315 ඉක්මවූ එම මුදල ප‍්‍රධාන වශයෙන් වෙන් කෙරෙන්නේ නව එයාර් බස් යානා මිලදී ගැනීම සඳහායි. එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 234 ක් වන ඒ 330 - 300 වර්ගයේ ඉයාර් බස් යානා 6 ක් මිලදී ගැනෙන අතර නව ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා 4 ක් මිලදී ගැනෙනවා. එම ගුවන් යානයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 283 ක් එනම්, රුපියල් කෝටි 3560 කට ආසන්න මුදලක්. නව ගුවන් යානා 10 ට අමතරව, ඉදිරි දස වසර සඳහා ඒවාට අමතර කොටස් මිලදී ගැනීම සඳහා ද මුදල් වෙන් කෙරෙනවා. මෙම ගුවන් යානා ප‍්‍රංශයේ එයාර් බස් සමාගමෙන් මිලදී ගැනෙන අතර, ගුවන් යානා ගණුදෙණුව සඳහා ඇමෙරිකානු බෝයිං සමාගම ද තරග කළ බව සඳහන්. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාව  සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ටී.ආර්.සී.රුබේරු මහතා පැහැදිලි කළා.
ශී‍්‍ර ලංකන් ගුවන් සේවය පසුගිය 2012 වසරේදී රුපියල් බිලියන 20 යි දශම 5 ක මෙහෙයුම් පාඩුවක් වාර්තා කළා. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට ගුවන් යානා 13 ක් පවතින අතර, ඒවා වසර 9 ත් 18 ත් අතර, පැරණී ඒවායි.

Two IPL Matches moved to New delhi from Chennai...

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙනුවෙන් තීරණාත්මක IPL තරග චෙන්නාවලින් ඉවතට.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් චෙන්නායි නුවරින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයන්ට එම තරඟවලට සහභාගිවීමේ අවස්ථාව සලසමින්. චෙන්නායිහි පැවැත්වෙන අයි.පී.එල් තරඟවලට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගි කර නොගත යුතු බවට තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ලබාදුන් නියෝගයක් අනුවයි ඒ සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගි නොවන්නේ. අයි.පී.එල් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය සහ දෙවැන්න චෙන්නායිහි චෙපොක් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත්, අයි.පී.එල් පාලන මණ්ඩලය ඊයේ තීරණය කර ඇත්තේ එම තරඟ දෙකම නවදිල්ලියේ ෆෙරෝස්-ෂා-කොට්ලා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තීරණාත්මක තරඟවලට සහභාගි කරගැනීමට නොහැකිවීමෙන් සිය කණ්ඩායම් දුර්වලවන බවට අයි.පී.එල් හිමිකරුවන් පාලන මණ්ඩලයට පැමිණිලි කර තිබෙනවා. චෙන්නායි වෙනුවට දිල්ලිය තෝරා ගෙන ඇත්තේ ඒ සඳහා ඉදිරිපත් වූ බැංගලෝරය සහ පූනේ ද ඉවතලමින්. අයි.පී.එල් අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 න් 2 කට හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙන් ජය ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති අනෙක් තරගය ජය ගත්තේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

Southren Expressway Accident at Baddegama....

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් අඹුසැමි යුවලක් මරුට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ - බද්දේගම පිවිසුමට ආසන්නයේ 82 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (28) උදෑසන සිදුවූ අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම පිරිස ගමන් කළ වෑන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට නොමැති ස්ථානයකින් පෙරලීයාමෙනුයි අනතුර සිදුව ඇත්තේ. මියගිය දෙදෙනා හක්මන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. අනතුරින් පිරිමි පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

මෙම අනතුරත් සම`ග දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු එහි සිදුව ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 7 ක්. පොලිසිය ප‍්‍රකාශ කළේ අදාළ අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.  අපේ‍්‍රල් 20 වැනිදා වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් නඩු 5174 ක් පවරා තිබෙනවා. ආසන පටි පැළඳීමකින් තොරව, ගමන් කිරීම නිසා අධිවේගී මාර්ගයේ රිය අනතුරු බහුලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

The Strike of Trains is abandoned...

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.

අද (28) මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු පැවසුවේ අමාත්‍යාංශ බලධාරින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි. අද (28) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ආරක්ෂක නිලධාරිවරුන්, දුම්රිය සංඥා නිලධාරින් ඇතුළු ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව මෙම සංකේත වැඩවර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබුණා. ඒ, ඔවුන්ගේ වැටුප් ගැටලූවට විසඳුම් නොලැබීම හේතුවෙන්.

Ratnapura Deputy Mayor in custody over alleged assault of cop

පීසීගෙ මුහුණ විකලා
රත්නපුර උප නගරාධිපති පොලිස් අත්අඩංගුවේ

රත්නපුර ශාන්ත ජෝසප් හංදියේදී සිකුරාදා පොලිස් කොස්තාපල් වරයෙකුගේ මුහුණ සපා කෑවයි සැක පිට රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උප නගරාධිපති ද පොලීසියට පැමිණිලි කරමින් කොස්තාපල් පහර දුන්නැයි කියා ඇත.
තුවාල සිදුවීයැයි පැවසීම නිසා ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර සිටියි.

New Year Prince & Princess from Rusia....

රුසියාවේ දෙදෙනෙක් සංචාරක අවුරුදු කුමරියයි, කුමරයි

ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විසින් මීගමුව වෙරළ තීරයේදී පැවති සිංහල අළුත් අවුරුදු උළෙලේදී සංචාරක අවුරුදු කුමරිය සහ කුමාරා ලෙස රුසියානු ජාතික යෙව්ග්නියා කොටෙන්කෝ මෙනවියත් සෝටා කිලාට්සේ මහතාත් කිරුළු පැළදූහ.

ශ‍්‍රී ලංකාවට පමණක් සුවිශේසී සංස්කෘතික අංග සහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ලොවට විදහාපාමින් පැවත්වූ මෙම උළෙලේ අරමුණ වුයේ ශ‍්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා ඉතා සුබවාදී ගමනාන්තයක් යන පණිවිඩය ලෝකය වෙත ලබාදීමයි.

සංචාරක අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීමේ තරගය පැමිණ සිටි විදෙස් අමුත්තන්ගේ සිත් ඇඳ බැඳගත් අංගයක් වූ අතර කොට්ටපොර, කඹ ඇදීම, බැලූම් පිපිරවීම සහ ලිස්සන ගසේ නැගීම, කණා මුට්ටි බිදීම වැනි අවුරුදු ක‍්‍රීඩාවලටද සහභාගිවීමේ අවස්ථාවද ඔවුනට උදා විය.
මෙම උත්සවයට සහභාගිවූ සියලූ අමුත්තන් සිංහල චාරිත‍්‍රානුකූලව පිළිගනු ලැබූ අතර, ඔවුනට සිංහල සංස්කෘතික නර්තනාංග සහ රබන් ගැසීම මගින් විනෝදාශ්වාදය සපයන ලදී. එමෙන්ම මෙහිදී ඔවුන්හට කැවුම්, කිරිබත් මෙන්ම දේශීය රසකැවිලි පිසින ආකාරය දැකබලා ගැනීමට මෙන්ම ඒවා රස විඳීමටත් අවස්ථාවක් උදාවිය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය තර තිබූ උත්සවය වර්ණවත් කර ගැනීමෙහිලා දී බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් මහතා විශේෂ දායකත්වයක් සපයා තිබුණි.
බස්නාහිර පළාත් සංචාරක අමාත්‍ය නිමල් ලන්සා, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ කලමනාකරණ අධ්‍යක්ෂ ?මි ජවුපර්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් යන මහත්වරුන් මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූහ.

Bodies of mother, two children found

මවයි දරු දෙදෙනයි මරා දාලා ?
දින පහකට පසු සිරුරු හමුවේ

ගාල්ල  කරන්දෙණියේ කොටවෙල  නිවසක මවක හා දරු දෙදෙනා (07, 09) මැරී සිටි බව පොලීසිය කියයි.  දින පහකට පමණ පෙර ඔවුන් මියයන්නට ඇතැයි ද එක් දරුවකුගේ බෙල්ල  වෙන්වී ඇතැයි ද පොලීසිය කියයි.
අසල්වැසියන් පොලීසියට කියා ඇත්තේ 15 දාට පසු ඔවුන් නොදුටු බවයි.

Dayasiri Jayasekara Vs Electricity Bill....

දයාසිරි ජයසේකර නව විදුලි බිලට විරෝධය පායි
ලයිට් බිල වැඩි කිරීම සහා ජනතාව පීඩනයට පත් කිරීමට විරුද්ධව මහා උද්ඝෝෂණය අද (28දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පඩුවස්නුවරින් ඇරඹු අයුරැ ....................

Target-news - ______ දයාසිරි ජයසේකර නව විදුලි බිලට විරෝධය පායි _____

ලයිට් බිල වැඩි කිරීම සහා ජනතාව පීඩනයට පත් කිරීමට විරුද්ධව මහා උද්ඝෝෂණය අද (28දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පඩුවස්නුවරින් ඇරඹු අයුරැ ....................                                                                                

Anura S. Liyanage Target-news - 2012-04-28~

Saturday, April 27, 2013

Australia will participate for the Commonwealth Heads of Government Meeting in Sri Lanka.

පොදුරඳ මඩුලූ සමුළුව වර්ජනය කරන්නේ නැහැ. - ඕස්ටේ‍්‍රලියාව.

ඕස්ටේ‍්‍රලියාවේ ලබන නොවැම්බරයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය නොකරන බව එරට විදේශ අමාත්‍ය බොබ් - කා අද (27) අවධාරණය කළා. ලන්ඩනයේ ඊයේ (26) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය කි‍්‍රයාකාරී කමිටුවට සහභාගි වූ  ඕස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යවරයා ඒ.බී.සී. ප‍්‍රවෘත්ති සේවය සමග දුරකථන සංවාදයට එක්වෙමින් ප‍්‍රකාශ කළේ එලෙස සමුළුව වර්ජනය කිරීම ප‍්‍රතිඵලදායක නොවන පියවරක් බවයි.

22 injured at Padukka Last night...

බස් රථයක් අනතුරකට ලක්වී 22 දෙනෙකුට තුවාල.

ඊයේ රාත‍්‍රී 8.45ට පමණ කොළඹ - අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගයේ පාදුක්ක ප‍්‍රදේශයේදී බස් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලැබුවා. බස් රථයේ රියදුරු සහ කාන්තාවන් තුන්දෙනෙකු ද තුවාල ලැබූවන් අතර සිටින බව සඳහන්. ඔවුන් පාදුක්ක, හෝමාගම, සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුලූ කර තිබෙනවා. අවිස්සාවේල්ලේ සිට මහරගම දක්වා ධාවනය වූ බස් රථයක් මාවතගම - රිටිගහහේන හන්දිය අසලදී මෙලෙස අනතුරට ලක්වූයේ මාර්ගය හරහා ගවයෙකු පැනීම හේතුවෙන්.

MP Duminda Silva is discharged from Nawaloka Hospital...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා නවලෝක රෝහලෙන් පිටත්ව ජනපතිගේ ආශිර්වාද ලබා ගැනීමට ජනපති මන්දිරයට යයි.

හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ආර්. දුමින්ද සිල්වා අද (27) පෙරවරු 11.30ට පමණ කොළඹ නවලෝක රෝහලින් පිටත්ව ගියා. සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 5 වන දා දිවයිනට පැමිණි මන්ත‍්‍රීවරයා යළි ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ නවලෝක රෝහලටයි. නවලෝක රෝහලෙන් පිටත්ව යන මොහොතේ දී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ තමන් ප‍්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති මන්දිරයට යන බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා රෝහලින් පිට වී යන මොහොතේ අති විශාල ජනකායක් එම ස්ථානයට රැස්ව සිටියා. අද (27) උදෑසන සිටම විශාල ජනකායක් නවලෝක රෝහල අසල රැදී සිටි අතර ඔවුන් අතරින් මන්ත‍්‍රීවරයා පිටතට රැගෙන යාමට ආරක්ෂක අංශවලට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුවුණා.

Two of same family arrested with fake Rs1000 notes..

හොර රු. 1000 නෝට්‌ටු මුද්‍රණය කළ
සොරබොර සහෝදරයෝ දැලේ

රුපියල් දහසේ මුදල් නෝට්‌ටුවලට සමාන ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කළ බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු 16 ක්‌ ද සමඟ පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගැනීමට අරලගංවිල පොලිසියේ නිලධාරීහූ සමත් වූහ.

මහියංගනය, සොරබොර පදිංචිකරුවන් වන මොවුහු අවුරුදු 19 සහ 25 යන වයස්‌වල පසුවෙති.

මෙම රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලදැයි කියන මුද්‍රණ යන්ත්‍රය ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් නෝට්‌ටු ලබා දී මොවුන් අරලගංවිල, දිඹුලාගල, මනම්පිටිය යන නගරවලින් සිගරට්‌, ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සරත් කුමාර ජෝෂප් මහතාගේ උපදෙස්‌ පරිදි අරලගංවිල පොලිsසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් රාජමන්ත්‍රී මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රදීප් සෙනෙවිරත්න, උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. ටිකිරිබණ්‌ඩා, පො. සැ. (43092) ප්‍රේමරත්න, පො. කො. (33015) නිලන්ත, පො. කො. (22150) ගුණවර්ධන, පො. කො. (84957) කුලතුංග, පො. කො. (50470) වෙලගෙදර, පො. කො. (39819) ප්‍රින්ස්‌, පො. කො. රියෑදුරු (8588) සමන්තිලක යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ සිදු කරති.

Bad whether in Kurunegala...

විනාඩි පහක පමණ කාල යක්‌ මෙම ප්‍රදේශයේ කැරකෙමින් තිබූ දැඩි සුළඟින් නිවාසවල වහළ ගැලවී ගොස්‌ විදුලි කණු, දුරකථන කණු, ගස්‌ ආදිය ද උදුරා වැටිණි.

This is not a Fair......

මොරටුව ඇවිස්‌සෙයි

මොරටුව විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ බන්ධනාගාරගතව සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ඊයේ (26 වනිදා) මහ නගර සභා මාසික රැස්‌වීමට සහාභාගි වීමට ගියත් මහා සංඝරත්නයේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මත නැවත ඔහුට බන්ධනාගාරයට පැමිණීමට සිදු විය.

උප නගරාධිපතිවරයා මොරටුව අධිකරණයෙන් ලබාගත් අවසරය මත ඊයේ (26 වැනිදා) වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස්‌ රථයකින් මොරටුව මහ නගර සභා මාසික රැස්‌වීමට රැගෙන එන ලදී. එම බස්‌ රථය නගර සභා වැඩබිම් දොරටුවෙන් නගර සභා පරිශ්‍රයට ගනු ලැබුවත් උප නගරාධිපතිවරයාට බස්‌ රථයෙන් බිමට බැසිය නොහැකි ලෙස මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් බස්‌ රථය වටකර ගෙන ආවේගශීලීව හැසිරීම නිසා ඔහුට බස්‌ රථය තුළ රැඳී සිටීමට සිදුවිය.

බස්‌ රථය නගර සභා පරිශ්‍රයේ තිබියදී නගර සභා බැකෝ රථයක්‌ හා ලොරි රථයක්‌ බස්‌ රථය ඉදිරියෙන් මාර්ගය හරස්‌ කර හුළං යෑවීම නිසා එම රථ දෙක ඉවත් කළ බන්ධනාගාර බස්‌ රථය ඉදිරියට ගැනීමට ඉඩ ලබාදීමට පොලිසියට මහත් වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් 1500 ක්‌ පමණ දෙනා පැමිණ සිටි අතර ඔවුහු විවිධ චෝදනා එල්ල කරමින් පැය දෙකක පමණ කාලයක්‌ බස්‌ රථය වටකරගෙන සිටියහ. මෙහිදී උප නගරාධිපතිවරයාට හිතවත් පිරිස සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ මතුවී ගුටිබැට හුවමාරුව ඇති වුවත් එය දුර දිගයැමට නොදී වළක්‌වා ගැනීමට පොලිසිය සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ.

Sirima O/L Girls respect their Principal......

2012 වසරේ අ.පො. ස. (සා. පෙළ) විභාගයෙන් A-9 විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 58 දෙනකු සමත් වී ඇති අතර දිවයිනේ සමස්‌ත ප්‍රතිඵල මත දහවන ස්‌ථානය ලබා ගැනීමටද හැකියාව ලැබිණි.

Thursday, April 25, 2013

Look at the Moon at Night...

අද රෑට හඳ බලන්න
මේ වසරේදී දක්නට ලැබෙන පළමු අර්ධ චන්ද්‍රග්‍රහණය අද (25දා) රාත්‍රියේදී පෘථිවිවාසීන්ට දක්නට ලැබෙන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රි 11.34ට ආරම්භ වී 26 වැනිදා අලුයම 3.41ට මෙය අවසන් වීමට නියමිත බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා පැවැසීය.

චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව අද අලුයම 1.37ට පමණ දැකගැනීමට හැකිවන අතර මේ වසරේ ඔක්තෝබර් 19 වැනිදා නැවැත චන්ද්‍රග්‍රහණයක් ඇතිවන බව හෙතෙම කීය. අර්ධ චන්ද්‍රග්‍රහණයක් යනු පෘථිවියේ උප ඡායාව හරහා චන්ද්‍රයා ගමන් කිරීම වන අතර පෘථිවියේ පූර්ණ ඡායාව හරහා චන්ද්‍රයා ගමන් කිරීමෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇතිවන බව ඒ මහතා සඳහන් කළේය.
අද රෑට හඳ බලන්න 
සඳුනි දේශප්‍රිය
 
Pradeshiya Sabha Vice Chairman and police officers injured in brawl

පොලීසිය හා බුත්තල ප්‍රා. සභා උප සභාපති අතර ගැටුමක්

මොණරාගල, ඔක්කම්පිටිය නගරයේදී පොලිස් නිලධාරීන් හා බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔක්කම්පිටිය නගරයේ මාර්ග රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ගමන්ගත් යතුරුපැදිය නවතා පරීක්ෂා කර ඇති බව පොලීසිය පැවසී ය.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, හිස් වැසුම් නොමැතිව අදාළ යතුරුපැදියේ ගමන් ගත් අයෙකු පිළිබඳව එහිදී බහින්බස් වීමක් සිදුව ඇති බවය.
එම අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබේ.
පොලීසිය පැවසූවේ, ගැටුමින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බවය.

ඔවුන් බුත්තල රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ උසස් නිලධාරියා ප්‍රකාශ කළේ, පොලීසිය ද එහිදී පහරදී ඇති අතර බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද තුවාල ලබා ඇති බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Accident kills Puttalam PS Chairman

පුත්තලම ප්‍රා සභාපති රිය අනතුරකින් මරුට

පුත්තලම ප්‍රාදේශීය සභාපති දිලුක් තුෂාර පතිරගේ මහතා දැදුරුඔයදී අද අලුයම සිදුවූ අනතුරකින් මරුමුවට පත් විය.
ඔහු තම කැබ්රියෙන් යද්දී ඔහුගේ කැබ්රිය ලොරියක ගැටීමෙන් මේ අනතුර සිදු විය.

Arrested for selling flowers ----------------------------

මල් කරුගෙ පාත්තරේට පොලිස් හෙනහුරා
පෝයට මල් විකුණූ නමයක් අත්අඩංගුවේ
.............

කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී (25දා) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසියේ පරිසර ඒකකය කියයි.
මල් විකිණීම සඳහා වෙන් කර ඇති අවසර ලත් කඩවල මිස පදික වේදිකාවේ මල් විකිණීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
එහෙයින් මහජනයාට පීඩා වන අයුරින් මල් විකිණීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද පොලීසිය කියයි.
 
Wednesday, April 24, 2013

Price of Gold is increasing again

රන් මිල යළි ක්‍රමයෙන් ඉහළට

කැරට්‌ 22 රන් පවුමක මෙරට සාමාන්‍ය මිල ඊයේ (23 දා) සවස 4.30 වන විට වාර්තාවූ පරිදි රුපියල් 40591.68 කි. පෙරේදා (22 දා) සවස 4.00 ට එම මිල රුපියල් 40294.36 ක්‌ විය.

කැරට්‌ 24 රන් ග්‍රෑම් එකක සාමාන්‍ය මිල ඊයේ (23 දා) සවස 4.00 වන විට රුපියල් 5798.81 ක්‌ වූ අතර ඒ අනුව ග්‍රෑම් අටක්‌ බරැති කැරට්‌ 24 රන් පවුමක සාමාන්‍ය මිල රුපියල් 46387.24 කි. පෙරේදා (22 දා) එම මිල රුපියල් 46048.84 කි.

ඒ අනුව රන් පවුමක මිල සාමාන්‍ය ඊයේ සවස 4.30 වන විට පෙරේදාට වඩා රුපියල් 250 ක වර්ධනයක්‌ පෙන්නුම් කළේය.

Parliament postponed to May 7th

මැති සබයට කරන්ට්‌ වදී
- එජාප මන්ත්‍රීන්ගේ ඝෝෂාව මැද සභාව කල් තැබේ

විදුලි ගාස්‌තු ඉහළ දැමීමට විරෝධය දක්‌වමින් විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සභා ගැබ මැදට පැමිණ ඝෝෂා කිරීමෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය නිසා කථානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව අද (24) පස්‌වරු 1.00 තෙක්‌ කල් තබා මුලසුනෙන් නැගිට ගියේය.

මේ නිසා ඊයේ පස්‌වරු 1.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටයුතු පැයකුත් විනාඩි තිස්‌පහකට පමණක්‌ සීමාවිය. කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ඊයේ (23) පස්‌වරු 1.00 ට ආරම්භ වී නිවේදන, වාර්තා ඉදිරිපත් කර වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දීමද සිදුකෙරිණි. ඉන්පසුව වැඩබලන විපක්‍ෂ නායක විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විසින් ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් විදුලි ගාස්‌තු ඉහළ නැංවීම පිළිබඳ ප්‍රශ්න කර සිටියේය.

ඉන්පසුව විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් දීර්ඝ ප්‍රකාශයක්‌ ඉදිරිපත් කළාය. විදුලි ගාස්‌තු ඉහළ නැංවීම සාධාරණීකරණය කරමින් ඇමැතිවරිය කතා කරන අතරේදී විපක්‍ෂ මන්ත්‍රීවරු වරින් වර ඇයට බාධා කරමින් ඝෝෂා කළහ.

විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව මැද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය ප්‍රකාශය කර අසුන් ගත්තාය. විදුලි ගාස්‌තු ඉහළ නැංවීම ගැන අපිට දවසක විවාදයක්‌ ඕනෑ. කථානායකතුමනි ඒ විවාදය හෙට දිනයේ පවත්වන්න. ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

ඔහොම ඉල්ලුවම දෙයිද? ඔය ඉල්ලීම වෙනදා ඉදිරිපත් කරන ආකාරයටම කරන්න. කථානායක චමල් රාජපක්‍ෂ මහතා ජෝන් අමරතුංග මහතාට කීවේය.

"ඔබතුමා මොකද කියන්නේ" ජෝන් අමරතුංග මහතා සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් විමසුවේය.

හෙට දිනයේ විවාද කරන්න බෑ. හෙට පනත් කීපයක්‌ සම්මත කර ගන්න නියමිතයි. පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවමු. ඊළඟ පාර්ලිමේන්තු සතියේදී විවාදයට දිනයක්‌ ලබා දෙන්නම්. සභානායකවරයා කීවේය. මේ අවස්‌ථාවේදී විපක්‍ෂ මන්ත්‍රීවරු සිය අසුන් මත හිඳ ඝෝෂා කරන්නට වූහ.

කථානායකතුමනි මට රීති ප්‍රශ්නයක්‌ මතුකරන්න තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා නැගී සිට කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා එහෙනම් රීති ප්‍රශ්නය මතු කරන්නකෝ කථානායකවරයා ප්‍රේමදාස මහතාට ඉඩ දුන්නේය.

විදුලි ගාස්‌තු ඉහළ දැමීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධ බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා විග්‍රහයක්‌ ඉදිරිපත් කළේය.

ඕක රීති ප්‍රශ්නයක්‌ නොවේ. හැන්සාඩ් වාර්තාවෙනුත් ඔය ප්‍රකාශය ඉවත් කරනවා යෑයි කථානායකවරයා ප්‍රකාශ කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු යළිත් ඝෝෂා කළහ.

එයද නොතකමින් විපක්‍ෂ මන්ත්‍රීවරු මුලසුන දෙසට එද්දී "දැන් න්‍යාය පත්‍රය අනුව මොනවද සභාවේ වැඩකටයුතු" යෑයි කථානායකවරයා සභානායකවරයාගෙන් ඇසුවේය.

විපක්‍ෂයේ කල් තැබීමේ යෝජනාවක්‌ යෑයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

එහෙනම් මම සභාව හෙට (අද) පස්‌වරු 1.00 දක්‌වා කල් තබනවා යෑයි පවසා කථානායකවරයා මුලසුනෙන් නැගී සිටියේය. ඒ අවස්‌ථාවේදී නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය රැගෙන පස්‌වරු 2.45 ට සභා ගැබෙන් පිටව ගිය අතර විපක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබ මැද සිට ඝෝෂා කරන්නට වූහ.

මේ අවස්‌ථාවේ සභා ගැබ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රීවරු සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ද කිහිප දෙනෙක්‌ සිටියහ. එහෙත් එම මන්ත්‍රීවරු මෙම විරෝධතාවයට එක්‌ නොවී සිය අසුන් මත හිඳ බලා සිටියහ.

ICU has been closed at Castle Hospital

කාසල් රෝහලේ අයිසීයූ එක වසයි
විෂබීජයක්‌ පැතිරිලා! රෝගී වූ මවක්‌ හදිසියේ මරුට!

විෂබීජයක්‌ පැතිර යැමේ භීතියකින් කොළඹ කාසල්a රෝහලේ දැඩි සත්කාර ඒකකය (අයිසීයූ) ඊයේ (23 වැනිදා) වසා දමන ලදී.

දරුණු උණ රෝගයකින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක මිය යැම සහ එම රෝගයෙන්ම තවත් මවක බරපතළ ලෙස රෝගීවීම හේතුකොට ගෙන මෙසේ හදිසියේ ම එම ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් ක්‍රියා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කොළඹ කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයට විෂබීජයක්‌ ඇතුළුවීම හේතුවෙන් වසා දැමූ බවයි. ඒ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණ සිදුÊකරන බවත් ඔවුහු කීහ.

එම විෂබීජය ඉවත් කිරීමෙන් අනතුරුව යළි එම දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමට කටයුතු කරන බව ද ඔවුහු පැවැසූහ.

කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක පසුගියදා හදිසියේ මියගිය අතර, තවත් මවක බරපතළ තත්ත්වයට පත්වීමෙන් එම ඒකකය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කිරීමට ද අදාළ බලධාරීන් ක්‍රියා කර තිබේ.

බරපතළ තත්ත්වයේ පසු වූ මව ද සොයිසා රෝහලට ඊයේ මාරු කර යවා ඇත.

කාසල් රෝහලේ නේවාසිකව සිටින සියලුම මවුවරුන්ට, බිලිඳුන්ට මුඛ ආවරණ පැළඳවීමට ද රෝහල් බලධාරීන් ක්‍රියා කර තිබූ අතර, රෝහල් කාර්ය මණ්‌ඩලය ද මුඛ ආවරණ ඊයේ පැළඳ සිටියහ.

රෝගීන් බලන වෙලාවන්වලදී රෝහලේ සියලු දෙනාගේ මුඛ ආවරණ ඉවත් කර තැබීමට ද රෝහල් බලධාරීහු ක්‍රියා කළහ.

Road Accidents are rapidly increasing...

රිය අනතුරුවලින් දිනකට මරණ 5 ක්!

රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් පස්දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බව පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

ජනවාරි මාසයේ සිට මේ මස 19 වැනිදා දක්වා කාලය ඇතුළත රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 628 කි.

එම කාල සීමාව තුල සිදුව ඇති මාර්ග අනතුරු සංඛ්‍යාව 9815 ක් බව රථ වාහන මූලස්ථානය සඳහන් කරයි.

එහිදී පුද්ගලයින් 1380 ක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මින් බොහොමයක් අනතුරුවලින් මියගොස් ඇත්තේ යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථවල ගමන්කළ පුද්ගලයින්ය.

පසුගිය වසරේදී සිදුවූ රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1500 කි.

මාතර - වැලිගම ප‍්‍රදේශයේදී වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් පෙරේදා පෙරවරුවේ සිදුවු අනතුරෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වු අතර එම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කළේය.

මීට අමතරව පසුගිය 21 වැනිදා නිට්ටඹුව - කලගෙඩිහේන ප‍්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එදිනම දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ කජුවත්ත ප‍්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.
රිය අනතුරුවලින් දිනකට මරණ 5 ක්! 
Published on Wednesday, 24 April 2013 08:59 

Why can't I be the Chief Minister....?

දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම.....
 ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් මට දකුණේ මහ ඇමැති වෙන්න බැරි ඇයි?
  - ගීතා කුමාරසිංහ

“දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම. ඒ සඳහා ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා. ඉන්දියාවේ ජනප‍්‍රිය නිළියක් වූ ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් ලංකාවේ ගීතා කුමාරසිංහට මහ ඇමැති වෙන්න බැරි ඇයි ?මහ ඇමැති වෙන්න මගේ ඔලූවේ කිසි ම අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔය කියන මන්ත‍්‍රීවරයා මගේ ඔලූවට එවැනි මෙවැනි අදහසක් දීපු එක ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා.”යි බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
දකුණු පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් “ගීතා ජයලලිතා කෙනෙක් වෙන්න හදනවා” යැයි මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළ අතර තමා බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් කොට ඇති බවට යන කට කතාව පට්ටපල් බොරුවක් බවත්, ගාල්ලේ පුස් දේශපාලනඥයින් එවැනි කතා පතුරුවන බවත් තමන් ශ‍්‍රීලනිපය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවත් කීවාය.

Target-news - දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම
----------------- ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් මට දකුණේ මහ ඇමැති වෙන්න බැරි ඇයි?
-ගීතා කුමාරසිංහ

“දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම. ඒ සඳහා ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා. ඉන්දියාවේ ජනප‍්‍රිය නිළියක් වූ ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් ලංකාවේ ගීතා කුමාරසිංහට මහ ඇමැති වෙන්න බැරි ඇයි ?මහ ඇමැති වෙන්න මගේ ඔලූවේ කිසි ම අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔය කියන මන්ත‍්‍රීවරයා මගේ ඔලූවට එවැනි මෙවැනි අදහසක් දීපු එක ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා.”යි බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. 
දකුණු පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් “ගීතා ජයලලිතා කෙනෙක් වෙන්න හදනවා” යැයි මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළ අතර තමා බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් කොට ඇති බවට යන කට කතාව පට්ටපල් බොරුවක් බවත්, ගාල්ලේ පුස් දේශපාලනඥයින් එවැනි කතා පතුරුවන බවත් තමන් ශ‍්‍රීලනිපය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවත් කීවාය.                                                                                                                                  

Anura S. Liyanage Target-news - 2013 අප්‍රේල්  23

Who can bring our mother back to the Motherland...?

ජෝර්දාන් ගිය මව යළි ගෙන්වා දෙන්නැයි
දරු දෙදෙනා උපවාසයේ

ජෝර්දානයේ රැකියාවක්‌ සඳහා මීට මාස 10 කට පෙර පිටත්ව ගිය තම මව යළි මව්බිමට ගෙන්වා දෙන ලෙස හැඬූ කඳුලින් ආයාචනය කරමින් ඇයගේ දරුවෝ හලාවත විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය ඉදිරිපිට ඊයේ (23 දා) උපවාසයක්‌ ආරම්භ කළහ.

එලෙස උපවාසයක යෙදී සිටි 9 හැවිරිදි පිරිමි දරුවකු ඊයේ දහවල් ක්‌ලාන්ත වීම හා වමනය දැමීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ලක්‍ෂිත උදයකුමාර නමැති එම දරුවා සමග 5 හැවිරිදි ඔහුගේ සොහොයුරාද මිත්තණිය ළඟ රඳවා ඔවුන්ගේ මව වන 32 හැවිරිදි කේ. ඒ. චන්ද්‍රdනි නිරෝෂා ජෝර්දානයේ රැකියාවක්‌ වෙත පිටව ගොස්‌ ඇත්තේ කුරුණෑගල පිහිටි විදේශ රැකියා ආයතනයකට තම සේසතම උකස්‌ කර මුදල් බැඳය.

ඇය විදේශගතවී මාස 10 ක්‌ ගෙවී ගිය නමුත් කිසිදු මුදලක්‌ මේ දරුවන් වෙනුවෙන් මිත්තනිය වෙත එවා නොමැත. මේ නිසා ඔවුහු ජීවත්වීමේ බරපතළ ගැටලුවකට මුහුණපා සිටිති.

රියෑදුරෙකු ලෙස සේවය කරන මෙම දරු දෙදෙනාගේ පියාට ද ලැබෙනුයේ සුළු මුදලක්‌ බැවින් දරුවන්ගේ කුසගිනි නිවීමට එය ප්‍රමාණවත් නැතැයි දරු දෙදෙනාගේ මිත්තනිය හැඬූ කඳුළින් පැවසුවාය.

"මමත් ලෙඩෙක්‌, මට තනියම මේ දරුවෝ දෙන්නාගේ රාජකාරි කරන්න බැහැ. ළමයින්ගේ තාත්තා නිතර ගෙදර නැති නිසා ළමයින්ව ඉස්‌කෝලෙට එක්‌කගෙන යන්නත් විදිහක්‌ නැහැ. මේ පොඩි දරුවෝ දෙන්නාට එයාලගේ අම්මා නැතිව මම බලාගන්නේ කොහොමද....? බැරිම තැන තමයි මේ දරුවෝ දෙන්නාවත් අරගෙන මම විදේශ සේවා එකට ගියේ. කියන්න ඕනේ හැමෝටම කිව්වා. කිසිම සහනයක්‌වත් තොරතුරක්‌වත් ලැබුණේ නැහැ. අනේ අපේ දුව ආපසු ගෙන්නලා දෙන්න.

මේ දරු පැටව් දෙන්නා ගැන බලලා දුව ගෙනත් දෙන්න කියලයි අපි කියන්නේ. දුව ගෙන්නලා දෙනතුරු අපි විදේශ සේවා කාර්යාලයේ දොරකඩින් ඉවත් වෙන්නේ නැහැ. මේ දරු පැටව් දෙන්නාත් එක්‌කම මෙතැනම හාමතේ මැරිලා යනවා හැරෙන්නට වෙන කරන්න දෙයක්‌ නැහැ." යෑයි ඒ මිත්තණිය කීවාය.
ජෝර්දාන් ගිය මව යළි ගෙන්වා දෙන්නැයි 
දරු දෙදෙනා උපවාසයේ

හලාවත - ප්‍රියරංග ඉලංගමුදලි හා ජී. සී. හෙට්‌ටිආරච්චි

Sri Lankan Heritage sold at an Auction in England

ව්‍යාජ යයි කියූ සඳකඩ පහන ලන්ඩනයේදී දස කෝටියකට විකිණේ

බි‍්‍රතාන්‍යයේ වෙන්දේසියකට ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකාවට අයත් වසර 1300ක් පමණ පැරණි බව පැවසෙන සදකඩ පහන පවුම් පන්ලක්ෂ පනස් තුන් දහස් දෙසීය පනහක මුදලකට (ආසන්න ලෙස රුපියල් කෝටි 10කට) වෙන්දේසි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේදී ටමම වෙන්දේසිය පැවැත් වී ඇති අතර සඳකඩ පහනේ හිමිකරු වූ බෝ‍න්වන් හෙක්මොට් පවසා ඇත්තේ පවුම් 40000 කට වෙන්දේසි කිරීමට අපේක්ෂා කල මෙම සදකඩ පහනට ඉහල මිලක් හිමිවීම පුදුමයක් බවයි. සදකඩ පහන 1950 දශකයේදී මෙරටින් රුගෙන ගිය එකක් බවද ඔහු අනාවරණය කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම සදහන් කලේ මෙම සදකඩ පමන සැබෑ එකක් නොව අනුරුවක් පමණක් බවය.

MP R. Dumindha Silva granted bail today

ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාට ඇප හිමිවෙයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය විසින් (24දා) ඇප ලබාදුන්නා. මුල්ලේරියාව සිද්ධියේදී බරපතල තුවාල ලැබූ මන්තී‍්‍රවරයා සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 05 වැනිදා දිවයිනට පැමිණියා. අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. මේ වනවිටත් ඔහු එම පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

Target-news ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාට ඇප හිමිවෙයි.
MP R. Dumindha Silva granted bail today (24)

MP R. Dumindha Silva.Was granted bail by the Colombo High Court today.
Parliamentarian R. Dumindha Silva who received severe injuries at the Mulleriyawa shooting incident returned to the island after recuperating at a Hospital in Singapore on March 5th.
MP R Dumindha Silva was still receiving medical treatments at a private hospital in Colombo.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය විසින්  (24දා) ඇප ලබාදුන්නා. මුල්ලේරියාව සිද්ධියේදී බරපතල තුවාල ලැබූ මන්තී‍්‍රවරයා සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 05 වැනිදා දිවයිනට පැමිණියා. අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. මේ වනවිටත් ඔහු එම පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.                                                                     

Anura S. Liyanage Target-news - 24 April 2013 - 12:21 PM

Tuesday, April 23, 2013

Van & Train Crash at Weligama

වැලිගමදී වෑන් රථයක් යකඩ යකාගේ ගැටෙයි

වැලිගමදී වෑන් රථයක් යකඩ යකාගේ ගැටෙයි

ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ වැලිගම ප්‍රදේශයේදී වෑන් රථයක් ගැටීම නිසා තිදෙනකු තුවාල ලබා තිබේ.

වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය අසළ අනාරක්ෂිත දුම්රිය හරස් ගේට්ටුවකින් වෑන් රථය ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ එකම පවුලේ සැමියා, බිරිඳ සහ බිරිඳගේ මව බවත්, තිදෙනාතේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

තුවාල ලැබූවන් වැලිගම රෝහලේ ප්‍රතිකර ලබයි.

Do You Know ? This is Chris Gayle ...

ක්‍රිස් ග්‍රේල් වේගවත්ම ශතකය ලබයි

ක්‍රිස් ග්‍රේල් වේගවත්ම ශතකය ලබයි

  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස්ට් ග්‍රේල් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී වේගවත්ම ශතකය ලබාගැනීමට සමත්වී තිබේ.

එය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියක පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසයේම වේගවත්ම ශතකය බව කියැවේ.

ඒ අද (23) පූනේයි හා බැංගලලෝර් කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදීය.

ඒ අනුව ක්‍රිස්ට් මෙහිදී පන්දු 30 ට ශතකයක් වාර්තා කළ අතර ඊට 6 පහර 11 ක් සහ 4 පහර 8 ක් ඇතුළත් විය.

JVP vs Electricity Bill...

 විදුලි බිලට එරෙහිව ජවිපෙ පාරට..
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ ඊයේ (22 වැනිදා) මහරගමදී විරෝධතාවක නිරත වූ අයුරු.

another accident at Kegalle...

සිසු පිරිස නූලෙන් බේරෙති  

ගංතුන ප්‍රදේශයේ සිට කෑගල්ල බලා පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස්‌ රථයක්‌ මාබෝපිටිය නිල්ඔලූව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට 
පෙරළීම නිසා පාසල් ළමුන් හත් දෙනකු තුවාල ලබා ඇත.

Strike of Trains abandoned...

වැටුප් විෂමතාවන් මුල් කරගනිමින් ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (22 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

Blast at Akuressa...

අකුරැස්‌ස පොදු වෙළෙඳ පොළ අසල තොග බඩු වෙළෙඳ සලක්‌ තුළ ඊයේ (22 දා) සිදුවූ පිපිරීමකින් එක්‌ අයෙකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

Bogahapelessa Children home insident....

දකුණේ පරිවාස කොමසාරිස්‌වරියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග....

බාල වයස්‌කාර ළමයින් ලවා ඌරන් මැරවීමේ සිද්ධියට සම්බන්ධ තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලබන 29 වැනි දින දකුණු පළාත් පරිවාස හා ළමාරක්‍ෂණ සේවා කොමසාරිස්‌වරියට අධිකරණයේ පෙනී සිටින්නැයි ඊයේ (22 දින) තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළේය.

UNP Media Cordinator Gayantha against to the Electricity Bill...

විදුලි බිලට එරෙහිව පාරට බහිනවා

වැඩි කරනු ලැබූ විදුලි ගාස්‌තුව නැවත හකුලාගන්නා තුරු ජනතාව සමග පාරට බැස විරෝධතා පවත්වන බව එක්‌සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (22 වැනිදා) පැවැසීය.

Bank of Ceylon named as the Best Brand in Sri Lanka...

  • බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්‌ ලංකා ආයතනය
    හොඳම වෙළෙඳ නාමය ලෙස ලංකා බැංකුව නම් කරයි

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අඛණ්‌ඩව පස්‌වැනි වරටත් දිවයිනේ අංක එකේ වෙළෙඳනාමය බවට පත්වෙමින් ලංකා බැංකුව වාර්තාවක්‌ පිහිටුවා ඇත. ඒ බ්‍රෑන්ඩ් ෆි නෑන්ස්‌ ලංකා ආයතනය මගින් මෑතකදී ප්‍රකාශයට පත් කර ඇති Brands Annual 2013 ප්‍රකාශනය මගිනි. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්‌ ලංකා ආයතනය එක්‌සත් රාජධානියේ මූලස්‌ථානය පවත්වාගෙන යන වෙළෙඳනාම ඇගයීමේ සහ ක්‍රමෝපාය සමාගමක්‌ වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්‌ ශාඛා ජාලයේ පුරුකකි.

Sunday, April 21, 2013

Dengi Virus has Changed....

ඩෙංගු වෛරසයේ වෙනසක් නිසා අලුත් අනතුරක්

DENGEE-MOSQUITO--cmykපසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 15 කින් ඉහළ ගොස් තිබේ.  එසේ වී ඇත්තේ ඩෙංගු  වෛරසය යම් වෙනස් වීමකට භාවිතා  වීම හේතුවෙන්  විය හැකි යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප්  කාරියවසම්  අනතුරු අඟවා සිටී.
ඩෙංගු මර්දන කටයුතු කොළඹ නගර සීමාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වුවද රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතුව වී ඇත්තේ වෛරසය යම් වෙනසකට භාජනය වීම විය හැකි බව හෙතෙම පෙන්වා දේ. වෛරසයේ වෙනස් වීමක් ඇත්නම් ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් පරීක්ෂණ පවත්වා රෝග මර්දන කටයුතු විධිමත් කළ යුතු බවද වෛද්‍ය කාරියවසම්  පෙන්වා දේ.

වෛරසයේ වෙනස්වීම් ඉදිරියේදී තවත් වැඩි වුවහොත් එම වෛරසය ශරීරගතවන පුද්ගලයන්ගේ රෝගය මර්දනය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්විය හැකි බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

Mist at Nuwara Eliya...

නුවරඑළිය මීදුම් සළුවෙන් වැසී....!

මේ දිනවල නුවරඑළිය ආශ්‍රිතව උදෑසන කාලයේදී අධික මීදුමක් පවතින බැවින් රිය ධාවනයේදී රියදුරන්ට ප්‍රවේශම් වන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි. පවත්නා තත්ත්වය යටතේ වාහනවල විදුලි ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස ඉල්ලා සිටින පොලීසිය අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාවගෙන් ද සහය ඉල්ලා සිටියි. වසන්ත සමයේ නුවරඑළියට පිටපළාත්වලින් වැඩි වශයෙන් ‍ජනතාව පැමිණෙන බැවින් රිය ධාවනයේදී රියදුරන් වඩාත් කල්පනාකාරී විය යුතු බව පොලීසිය කියයි. මේ නුවරඑළිය - හැටන් මාර්ගය මීදුමෙන් වැසී ඇති දසුනකි.

මේ අතර දිඹුලපතන, කොටගල නගරයේ දී අද (21) අලුයම කැබ් රථයක් අනතුරට ලක්වී පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත. කැබ් රථය නවතා තිබූ වෑන් රථයක හා ලොරියක ගැටීමෙන් බව අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. අවසන් ඡායා රූපවලින් දැක්වෙන්නේ අනතුරට ලක්වූ කැබ් රථයයි.

නුවරඑළිය මීදුම් සළුවෙන් වැසී....!
April 21, 2013  
 
ඡායා රූ - රංජිත් රාජපක්ෂ

Murder at Mahasenpura...

මාරයා මත්පැන්..ද? රාගය..ද?

තරුණියක් විසින් කපා කොටා ඝාතනය කරන ලද යුවළකගේ මළ සිරුරු අද (20) පෙරවරුවේ පුල්මුඩේ පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඝාතනයට ලක්වු යුවළගේ ගැහැණු දරුවන් දෙදෙනාද සැකකාරිය විසින් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියා සිටියි.සැකකාර තරුණිය ඊයේ රාත්‍රී (19) ඝාතනයට ලක්වු ගෙහිමියා සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර,ඉන් පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට නිවසට පැමිණ ගෙහිමි කාන්තාවට ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනය කර ඇත. සැකකාර තරුණිය මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, පුල්මුඩේ පොලිස් වසමට අයත් 5 කණුව මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි එච්.එම්.සූරියබංඩාර (38) හා එස්.ජීවනී අනුරුද්ධිකා (36) නැමැති අඹු සැමි යුවළකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන තරුණිය එම ප්‍රදේශයේම පදිංචි රූපිකා දමයන්ති නැමැති 20 හැවිරිදි තරුණියකි. ඇය තරුණියක් වුවද, තරුණයකු ලෙස ලිංගික විපර්යාසයකට ලක්ව සිටි තැනැත්තියක් බව ප්‍රදේශවාසීන් පවසන බව අප වාර්තාකරු කියයි. ඇය මත්පැන් හා මත් ද්‍රව්‍යවලට මෙන්ම වෙනත් අයථා කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වා ඇති අයකු බව ප්‍රදේශවාසීන් පවසන බව හෙතෙම කියයි.

අදාළ සැකකාරිය ඝාතනයට ලක්වු අඹු සැමි යුවළගේ නිවසේ කාලයක සිට පදිංචිව සිට ඇති අතර, ඝාතනයට ලක්වු අඹු සැමි යුවලගේ 15 හැවිරිදි දියණිය සමඟ සමලිංගික ඇසුරක් පවත්වා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇතැයි අප වාර්තාකරු පවසයි.

සැකකාර තරුණිය ඊයේ රාත්‍රී (19) ඝාතනයට ලක්වු සුරිය බංඩාර නැමැති අය සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර, ඉන් පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට ඇති අතර,පසුව නිවසට පැමිණ ජීවනී අනුරුද්ධිකා නැමැති ගෙහිමි කාන්තාව ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනයට ලක් කොට ඇත. ඝාතනයට ලක්වු කාන්තාවගේ මළ සිරුර අඩ නිරුවත්ව තිබූ බව පොලිසිය කියා සිටියි.

අඹු සැමි යුවළ ඝාතනය කිරීමෙන් පසු අදාළ තරුණිය ඝාතනය ලක්වු අඹුසැමි යුවළගේ දියණියන් දෙදෙනා වන 15 හැවිරිදි ඉමාලි ප්‍රියදර්ශනී හා 8 හැවිරිදි සෙව්වන්දි ප්‍රියදර්ශනී යන දෙදෙනා රැගෙන ප්‍රදේශයෙන් පලා ගිය බව සැකකාර තරුණියගේ මව පොලීසියට කියා තිබේ. කෙසේ වෙතත් සැකකාර තරුණිය ජාඇල ප්‍රදේශයේදී පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවත්,ඇය සමග දියණියන් දෙදෙනාද සිට ඇති බවත් පුල්මුඩේ පොලීසිය කියා සිටියි.

Past Reminder of Vietnam...

බෝම්බවලට බයේ එදා මං අඬ අඬා පාර දිගේ නිරුවතින් දිව්වා

බෝම්බවලට බයේ එදා මං අඬ අඬා පාර දිගේ නිරුවතින් දිව්වා

photo: එදා ලොවක් කැලඹූ හඬමින් දිව එන වියට්නාම් දැරියගේ සේයාරුව.
රෝහලෙන් නික්ම ආ දැරිය ඡායාරූප ශිල්පී නික් සමඟ.

පොළෝතලය දවා හළු කරමින් බෝම්බ වරුසා පතිත වෙද්දී ජනයා හිස්ලූලූ අත දිවගියේ දිවි බේරා ගැනීම සඳහාය. යුද්ධයේ බිහිසුණු බව ලොවට හඬ ගා කියන්නා සේ එදා එලෙස දිවගිය ජනතාවක් අතර වූ එක් දැරියකගේ සේයාරුවක් පසුකලෙක දී මුළු මහත් ජාතියක් ම යුද්ධයට විරුද්ධව පෙළ ගැස්වීය.

දහසය වසරක් පුරා පැවැති වියට්නාම යුද සමයේ, 1972 වසරේ එක්තරා දිනයකදී දකුණු වියට්නාමයේ තමන් උපන් ගම්මානය ගිනිදැල්වලින් වෙලාගමින් ඇමෙරිකානු නාපාම් බෝම්බ පතිත වෙද්දී නව හැවිරිදි වූ ඒ දැරිය සිය පිළිස්සුණු දෑත් විහිදාගෙන හඬමින් නිරුවතින් මහමඟ දිවගියේ යනඑන ඉසව්වක් නොදැනය. යුද්ධයේ කෲරභාවය ලොවට හඬ ගා කියන්නට කැමරා ඇසක් ඒ වෙද්දී ඇය වෙත එල්ල වී ඇති බවක් ඒ මොහොතේ මේ දැරිය නොදැන සිටියාය.

වේදනාවෙන් හඬමින් දෑත් විහිදාගෙන නොදන්නා අරමුණක් කරා නිරුවතින් දුවගිය ඒ දැරියගේ සේයාරුව පසුදිනෙක පුවත්පත් මුල්පිටු සරසද්දී මුළු ලොවම යුද්ධයට එරෙහිව එහි බිහිසුණුකම ඉදිරියේ කම්පා වූයේය. එදා ඒ සේයාරුව දැක නෙතට කඳුළක් නොඉණූ දෑසක් නොමැති තරම්විය.

ලෝකයක් යුද්ධයට එරෙහිව පෙළ ගැස්වූ ඒ සුවිශේෂී සේයාරුව ගත් ඡායාරූප ශිල්පියා පසුකලෙක පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබුවේය. එසේම ඒ සුවිශේෂී සේයාරුව ඒ නව හැවිරිදි දැරියගේ මුළු ජීවිතයම වෙනස් කළේය. ඒ දැරිය පෑන් තී කිම් පූ ය. එදා නව හැවිරිදි වූ ඇය දැන් පනස් වැනි වියේ පසුවන්නීය.

එදා, 1972 ජුනි මස 08 වැනිදා ය. වියට්නාමය ආක්‍රමණය කර සිටි ඇමෙරිකානු හමුදා වියට්නාමයේ ගන කැලෑවල සැඟවී ඇමෙරිකානු හමුදාවලට ප්‍රහාර එල්ල කරන වියට් ගොංග් භටයන් විනාශ කරනුවස් නාපාම් බෝම්බ හෙළමින් සිටි කාලවකවානුවයි. දකුණු වියට්නාමයේ ට්‍රෑංග් බෑංග් ගමේ කාඕ ඩායි පල්ලියේ ඒ වනවිටත් ගමේ පවුල් රැසක් රැකවරණ පතා රැඳී සිටියහ. මොහොතකදී පල්ලියට කඩා වැදුණේ වියට් ගොංග් විප්ලවීය භටයන් කිහිපදෙනෙකි.

”දුවපල්ලා, දුවපල්ලා උන් මේ ගමට බෝම්බ දාන්නයි එන්නේ”

ගත වූයේ මොහොතකි. ගම්මුන් රැසක් තෙදිනක් තිස්සේ රැකවරණ ලැබ සිටි පල්ලිය දම් පැහැති සහ රන්වන් පැහැති දුම්වලාවලින් වැසී ගියේය. ගිගුම් දෙමින් නැගුණු බෝම්බ හඬ මැද්දේ මුළු පල්ලියම ගිනි ගත්තේය.

පල්ලියේ රැකවල් ලැබ සිටි පෑන් තී ගේ පවුලේ සහෝදරයන් සයදෙනෙකි. විප්ලවීය භටයන්ගේ හඬ අනුව දිව යෑමට සැරසුණ ද පෑන් තී ඇතුළු මුළු පවුලම පල්ලියේ ගින්නට අසුවූහ. ඇගේ එක් සහෝදරයෙක් සයිගොන් ප්‍රදේශය කරා දිව යෑමට සැරසෙද්දී පෑන් තී ද ඔහු පසුපස දිව ගියාය. නාපාම් බෝම්බය නිසා හටගත් දැඩි උෂ්ණත්වය නිසා ඒ වෙද්දීත් ඇගේ ඇඳුම් පිළිස්සී තිබූ අතර ඇය ඇඳුම් උනා දමා මහ මඟ දිගේ දිව ගියාය. ඒ වෙනවිටත් පිළිස්සීම නිසා ඇගේ සම ඇඟෙන් එල්ලා වැටෙමින් තිබිණ.

ඇමෙරිකානුවන් වියට්නාම් යුද්ධයේදී වියට්නාම විප්ලවීය භටයන් මර්දනය සඳහා බහුලව භාවිතා කළේ නාපාම් බෝම්බය. පෙට්‍රෝලියම් ජෙලි භාවිතා කර නිපදවන මේ බෝම්බ පිපිරුණු පසු අති විශාල ගිනි හටගනී. එසේම එහි අඩංගු ඇලෙන සුලු රසායන ද්‍රව්‍ය නිසා පුපුරණ ද්‍රව්‍ය සම පිළිස්සමින් සමට ඇලී පවතී. 

එහෙත් මේ ද්‍රව්‍ය ජලයේදී නිවී යන බැවින් ජලයේ දී ද ගිනි ගැනීම සඳහා මැග්නීසියම් එකතු කර ඇත්තේය. වියට්නාම යුද්ධයේ දී ඇමෙරිකානුවෝ වියට්නාමයේ ඝන කැලෑ තුළට වැද සටන් කරන විප්ලවීය භටයන් මර්දනය සඳහා මේ නාපාම් බෝම්බ මෙන්ම ‘ඒජන්ට් ඔරේන්ජ්’ වශයෙන් හඳුන්වනු ලැබූ තවත් විනාශකාරී රසායන ද්‍රව්‍ය අඩංගු බෝම්බ විශේෂයක් යොදා ගත්හ. වියට්නාම රතු කුරුස වාර්තා අනුව පුද්ගලයන් දසලක්‍ෂයකට ආසන්න පිරිසක් මේ බෝම්බ නිසා විනාශයට හෝ අංග විකලත්වයට ලක්විය.

1972 වසරේ දී මේ නව හැවිරිදි දැරිය හඬමින් නිරුවතින් මහමඟ දුවගෙන යන දසුන සේයාරුවට නැගුවේ ඇසෝසියේට් ප්‍රෙස් ආයතනයේ යුද වාර්තාකරු ලෙස සිටි නික් උට් ය. එකල ඔහු 21 හැවිරිදිය. දැරිය රෝහලට බාර දුන් නික් සිය මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරමින් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ඇයට කඩිනමින් ප්‍රතිකාර කරන ලෙසය.

”ඇගේ සම පිළිස්සී එල්ලා වැටෙමින් තිබුණා. වෛද්‍යවරු ඇයගේ ජීවිතය ගැන විශ්වාසයක් තැබුවේ නැහැ. මා ඇයට උදව් නොකළා නම් ඇගේ ජීවිතය එතනින් අවසන් වන බව මට දැනුණා. එසේ වූවා නම් මගේ ජීවිතයෙන් ද පලක් නැහැ” නික් උට් පසුව පැවසීය.

වේදනාකාරී සැත්කම් කීපයකින් සහ සම් බද්ධ කිරීම් දාහතකින් පසු පෑන් තී සුවය ලැබුවාය.

නික් එදා තමා ගත් සේයාරුව රැගෙන කර්තෘ මණ්ඩලයට යද්දී එහි සිටි කර්තෘ මාණ්ඩලිකයෝ සේයාරුව පළකිරීමට බිය පළකළහ. එයට හේතුව වූයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඒ වෙද්දී නිරුවත් සේයාරූ පළ නොකිරීමේ දැඩි ප්‍රතිපත්තියක එල්බ සිටීමය. 

එහෙත්, එහිදී සියලු දේ අබිබවමින් මේ සේයාරුව සියලු ප්‍රතිපත්ති බිඳ හෙළමින් පළ කළ යුතු යැයි දැඩි තීරණයකට එළැඹියේ ඒපී පුවත් ආයතනයේ ඡායාරූප කතුවරයාය. පළපුරුදු ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඔහු පැවසුවේ මේ සේයාරුවේ ප්‍රවෘත්තිමය වටිනාකම සියලු නීති යටපත් කරන බවයි.

අවසානයේ සේයාරුව පළ කෙරිණි. එය මුළු ලෝකයම කැලඹීමට පත් කළේය. යුද්ධයේ බිහිසුණුකම ගැන වචන ගණනාවකින් පැවසීමට නොහැකි දේ නික් එක් නිමේෂයකින් ලොවටම හඬගා පැවසීමට සමත් වූයේය.

දහතුන් මසක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලද පෑන් තී රෝහලෙන් නික්මුණාය. ඇය තමාගේ සේයාරුව දුටුවද ඒ ගැන තැකීමක් නොකළාය. ඒ පුංචි කෙල්ලට අවශ්‍ය වූයේ තම ගමට නිවෙසට යෑමටය.

1973 දී නික් ට සිය සේයාරුවට පුලිට්සර් සම්මානය හිමිවිය. එම සේයාරුව ලොව විශිෂ්ටතම දේශපාලන ඡායාරූපය ලෙස නම් කෙරිණ. එහෙත්, නික් ඒ ගැන එතරම් තැකීමක් නොකළේය. ඔහුට එය යුද්ධයේ අතුරු කතාවක් පමණක් විය.

වසරින් වසර ගෙවී යද්දී ඒ සේයාරුවත් ඒ සේයාරුවට මාතෘකාව වූ පිළිස්සී හඬමින් මහ මඟ දිව ගිය කෙල්ලත් සැමට අමතක විය.

”එදා ඒ සේයාරුවේ සිටි දැරියට කුමක් සිදුවී ද? ඇය හොඳින් ද? ජිවතුන් අතරද?” පසුගියදා මේ පැනය තමාගෙන්ම අසා ගත්තේ එදා ඒ සේයාරුවේ සිටි කෙල්ලය. අද ඇය පනස් හැවිරිදි කාන්තාවකි. 

පසුගිය අප්‍රේල් 14 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී සිය කතාව අසමින් විෂ්මයෙන් දෑස් අයා බලා සිටින ප්‍රේක්ෂකයන් දහසක් දෙනා හමුවේ පෑන් තී සිය කතාව හෙළි කළාය.

එදා රෝහලෙන් නික්ම ගිය පෑන් තී තාරුණ්‍යයට එළඹෙද්දී ඇය දෙස තියුණු නෙතින් අවධානය යොමු කළ පිරිසක් වූහ. 

ඒ එවකට බලයට පත්ව සිටි වියට්නාම කොමියුනිස්ට් රජයයි. වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණයෙන් මිදී තමන්ගේ ම ජීවිතයක් කරා සිහින දකිමින් සිටි පෑන් තී ට සිදුවූයේ කූඩුවක දැමූ කිරිල්ලියකගේ තත්ත්වයට පත්වීමටය.

”රජයට මා අවශ්‍ය වුණා. ඔවුන් සිතුවේ මං අපේ රටෙහි යුද්ධයේ සංකේය ලෙසයි.”
එදා මහමඟ දිව ආ දැරිය අද සිය දරුවා සහ සැමියා සමඟ.
 
වයස අවුරුදු 19 දී ඇය සයිගොන්හි වෛද්‍ය විද්‍යාලයට තේරුණ ද ඇගේ ඉගෙනීම දිටම කරගෙන යෑමට නොහැකි විය.

”දිනක් වෛද්‍ය විද්‍යාලයට පැමිණි රජයේ නිලධාරියෙක් මා විද්‍යාලයෙන් කැටුව ගියා. ඒ විදේශ මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකටයි. මට අවශ්‍ය වුණේ මගේ පාඩුවේ ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමට වුවත් ඔවුන් මගේ අවශ්‍යතාව ගැන තැකීමක් කළේ නැහැ. ඉතින් මට සිදුවුණේ යළිත් යුද්ධයේ ම ගොදුරක් බවට පත්වීමටයි.” පෑන් තී පැවසුවාය.

වියට්නාමයේ ප්‍රචාරක උපකරණයක් ලෙස භාවිත කළ ඇයට ඉන්පසු සයවසරක් කියුබාවේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබිණ. එහිදී ඇයට ඇගේ අනාගත සහකරු මුණ ගැසුණු අතර 1992 දී ඔව්හූ විවාහ වූහ. ඔවුන් මධුසමය සඳහා ගියේ රුසියාවේ මොස්කව් නුවරටය. එහිදීත් පළමුව යෑමට අවසර ලැබුණේ සැමියාට පමණය. කෙසේ හෝ මොස්කව් සිට ආපසු කියුබාව බලා එන අතරතුරදී ඔවුන් රැගත් ගුවන් යානය ඉන්ධන ලබා ගැනීම සඳහා නිව්ෆවුන්ඩ්ලන්තයේ ගැන්ඩර් හි නතර කෙරිණි.

එහිදී මේ අලුත විවාහපත් වූවෝ සිය ඉදිරි ජීවිතය ගැන තීරණයක් ගත්හ. ගුවන් යානයෙන් බට ඔව්හූ එරටෙහි දේශපාලන රැකවරණ පැතූහ.

1994 දී යුනෙස්කෝ ආයතනයේ හොඳහිත පතුරුවන තානාපතිවරියක ලෙස පත් වූ පෑන් තී 1997 දී යුද්ධයෙන් පීඩාවට පත්වන දරුවන් සඳහා වෛද්‍යාධාර සපයන පදනමක් බිහිකළාය. වියට්නාමයේ කාඕ ඩායි ආගමෙන් ක්‍රිස්තියානු දහමට නැඹුරු වූ පෑන් තී පසුගියදා ජපානයට පැමිණියේ එරට විශ්ව විද්‍යාලයකින් ලද ආරාධනයකට අනුව දේශනයක් සඳහාය.

පසුගිය වසරේ දී ඇය කළ ප්‍රසිද්ධ දේශනයක දී පෑන් තී පැවසුවේ, “මට ඇත්ත වශයෙන්ම උවමනා මේ සේයාරුවේ සිටින කෙල්ලගෙන් ගැලවීමටයි. එහෙත් පෙනෙන ලෙසට නම් මේ සේයාරුව මට ගැලවීමට ඉඩක් දෙන එකක් නැහැ” යනුවෙනි.

උතුරු කොරියානු යුද තර්ජනයට මුහුණ දී සිටින රටක් ලෙස ජපානයේ සිටිමින් සිය දේශනය කළ පෑන් තී යුද්ධයේ කුරිරු බව පෙන්වීම සඳහා එදා කුඩා කෙල්ලක ලෙස ඊට මුහුණ දුන් තමා හොඳම උදාහරණයක් යැයි ද පැවසුවාය.

දැන් ඇය සිය දරුවන් සහ සැමියා සමඟ කැනඩාවේ ජීවත් වෙන්නීය.

සේමාලි කැල්ලපත